මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?

    ලිපිය දිග වැඩියි කියා නොකියන අය අදාලම නැත. වටිනා ලිපියක් නිසා මෙතන පළ කරමි. කොතරම් දිගු උනත් මෙවැනි ලිපි කියවන පිරිසක් එලකිරි එකේ ඉන්නා බවද දනිමි. :):)

    14333184_10154995785611729_2938472812502102861_n.jpg



    ... ඊඩ් දිනයේ මුහුණු පොතේ පෝස්ට් කර තිබූ, අනේක සත්ව ඝාතන වල පින්තූර මෙන්ම, විවිධ සටහන් ඔබද දකින්නට ඇත. මෙහිදී ඒ සත්ව ඝාතන වලට අකමැති කෙනෙක්ට ඉහත ප්‍රශ්නය සිතට එන්නට ඇත ...


    ... කෙනෙක් නිර්මාංශ වීමට ප්‍රධාන හේතු මොනවාදැයි සලකා බලමු.

    1. මාංශ භක්ෂණය අනියමින් සත්ව ඝාතනයට උදව් කරන නිසා,
    2. මාංශ වලට දැරිය යුතු අධික පිරිවැය.
    3. සතුන් කෙරෙහි ඇති කරුණාව.
    4. සෞඛ්‍ය හේතු.


    ...ඉහත පළවන කාරණය සම්බන්දව නම් කිවයුත්තේ, එහි ආර්ථික හේතුවක්ද ඇති බවය. එනම් ඉල්ලුම සහ සැපයුම යන දේය. ඉල්ලන කෙනෙක් නැත්නම් සැපයීමක් නැත. සත්ව ඝාතනයේ යෙදෙන වැඩි දෙනා, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි අය වේ. එහෙත් මස් පරිභෝජනය කරන බහුතරය වන්නේ නම්, බෞද්ධ අයම වේ. හේතුව, ලංකාවේ බහුතරයක් අය බෞද්ධ වීමය. බෞද්ධයන්ට මස් අනුභව කිරීම අකැප නැති වුවද, බුදුන් වහන්සේගේ මතය වූයේ, ත්‍රිකොටි පාරිශුද්ධ මාංශය හැර අන් මසක් අනුභව කිරීමෙන් වැළකිය යුතු බවය. එය වෙනම මාතෘකාවක් හෙයින් වෙනම කතාකල යුතු දෙයකි. කෙසේ හෝ සත්ව ඝාතනයට අනුබල නොදීම සඳහා කල හැකි ප්‍රායෝගික දෙයක් නම්, නිර්මාංශික වීම මය ...


    ... දෙවන කාරණාව වන්නේ, සතුන් මසට මැරීමට සහ එමගින් මස් නිෂ්පාදනය කරන්නට දැරිය යුතු මිළ නිසාම, අවසානයේ මස් සඳහා පාරිභෝගිකයාට ගෙවිය යුතු මිළ වැඩි වීමය. මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්නට යන මිළ සාමාන්‍යයෙන් ශාඛ කිලෝ 10 -20 ක නිෂ්පාදන පිරි වැයට සමාන වේ. පරිසරය ගැන උනන්දු වන ඉතා සුළු පිරිසක් මෙසේද කියන්නේය. “මස් කිලෝ එකක් නිෂ්පාදනය සඳහා, ශාඛ හෙවත් තෘණ හෙවත් තණකොළ 'කිලෝ දාහක්' වැය කිරීම සාධාරණීය කරණය කල නොහැක”. ඒ අනුව නම් මස් අනුභව කිරීම වක්‍රාකාරව පරිසරයට කරන අපරාධයකි...


    ... පරිසරයේ තුලනාත්මක භාවය ආරක්ෂා වීම සඳහා, ‘බලවත් සතා, දුබලයා ආහාර කර ගනී’ යන්න කෙනෙක් කියන්නට පුළුවන. එහෙත් මේ තර්කය මිනිසා වෙනුවෙන් නම් අදාළ නැත. මක්නිසාද යත්, මාංශ අනුභවය නොකරන බොහෝ අය නිරෝගීව ජීවත් වන හෙයිනි. ඇත්තටම නිර්මාංශ වීම ආගමක් නම්, එය ලෝකයේ ඇති විශාලතම ආගම වේ. එනම් දැනට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් අදහන ක්‍රිස්තියානියට සම්බන්ද මිනිසුන්ට වඩා නිර්මාන්ශිකයන් ලෝකයේ වැඩි යයි කියනු ලැබේ ...

    ... එහෙත් තමා නිර්මාන්ශිකයෙක් යයි කියන කෙනෙක් සමහරවිට සත්ව හම් වලින් තනන ලද ලෙදර් පටියක්, පර්ස් එකක් හෝ සපත්තු පැළඳීම මගින්, එම නිර්මාංශ භාවයට කුමක් වේද යන ප්‍රශ්නයට පිළිතුර කුමක් වේද? මෙතනදී කියන්න ඇති උත්තරය වන්නේ, ඒ භාණ්ඩ භාවිතා කරන කාලාන්තරය මත, සත්ව ඝාතනයට රුකුල් දීම අඩු වේය යන්නය. ‘ජෙනුයින් සිල්ක්’ සහ ‘ජෙනුයින් ලෙදර්’ භාවිතා කරන කෙනෙක්, සත්ව ඝාතනයට වක්‍රාකාරයෙන් වුවද උදව් කරන්නේය. කල හැකි එකම දෙය නම්, සත්ව ඝාතනය අඩු කිරීම සඳහා ඒ ඒ ද්‍රව්‍ය වලින් වැළකිය නොහැකි නම්, ඒවා හැකි තාක් කල් භාවිතා කිරීම වේ ...


    ... එමෙන්ම කිසි විටක සර්ව සම්පූර්ණයෙන් සත්වයන් හෝ මස් මාංශ තමාගේ කුස තුලට ඇතුල් වීම වැළැක්විය නොහැක. එය එසේ නම් බැක්ටීරියා වැනි සත්ව විශේෂ වැළැක්වීම කල යුතු වේ. එනම් මෙහිදී නිර්මාන්ශිකයෙක් කල යුතු හොඳම දෙය නම්, ‘මධ්‍යම ප්‍රතිපදාවේ සිටීම’ මය. මේ නිසා සෑහෙන ප්‍රමාණයකට තමාගේ නිර්මාංශ භාවය ආරක්ෂා කර ගත හැකිය...

    ... බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පෙරහන් කඩ භාවිතා කිරීමට අනුදැන වදාරා ඇත්තේ එහෙයිණි. ‘පෙරහන් කඩයෙන් බැක්ටීරියා නැවත විය නොහැකි වුවද’ කුඩා ප්‍රාණීන් නම් එයින් නැවත්විය හැක. එය අවිහිංසාව සඳහාද ලොවට දෙන ලද උදාර පණිවිඩයකි. මේ අතර බුදු දහමේ භික්ෂුන් වහන්සේලාට මාංශ භක්ෂණය සම්බන්දව කල හැකි දෙය කුමක්ද? දායකයා දඩයක්කාරයෙක් නම්, ඔහුට දෙන්නට ඇත්තේ මස් පමණි. බුදු දහමේ කියා ඇත්තේ නම්, දායකයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කල යුතු බවය. එනම්, පිඬු සිඟා යන භික්ෂූන් වහන්සේ කෙනෙක්ට, සමහරවිට එවැන්නෙක් දෙන දානය අනුකම්පාව මත පිළි ගැනීමට සිදු විය හැක. එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට නැති නිදහසක්, සාමාන්‍ය ගිහියාට ඇති බව පැහැදිළිය. එනම් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට වඩා , ගිහියෙක්ට නිර්මාංශ වීමට පහසු වේ. එනම් ඔහු අනුභව කරන දේ ඔහුට තීරණය කල හැක ...


    ... මිලියන ගණනාවක් තිස්සේ ස්වභාව ධර්මයෙන් තැනුණු මිනිසාගේ ආහාර ජීර්ණ රටාව අනුව, මිනිසා මාංශ භාක්ෂිකයෙක්ම නොව සර්ව භක්ෂිකයෙක් හෙවත් මස් මෙන්ම එළවලු වලින්ද යැපෙන්නට හැකි කෙනෙක් සිදු විය. කෙසේ වුවද, මාංශ භක්ෂික සතෙක්ට වඩා අප එළවලු අනුභව කර ජීවත් වන සතෙක්ට වඩා සමීප වේ. උදාහරණයක් ලෙස, ‘අමු මස් කෑල්ලක් කන්නට උත්සාහ කරන්න’. ඔබගේ දත්වලට තුවාල වෙන්නට ඉඩ ඇත. විද්‍යාඥයන් විසින් පරීක්ෂණය කර ලබා ගත් ෆොසිල දත්ත ඔස්සේ, මිනිසා ගින්දර සොයාගෙන ඇත්තේ අවුරුදු 7000 කට පමණ සමීප කාලයකදීය. මිනිසාගේ සම්භවය සිදු වූ මිලියන ගණනාවක කාලය හා සාපේක්ෂව මේ කාලය, අසුරු සැණක කාලයක් පමණි...


    ... එනම් මේ පසුගිය අවුරුදු 7000 -10,000 තුල මිනිසාගේ ශරීරයේ අති විශාල වෙනසක් නොවන්නට ඇත. එසේ හෙයින් ‘ගින්දර’ භාවිතා කර, මාංශ උයා පිහා කෑමෙන් එම් මාංශ ලිහිල් කර දත් වලට හානියක් නොවන සේ අනුභව කල හැක. මේ හැර ස්වභාවික ආකාරයෙන් එනම් අමු මස් අනුභව කිරීම නම් අපහසුය. එය එසේ නම්, මස් අනුභවය මිනිස් ශරීරයේ ස්වභාවය අනුව අසාර්ථක වේ. තවද මිනිසාගේ දත් වල ඇති, මස් ඉරා කන දත් වර්ගය හෙවත් ‘රදනක දත්’ හාස්‍ය ජනක ලෙස මොට්ට දත් වේ. මෙතනින් කියන්නේද, මිනිසාගේ සර්ව භක්ෂක භාවය වඩාත් ‘නිර්මාංශික’ භාවයට සමීප වන බවය ...


    ... මස් පමණක් එනම් සිංහයන්, බළලුන්, බල්ලන් වැනි හා ශාඛ පරිභෝජනය කර ජීවත් වන සතුන්, එනම් හරකුන් , එළුවන් බැටළුවන් යන දෙපක්ෂයේ ශරීරවල ආහාර ජීර්ණ පද්ධතියේ ආකාරය මෙසේය...

    1. මුඛයේ සිට ගුධ මාර්ගය තෙක් දිග :- ශාක භක්ෂිකයෙක් ගේ නම් ශරීර ප්‍රමාණයෙන් 5 ගුණයකි. මාංශ භක්ෂිකයෙක්ගේ තුන් ගුණයකි. මස් දිරවීම සඳහා ඒ දිග ප්‍රමාණවත් වේ.
    2. මුඛයේ චලනය :- ශාක භක්ෂීකයෙක්ගේ නම්, ඕනෑම ආකාරයකට චලනය කල හැක. (…හක්ක තැනී ඇත්තේ, Universal joint එකක් ලෙසිනි.) මාංශ භක්ෂිකයෙක්ගේ නම් සිරස් චලනයක් හෙවත් එක් දිශාවකට පමණි.


    ...දැන් ඔබ මිනිසා මේ සමඟ සසඳා බැලුවහොත්, මිනිසා අයත් වන්නේ ශාක භාක්ෂිකයෙක්ගේ ගණයට බව වැටහිය යුතුය. ශාක භක්ෂිකයෙක් මස් කෑව හොත් වන්නේ, දිරවීමට අමතරව පල් වීමද (Ferment) වන බවය. මෙය ඔබටම පාලක පරීක්ෂණයකින් කල හැක. මස් මාළු ඇති ආහාර වේලක් අනුභව කර ඇති දිනකට පසුව එන උදයේ, ඔබගේ කටෙන් එන දුර්ඝන්දය පරීක්ෂා කරන්න. ඒ දුර්ඝන්දය ඔබටම අපුලක් , පිළිකුළක් ගෙන දෙනු ඇත. එසේම විලෝම පරීක්ෂණයක් ලෙස, ශාඛ ආහාර පමණක් ගත් දිනකට පසුවද එය කර බලන්න. ඔබට වෙනස වැටහෙනු ඇත...


    ... ටයිටැනික් චිත්‍ර පටයේ රඟ පා ප්‍රසිද්ධ වූ 'ලෙනාඩෝ ඩි කැප්රියෝ' සහ හොලිවුඩ් නිළි, නිල් ඇස් ඇති 'අමන්ඩා සේෆ්‍රයිඩ්' ද නිර්මාංස වූ අයය. ... ඔබ ඔවුන් 'සුන්දර නැත' කියන්නේද ...?...?


    14344149_10154995785971729_4209545564874627177_n.jpg
    14322582_10154995785981729_8245858673073238567_n.jpg
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ... එක්තරා පුද්ගලයෙක් අධික රුධිර පීඩනය, කොලස්ට්‍රෝල් සහ දියවැඩියාව යන රෝග තුනේ එළිපත්තේ සිටියේය. එනම් ඒ රෝගවලට අවශ්‍ය තත්වයන්හී මධ්‍යන තත්වයන්ට වඩා ඉහළින් ඔහු සිටියේය. ඒ රෝග සඳහා, බටහිර බෙහෙත් ගන්නට ඔන්න මෙන්න කියා තිබියදී, කිසියම් බෙංගාල හිතවතක්ගේ මඟ පෙන්වීමෙන් ඔහු ‘කිසියම් යෝග ක්‍රමයක්’ ඉන්දියාවේ දී ඉන්දියානු යෝග මාස්ටර් කෙනෙක් හරහා ඉගෙන ගත්තේය ...

    ... මේ යෝගා මාස්ටර් ගේ වයස අවුරුදු 90 ක් වෙනවා. එහෙත් ඔහුගේ පෙනීම, අවුරුදු 55ක් 60ක් වැනි විය. යෝගා කරන්නට පැමිණි හේතුව ඇසූ ඔහු දුන් අවවාදය වූයේ, ‘දින දහයක්වත් වීගන් විය යුතුය කියා’ ...[...මේ 'වීගන්' වචනයට සිංහළ වචනයක් ඇත්දැයි නොදනිමි. වීගන් කියන්නේ, කිසිම සත්ව මාංශයක්, සත්ව ප්‍රෝටීන ඇති කිසිම සත්ව නිෂ්පාදනයක් මෙන්ම, උයන-පිහන දෙයක් අනුභව නොකිරීමය...]... සත්‍ය වශයෙන්ම මෙසේ 'වීගන්' ආහාර අනුභවය ලෙහෙසි නැත. කල්පනාවෙන් කලේ නැත්නම්, විටමින් සහ ප්‍රෝටීන ඌනතාවයට කෙනෙක් ගොදුරු විය හැක ...


    ... කෙසේ හෝ මේ හේතු ඵල වාදී පුද්ගලයා, යෝගා ගුරුවරයා සමඟ වාද කලද, කී ආකාරයට ආහාර අනුභව කරමින්, ඔහුට නියමිතව තිබු යෝගා ව්‍යායාම කරන ලදී. පස්වන දවස වන විට, ඔහුගේ සිරුරේ කුඩා ළප ඇතිවී, සැරව බිබිළි මෙන් ලොකුවී 8 වන දවසේදී, ඒවා පුපුරා ඉස්ම ඉවත්ව පසුව වේලී ගියේය. මේ සම්බන්දව යෝගා ගුරුවරයා ගෙන් ඇසූ විට ඔහු කීවේ, දශක ගණනාවක් සිරුරේ එකතු වී තිබුණු ‘ටොක්සික්’ හෙවත් රසායනික අපද්‍රව්‍ය සිරුරෙන් පිටවූ බවය ...


    ... මාස කිහිපයකට පසු ලංකාවට පැමිණි ඔහු බටහිර වෙද ක්‍රමය මගින් නියම කරන ලද පරීක්ෂණ කර බැලීමේදී, ඔහු මුහුණ පෑ සියලුම රෝග වලින් ඉවත් වී ඇති බව සොයා ගන්නා ලදී... ඉහත කියන ලද ‘කිසියම් යෝග ක්‍රමය’ වූයේ, ඉන්දියානු ‘ප්‍රාණ යාම යෝග ක්‍රමය’ වේ. ඔබට එහි වැඩි විස්තර ගූගල් මගින් ලබා ගත හැක... කෙටියෙන් කිවහොත් එහිදී කරන්නේ, ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමය. හෘද වස්තුව වෙත හුස්ම තද කිරීමෙන්, 'ගර්ත' වලට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දේ...

    ... මෙය සිදු වූ අවුරුදු පහකට පමණ කාලයේ සිට, ඔහු දිගින් දිගට යෝගා නොකළද, අද වන තුරු නිර්මාංශිකයෙක් විය. හෙට මොනවා වේවිද යයි දන්නේ නැත. එහෙත් ඔහුගේ සිරුරේ තත්වය අද දින නම්, සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ මෙන් වේ. කෙසේ හෝ මේ ඉහත කී දින දහය ඇතුලත එක් දිනක, ජීවිතයේ පළමු වතාවට ඔහුට දත් මදින්නට අමතක විය. හේතුව සරළ විය. මුඛයේ ඇති දුර්ගන්ධයක් නැත. මස් මාංශ පරිභෝජනය නැවැත්වීම නිසා කිසිම පෝෂණ ඌණතාවයක් නැත. [ඒ පුද්ගලයා වූයේ, මාය...] ...

    ... කරන්න බැරි දෙයක් හෝ නොවුණු දෙයක් ගැන නොකීවෙමි. පරීක්ෂණය ඔබට භාරය ...

    ... අනේක ප්‍රශ්න වලට කරුණාවෙන් පිළිතුරු දුන් යෝගා මාස්ටර්ගේ හේතු දැක්වීම් මෙලෙස විය…තරුණ කාලයේ ඔහු බටහිර වෙදදුරෙක් බව පසුව දැන ගතිමි. එසේ හෙයින් මේ පහත දේ ඔබටද එම අංශය දන්නා වෙදදුරෙක් ගෙන් [ Dietician ] ප්‍රත්‍යක්ෂ කර ගත හැක ...


    1.මිනිසාගේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන වර්ග වල සිරුරට අවශ්‍ය වන ඇමයිනෝ අම්ල 26 ක් ඇත. මස් වල මේ සංඝටක 26 ම පවතී. එහෙත් ශරීරයට අනවශ්‍ය දේත් මේ සමඟ පවතී.

    2.එහෙත් පරිප්පු, සොයා බෝංචි හෝ කඩල වැනි දෙයක් ඇත්තේ එම ඇමයිනෝ අම්ල 24 ක් හෝ 25 ක් පමණි. එනම්, එම ඇමයිනෝ අම්ල 26 ම ශරීරයට ලබා ගැනීමට, දෙවර්ගයක ආහාර අනුභවය කල හැක.

    3.මස් සහ මාළු දිරවීම, ශාඛ ආහාර දිරවීමට වඩා අපහසු වේ. තවද මස් හෝ මාළු අනුභවය කරන විට බොහෝ විට කුළු බඩු ද්‍රව්‍ය වැඩියෙන් භාවිතා කරන්නට සිදු වේ. මස් වල දිරවීමේ අඩු ස්වභාවය නිසා, එය දිරවීමට මෙන්ම ඉහත කී කුළු බඩු සංඝටක දැමීම නිසා, ශරීරයේ ඇති ජලය එම ආහාර වලට අවශෝෂණය වේ.

    4.මෙසේ ඉහත 3 කාරණය තව අයුරකින් කිව හොත්, ශරීරයේ විජලන තත්වයක් ඇති වේ. මේ නිසා එවැනි ආහාරයකින් පසුව, නිදිමත ස්වභාවයක් ඇති වේ. එය ඔබ අත්දැක ඇත. මාංශ භාක්ෂික සතුන් දවසේ වැඩි කාලයක් නිදා ගනී. උදාහරණයක් ලෙස, බළලෙක් දිනකට පැය 18ක් නිදා ගනී. නිදිමත අඩුවෙන් දැනේ නම්, එය ශරීරයට බාධාවක් නොවේ නම්, ඒ කාලය වෙන වැදගත් දෙයක් කරන්නට ගැනීම, මේ කුඩා ජීවිත කාලයේ වඩා වැදගත් වේ.

    5.ඉහත පළවන ළිපියේ කිව් පරිදි ඔබටම පාලක පරීක්ෂණයක් කල හැක. ශාඛ ආහාර ගත් දිනෙක සහ මාංශ ආහාර ගත් දිනෙකට පසුව උදෑසන මුඛයෙන් පිටවන දුර්ඝන්දය සහ මළ පහ දුර්ගන්ධයේ වෙනස නිරීක්ෂණය කරන්න.
    6.එම අවස්ථා දෙකෙහිම, උදෑසන පිබිදීමට පහසු වන්නේ කුමන දිනයේද යන්න බලන්න. බත් හැන්දක් දෙකක් සමඟ පරිප්පු, කඩල, සොයා, තම්බපු බෝංචි හෝ රතු අල, මුන් ඇට, වට්ටක්කා හෝ වෙනත් පළා වර්ගයක් අනුභව කර, පසුවදා නින්දෙන් නැගිටීමට ඇති හැකියාව සමඟ සසඳා බලන්න.


    ... "එළ කිරි පානය නොකිරීම" වැදගත් වේ. මේ ලෝකයේ එළ කිරි බොන එකම එක වැඩිහිටි සත්වයා, මෙන්ම තවත් සතෙක්ගේ කිරි බොන්නේ, ‘මිනිසා’ පමණක් මය. 'කිරි පානය' කුඩා දරුවන්ගේ වැඩීමට අවශ්‍ය වේ. එසේ හෙයින් ඔවුන්ගේ සිරුරේ ‘ලැක්ටේස්’ යන එන්සයිමය පවතී. කුඩා කාලයේ මව් කිරි බීමෙන් ඉවත් වූ දරුවා වැඩිහිටියෙක් වන විට, එම එන්සයිමය කෙමෙන් ක්ෂය වේ. ඔබට මෙයද පාලක පරීක්ෂණයකින් නිරීක්ෂණය කල හැක. කිරි බෝතල් භාගයක් පමණ බී බඩ බුරුලට යන්නේ නැත්දැයි බලන්න. එහිදී වන්නේ කිරි දිරවනවාට වඩා, ‘මියුකස්’ එකක් වී ශරීරයෙන් ඉවත් වීම පමණි. මෙයින් ශරීරයට ඇති පලක් නැතිවා විතරක් නොව, ඔබ එහිදී ශරීරය වෙහෙසටද පත් කරන්නේය ...


    ... ඔබ සමහරවිට ලැක්ටේස් වලට ප්‍රතිචාර නොදක්වන [Lactose intolerant] අය ගැන අසා තියෙන්නට ඇත. මිනිසා ගල් යුගයේ සිටින අවස්ථාවේ දරුවෙක් ලෙස සිටින අවස්ථාවේ සිට කිරි බීම අත් හැරිය විට, ඉහත කී එන්සයිමය ඔවුන්ගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය. ඔවුන් Lactose intolerant වර්ගය විය. එහෙත් ගල් යුගයේ මිනිසා කෙමෙන් කෘෂි කර්මාන්තයට අවතීර්ණ වීමේදී කිරි පානය කිරීම නිසා, කුඩා ප්‍රමාණ වලින්, වැඩිහිටි සිරුරේද එම එන්සයිමය වර්ධනය වීම සිදු විය ...

    ... එහෙත් මෙය ශරීරය අවශෝෂණය කර ගන්නේ අපහසුවෙනි. මේ නිසා අපගේ පැරැන්නන් අත් දැකීමෙන් සොයා ගත් අයුරු, ‘පස් ගෝ රස’ සිරුරට ගුණ දේ. මෙතනදී කෙරෙන්නේ කිරි, වෙනත් ආකාරයන්ට පරිවර්තනය කිරීමය. එය මිනිස් ශරීරය ලෙහෙසියෙන් අවශෝෂණය කර ගනී. උදාහරණයක් ලෙස, ‘යෝගට්’, 'එළ කිරි' වලට වඩා මිනිස් සිරුරට හිතකර වේ. මේ ආකාරයට මිනිස් සිරුරට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා ගත හැක ...

    ... මාංශ භාවිතය සාධාරණීය කරන්නට තවත් සමහරෙක් ඇද ගන්නා දෙයක් නම්, B 12 වේ. කෙසේ වුවද මිනිස් සිරුරට අවශ්‍ය එම සංඝටකය වන B12 අවශ්‍ය වන්නේ ඉතා අඩු ප්‍රමානයෙනි. එනම් වැඩුණු කෙනෙක්ට දිනකට අවශ්‍ය B12 වන වැඩිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 3 කට අඩුවෙනි. තවද මේ ප්‍රමාණය වුවද මුලින් මාංශ භාවිතා කල කෙනෙක්ගේ ශරීරයේ තැන්පත්ව අවුරුදු කීපයක් සඳහා අනවශ්‍ය වේ ...

    ... මේ අතර සමහර ආගම් වල නම්, සතුන් මැරීම පූජාවක් කියා සැලකේ. මෙයට අවුරුදු 7000 කට පමණ පෙර සිටියා යයි කියන, ස්වභාවයෙන් අමතක වන, මුග්ද භාවයට සහ මෝහ මූල තත්වයකට පත් වන, අවුරුදු 80 ක කාලයක් පසු කල, එක්තරා අනාගත වක්තෘ කෙනෙක්, දෙවියන් නියෝග කරන ලද පූජාවක් සේ තම පුතා මරන්නට යාමේදී, දෙවියන්ගේ හදවත තෙත් විය. තම පුත්‍රයා මරණවා වෙනුවට ‘බැටළුවෙක් මරන්න’ යයි උපදෙස් ලැබිණි. මෙම සිදුවීම අදද බිලියන ගණනින් සතුන් මරමින් ලොව පුරා සිහිපත් කෙරේ. එය දෙවියන්ට කරන ලද පූජෝපහාරයක් යයි විශ්වාස කරන්නේය ...


    ... මෙවැනි මන්ද මානසික සංකල්ප ලියමින්, පාඨක ඔබ වෙහෙසට පත් කරන්නට මට අදහසක් නැත. එහෙත් ඔබ ඉහත සංකල්පය පිළිගන්නා ගණයේ කෙනෙක් නම්, ‘ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා’ බලන්න යයි, යෝජනා කරමි. ඒවායේ ඉහත කී බිළි පූජාවන්ට වඩා පිළිගත හැකි දේ ඇත. ඒ පොත සොයාගන්නට නොහැකි නම්, ‘මහගම සේකර’ ගේ ‘ප්‍රබුද්ධ’ පොත සොයාගෙන බලන්න යයි යෝජනා කරමි. එහි මෙසේ ලියා ඇත. ...“දෙවියනි ඔබට කරන ලද පූජාවක් ලෙස, හබරළ කොලයකට මූත්‍රා කරමි” ... සත්‍ය වූ දෙවියෙක් ඇත්නම්, එම මුත්‍රා පූජාව භක්තිපූර්වකව පිළි ගන්නවා ඇත. මක්නිසාද යත්, කරුණාබර දෙවි කෙනෙක් ඇත්නම්, අහිංසක සතෙක්ගේ දිවි තොර කිරීම ඔහු නොඉවසන හෙයිනි ...


    ... කකුල් අසල බඩ ගාගෙන යන කැරපොත්තාට වුවද ජීවත් වීමේ අයිතිය ඇත. අපේ මුතුන් මිත්තන් ඔවුන් සමඟ සමගාමීව ජීවත් වන්නට දැන ගෙන සිටියහ. එසේ හෙයින්ම සවභාව ධර්මය, අපේ මුතුන් මිත්තන් සමඟ යුධ වැදූනේද නැත. බොහෝ සාර්ථක ක්‍රීඩකයන් නිර්මාන්ශිකයන්ය. කීප දෙනෙක් ගැන කිවහොත්, 1965 සිට 2005 තෙක් ලොව විසු දක්ෂම ටෙනිස් ශුරීය ලෙස සලකන ‘මාටිනා නවරතිලෝවා’ සහ, ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගත් කාල් ලුවිස් ගැන කිව හැක. මහත් පුදුමයකට මෙන් කාල් ලුවිස් ‘Vegetarian’ කෙනෙක් නොවේ. ඔහු ‘Vegan’ කෙනෙකි. එනම් කිරි ආහාර හෝ පිසන ලද ආහාර අනුභව නොකරන්නෙකි ...

    14316763_10154997425371729_3308916733568491118_n.jpg
    14332919_10154997425361729_6163216191667153334_n.jpg


    ... අවසානයට කියන්න ඇත්තේ, මොනවා අනුභව කලත් මිනිසුන් මිය යන බවය. ජීවත් වන කාල සීමාව අනුභව කරන දේ මතම තීරණය නොවේ. ඒ සඳහා තවත් සාධක ඇත. ජීවත් වන කාලය අඩු වුවද වැඩි වුවද, එය තමන්ට මෙන්ම, අසරණ සියළු සතුන්ට ජීවිත දානය දෙමින්ද, ලොවටද වැඩදායක වන ලෙස ජීවත් විය යුතුය. එසේ හෙයින් මෙයට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ජීවත් වූ, ගුරුන් ගේ ගුරුවරයෙක් කීවේ මෙසේය ...

    ... “දිනක් නිවැරදිව ජීවත් වීම, වැරදි දේ කරමින් අවුරුදු සීයක් ජීවත් වීමට වඩා යහපත්ය”...


    from fb.~Lalith Karunaratna~
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔතන මට පොඩි ගැටලුවක් තියනවා

    මිනිස්සු හැමෝම නිර්මාංශ උනොත් ඒක පරිසරයේ සමබරතාවයට ප්‍රශ්නයක් වෙයිද?

    උදාහරණයක් ලෙස හරක්, ඌරො ගහනය වැඩි වෙයිද​
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නිර්මාංශ වූ අයෙක්.කේක්,බනිස් ආදී කෑම වැරදිද...?(නොදන්න නිසයි අහන්නෙ)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔතන මට පොඩි ගැටලුවක් තියනවා

    මිනිස්සු හැමෝම නිර්මාංශ උනොත් ඒක පරිසරයේ සමබරතාවයට ප්‍රශ්නයක් වෙයිද?

    උදාහරණයක් ලෙස හරක්, ඌරො ගහනය වැඩි වෙයිද​

    මිනිස්සු හැමෝම නම් නිර්මාංශ කරන්න බැරිවෙයි.. ඒක නිසා එහෙම දෙයක් වෙන එකක් නෑ. දැන් හරක් ඌරො වගේ සත්තු මස් පිණිසම හදන නිසා දැනටමත් සමබරතාවට හානි වෙන තරමට ඒ සත්තු වැඩියි කියලයි මට නම් හිතෙන්නෙ.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නිර්මාංශ වූ අයෙක්.කේක්,බනිස් ආදී කෑම වැරදිද...?(නොදන්න නිසයි අහන්නෙ)

    ගුල්ලොත් එක්ක බනිස් කෑවොත් පව්​
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නිර්මාංශ වූ අයෙක්.කේක්,බනිස් ආදී කෑම වැරදිද...?(නොදන්න නිසයි අහන්නෙ)

    ඒකෙ වැරැද්දක් නම් මන් දකින්නෙ නෑ. මොකද මේක නිතියක් නෙවෙයි, තමන්ගේ ශරීරයට තමන් විසින්ම කරගන්න උදව්වක්. ඒක තමයි මේකෙ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියල තියෙන්නෙ. ඒව කන්න ආසයි නම් කන්න. කෑව කියල ලොකු අවුලක් නෑ. ලංකාවෙ මිනිස්සු බනින්ව සමහරු මස් නොකා මස් හොදි කනව ආදී දේ කියල. ඒ මිනිස්සු එහෙම හරි මස් කන එක පාලනය කරගෙන ඉන්නෙ. :):)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පුළුවන් තරන් අඩුවෙන් කනවනං හොඳයි තමා. සමහරු ඉන්නව චිකන් නැත්තන් බත් උගුරෙන් පල්ලෙහට යන්නේ නෑ. අඩුගානේ කරෝල කෑල්ලක් වත් ඕනේ. මස් කන එක ජිවිතේ කොටසක් නොකරගෙන, තෝරාගැනීමක් විතරක් කරගත්ත නං හරි මම හිතන්නෙ.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    bump මමත්‍ දවස් කිහිපයක් ඔහෝම හිටිය ඇත්තටම ඇගැට සැහැල්ලුවක් දැනෙනවා

    ඒ උනාට කතෘ අමතක කරලා ඔයා.එතුමාට ගෞරවයක් වශයෙන් එකත් දාන්න මචෝ
    https://www.facebook.com/lalith.kar...=feed_comment_reply&notif_id=1473773164477834
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    • Like
    Reactions: Ironwingz

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඔතන මට පොඩි ගැටලුවක් තියනවා

    මිනිස්සු හැමෝම නිර්මාංශ උනොත් ඒක පරිසරයේ සමබරතාවයට ප්‍රශ්නයක් වෙයිද?

    උදාහරණයක් ලෙස හරක්, ඌරො ගහනය වැඩි වෙයිද​

    oka ohoma kiyanna baha
    Minissu kiyanne me loke inna leaders la nemei
    loke aithi minissunta nemei nature ekata
    Minissu satthu kiyanne okkoma life ekak tiyana jeewin kotasak
    Sathuntath dawasaka minissu wadi kiyala hithunoth monawa wei da