මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට පිළිතුරු!

    සියවස් ගානක් තිස්සේ මිනිසාගේ සිත කැලඹූ ලොකුම ප‍්‍රශ්නය

    ‘විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?’
    යන්නයි.
    දැනට බි‍්‍රතාන්‍යයේ කර ඇති අලූත්ම සමීක්ෂණයකට අනුව අපට විසඳා ගත නොහැකිව ඇති ගැටලූ අතර තවමත් ඉහළින් ම ඇති ගැටලූව එයයි.

    ඒ සමික්ෂණයේ දෙවැනි තැන් ගෙන ඇත්තේ පිළිකාව නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හමුවන්නේ කවදාද? යන්නයි. ඊළඟට බොහෝ දෙනා නැගූ ප‍්‍රශ්න නම් ‘දෙවියන් සිටින බව කවදා හෝ ඔප්පු කළ හැකි වේද?’ යන්නයි.

    1.jpg
    ඊටී (ET): බොහෝ දෙනා නගන ලොකුම ප‍්‍රශ්නය ‘විශ්වයේ අප ඉන්නේ තනිවම ද?’ යන්නයි.
    https://www.blogger.com/null
    ලොකුම ප‍්‍රශ්න ලැයිස්තුවේ තවත් පහළට යන කොට සාමාන්‍ය ප‍්‍රශ්නත් සමහරුන්ට ලොකු ගැටලූ ලෙසට පෙනුණා. ඒ එකක් තමයි, ශීතකරණය වහපුවාම ‘දොරේ ලයිට් එක ඇත්තට ම නිවෙනවාද?’ යන්න.

    බි‍්‍රතාන්‍යයේ ඊඞ්න් ටීවී චැනලය 2000 දෙනකු යොදා ගෙන ලෝකයේ ලොකුම ගැටලූ 10 ගැන මත විමසුමක් කළා.
    එහි දී විශ්වය කොතරම් විශාල ද? කාලයේ ආපස්සට යා හැකි ද? ඉස්සෙල්ලා ආවේ බිත්තරය ද? කිකිළි ද? කාලාන්තරයක් තිස්සේ මිනිස් හිතට වද දුන් ප‍්‍රශ්න 10 තෝරන්නයි, මේ මත විමසුම කළේ.

    ඒඞ්න් ටීවී චැනලය විසින් අලූතින් අරඹන ලද ‘විද්‍යා මාසය’ නම් වැඩ සටහන දියත් කිරීම නිමිත්තෙන් තමයි, මේ මත විමසුම සිදු කළේ. එහි දී හෙළිදරවු වුණු එක් කරුණක් වන්නේ බි‍්‍රතාන්‍යයේ වැඩිහිටි අයගෙන් හතරෙන් තුනක් විද්‍යාව ගැන උනන්දුවක් අතර ඔවුන් ඒ සම්බන්ධ පුවත් වඩාත් නිවැරදිව හා සවිස්තරව අසන්නට කැමති බවයි.

    බි‍්‍රතාන්‍යයේ සේවයේ තොරතුරු අංශයේ සාමාන්‍යාධිකාරී ඒඞ්රියන් විල්ස් මේ මත විමසුම ගැන කියන්නේ මෙහෙමයි:

    ”මීට වසර 500කට ඉස්සර ලෝකයේ වැඩි දෙනා සිතා සිටියේ ලෝකය පැතලියි කියායි. ඒත් දැන් මේ තත්වය වෙනස් වෙලා. විද්‍යාව ගැන අපේ ඇති අවබෝධය සීග‍්‍රයෙන් වැඩි වේගන යනවා.

    ”අපේ මත විමසුමෙන් පෙනී යනවා, තවමත් අප වැඩි දෙනකු විශ්වයේ අපේ තැන ගැන, අප දන්නා තරම ගැන ප‍්‍රශ්න කරන බව. තවමත් අපට විසඳාගත නොහැකිව ඇති ලොකුම ගැටලූ ඇති බව.

    ”අප උත්සහ කළා ‘ඒඞ්න් විද්‍යා මාසය’ ඔස්සේ මේ ගැටලූවලට මෙතෙක් දී ඇති විසඳුම් ඉදිරිපත් කරන්නට. ඒත් එකක් පැහැදිලියි, මේ අතින් අපට තවත් බොහෝ ඉගෙන ගත යුතුව තියෙනවා.”

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහයට ........ මෙන්න පිළිතුරු

    1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද?
    විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතට යන්නට, ඔවුන් හා සබඳකම් පවත්වන්නට ප‍්‍රමාණවත් තාක්ෂණික දැනුම හා හැකියාව තවමත් අප විසින් ඇති කර ගෙන නැහැ.

    2. පිළිකාව සුව කළ හැකි පිළියමක් කවදා හෝ සොයා ගත හැකිවේද?
    මේ සම්බන්ධව විස්මිත නව ප‍්‍රතිකාර ක‍්‍රම පර්යේෂණ මගින් නොකඩවා සොයා ගනිමින් තියෙනවා. ඒවා භාවිත කරමින් වැඩි කලක් දිවි රැක ගෙන සිටීමේ හැකියාව දැන් තියෙනවා. ඒත් තවමත් පිළිකා නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් හෝ එක රැයින් පිළිකාව තුරන් කළ හැකි ක‍්‍රමයක් තවමත් සොයා ගෙන නැහැ. හැබැයි, රෝගීන්ගේ ජීවත්ව සිටීමේ කාලය එන්න එන්න ම වැඩි කළ හැකි පිළියම් නම් සොයා ගනිමින් තියෙනවා.

    3.සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ කියා කෙනෙක් සිටීද?
    දෙවියන් වහන්සේ සිටිතැයි ඔප්පු කළ හැකි හෝ තහවුරු කළ හැකි, විද්‍යාත්මක සාක්ෂි පර්යේෂණ මගින් හෝ නිරීක්ෂණ මගින් හෝ සොයා ගෙන නැහැ.

    4.විශ්වය කෙතරම් විශාල ද?
    සමහර තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ විශ්වයට සීමාවක්, ප‍්‍රමාණයක් නැතැයි කියායි. අනෙක් අය පිළිගන්නේ බිග් බෑන් හෙවත් මහා පිපිරුමෙන් පසු විශ්වය විශාල වෙමින් ගොස් දැන් ආලෝක වර්ෂ බිලියන 150ක් තරම් දුරකට පැතිර ඇති බවයි.

    5.පෘථිවිය මත ජීවය ආරම්භ වූයේ කෙසේ ද? කොතැන ද?
    ජීවයේ ආරම්භය ගැන පළ කළ මත ගණනාවක් තියෙනවා. විවිධ බැක්ටීරියාවන් සංජීවි සම්බන්ධතා ඇති කර ගනිමින් සංවහන ප‍්‍රවාහ ඔස්සේ පෘථිවි පෘෂ්ඨය පසා කර ගෙන යාමෙන් ජීවය බිහි වීමට මග පෑදුණු බව තමයි, ඉන් බොහොමයකින් ම කියැවෙන්නේ.

    6.කාල චාරිකාව (time travel) සැබෑ කළ හැක්කක් ද?
    අභ්‍යවකාශ කාල වියමන තුළ ‘පණු සිදුරු’ (wormholes) යනුවෙන් හැඳින්වෙන කෙටි මං තියෙනවා, න්‍යායාත්මකව කාල චාරිකාවෙහි යෙදිය හැකි. කොහොම වුනත්, මේ පණු සිදුරු ඇති තැන් කෙළින්ම දැක ගන්න බැහැ. එවැනි එකක් විවෘත කර ගන්න විකර්ෂ ගුරුත්වයක් ඕනෑ වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට ක‍්‍රමයක් තවමත් පෑදී නැහැ.

    7.අපට කවදා හෝ අභ්‍යවකාශයෙහි ජනාවාසයක් ඇති කර ගත හැකි වෙයි ද?
    සමහර විට හැකි වේවි. ඇතැම් අය කියන්නේ අපට මේ පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වුවහොත් අප අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙනත් තැනක ජනාවාස පිහිටුවීම ගැන බරපතල ලෙස සිතිය යුතුය කියායි. ඇමරිකාවේ නාසා ආයතනය දැනටමත් වෙනත් ග‍්‍රහ ලෝකවල හා චන්ද්‍රයන්වල පරිසරය වෙනස් කොට පෘථිවි පරිසරයට සමාන අයුරින් සකස් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තියෙනවා.

    8.තෙල් වෙනුවට එන විකල්පය කුමක්ද? එන්නේ කවදාද?
    විකල්ප බල ශක්ති සම්පත් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒවා තෙල් වෙනුවට විකල්ප වශයෙන් යොදා ගැනීමට තරම් වියදම් අඩු කාර්යක්ෂම ඒවා නොවෙයි. ඒත් දැන් නැනෝ තාක්ෂණ විද්‍යාව ඔස්සේ දියුණු කර ගෙන යන නව ක‍්‍රමවලින් මෙයට පිළිතුරක් ලැබේවි කියලා හිතන්න පුළුවන්.

    9.විශ්වය අවසන් වන්නේ කෙසේ ද?
    විශ්වයේ අවසානය ගැන දක්වපු න්‍යායික මත අතර විශ්වය විශාල වෙමින් ගොස් එසේ විශාල වීම නවතින මොහොතේ විශ්වයේ විනාශය ඉබේම සිදු වෙනවා යන මතය ප‍්‍රධානයි. එසේ වන්නේ එය විශාලනය වීමත් සමග ම ක‍්‍රමයෙන් ශීතල වෙමින් යාමයි. විශාල වීම නවතින්නේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යය වන විටයි; එනම් කෙල්වින් අගය බින්දුව (-273.15°c) වන විටයි. එහි දී අඳුරු ශක්තිය (dark energy) විසින් ගුරුත්ව ශක්තිය ගිල ගන්නවා කියලයි විශ්වාස කරන්නෙ.

    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    Source : malkakulu web
     
    • Like
    Reactions: chami_84

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    ane amme danatama 25th athi wela tiyenne 100+ appaaaa..............
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    10.මිනිසාගේ ජීවන කාලය (වයස) කෙතරම් දිගු කර ගැනීමට හැකි වේද?
    දැනට මීයන් ආදී සතුන් ගැන කරන ලද අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව සමහර විද්‍යාඥයන්ට ඒත්තු ගිහින් තියෙනවා, නුදුරු අනාගතයේ දී ම සාමාන්‍ය මිනිසාගේ ජීවිත කාලය අවුරුදු සියය ඉක්ම විය හැකි බව. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ නවීන දැනුම, නව ඖෂධ හා ප‍්‍රතිකාර ක‍්‍රම නිසා මීට වසර 50කට පෙර තිබුණාට වඩා මිනිසාගේ ජීවිත කාලය දැනටමත් වසර ගණනාවකින් වැඩිවෙලයි තියෙන්නෙ.

    ane amme danatama 25th athi wela tiyenne 100+ appaaaa..............

    Scurvy ya wage lindata penala aathmey maru karaganin :rolleyes:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ලොකුම ප‍්‍රශ්න ලැයිස්තුවේ තවත් පහළට යන කොට සාමාන්‍ය ප‍්‍රශ්නත් සමහරුන්ට ලොකු ගැටලූ ලෙසට පෙනුණා. ඒ එකක් තමයි, ශීතකරණය වහපුවාම ‘දොරේ ලයිට් එක ඇත්තට ම නිවෙනවාද?’ යන්න.

    :D :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :angry:
    බොරු කියන්න එපා යකො ලෝකේ පැතලි තැටියක්​
    :angry:
    :angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,833
    113
    එක තැනක නෑ
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව මට මේකට දන්නා කෙනෙක් උත්හ්ටරයක් දීපල්ලා

    චන්ද්‍රිකාවක් පාලනය කරන්න යුස් කරන බලය මොකද්ද බන්? චන්ද්‍රිකාව තියන්නේ වායුගෝලයේ නෙමෙයිනම් මොන බලයක් යොදගෙනද එක පාලනය කරන්නේ ඕන තැනකට යන්න පුළුවන් වෙන්න ? ප්‍රශ්නේ වැරදිනම් මව නිවැරදි කරන්න :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව මට මේකට දන්නා කෙනෙක් උත්හ්ටරයක් දීපල්ලා

    චන්ද්‍රිකාවක් පාලනය කරන්න යුස් කරන බලය මොකද්ද බන්? චන්ද්‍රිකාව තියන්නේ වායුගෝලයේ නෙමෙයිනම් මොන බලයක් යොදගෙනද එක පාලනය කරන්නේ ඕන තැනකට යන්න පුළුවන් වෙන්න ? ප්‍රශ්නේ වැරදිනම් මව නිවැරදි කරන්න :)

    52304_189479317843410_1514633796_o.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව මට මේකට දන්නා කෙනෙක් උත්හ්ටරයක් දීපල්ලා

    චන්ද්‍රිකාවක් පාලනය කරන්න යුස් කරන බලය මොකද්ද බන්? චන්ද්‍රිකාව තියන්නේ වායුගෝලයේ නෙමෙයිනම් මොන බලයක් යොදගෙනද එක පාලනය කරන්නේ ඕන තැනකට යන්න පුළුවන් වෙන්න ? ප්‍රශ්නේ වැරදිනම් මව නිවැරදි කරන්න :)

    චන්ද්‍රිකාවක් අපිට ඕන ඕන තැනට ගෙනියන්න බැ බන්, චන්ද්‍රිකා හැම එකක්ම තියෙන්නේ orbit එකක, ඒක හැම වෙලේම පෘතුවිය වටේ කැරකි කැරකි තියෙන්නේ. පල්ලෙහෙන්ම තියන orbit එක LEO (low earth orbit),ඒකෙ තියන satellite එකක් සාමාන්යෙන් පැයක් දෙකක් ඇතුලත පෘතුවිය වටේ රවුමක් ගහනව.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව මට මේකට දන්නා කෙනෙක් උත්හ්ටරයක් දීපල්ලා

    චන්ද්‍රිකාවක් පාලනය කරන්න යුස් කරන බලය මොකද්ද බන්? චන්ද්‍රිකාව තියන්නේ වායුගෝලයේ නෙමෙයිනම් මොන බලයක් යොදගෙනද එක පාලනය කරන්නේ ඕන තැනකට යන්න පුළුවන් වෙන්න ? ප්‍රශ්නේ වැරදිනම් මව නිවැරදි කරන්න :)

    කෙන්ද්‍රපසාරි බලය භාවිතයෙන්. ඔයා ගලක් නුලකින් ගැට ගහලා කැරකෙවුවොත් ඒක රවුමට කැරකෙන්නේ කේන්ද්‍රාපසාරී බලය නිසා. ගැලවිලා යන්නේ නැත්තේ නුල නිසා.

    චන්ද්‍රිකාවත් ඒ වගේමයි. එතකොට ගල, චන්ද්‍රිකාව වගේ හිතන්න. නුල තමා පෘතුවි ගුරුත්වාකර්ෂණය. පෘතුවි ගුරුත්වාකර්ෂණය, කෙන්ද්‍රපසාරි බලයට සමාන වෙන, කෙන්ද්‍රපසාරි බලය යෙදෙන දිශාව ඔස්සේ, වුර්තාකාර පථයක චන්ද්‍රිකාව සමතුලිත වෙනවා. එතකොට ඒ කේන්ද්‍රාපසාරී බලය පවත්වා ගන්න, කිසියම් වේගයක් චන්ද්‍රිකාව පවත්වා ගන්න ඕනේ. අන්න ඒ වේගය අනුව චන්ද්‍රිකාවේ පථයට පෘතුවි පෘෂ්ටයේ ඉඳලා තියන දුර වෙනස් වෙනවා. වේගය අඩු චන්ද්‍රිකාවක් තියෙන්නේ හැම වෙලේම වේගය වැඩි චන්ද්‍රිකාවකට වඩා ඈතින්.

    ඕක physics වල භ්‍රමණ චලිතයට උගන්වනවා. physics කරන කෙනෙක් වැඩි දුර විස්තර කරාවි. :yes: :)
     
    Last edited:

    :yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවු! ලෝකේ තැටියක් තමයි! ඉරබහින්නේ මඩවලකට!

    එතකොට ඉර උදේ පායන්න ඉස්සල්ලා නාලා එහෙමද එන්නේ