මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ

    "ඉස්සර අපිට අඩි දහයක් පයින් යන්න දෙන්නෙ නෑ, කවුරුහරි වීල් [sic] එකක් අරං ළඟට ඇවිත්... මල්ලි, ගිහින් දාන්නද කියලා අහනවා. දැන් අපි කිලෝමීටර් ගානක් පයින් ගියත් කාටවත් ගාණක් නැහැ."

    "දැන් බස්වල කවුරුත් අපිට සීට් එකක්වත් දෙන්නෙ නැහැ. දුන්නත් දෙන්නෙ තරහින් එක එක ඒවා කියව කියව. සමහර දවස්වල මම ගාල්ලෙ ගෙදර යන්නෙ කිලෝමීටර ගාණක් තනි කකුලෙන් එල්ලිලා."

    "දැන් තියෙන බස්වල සීට් එකක්වත් වෙන් කරල නැහැ ආබාධිත පුද්ගලයන්ට. එහෙම තිබ්බ නම්, අපිට අඩු ගානෙ සීට් එකක් ඉල්ලන්න හරි පුළුවන්."

    "ඉස්සර සති අන්තයට අපිව බලන්න කෙළවරක් නැතුව මිනිස්සු එනවා. අපේ අත්වල වැලමිට හරියට යනකන්, පිරිත් නූල් ගැට ගහල යනවා."

    "මිනිස්සුන්ට අපිව දැන් මතක නෑ."

    මේ ත්‍රස්ථවාදය පැරදවීමේ අවසන් සටනේදී සිදු වූ වෙඩි වැදීමකින් පාදයක් (දණ හිසටත් ඉහළින්) හා පුරුෂ අවයවයේ කොටසක්, අහිමිව ගිය තරුණ රණවිරුවකුගෙන් අපට අසන්නට ලැබුණ වේදනාත්මක වදන් පෙළකි.

    පුදුමයක් නැත. ත්‍රස්ථවාදී නායක පිරබාහරන්ට අනුව, සිංහලයන්ට (සිංහල දේශයේ වෙසෙන ඕනෑම පුරවැසියෙකු ලෙසද අර්ථකථනය කළහැක) යමක් මතක තිබෙන්නේ සති දෙකකි. කළක් රණවිරුවන්ට කිරිබත් කවා, දිනූ නිදහස සැමරූ ජාතියකට, අද ඔවුන් නිකන්ම 'අටපාස්' නිකමුන් වී ඇත.

    එළෙසම මේ රණවිරුවන්ගේ සිතට වේදනා දෙන ප්‍රබලම කරුණ නම්, තමන් අවයව පරිත්‍රාගයෙන් රැකගත් මාතෘභූමිය, 'ඊනියා දේශපාලන විසඳුමක' නාමයෙන් කැබලි වලට වෙන් කිරීමට මුග්ධ, පරගැති දෙස්පලුවන් ක්‍රියාකරමින් සිටිනු දැකීමය.

    "මල්ලි, මේ රට එහෙම කෑලිවලට කඩලා එක එකාට ලියල දෙන්න නම්, මොකටද මම කකුළ් දෙක නැති කරගත්තේ...? අනිත් අය ජීවිත පූජා කළේ...?"

    13719656_1643282475988397_6322838603949011748_o.jpg
    ඒ 2008 දෙසැම්බර් කිළිනොච්චි මුදා ගැනීමේ සටනේදී බිම්බෝම්බයකට හසුව දෙපා අහිමි වූ රණවිරුවෙක්ගේ හදවතේ නැගෙන වේදනාත්මක පැනයයි. 4 දෙනෙක් බැගින් වූ කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල නිරතවූ ඔහුගේ අනෙක් සඟයන් තිදෙනාට කුමක් වූවාදැයි ඔහු තවම නොදනී. ඔහුට මතක, එක් සඟයෙකුට ත්‍රස්ථවාදී ඉලක්ක වෙඩික්කරුවකුගේ ප්‍රහාරයක් එල්ල වනවා පමණි.

    ඇවින්ම අපි කෙබඳු ජාතියක්ද යන්න ඔබම හෘද සාක්ෂියෙන් විමසා බලන්න.

    මා හට මේ අත් දැකීම ලැබුණේ twitter සමාජ ජාලයේ මිතුරන් පිරිස (අන් අයටද සහභාගිවීමේ බාධාවක් නොමැත) එක්ව වාර්ෂිකව සංවිධානය කරන #RanaviruMeetUp වැඩසටහනේදීයි. සමාජයට රණවිරුවා අමතක වෙමින් යන මෙවන් යුගයක, දේශය රැකගත් විරුවන් වෙනුවෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකි වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙමු. මෙහිදී Gihan ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය, රෝදපුටු 20ක් පරිත්‍යාග කිරීම සඳහා එකතුවූ ලක්ෂ 6ක මුදලට දායකත්වය දැක්වූ හැමදෙනා හා අනුග්‍රාහකත්වය දැක්වූ Paan Paan, Millennium.IT ආයතනත්, සිදු කරගත් පින මෙතෙකැයි කියා නිමකළ නොහැක.
    13767334_10206973906122314_1562626950401508141_o.jpg


    උපුටාගැනීම FB
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ado epa wenawa ban. wesa ponilai hutanui mewa dakinawada ?
    ඒ ගෙම්බො විතරක් නෙමේ බන් අපි හෑමෝම එහෙමයි. මමත් එහෙමයි බන්. අද වෙනකන් ඒ මිනිස්සු වෙනුවෙන් හරි දෙයක් කරල නෑ. අපි ඔක්කොම එකයි. හෑමෝම කලේ උන්ගෙන් වෑඩේ කරගෙන අයින් කරල ඒක තමන්ගේ සුබසිද්දියට යොදා ගන්න එක
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අර කොටිය කිව්වා වගේ අපේ කැරියෝන්ට මොක හරි මතක තියෙන්නේ සති දෙකයි
    :(