මිනිස්සුන්ට_මතකයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මිනිස්සුන්ට_මතකයි

    10696313_830897556974313_6597426955506877166_n.png


    10690120_830522783678457_2993440805888253312_n.png


    10846502_830895203641215_7737305685885777505_n.png


    10696323_830892266974842_1436018518160393642_n.png


    10359897_830815786982490_8065848014189126822_n.png


    10847973_830539147010154_8477199034717467568_n.png


    10624629_830533397010729_2673172772638873788_n.png


    1508198_830528507011218_1194684316657101323_n.png


    10849820_830525770344825_2252810472800425384_n.png


    1489194_729271637165889_5816823216735038051_n.jpg


    16123_830522850345117_1868254740664512687_n.png


    1920443_830522833678452_3864551506762107082_n.png


    10850209_830514807012588_5225409375223440370_n.png


    10462836_830048503725885_2717661246030553387_n.jpg


    10410870_830953490302053_4218469049130532232_n.jpg


    Source:FB (Green Blood UNP Page)
     
    Last edited:
    • Like
    Reactions: help3

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    katha karala wedak na ban... mn mae dan dakka fb eake... mae para kelawuna kiyela munta therila theynne

    :yes:


    -------------------------------------------------------------------------------------------------------------------


    ඌරන් ඉදිරියේ මුතු හලන්නට එපා යැයි කතාවට කියති. එය සැබෑවකි. මන්ද අවසන අපට ඌරන් දැකිය හැකි මුත් මුතු නොපෙනේ.
    කී‍්‍රඩා අමාත්‍යාංශය මේ දිනවල ගිනි අරගෙනය. ගින්න ආවේ ඇතුළෙන්මය. හරියටම කියන්නේ නම් වඩා උචිත ගිනි කබා ඇතැයි කීමය. කී‍්‍රඩා අමාත්‍යාංශයට ගිනි තිබ්බේ කවුද? කවුරු කළ ද කළේ යස වැඩකි. වැඬේ යස වුවද එය කළ අයට නම් එය මේ වනවිට වස වී ඇත. මද්දුම බණ්ඩාර පන්නයේ වැඩක් කළ මොහු කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගිණුම් නිලධාරි ඇන්ටන් පෙරේරාය.
    අද ඔහු කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් මාරු කොට ඇත්තේය. කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරිය කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළාය. එය විභාග කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. ප‍්‍රතිඵලය වූයේ විභාගයට පෙර කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයා කී‍්‍රඩා අමාත්‍යවරයා මැදිහත්ව ඉවත් කිරීමය. පරීක්ෂණය ඉබේටම බිම්ගත වූයේය. කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් ධුරයට අලූතින් ආවේ නන්ද මල්ලවආරච්චි මහතාය. ඔහු තනතුරෙහි වැඩ භාර ගත්ත ද වැඩිමනත් ඉන්නේ විදෙස්ගතවය. එබැවින් රංජනී ජයකොඩි මහත්මියට එරෙහි චෝදනා තම ලේකම්වරයා විභාග කරතැයි සිතිය නොහේ. ඒ වෙනුවට සිදුවන්නේ හොරුන් අල්ලා දෙන්නට එන අයට හොරුන්ම වට කර පහර දීමය. දැන් බලා සිටින අයට හොරා තෝරා බේරා ගැනීමේ ප‍්‍රශ්නයක් උදාකර ඇත.

    අපට අනුව කී‍්‍රඩා අමාත්‍යාංශය යනු සූදු පිටියකි. කී‍්‍රඩා අමාත්‍යවරයා සහ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය යනු එහි සිටින අංක එකේ සූදු අන්තුවන්ය. මේ බව 2013 අග භාගයේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ වැඩ භාරගත් ප‍්‍රධාන ගණකාධිකාරි ඇන්ටන් පෙරේරා මහතාට ද පසක් විය. ඒ නිසාම ඔහු දැලි පිහියෙන් කිරි කන්නට පටන් ගත්තේය. එය රාජ්‍ය නිලධාරියකු ගත් අභීත පියවරකි. ඔහු ඉදිරිපත් කළ චෝදනා අප මීට පෙර පළකර ඇත. එබැවින් කතා කළ යුතුව ඇත්තේ එතැන් සිටය. තම රාජ්‍ය නිලධාරියකු ලෙස රජයේ මුදල් ආරක්ෂා කර ගන්නට ගන්නා වෙහෙස අගය කර ගන්නට ගන්නා වෙහෙස අගය වනු ඇතැයි එලෙස චෝදනා එල්ලවන නිලධාරිනිය ගැන පරීක්ෂණයක් සිදුවනු ඇතැයි ගණකාධිකාරිවරයා විශ්වාස කළ ද සිදු වූයේ වෙනකකි. එනම් සැබෑ ලෙසම සිදුවිය යුතු දේමය. අද මේ චෝදනා ඉදිරිපත් කළ ගණකාධිකාරිවරයා ගස් යවන තැනට පත් කිරීමේ මෙහෙයුමක් ව්‍යාප්ත වන අතර එය කි‍්‍රයාත්මක කරනුයේ චෝදනා ලාභී රංජනී ජයකොඩි මහත්මියමය.

    රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනා ඇයට පමණක් නොව කී‍්‍රඩා අමාත්‍යවරයාට ද එල්ල වූ චෝදනාය. කොටින්ම මේ සියල්ල සිදුවන්නේ හවුලේය. තමා කී‍්‍රඩා අමාත්‍යවරයා වූ පසු නාවලපිටියෙහි රංජනී ජයකොඩි රැුගෙන විත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් පුටුවේ තබන්නේම සියල්ල පහසුවෙන් ඉටුකර ගන්නට බව අප කල් තබාම ලියා ඇත. ඒ අනුව ගණකාධිකාරිවරයාගේ උත්සාහය ව්‍යර්ථ වන බව ද අපි කල් තබා දැන සිටියෙමු. එහෙත් ඒ උත්සාහය කිසි ලෙසකත් සුළු පටු කළ යුතු නොවේ.

    රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඕනෑම කුණු ගොඩක් හිරිකිතයකින් තොරව වළඳන ඒ වෙනුවෙන් රස අදහස් ප‍්‍රකාශ කරන කී‍්‍රඩා අමාත්‍යවරයා කෙසේ හෝ බේරා ගන්නට ජනපති මෙන්ම වැඩබලන කී‍්‍රඩා ඇමති නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාද සිටින බව අලූත්ගමගේ අමාත්‍යවරයා දනී. එකී බලපුළුවන්කාරකම ගැන ඕනෑවටත් විශ්වාසය තබන රංජනී ජයකොඩි තමාට එල්ල වූ චෝදනා බලා හිඳිද්දීම පුස්වෙන බව දන්නේ ඒ සියල්ල තමා තනිව නොකරන බව දන්නා නිසාය. එය තහවුරු කරන පළමු පියවර ලෙස ගණකාධිකාරිවරයාගේ චෝදනා විභාග කරන්න සැරසුණු ලේකම් ඉවත් කිරීමෙන්ම ඔප්පු කළේය. එහි දෙවැනි පියවර ලෙස ගණකාධිකාරිවරයා වංචාකාරයකු බවත් දූෂිතයකු බවත් ඔප්පු කිරීමේ වෑයමක් ආරම්භ කර ඇත. ඒ අනුව ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළැයි ගණකාධිකාරිවරයාට චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳ කොළඹ වංචා විමර්ශන අංශය වෙතද යොමුකර ඒ පිළිබඳ පරීක්ෂණයක්ද පැවැත්වේ. ඒ අනුව ගණකාධිකාරිවරයාද මාරු කරනු ලැබීය.

    මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමේදී ලක්ෂ පනහක වංචාව ලක්ෂ 80 දක්වා වර්ධනය වී ඇතැයිද කී‍්‍රඩා අධ්‍යක්ෂවරිය මේ වනවිට කියයි. වංචාව සිදුවී ඇතැයි කියනු ලබන්නේ සහතික පත‍්‍ර මුද්‍රණය (රු.24,960) කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ටී ෂර්ට්වලට (රු.1,399,980) නිල ලාංඡුන සඳහා (රු. 3,570,400) නිලධාරීන්ගේ ටයි පටිවලට (රු.35,000) හා කුසලාන අලූත්වැඩියා කිරීම (රු.60,000) යන කාරණා මුල් කරගෙනය. අපට සැලවූ ආකාරයට මෙකී ආයතන ගෙන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ඇති බවය.

    කී‍්‍රඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයා වැඩ භාර ගනුයේ ගිය වසරේ අග භාගයේය. එතැන් සිට කාලය තුළ කී‍්‍රඩා අමාත්‍යාංශයේ සිදුවන අවිධිමත් මුදල් ගනුදෙනු පිළිබඳ චෝදනා පත‍්‍රයක් මොහු අමාත්‍යවරයාට ඉදිරිපත් කරනුයේ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිවය. එහි අමාත්‍යවරයා පමණක් නොව කාල්ටන් ස්පෝර්ට් නෙට් වර්ක් ආයතනයද ඊට ඈඳේ. ඒ අනුව තත්ත්වය බරපතළය. එහි ඇති දූෂණ කාරණා පදනම් කරගෙන ගණකාධිකාරිවරයා කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටද යන්නේය. ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ඔහු කැඳවන ලියුම එන විට ඔහු කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් මාරුකොට ඇත. එසේනම් මේ කි‍්‍රයාත්මක වන්නේ කුමන සෙල්ලමක්ද යන්න පැහැදිලිය.

    ඉතාම වැදගත් වන්නේ ගණකාධිකාරිවරයාගේ චෝදනා පත‍්‍රයට කඩිමුඩියේ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා තමා නිවැරදි වන්නට රංජනී ජයකොඩි මහත්මිය ගත් උත්සාහයය. එහිදී ඇය කළ ප‍්‍රකාශයක් ඉතා වැදගත් බව කිව යුතුය. එය මෙසේය.

    ‘මම පැහැදිලිවම දන්නවා ගණකාධිකාරිතුමාට වැරදි කරන්න මම කිසි විටෙක උපදෙස් දෙන්නේ නැහැ. මේ ගණකාධිකාරිවරයා හොරකම් කරන්නේ නැහැ. බොහොම හොඳ කෙනෙක්. මොහු අලූත් කෙනෙක්. මම විදේශගතවෙලා ඉන්නකොට මේකේ හොරු ටික ඔක්කොම ගණකාධිකාරිවරයා නොම`ග යවලා ඔහුව මේ තත්ත්වයට පත් කළා. අද මට ජාතික මහා කී‍්‍රඩා උළෙල කරගෙන යන්න පුුදුම විදියේ උනන්දුවක් දෙන්නේ.

    මම ඔහුට කිසි චෝදනාවක් කරන්නේ නැහැ. මම අදටත් කියනවා ඔහු අවංක නිලධාරියෙක්. හොරකම් කරන්නේ නැහැ. අද වනවිට මම ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සියලූ ගනුදෙනු අවසන් කරලා ඉවරයි. ඒ වෙනුවෙන් මම ඔහුට ස්තූති වෙනවා.’

    මේ ඔක්තෝබර් මස 21 වැනිදා ජාතික මහා කී‍්‍රඩා උළෙල පිළිබඳ කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී ඇය ගණකාධිකාරිවරයා සම්බන්ධ කළ සඳහනකි. ගැහැනු මොළේ හැඳි මිටට වඩා කියන එක අදහන්න වෙන්නේ එසේ කියූ ඇයම ජාතික මහා කී‍්‍රඩා උළෙලින් පසු ගිණුම් පරීක්ෂා කිරීමේදී ලක්ෂ 50ක් වංචා වී ඇති බවත් එය ගණකාධිකාරිවරයා සිදුකර ඇති බවටත් කරන චෝදනාව නිසාය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ඇය ටික දිනකට පසු එය ලක්ෂ 50ක් නොව ලක්ෂ 80 ක් යැයිද කියමින් සිටින්නීය. මේ අනුව බලන කල ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සියලූම සල්ලි ගණකාධිකාරිවරයා සාක්කුවේ දමාගෙන විය යුතුය. ටෙන්ඩර් භාර ගත් අයට මුදල් ලැබී නොතිබිය යුතුය. එසේම එදා එනම් කී‍්‍රඩා උළෙලට පෙර මේ සියලූ ගනුදෙනු අහවරයි කියන ඇය මේ උගුල ඇටෙව්වේ එදා සිටම බව පැහැදිලිය.

    ටෙන්ඩර් ගනුදෙනුවලට ගිණුම් නිලධාරියාට පමණක් අනුමැතිය දිය නොහැකිය. එයට පිරිසක් සම්මාදම් වේ. ඒ තැන රංජිනී ජයකොඩි මහත්මියද සිටී. ඇය නොසිටි බව කියමින් ඇයට ඇ`ග බේරාගත නොහැකිය. තමාට එරෙහිව ඇ`ගිල්ල දිගු කළ පළියට බොරු චෝදනා දමා ගණකාධිකාරිවරයා නිශ්ශබ්ද කිරීමට වෙර දැරීම අමනය. ඒ කුමක් වුවත් පරීක්ෂණයක් සිදුවන බැවින් අප කියනුයේ පරීක්ෂණයෙන් රංජිනී ජයකොඩි මහත්මිය ගිණුම් නිලධාරියා දූෂිතයකු බව ඔප්පු කළ යුතු බවය. එසේ නොවුණොත් රංජනී ජයකොඩි මහත්මිය අධිකරණයට කැඳවා ගෙන යෑම ඔහුගේ අයිතියකි. ඒ තම කීර්තිනාමය වෙනුවෙනි. රංජනී ජයකොඩි මහත්මියට එරෙහි චෝදනා පරීක්ෂා කරන්නැයි අපි නොකියමු. මන්ද හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නොවැඩක් වන බැවිනි. බඩුත් හොරුත් එකම නම් කවර කතාද? මේ නම් නියම බඩුය. අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉහත මාධ්‍ය සාකච්ඡුාවේදී අපූරු හෙළිදරව්වක් කළාය. ඒ ‘මේකේ ඉන්න හොරු ටික ඔක්කොම ගණකාධිකාරිවරයා නොමග යවලා’ යන්නය. ඇත්තය. කී‍්‍රඩා අමාත්‍යාංශය හොර ගුහාවකි. අපි එය සැමවිටම කියමු. එකී හොරුන්ගෙන් කම්බ හොරු ගැන හෙළිදරව් වන විට තත්ත්වය ටිකක් වෙනස්ය.

    මේ ප‍්‍රශ්නවලට ඇතැම් විට කිසිවක්ම නොවිය හැකිය. ඒවා සියල්ල ෆයිල් බවට පත්වී කොහේ හෝ තැනක රැුඳෙනු ඇතිය. එහෙත් ඒ ගැන දැන සිටීම වැදගත්ය. කී‍්‍රඩා අමාත්‍යවරයාට මෙන්ම රංජනී ජයකොඩි මහත්මියට කිව යුත්තේ අවසාන වශයෙන් මෙපමණකි.
    ඒ අයගෙත් ෆයිල් තියෙනවා.

     
    Last edited: