මිථ්‍යාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113


    මිථ්‍යාව මේක ද?

    යක්කු ගැන කතා, බලි තොවිල්, සෙත් කවි වස් කවි ගැන කතා අස්සෙ මේ තවත් කතාවක්... මේවා ගැන අපි අපේ හිතවත්තු එක්ක ඇති තරම් කතා කරලා තියෙනවා. ඒ ඔක්කෝගෙ ම පත අට එකට හිඳපු සාරාංශයක් මේ හෑල්ල.

    අති මානුෂිකත්වය පැත්තකට තියලා අපේ සංස්කෘතිය ඇතුලෙ ඉන්න යක්කු එක්ක බැඳුණු රෝග සහ ස්වභාවය ගැන පොඩ්ඩකට බලමු ද?

    පහුගිය දවසක සමාජයේ කතා බහට ලක් වුණා කළුකුමාර යක්ෂයා ගැන. විශේෂයෙන් කාන්තාවන්ට හානි කරන යක්ෂයෙක්.

    කළු කුමාර යක්ෂයා ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නෙ කාන්තාවන්ගේ ලිංගිකත්වය, ප්‍රජනනය සම්බන්ධ රෝග සමග. කළු කුමාර කියන නමෙන් ම තද නිල් පැහැය / කළු පැහැය ගම්‍ය කෙරෙනවා.

    ආයුර්වේදයේ කලු පැහැය නිවේදනය කරනවා වායු ගුණය. ශරීරයේ චාලක ගුණය බැඳෙනවා වායු ගුණයත් එක්ක. ලිංගිකත්වය, ප්‍රජනනය කියන කාරණා මේ වායු ගුණයත් එක්කත් අර්ථකථනය වෙනවා.

    කළු පැහැය, වායු ගුණය, චාලක ගුණය, ලිංගිකත්වය, ප්‍රජනනය, කළු කුමාර යක්ෂයා... මේ සම්බන්ධය පේනව ද?

    ඊගාවට ගමු මහ ⁣සොහොන් යක්ෂයා...

    මහසෝන් යක්ෂයා නිසා හට ගන්න රෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන පෙළේ රෝග දෙකක් තමා වලිප්පු, අපස්මාර.

    මේ රෝග වැළැඳුණු කෙනෙක්ගෙ ලක්ෂණ මොහොතකට මතක් කරගමු. අත් පා ඇඹරීම, හිස එක් දිශාවකට ම එක එල්ලේ යොමු කරවාගෙන සිටීම, වෙව්ලීම, කටින් කෙළ පෙරීම වගේ ඒවා.

    මහසෝන් යක්ෂයාගෙ ස්වරූපය මොහොතකට බලන්න. එක පැත්තකට හැරිලා, හිස නුහුරට, අත් කකුල් ඇඹරිලා.

    මහසෝන් යක්ෂයාගෙ ස්වරූපයයි, වලිප්පු, අපස්මාර රෝගවල ලක්ෂණයි අතර සම්බන්ධය පේනව ද?

    තුන් වැන්න ගරා ගිරි හෙවත් දළ කුමාර යක්ෂයා සහ ගිරි යක්ෂණිය. එක කුස උපන් සහෝදරයා හා සහෝදරිය අතර වූ ලිංගික සම්බන්ධය නිසා යක්ෂයෙක් හා යක්ෂණියක් වූ දෙදෙනා.

    කතරගම දෙවියන්ගේත්, වල්ලි අම්මාගේත් විවාහ උත්සවයට වැද්දන් විසින් සැරැසූ කුණු මස් පත්තිනි දෙවියන්ගෙ අණින් ආහාරයට ගෙන පිරිසිදු කළේ මේ ග⁣රා යක්ෂයා (දළ කුමාර යක්ෂ, වන්නියෙ නම් දළ කඩවර යක්ෂයා), කුඩා දරුවන්ට අපල කරන ප්‍රධාන යක්ෂණිය වෙන්නෙ මේ කතාවෙ මම කියපු ගිරි යක්ෂණිය (බාලගිරි කියන්නෙ මේ යක්ෂණිය නිසා ඇති කෙරෙන දෝෂයක්).

    රජ පවුලක එක කුස උපන් සහෝදරයයි සහෝදරියයි යක්ෂයෙක් හා යක්ෂණියක් කළේ ඇයි? හේතුව ව්‍යාභිචාරය. සමීප ලේ ඥාතීන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ වරද. යක්ෂ යෝනියෙ ඉපදුණු දළ කුමාරයා ගැන මෙහෙම කියනවා.

    පිට පිට හූ කියමිං අඬ ගසතී
    ලඟට ගොසිං පැනලා බය කරතී
    ගතට රෝග වධ බන්ධන කරතී
    දුටු දුටු තැන අඟනන් දැක මරතී

    ගිරි යක්ෂණී කුඩා දරුවන්ට දෝෂ ගේනවා. සාම්ප්‍රදායික පිළිගැනීම් අනුව අලුත විවාහ වන ජෝඩුවලටත් ගරා ගිරි බැල්ම වැටෙනවලු. නිවැරැදි ව ම මේ දෙන්නට මනමාලයා සහ මනමාලිය අඳුනගන්න බැරි වෙන්නලු දෙවෙනි මනමාලයො සහ මනමාලියො සම්බන්ධ කරගන්නෙ (මේ සංසිද්ධිය ඇතුලෙ තියෙනවා තවත් සමාජ සංස්කෘතික කතාවක්. ඕවා ඔක්කොම කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා).

    මේ සම්පූර්ණ සංසිද්ධිය ඇතුලෙ ම සමාජයට දෙන පණිවිඩය පැහැදිලි ද? පැරැන්නො තම තමන්ගෙ සමාජ ජීවිතේ අත්විඳින දේවල් තමන්ට ගෝචරය වෙන වපසරිය ඇතුළෙ කොයි තරම් සියුම් ව අර්ථකථනය කරගෙන තියෙනව ද?

    බලි තොවිල් කියන්නෙ හුදෙකලා ශාස්ත්‍රයක් නෙවෙයි. වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, තොවිල් පවිල් මේවා ගහයි පොත්තයි වගේ. ඉනා බන්ධනයක් කැපුව ම වෙද මහත්තයෙක් ගාවට ගිහිං වමනය කරගන්න කියන්නෙත්, විස මරාගන්න කියන්නෙත් ඒකයි.

    ⁣කායික වගේ ම මානසික කාරණා ගැනත් පැරැන්නො අවශ්‍ය තරමට දැනගෙන හිටියා. මේ සාම්ප්‍රදායික ඇතුළාන්තය සකස් වෙලා තියෙන්නෙ ම ඒවත් එක්ක. සමාජයට පණිවිඩයක් දෙමින් මේවා ප්‍රායෝගික තලයට ගෙනාවා.

    හිතවතුනි,

    මේකට ද මේ මිථ්‍යාව කියන්නෙ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,799
    1,506
    113
    United States
    මහසෝන් යක්ෂයගෙ අත් කකුල් ඇඹරුණු ස්වරූපයයි වලිප්පුවෙ ලක්ෂණයි එකට ගැලපුණු එක තමයි මට වැඩියෙන්ම හිතුණෙ — පැරැන්නො ලෙඩ ගැන දැනගෙන හිටපු විදිය ගැන ආයෙත් හිතෙනවා.
     
    • Dislike
    Reactions: THE-X

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    උඹ මේ ටිකේ වස් කවියක් ජස්ටිෆයි කරන්න නැහෙන නැහිල්ලක් බං 🤦
    මම කාලේක ඉඳන් දාන නූල් ටික තමා ඔය දාන්නේ. සමහරවිට උබල වස් කවිය ගැන හිතනවා වැඩි නිසා එහෙම connection එකක් පේනව ඇති. 🤭
     

    nidarsha91

    Well-known member
  • බුද්ධි-අවබෝදය හීන ජන කොටස්, නේක විද ප්‍රශ්න ඇති කර ගැනීම හරහා සමස්ථ සමාජයටම සම්පත් අව-භාවිතය වීම වැලැක්වීම වෙනුවෙන් බුද්ධි-අවබෝදය උසස් ජන කොටස් විසින් නිපදවන ලද සිද්ධි, චරිත, කතා.
    හැබැයි සෑමදේම කාසි වලට යට නිසා කපටියා මෝඩයාගෙන් මූල්‍ය වාසි ගැනීම සඳහා මේ ක්‍රම භාවිතා කරන අවස්ථා වැඩි වෙනව.

    ඕක මේ දූපතේ විතරක් නෙමෙයි බන්. කාලෙන් කාලෙට පාදිලි උන්නාන්සෙලටත් ඔය මුදල් හොයන මාර්ගෙට බහින්න හිතනව. ඒකනෙ මාර්ටින් ලූතර් විරුද්ධ වෙන්නෙ සල්ලි වලට පව් කමා කරනව කියල පල්ලියෙ බෝඩ් දැම්මට.

    තම නැණ පමන තමයි ඉතින් කාගෙ කාගෙත් ගැලවීම වෙන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    බුද්ධි-අවබෝදය හීන ජන කොටස්, නේක විද ප්‍රශ්න ඇති කර ගැනීම හරහා සමස්ථ සමාජයටම සම්පත් අව-භාවිතය වීම වැලැක්වීම වෙනුවෙන් බුද්ධි-අවබෝදය උසස් ජන කොටස් විසින් නිපදවන ලද සිද්ධි, චරිත, කතා.
    හැබැයි සෑමදේම කාසි වලට යට නිසා කපටියා මෝඩයාගෙන් මූල්‍ය වාසි ගැනීම සඳහා මේ ක්‍රම භාවිතා කරන අවස්ථා වැඩි වෙනව.
    කොයි explanation එකත් කතාවක් තමා බං හරි එකක් නෑ. සිද්ධිය explain කරලා විස්තර කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නං ඒක ඒ මොහොතේ වැඩ කරනවා. එක තියරි සෙට් එකක් තව සෙට් එකකින් බලද්දි නොගැළපෙනවා කියන්නේ එකක් හරි අනික වැරදියි කියන එක නෙවෙයි. ඒක එක කොටසකගේ බුද්ධි හීන කමක් කියන්වට වඩා මෙච්චර කල් ඒ කොටසට එහෙම explanation එකක් ඕනි උන් නෑ කියන එක තමා හරි කියලා මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,767
    10,919
    113
    Sherwood වගේ තැනක
    මම කාලේක ඉඳන් දාන නූල් ටික තමා ඔය දාන්නේ. සමහරවිට උබල වස් කවිය ගැන හිතනවා වැඩි නිසා එහෙම connection එකක් පේනව ඇති. 🤭

    වෙන්න පුලුවන්... පරණ ත්‍රෙඩ් නං ඉතිං එහෙම ලොකුවට ඉන්ට්‍රෙස්ට් එකක් නැති හින්ද බැලුන්නෑ.. එක පාරට මේව දැක්කම හිතුනේ ටිකක් සංස්කෘතික ක්‍රමේට වස් කවිය හෝදනව වගේ 🤣 එහෙම නැත්තං ඉතිං අවුලක් නෑ 🫡
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,470
    113
    35
    Spain
    ඔය වගේම නේ බන් ග්‍රීක මිත්යාවත්. කම්මල්වැඩේට අධිපති දේවිය හෙෆීස්ටස් දෙවියන් විරූපී කෙනෙක්. ඉස්සර කම්මල් වැඩ කරපු මිනිස්සුන් ඊයම් රසදිය සහ වෙනත් විෂ සහිත ලෝහ එක්ක වැඩ කල නිසා ඉපදුන දරුවන් විකෘතිතා තියෙන්න ඇති. මේකෙන් වෙන්න පුලුවන් හෙෆීස්ටස් දෙවියන් විකෘති කෙනෙක් වුනේ. ඊළඟට ආදරය රතිය ට සම්බන්ධ ඇප්රෝදයිට් දෙවඟන සියුස් මහ දෙවියාටත් වඩා පෞරාණික ටයිටන් වරුන්ගේ කාලේ දෙවඟනක්. එකෙන් පේනවා නේ මනුෂ්‍ය ඉතිහාසේ මුල්ම දෙවඟනක් කියන එක. ජීවිතයේ පැවැත්මට සම්බන්ධ නිසා එහෙම වුනේ. ඉතින් අපේ ඉන්න යක්කුත් ඉස්සර කාලේ මතක් ඇති ප්‍රසිද්ධ රජකෙනෙක්, කුමාරයෙක් ඔය ලෙඩෙන් පීඩා වින්ද නිසා මුක පරම්පරාවෙන් පැවැත ආ කතා මගින් ඒ ඒ රෝග වලට සම්බන්ධ කරලා පස්සේ යකුන් විදියට ගන්න ඇති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    වෙන්න පුලුවන්... පරණ ත්‍රෙඩ් නං ඉතිං එහෙම ලොකුවට ඉන්ට්‍රෙස්ට් එකක් නැති හින්ද බැලුන්නෑ.. එක පාරට මේව දැක්කම හිතුනේ ටිකක් සංස්කෘතික ක්‍රමේට වස් කවිය හෝදනව වගේ 🤣 එහෙම නැත්තං ඉතිං අවුලක් නෑ 🫡
    ඒකනේ දැන් සංස්කෘතික කාරණා ගැන ඉන්ට්‍රෙස්ට් එක ඇති වෙලා තියෙන එක හොදයි. 🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    ඔය වගේම නේ බන් ග්‍රීක මිත්යාවත්. කම්මල්වැඩේට අධිපති දේවිය හෙෆීස්ටස් දෙවියන් විරූපී කෙනෙක්. ඉස්සර කම්මල් වැඩ කරපු මිනිස්සුන් ඊයම් රසදිය සහ වෙනත් විෂ සහිත ලෝහ එක්ක වැඩ කල නිසා ඉපදුන දරුවන් විකෘතිතා තියෙන්න ඇති. මේකෙන් වෙන්න පුලුවන් හෙෆීස්ටස් දෙවියන් විකෘති කෙනෙක් වුනේ. ඊළඟට ආදරය රතිය ට සම්බන්ධ ඇප්රෝදයිට් දෙවඟන සියුස් මහ දෙවියාටත් වඩා පෞරාණික ටයිටන් වරුන්ගේ කාලේ දෙවඟනක්. එකෙන් පේනවා නේ මනුෂ්‍ය ඉතිහාසේ මුල්ම දෙවඟනක් කියන එක. ජීවිතයේ පැවැත්මට සම්බන්ධ නිසා එහෙම වුනේ. ඉතින් අපේ ඉන්න යක්කුත් ඉස්සර කාලේ මතක් ඇති ප්‍රසිද්ධ රජකෙනෙක්, කුමාරයෙක් ඔය ලෙඩෙන් පීඩා වින්ද නිසා මුක පරම්පරාවෙන් පැවැත ආ කතා මගින් ඒ ඒ රෝග වලට සම්බන්ධ කරලා පස්සේ යකුන් විදියට ගන්න ඇති.
    මට පරණ පොතක් හම්බ උනා දේව පුරාණය කියලා මාර story ටිකක් තියෙන්නේ. ඔක්කොම වගේ බටහිරැපෙරදිග කතා සමානයි. එහෙම වෙන හැටි ගැන මේ කතාව බලන්න.

     

    nidarsha91

    Well-known member
  • කොයි explanation එකත් කතාවක් තමා බං හරි එකක් නෑ. සිද්ධිය explain කරලා විස්තර කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නං ඒක ඒ මොහොතේ වැඩ කරනවා. එක තියරි සෙට් එකක් තව සෙට් එකකින් බලද්දි නොගැළපෙනවා කියන්නේ එකක් හරි අනික වැරදියි කියන එක නෙවෙයි. ඒක එක කොටසකගේ බුද්ධි හීන කමක් කියන්වට වඩා මෙච්චර කල් ඒ කොටසට එහෙම explanation එකක් ඕනි උන් නෑ කියන එක තමා හරි කියලා මට හිතෙන්නේ.
    03:21 ඉඳල විනාඩියක් අහපන්. උඹ කියන දේ වැරදී කියල උඹටම තේරෙයි.
    "මෙච්චර කල් ඒ කොටසට එහෙම explanation එකක් ඕනි උන් නෑ" කියන එකෙන් කියන්නෙ ඒ කොටසට සමස්ථ ව්‍යුහය ගැන අවබෝදයක් නෑ කියන එක මිසක් - ඒ ව්‍යුහය ඇතුලෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියන එක නෙමෙයි නේද මචන්?

    නීතිය ගැන දන්නෙ නෑ කියල කාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ.

    මහසෝන කියන චරිත කතාව විද්‍යාත්මකව පහදන්න පුළුවන් සිදුවීමක් මිසක් බොරු චරිතයක් හරි බොරු ක්‍රියාවලියක්වත් නෙමෙයි නේද මචන්? එතකොට ගැටලුව තියෙන්නෙ රෑට හරක් වගේ එලි පහලියෙ යන මානසිකව නොදියුණු මිනිස්සු නේද මචන්?



    වෙන්න පුලුවන්... පරණ ත්‍රෙඩ් නං ඉතිං එහෙම ලොකුවට ඉන්ට්‍රෙස්ට් එකක් නැති හින්ද බැලුන්නෑ.. එක පාරට මේව දැක්කම හිතුනේ ටිකක් සංස්කෘතික ක්‍රමේට වස් කවිය හෝදනව වගේ 🤣 එහෙම නැත්තං ඉතිං අවුලක් නෑ 🫡
    මූ ගෙවන ගානට මොනව හරි ටිකක් කරනව ඉතින්
    ------ Post added on Oct 24, 2026 at 12:09 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    මහසෝන කියන චරිත කතාව විද්‍යාත්මකව පහදන්න පුළුවන් සිදුවීමක් මිසක් බොරු චරිතයක් හරි බොරු ක්‍රියාවලියක්වත් නෙමෙයි නේද මචන්? එතකොට ගැටලුව තියෙන්නෙ රෑට හරක් වගේ එලි පහලියෙ යන

    එතකොට නිව්ටන් ලගේ කාලේ හිටපු මිනිස්සු computer science හොයාගෙන තිබ්බේ නැත්තේ ඒ කාලේ හිටපු මිනිස්සු මෝඩ නිසාද නැත්තං එහෙම අවශ්‍යතාවක් තිබ්බේ නැති නිසාද?

    මහසෝන කතාවක් උනත් සිද්දිය explain කරගන්න හැකියාවක් තිබ්බ නන් ඒවට අවශ්‍යය solutions හදාගන්න පුළුවන් උනා නන් එතනින් එහාට ඒක හරිද වැරදිද කියන එක ඒ සමාජයේ අවශ්‍යතාවක් නෙවෙයි. තව තව අලුත් සිද්දි ඇවිත් අර කථාවට ගැලපෙන්නේ නැති උනාම තමා වෙන කතාවක් ඕනි වෙන්නේ explain කරගන්න.

    මූ ගෙවන ගානට මොනව හරි ටිකක් කරනව ඉතින්
    ------ Post added on Oct 24, 2026 at 12:09 PM
    උබාලත් ඉතිං ගෙවන ගාණට ඇවිත් උත්තර ලියන එකද එතකොට කරන්නේ.
    ------ Post added on Oct 24, 2026 at 12:15 PM
     

    Paws

    Active member
  • Sep 26, 2026
    99
    123
    33
    ඕකෙන් ඇත්තටම කියන්නෙ මේකයි අරකයි ගගා අර්ථකථන අපි කොයි තරම් අහල තියෙනවද . ඕනනම් මෝහිනීයි ග්‍රීස් යකයි අල්ලලා ඔයවගේ එකක් ලියල පෙන්නන්නද.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113

    වීඩියෝ එක දැන් ඇහුවේ. නිවේදකයා සහ උත්තර දෙන කෙනා සහ උබ නොදන්නා විශාලම සාගරය තමයි Panthalassa . එක තියෙන කාලේ ලොකුම ගොඩබිම gondwana land එක.

    දැන් ඕක නොදැන හිටපු උබල තුන් දෙනාම මට අනුව මොඩයෝ නෙවෙයි. උබලට එහෙම දැනුමක් ඕනි වෙලා නෑ මේ වෙනකං.


    දැනුම කියන්නේ අපි සම්මත කරගෙන තියෙන දෙයක් මේ මොහොත අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න. ඒක අනාගතයේ අතීතයේ වැරදියි ඒක මේ මොහොතට සත්‍යයක් මිසක් සදාකාලික එකක් නෙවෙයි. දැනටත් අපි දැනගෙන හිටපු ගොඩක් දේවල් බොරු වෙලා තියෙන්න පුළුවන් මේ තප්පර ගානටත්

    ඕකෙන් ඇත්තටම කියන්නෙ මේකයි අරකයි ගගා අර්ථකථන අපි කොයි තරම් අහල තියෙනවද . ඕනනම් මෝහිනීයි ග්‍රීස් යකයි අල්ලලා ඔයවගේ එකක් ලියල පෙන්නන්නද.
    Be my guest man 😉
    ------ Post added on Oct 24, 2026 at 12:27 PM
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    ගිරි යක්ෂණී කුඩා දරුවන්ට දෝෂ ගේනවා. සාම්ප්‍රදායික පිළිගැනීම් අනුව අලුත විවාහ වන ජෝඩුවලටත් ගරා ගිරි බැල්ම වැටෙනවලු. නිවැරැදි ව ම මේ දෙන්නට මනමාලයා සහ මනමාලිය අඳුනගන්න බැරි වෙන්නලු දෙවෙනි මනමාලයො සහ මනමාලියො සම්බන්ධ කරගන්නෙ (මේ සංසිද්ධිය ඇතුලෙ තියෙනවා තවත් සමාජ සංස්කෘතික කතාවක්. ඕවා ඔක්කොම කියන්න ගියොත් ලිපිය දීර්ඝ වෙනවා).

    Bestman and maid of honor බටහිර අදහස් නේද? අපේ පරණ සිංහල විවාහ වල දෙවන මනාල මනාලි සීන් එක තිබ්බද?
     

    nidarsha91

    Well-known member
  • එතකොට නිව්ටන් ලගේ කාලේ හිටපු මිනිස්සු computer science හොයාගෙන තිබ්බේ නැත්තේ ඒ කාලේ හිටපු මිනිස්සු මෝඩ නිසාද නැත්තං එහෙම අවශ්‍යතාවක් තිබ්බේ නැති නිසාද?
    කම්පියුටර් සයන්ස් හොයාගෙන තිබුනෙ නෑ කියලද කියන්නෙ උඹ නිවුටන්ගෙ කාලෙ වෙද්දි? හොයල බලපන් "ඇන්ටිකයිතීරාව" නිර්මාණය වෙන්නෙ නිවුටන්ට පස්සෙ කාලෙද, නැත්තන් නිවුටන්ගෙ කලිසම් අඳින්න සියවස් ගානකට කලින්ද කියල.

    ලංකාවෙ කතාවට ආවම උඹ කියනව "මේ සාම්ප්‍රදායික ඇතුළාන්තය සකස් වෙලා තියෙන්නෙ ම ඒවත් එක්ක. සමාජයට පණිවිඩයක් දෙමින් මේවා ප්‍රායෝගික තලයට ගෙනාවා." කියල.

    "සමාජයට පනිවිඩයක් දෙමින් - ප්‍රායෝගීක තලයකට ගෙනාවා" - මේක සම්පූර්ණම සාවද්‍ය කතාවක් නෙහ්. සමාජයට ඇත්ත හංගල - බොරුවක් සමාජගත කරල ඒක ප්‍රායෝගීකත් කළාම මුලු සමාජයක්ම බොරුවෙන් වහන එකනෙ කරල තියෙන්නෙ. මානසික ලෙඩ වලට තමයි යාතුකර්ම ප්‍රතිකාර කරල තියෙන්නෙ. එතනදි ඒ දේවල් ලෙඩ කියල තේරුම් ගන්න බැරි ලෝවර් ලෙවල් මිනිස්සු එදත් ඉඳල තියෙනව. හැබැයි ඔක්කොම එහෙම හිතල නෑ. ලෝවර් ලෙවල් උන් විතරයි. ඒත් අද වෙද්දි. උඹල වගේ කම්පියුටර් සයන්ස් කාරයොත් අලි ගොන් වෙලා.

    මහසෝන කියල, මෝහිණී කියල අදත් චරිත ඔලුවෙන් හදාගෙන ඒවට බය වෙන හරි, ඒවට පිළියම් යොදන හරි කියන්නෙ - එදා ගෝත්‍රික මිනිස්සුන්ගෙ නිව් වර්ශන් එක මිසක් දියුණු මිනිස්සු නෙමෙයි. හැමෝම ෆිසික්ස්, බයොලොජි, මැත්ස් කෙමෙස්ට්‍රි ඉගෙන ගන්න ඕනෙ නෑ. එහෙම ඉගෙන ගන්න බැරි උන් ගොන් වගේ හිටපුදෙන්. ඒත් දුක මේ කම්පියුටර් සයස්න් කාරයොත් මේ වෙනස් හඳුනගන්න තරම් පොහොසත් නැති එකයි

    tiktok - 7340619908318891266


     

    Paws

    Active member
  • Sep 26, 2026
    99
    123
    33
    ඊගාවට ගමු අපේ පිරිමි පාර්ශවය හොල්මන් කරවපු ප්‍රසිද්ධම චරිතය... මෝහිනී.
    මෝහිනී ගැන මතක් කරපු ගමන් හිතට එන්නෙ මොන වගේ රූපයක් ද? මහ රෑ තනිකඩව පාර තොටේ යන පිරිමින්ට මුණගැහෙන සුදු රෙද්දක් ඇඳගත්ත අතිශය රූමත් කාන්තාවක්, අතේ ඉන්න අතදරු පැටියා, ළමයව වඩාගන්න කියලා දීලා ක්ලාන්ත කරවන හරි ලේ උරා බොන හරි කතාවක්.
    මෝහිනී කියන නමේ තේරුම මොකක්ද? 'මෝහය' කියන්නෙ මුළාව, අන්ධකාරය, සිහිය නැතිකම.
    මේ රූපකායයි, අපේ හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ කියන කායික මානසික ලෙඩ රෝගයි අතර සම්බන්ධය පොඩ්ඩක් විමසලා බලමු.
    ආයුර්වේදයේ පුරුෂ ශරීරයේ පැවැත්මට බලපාන ප්‍රධානම ධාතුවක් තමා 'ශුක්‍ර ධාතුව'. අධික කාම චින්තාව, රාගය සහ ලිංගික අසහනය නිසා ශරීරයේ වායු ගුණය අධික ලෙස කෝප වෙනවා. මේ වායුව කෝප වෙලා හිසට ගැහුවම ඇතිවෙන්නෙ මොනවා ද? මනෝ විභ්‍රාන්තිය හෙවත් Erotomania. සිහිවිකල් බව, හීනෙන් බයවීම, ශක්තිය ක්ෂය වීම, ස්වප්න මෝචනය කියන කාරණා සිද්ධ වෙන්නෙ මෙන්න මේ වාත කෝප වීම නිසා.
    තනිකඩව මහ රෑ යන පිරිමියාට 'සුන්දර ගැහැනියක්' මැවිලා පේන්නෙත්, ළඟට ගියාම සිහිය නැතිවෙලා වැටෙන්නෙත්, ඇඟේ පතේ ලේ වතුර වෙලා ලෙඩ ඇඳට වැටෙන්නෙත් ඔය කියන වායු කෝපය සහ මානසික විකෘතිය නිසා නෙවෙයි ද?
    අනෙක් පැත්තෙන් මේ කතාවෙ ඉන්න 'අතදරු පැටියා වඩාගත්තු ගැහැනිය' කවුද?
    දරුවෙක් ප්‍රසූත කරපු අම්මා කෙනෙකුට අධික රක්තපාතය හෙවත් ලේ වහනය වීම නිසාත්, පශ්චාත් ප්‍රසව හෝමෝන පෙරළිය නිසාත් දරුණු මානසික බිඳවැටීම් වෙනවා. අද කාලෙ මේකට කියන්නෙ Postpartum Psychosis කියලා. එහෙම වුණාම සමහර මව්වරුන්ට තමන්ගෙ දරුවා ගැන තියෙන හැඟීම නැතිවෙනවා, දරුවා වඩාගෙන මහ රෑ ගෙයින් එළියට බැහැලා මංමුළා වෙලා කැලෑගානේ ඇවිදිනවා, දරුවාව අනුන්ට දෙන්න හදනවා, සමහර වෙලාවට දරුවව විනාශ කරනවා.
    ප්‍රසූතියෙන් පස්සෙ ලේ විෂ වෙලා, සිහිවිකල් වෙලා දරුවත් අරන් පාරට බැහැපු අසරණ ගැහැනියගෙ ඛේදවාචකයයි, මෝහිනීගෙ කතාවයි අතර සම්බන්ධය පේනව ද?
    පැරැන්නො මේ සංකල්පය ඇතුලෙන් සමාජයට දුන්න පණිවිඩය මොකක්ද?
    එකක්, තනිකඩ කොල්ලන්ට රෑ තිස්සෙ පාරවල් ගානෙ රස්තියාදු නොවී ගෙදර ඉන්න කියන එක. අනිත් එක, අනියම් කාම ආශාවන් සහ ක්ෂණික රාගය පස්සෙ එළවන්න ගියොත් තමන්ගෙ පිරිමිකම, ජීව ශක්තිය විනාශ වෙලා අකාලෙ ලෙඩ ඇඳට වැටෙන්න වෙනවා කියන සදාචාරාත්මක අවවාදය. අනික් අතට දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවකගෙ මානසික සහ ශාරීරික සෞඛ්‍යය කොයිතරම් පරිස්සම් කරන්න ඕනෙද කියන ඇත්ත.
    මෝහය, වායු කෝපය, ශුක්‍ර ධාතු හානිය, පශ්චාත් ප්‍රසව උන්මාදය, ලිංගික සංවරය, මෝහිනී... මේ සම්පූර්ණ දාමය ඇතුලෙ තියෙන්නෙ විකාර කතාවක් ද? නැත්නම් අපේ ඇත්තො තමන්ට තේරෙන භාෂාවෙන් සමාජය ලෙඩ නොවී තියාගන්න හදපු අපූරු මනෝවිද්‍යාත්මක දැලක් ද?

    Showoff See GIF by HULU
     
    • Haha
    Reactions: Bad_horse