ඵළ මචං.
උඹ අැයි බං ඔයතරම් ලංකාවෙ මිනිස්සුන්ට වෙෙර කරන්නෙ..සැක කරන්නෙ?
------
Post added on Sep 5, 2021 at 6:28 AM



මම දන්නවනේ මගේ අම්මයි තාත්තයි දානපතියෝ වෙලා හිඟන මිට්ටොන්ට කියලා ඇරගත්ත ඇරගැනිල්ල.
වෙනස් කතාවක් කියන්නං. මේකට උඹලා ටිකක් අකමැති වෙයි. ඒවට තමයි මම ආස
ජීවිතේටම එකපාරක් වත්ත සුද්දකරන්න ආපු මිනිහෙක් අව්රුදු පහකට විතර පස්සේ ගෙදරට දුවං ආවා තාත්තා ඉන්නවද අහං. මූ මොකක්හරි වැඩක් කරන්නං කිය කිය වෙව්ල වෙව්ල වැලපෙනවා. තාත්තම ඇහුවා තමුන්ට කුඩු නැතිව සික් එක නේද කියලා. පස්සේ රුපියල් පන්සීයක්ද කොහෙද දුන්නා ගිහිල්ලා ඔය වෙව්ලන එක හදාගනිං, ගහකිං පතබෑ වුනොත් දරු පව්ල ඉවරයි නේද අහලා. පස්සේ මිනිහම දවස් දෙකතුනකට පස්සේ ඇවිත් තාත්තට කිව්වා හැමතැනම ගියා එකෙක් සැලකුවේ නෑ, එදා මහත්තයත් එළෙව්වනං කෝච්චියට බෙල්ල තියන්න හිටියේ. ලැජ්ජයි වුන දේට මේ කරදරෙන් බේරෙන්න උදව් කරන්න කියලා
පස්සේ මිනිහව ගිහින් දැම්මා තාත්තා අඳුනන තැනක පුනරුත්තාපනේට.
මිට්ටොන්ට උදව් කරලා පිහියෙන් අනින්න ආපුවා, උදව් කරලා වහ දෙන්න හදපුවා, උදව් කරලා බේරෙන්න බැරි වුන ඒවා, උදව් කරලා බැනුන් අහපුවා එමටයි. මටනං තාත්තා වගේ ඔය පාරේ යන ෆකයි හුරතල් කරන්න වෙලාවක් නෑ. මට උන් කොහොම මැරුනත් ගානක් නෑ
දෙමව්පිය ආභාෂෙට, ආගමික පසුබිම මත මම උදව් කරනවා අහඹු ලෙස හම්බෙන මිනිස්සුන්ට. දැක්කා, උදව් කරා, අමතක කරා, උන් දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ, වැඩේ වුනා. ප්‍රශ්ණ නෑ. වගකීම් නෑ. මමත් සතුටින්, උනුත් සතුටින් හැබැයි ගව් ගානක් දුරින්.
