- මචන් ලංකාවෙ ජීවත් වෙන උබල අපි අපේ මානසකික සතුට වෙනුවෙන් මොනදා කරන්නෙ ?
- උබලම හිතපන් පව්ලෙ අය එක්ක අවසාන වතාවට එලියට ගිහින් කෑම වේලක් කෑවෙ කවදද කියල පව්ලෙ අය එක්ක තියා තනියෙම වත් ෆිල්ම් එකක් බැලුවෙ
- වේදිකා නාට්‍යයක් වැදගත් මියුසික් කොන්සට් එකක් බලන්න ගියාද මතකඇති කාලෙක .
-
- උබලට අපිට එහෙම මානසික නිදහසක් තෘප්තියක් එපාද .. විනොදාංශ කියල මොනවද බං අපි කරන්නෙ
- වෙන රටවල මිනිස්සු කරන දේවල් එක්ක
- මහ ලොකුවට අපේ රටේ මිනිස්සු සති අන්තයේ යලුවෙක් එක්ක සෙට් වෙලා අරක්කු ටිකක් ගහල එකො ගෙදර ප්‍රයිඩ් රයිස් එකක් හරි කඩෙන් ජරා කොත්තුවක් හරි කාලා
- සහරා ප්ලෑෂ් මියුසිකල් එකක් සද්දෙට දමාගෙන අහල ඔහේ ඉදීවි . එහෙමවත් කරන්නෙ කීයෙන් කීදෙනාද ?
-
- මොනාද බං අපේ රටේ මිනිස්සුන්ට කරන්න තියන ඇක්ටිවිටීස් .... සමහරු ඉදල හිටල ට්‍රප් එකක් යනවා අව්රුද්දකට විතර සැරයක්
-
- ලස්සන පාක් එකක් ඇවිදන මන්තීරුවක් වාඩිවෙන්න බංකුවක් හරි තියෙන්නෙ කොළඔ විතරයිනෙ බං .. කොළබින් පිට සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුලුවන්
- හොද රෙස්ටුරනට් එකක් වත් තියනවාද ... තිබ්බත් තියෙන්නෙ ජරා කොත්තු කඩයිි පාංපිටි බේකරි ලඩ විතරන්නෙ බං
-
- බහුතරයක් පැතිවල බියර් එකක් ගන්නත් නගරයට ඇවිත් බාර් එකකට යන්න වෙලා .. බාර් වල උන් හිතං ඉන්නෙ උන් රජවරු කියල හෙනම ලොකු සීන් තියෙන්නෙ රු 300 කොළබ විකුණන බියර් එක ගමට එද්දි 320 යි කූල් නම් 340 යි එක එක පැති වල එක එක ගණන් . ඒ මදිවට ලොකු සීන් බලන්නත් ඔ්නි
-
- හවසට කන්න කියල මොනද බං තියෙන්නෙ හැමදාම කන රයිස් එකයි කොත්තුවයි ඇරෙන්න ..
- කිසිම ආහාර සංස්කෘතියක් නෑ අපේ රටේ ... ස්ට්‍රට් පූඩ් කියල මොනාද බං තියෙන්නෙ
- කඩල වඩේ මාලු බැදපුවයි ඇරුනම ...
-
- KFC PizzaHut යනවා කියන්නෙ තවමත් ගම්වවල මිනිස්සුන්ට හීනයක් ...
-
- හිතපන් කිසිම නගරයක නගරසබාවකින් හරියට නගරයවත් ලස්සනට තියා ගන්නවද මල් පැලයක්වත් හිටවලා ...
- කාලකන්නි වරිපනම් බදු කඩ කුලී ගන්නවා විතරයි මලාට පොදු වැසිකිලියවත් පිරිසිදු කරනවද ?
මොකක්ද බං අපි උබල ඇතුලු බහුතර ජනතාව ගෙවන මේ බලු ජීවිතය