මිථ්‍යාව

Paws

Active member
  • Sep 26, 2026
    99
    123
    33
    කතා දෙක දාලා facts check කරලා බලන්න දෙවනි එකේ medical කරුණු වගේම සංස්කෘතික කාරණා වලත් අඩුපාඩු තියෙනවා. AI එකෙන් build කරාට සමහර කාරණා ලංකාව ගැන තාම පොර ගාවා මිසින්. මම ඕක වෙනවා කියලා දන්න නිසයි ලියලා බලන්න කිව්වේ.

    https://www.bmj.com/content/333/7582/1327?utm_source=chatgpt.com

    මේකේ තියෙනවා ඔය පළවෙනි එකට support කරන research එකක්.
    Hmm interesting,

    But this is about 18 සන්නියනෙ reserch එකේදි වත් කලුකුමාරයාට විශේෂයෙන්ම මේ ලෙඩේ තමා හරියටම එන්නෙ කියල නෑ. හැබැයි හෑල්ලේ හරියටම මේක තමා කියල ලියල. ඊට පස්සෙ මේකේ මහසෝනෙක් ගැන ඇත්තෙත් නෑ හැබැයි මහසෝනෙක් ගැන හෑල්ලෙ ලියල. මම කියන්නෙ ඕවගෙන් ඉතින් මෝහිනී ගැනත් ලීවට කේස් එකක් නෑනෙ.

    මේක fb දාපු බුවා ඉතිහාසෙ ඉඳන් ආපු දේවල් ටිකක් එකතු කරල ඌගෙ මතේ දාල තව හිතලුවකුත් ලියල. Anyway, it was a great discussion I learned a lot from that research. 😍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    උබ දාපු එකෙත් අඩු පාඩු නේද? මම කලින් ඇහුවෙ දෙවෙනි මනාල මනාලි සීන් එක bestman, maid of honor බටහිර අදහස් මිසක් ඕකෙන් උල්ලුප්පන්න හදනවා වගේ සිංහල විවාහ ක්‍රම වල තිබ්බා දෙයක් නොවේ කියල
    ආ නෑ එක මට miss වෙලා. ඔය සහායක කෙනෙක් ඉන්න එක තිබිලා තියෙනවා ඒත් අද තියෙන විදියටම හිටියා කියලා නෑ.
     

    nidarsha91

    Well-known member
  • උබ පටලාගෙන ශාන්ති කර්ම එක්ක මේවගෙන් නෙවෙයි මිනිස්සුන්ට හානි කරන්නෙ.
    උඹට යම් මතු කාලයක මේ දෙය අවබෝද වේවා!
    උඹට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    රවට්ටලා නේ තියෙන්නේ ඉතින්. මිත්‍යාව කියන්නේ එක නේද?
    රවට්ටලා කියන්න නන් අපිට පුලුවන් වෙන්න ඕනි අනික් අය ගාව ඊට වඩා දැනුමක් තිබ්බ කියන්න.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    876
    2,374
    93
    33
    රවට්ටලා කියන්න නන් අපිට පුලුවන් වෙන්න ඕනි අනික් අය ගාව ඊට වඩා දැනුමක් තිබ්බ කියන්න.
    ඉතිං අද අපිට ඊට වඩා දැනුමක් නැද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,377
    170,081
    113
    එකමත් එක රටක
    දන්නැති දෙයක් හිතන්න පුලුවන්ද?
    දන්නේ නැති කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ .
    සාම්ප්‍රදායෙන් ඔලුවට දාපු දේවල් ......
    මුලින් සන්කෘතියෙන් සංකල්ප ඔළුවට දාල බය කරනවා/ඔලු හදනව සමාජයේ පැවැත්මට . පස්සේ ඒ ඔළුවට දාපු දේවල් පාවිච්චි කරල manipulate කරනවා ...

    නිකන් හිතපන් ආසියාවේ ගැන මුකුත් දන්නේ නැති ඇමරිකාවේ ඉපදිලා හැදිලා ඉන්න උන් ටිකක් අරන් ඇවිත් මෙහෙ ශාන්ති කර්මයක් කරනවා කියලා ඔය කළුකුමාර , මහසෝනා දාල.
    උන්ට ඕක ඔය දාල තියන කළු පාට , ලිංගිකත්වය , ප්‍රජනනය වගේ දේවල් පේන්නේ නෑ .. උන්ට නිකන් mask දාගෙන කරන නැටුමක් විතරයි .

    ඔය දාල තියන අර්ථ දක්විමුත් අපි අතින් හිතල දාගත්ත ඒවා . ඒවා ගැලපෙන්නේ ඒ සංස්කෘතියේ ඉන්න උන්ට විතරයි .
    ඔය මොකකට හරි බය වෙච්ච එකෙක්ට කුරුසයක් දැම්මම , පිරිත් නුලක් බැන්දම ටිකක් control වෙනවා . ඒක හරියන්නේ කලින් කුරුසය / පිරිත් නූල අත්දැකීම් තියන , ඒ ආගමික විශ්වාස දැකල තියන උන්ට විතරයි ..

    චීනේ තියන මකර dance අපි බලද්දී වෙසමුණු දාගෙන කරන ලස්සන creative performance එකක් කියලා අපිට පෙන්නේ . අපි ට තේරෙනව උන්ගේ ඉස්සර ඉදන් එන සංස්කෘතික අංගයක් කියලා . හැබැයි චීනේ උන්ට ඒ දේවල් වලට මේකේ දාල තියන ලිංගිකත්වය /ප්‍රජනනය / කලුපාට වගේ දේවල් දුන්න අර්ථදැක්වීම් වගේ කතා ඇති . ඒව අදාළ වෙන්නේ උන්ට මිසක් ඉදල ඉදල මකර dance බලන අපිට නෙවෙයි .

    කතරගම දී ආවේස වෙලා දුවගෙන යන ඔක්කොම ලංකවේ උන් වෙන්නේ එක නිසා නේ . උබ දැකල තියනව ද බෙර ගහද්දි සුද්දියෙක් හූ කියාගෙන දුවල , ලංකාවේ උන් ඔය වගේ අවස්ථා වලදී නටන steps පාවිච්චි කරල නටනවා ?? :rofl:
     
    • Like
    Reactions: Bad_horse

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,855
    113
    ඉතිං අද අපිට ඊට වඩා දැනුමක් නැද්ද?
    තියෙනවා අපි ඔය පරමාණුව ගැන ඉගෙන ගන්නකොට ඩෝල්ටන්ගේ පරමාණුව වගේ ඒව ගන්න විදියට තමා ඔව්ව ගන්න වෙන්නෙත්. මිත්‍යාව කියලා කියනවට වඩා.
     
    • Like
    Reactions: Bad_horse