මිනිසා අතින් නිම වූ විශිෂ්ට නිර්මාණයක් වන සූවස් ඇළ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මිනිසා අතින් නිම වූ ඉතාමත් අග්‍රගණ්‍ය නිර්මාණයක් විදිහට සූවස් ඇළ හඳුන්වන්නට පුළුවන්. එමඟින් ලෝකයට හා ලෝක ආර්ථිකයට ඇති වූ මෙහෙය අනුපමේයයි. අප්‍රිකා මහාද්වීපය හා සවුදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටත් මධ්‍යධරණී මුහුදත් යා කරමින් ස්ථාපිත කර තිබෙන මෙය සැතපුම් 120 පමණ දිගින් යුක්තවනවා.

    සූවස් ඇළ ඉදිකිරීමට මුල් වරට ගත් උත්සාහය

    1616647369202.png


    නූතන ඉතිහාසයේ ප්‍රංශයේ පළමු අධිරාජ්‍යා වූ නැපෝලියන් බොනපාර්ට් විසින් සූවස් ඇළ ඉදිකිරීමට මුලින්ම උත්සාහ ගෙන තිබෙනවා. නමුත් පුරාණ යුගයේ විවිධ අවස්ථාවල රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද යා කෙරෙන ඇළක් නිර්මාණය කිරීමේ අදහස විවිධ පාලකයන් තුළ පහළ වී තිබෙනවා. එනමුත් ඒ එක සැලසුමක්වත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැහැ.

    නැපෝලියන් මෙමඟින් බලාපොරොත්තු වූයේ බ්‍රිතන්‍යයේ නාවික වෙළෙඳ කටයුතු සඳහා බලපෑමක් ඇති කිරීමට මෙන්ම ඇළ මාර්ගය යොදා ගනිමින් බ්‍රිතාන්‍යන් විසින් සිදු කරන වෙළෙඳ කටයුතු සඳහා ඔවුන්ගෙන් යම් බදු මුදලක් අය කර ගැනීමටයි.

    ඉදිකිරීම් කටයුතු

    1616647410938.png


    ෆර්ඩිනන් ලෙසෙප් නැමැත්තා ප්‍රංශ ජාතික ඉංජිනේරුවරයෙකි. ඔහු වර්ෂ 1858 දී පමණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා භාවිතා කරමින් සූවස් ඇළෙහි ඉදිකිරීම් කටයුතු වලට ඊජිප්තු රජයේ සහය මෙන්ම එකඟත්වය ලබා ගැනීමට හැකි වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙසයි Universal Suez Canal Company බිහිවන්නේ. ඒ අනුව ඇළ මාර්ගයේ ඉදිකිරීමට මෙන්ම වසර 99ක් පමණ මෙහෙයුම් කටයුතු කර ගෙන යාමටත් එම ආයතනයට බලතල මෙහි දී හිමි වූ බවත් සඳහන් වනවා.
    1859 වසරේ සැප්තැම්බර් මස 25 මෙහි ඉදිකිරිම කටයුතු ආරම්භ වූ අතරම, වසර දහයකට පසුව එනම් 1869 නොවැම්බර් මස 17 වන දින මෙය විවෘත කරනු ලැබුවා. මේ සඳහා ඩොලර් මිලියන 100ක් පමණ වියදම් වූ බවත් සඳහන් වනවා.

    ගැටුම්කාරී තත්ත්වයන්

    සූවස් ඇළ සම්බන්ධයෙන් යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් ද ඇති වී තිබෙනවා. මෙහි ප්‍රථම අවස්ථාව වන්නේ 1936 වසරේදී බ්‍රිතාන්‍යන් සුවස් ඇළෙහි පරිපාලන කටයුතු සඳහා ඔවුන්ගේ හමුදාව යෙදවීමයි. නමුත් 1954 දී ඊජිප්තුව බ්‍රිතාන්‍ය සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව සිය හමුදාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බව සඳහන් වනවා.

    එමෙන්ම 1956 වසරේදී සිදු වූ සූවස් අර්බුධය ගැන සඳහන් කිරීමද වැදගත් වනවා. 1956 ජූලි මස 26 වන දින ඊජිප්තු ජනපති ගමාල් අබ්දෙල් නසාර් (Gamal Abdel Nasser) සූවස් ඇළ ජන සතු කරනු ලබනවා. මේ අයිතිය සූවස් ඇළ සමාගම සතුව තිබුණා.

    ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ඊජිප්තුවේ අස්වාන් වේල්ලට මූල්‍යමය උපකාර කිරීමට පොරොන්දු වී සිටියත් එසේ නොකිරීමට තීරණය කිරීම සූවස් අර්බුදයට හේතු වුණා. බටහිර රටවල් මෙම තීරණයට ආවේ සෝවියට් දේශය සහ චෙකොස්ලොවැකියාව සමඟ නසාර් ඇති කරගනිමින් තිබූ සමීප සබඳතා හේතුවෙන්. ඇමරිකානු තීරණයට නසාර් ප්‍රතිචාර දක්වනු ලැබුවේ ඇළ මාර්ගයේ යුද්ධ නීතිය (martial law) ප්‍රකාශයට පත් කිරීමෙනි. මේ අවස්ථාවේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායලය එක්ව සූවස් ඇළ විවෘත කර ගැනීමට සහ හැකි නම් නසාර් බලයෙන් පහ කිරීමට සැලසුම් කළා. 1956 ඔක්තෝම්බර් මස 29 ඊශ්‍රායල් හමුදා බ්‍රිගේඩ 10 ක් පමණ ඊජිප්තුව ආක්‍රමණය කොට ඇළ දෙසට ගමන් කරනු ලැබුවා. එමෙන්ම බ්‍රිතන්‍ය හා ප්‍රංශය ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබූ අතර ඊජිප්තු හා ඊශ්‍රායල් හමුදා වලට ඇළෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියා. නමුත් මෙම අවස්ථාවේ ඇමරිකාව මෙම මැදිහත්වීමට එරෙහි වූ හෙයින් එම උත්සාහය බිඳ වැටුණා. ඒ අනුව දෙසැම්බර් මස 22 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඉවත් කරනු ලැබූ අතර 1957 මාර්තු මස ඊශ්‍රයල හමුදා ඉවත්වුණා.

    වර්තමානයේ පරිපාලනය

    1616647458236.png


    අද වන විට මෙහි පරිපාලනය සිදු කරනු ලබන්නේ Suez Canal Authority (සූවස් ඇළ අධිකාරිය) මඟින්. මෙහි පළල මීටර් 300ක්. දිග කි.මී. 163 ක්. උසින් මීටර් 19ක් හා බරින් ටොන් 210,000 වන සීමාවේ පවතින නැව් වලට මෙය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන බව සඳහන් වනවා. එමෙන්ම ඇළ සම්බන්ධයෙන් තිබූ යම් යම් දුෂ්කරතා හේතුවෙන් සූවස් ඇළ මාර්ගය කිලෝමීටර් 35ක් පමණ දිග ඇළකින් පුළුල් කිරීමක් සිදු වුණා.

    එමෙන්ම ඉවුරු වලට හානිය වැළැක්වීමට අඩු වේගයකින් යාත්‍රා කර ලෙස නාවිකයන්ට උපදෙස් ලබා දී තිබෙන බව දැක්වෙනවා. එමෙන්ම මෙහි ගාස්තුව තීරණය වනු ලබන්නේ නැවේ වර්ගය හා ධාරිතාව අනුව බවද සඳහන් වනවා. මේ වන විට මෙහි වාර්ෂික අදායම මිලියන 5000 ඉක්මවන බවද වාර්තා වනවා.

    සූවස් ඇළේ වැදගත්කම

    1616647493301.png


    මෙමඟින් ආසියාතික රටවල් වලට, යුරෝපා රටවල් වලට මෙන්ම එක්සත් ජනපදය ආදී ආනයන අපනයන රටවලට නාවික ප්‍රවාහනයේදී කි.මි 8900 ක දුරක් මෙන්ම දින දහයක් ඉතිරි කර ගත හැකි බව සඳහන් වනවා. අප්‍රිකාවේ සුබ පැතුම් තුඩුව වටා නාවික සැතපුම් 11300ක තරම් දුරක් ගෙවමින් දින 24ක් වැනි කාලයක් යුරෝපය වෙත ළඟා වීමට තිබුණා. නමුත් සූවස් ඇළ හේතුවෙන් නාවික සැතපුම් 6400ක් මෙන්ම දින 14ක් අඩු කර ගැනීමේ හැකියාවක් ලැබී තිබෙන බවත් සඳහන් වනවා. මෙමඟින් යුරෝපීය රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති මුළු දුර ප්‍රමාණයෙන් 43% ක පමණ දුරක් ඉතිරි කර ගත හැකි වනවා. එමෙන්ම ලෝකයේ සමස්ත නාවික ප්‍රවාහනයෙන් 10% දුර ප්‍රමාණයක් ආවරණය කරන බවත් සඳහන් වනවා.

    දිනකට නැව් 50-60 අතර ප්‍රමාණයක් මෙහි ගමන් කරනු ලබනවා. එමෙන්ම රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය දිනකට ටොන් මිලියන 03ක් පමණ වන බවත් දැක්වෙනවා. 2016 වසරේදී නැව් 16,833ක් ගමන් කර තිබෙන අතරම, භාණ්ඩ ටොන් මිලියන 819 ක් පමණ ප්‍රවාහනය කර තිබෙනවා. භාණ්ඩ සැපයුම වේගවත් වීම, කාලය ඉතිරි වීම, ඉන්ධන වියදම් අඩු වීම, කාලය ඉතිරි වීම, නාවිකයන් සඳහා වන වියදම් අඩු වීම මෙන්ම මුහුදේදී ඇති විය හැකි ස්වභාවික විපත් අවම වීම ආදී වාසි දයක් තත්වයන් බොහොමයක් මෙමඟින් හිමි වනවා.

    Copied from
    -egyptianstreets.com-
    -roarmedia-
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,251
    113
    38
    @ katubedda

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පරිසරය විනාස කරල. 3%
    දැන් බයියො කැලෑ පාලු නන්දසේන ට ලකුණු දාන්න රිංගන්නෙ නැති තැනක් නෑ..විල්පත්තුව විතරයි බයියොන්ට කැලේ..