මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    bohoma hoda wedak
    අද හවස කව්ද එකෙක් ගේට්ටුවට ගහනවා.
    ගිහින් බැලින්නම් අපේ පැත්තේ කුලී වැඩ කරන ඩයල් එකක්.
    කාලෙකට කලින් අපේ ගෙදරත් ගස් කපන වැඩ වලට එහෙම පොර ඇවිත් තියෙනවා.

    සල්ලි එපා උයාගන්න බඩු මොනවා හරි ගන්න පුලුවන්ද ඇහුවා.
    පොරට ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා. අපේ ගෙදරත් දෙන්න ඒ හැටි දෙයක් තිබ්බේ නැ.
    CIC බාස්මති හාල් 2kg පැකට් එකයි , තේ කොළ එකයි, පරිප්පුයි (කොච්චරක්ද දන්නේ නැ. බෝතලේ තිබ්බ ටික දුන්නා බැග් එකකට දාලා), හාල්මැස්සෝ තිබ්බා 500 ක් විතර තිබ්බා එකයි තව ළුණු අනන් මනම් දුන්න ගෙදර තිබ්බ.
    පොර කියනවා පොල් කඩන්න වත්ත සුද්ද කරන්න තියෙනවා නම් කරලා දෙන්නම් ලු. මන් එපා ඕනේ නැ කිව්වම. පින් දී දී ගියා. මාර අප්සට් ඉතින් :-(:-(.

    දැන් අපිට උයන්න බඩු නැ. රෑට කඩෙන් කෑවේ. Keels එකෙන් දැම්ම එලියට යන්න කම්මැලි නිසා හෙට හවස 5 න් පස්සේ එන්නේ.
    හෙටත් කඩෙන් තමයි. කොහොමත් ගෙදර ඒවා කාලා කාලා ඇති වෙලා හිටියේ.

    සාමන්යෙන් ඒ කාලේ ඉදන් මාසෙකට විතර පාරක් ටිකක් එහායින් ඉන්න ගෙදරක පොඩි පොඩි උදව් කරා. අමාරුවෙන් ඉන්න මිනිස්සුනේ. මේ පාර lockdown එකේ උන් නැ. මන් හිතන්නේ ගමේ හරි කොහේ හරි ගිහින් වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and TNHM

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඒ උනාට රට වහන්න ලුනේ! රට වහන්නේ නැතුව පුදුම පු* අමාරුවක් නේ තිබ්බේ! දැන් සනීප ඇති සමහරුන්ට.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ උනාට රට වහන්න ලුනේ! රට වහන්නේ නැතුව පුදුම පු* අමාරුවක් නේ තිබ්බේ! දැන් සනීප ඇති සමහරුන්ට.
    කොහෙද ඔයි වහල තියෙන්නේ මොගල්ද
     
    • Like
    Reactions: TNHM

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හොද පිනක්! අපේ ගෙදරත් ගේට්ටුවට දවසට 2,3 පාර තට්ටු කරනවා මිනිස්සු ඇවිල්ලා, එක එක කතන්දර උන්ගේ stories ඇහුවම ඔලුවත් කැකුමයි, පුළුවන් විදියට උදව් කරනවා, මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. වැඩි දෙයක් ඕනේ නෑ, මටත් dn අවුරුද්දක් තිස්සෙම රස්සාවක් නෑ, එක එක වැඩ කර කර ඉන්නවා, මේ අවුරුද්දම ජිවිතේ දශමෙකින් ඉස්සරහට ගියේ නෑ, මොකක් හරි රෝලක් ගහල හම්බකරනවා,එක කනබොන එකට වියදම් වුනාම අතේ ඉතිරියක් නෑ, මාරම අමාරු කාලයක් 😔😔😔😔
     
    • Love
    Reactions: NRTG