මිනිසා නිර්මාංශ විය යුතුද, නැතිද ?
ලිපිය දිග වැඩියි කියා නොකියන අය අදාලම නැත. වටිනා ලිපියක් නිසා මෙතන පළ කරමි. කොතරම් දිගු උනත් මෙවැනි ලිපි කියවන පිරිසක් එලකිරි එකේ ඉන්නා බවද දනිමි.

... ඊඩ් දිනයේ මුහුණු පොතේ පෝස්ට් කර තිබූ, අනේක සත්ව ඝාතන වල පින්තූර මෙන්ම, විවිධ සටහන් ඔබද දකින්නට ඇත. මෙහිදී ඒ සත්ව ඝාතන වලට අකමැති කෙනෙක්ට ඉහත ප්රශ්නය සිතට එන්නට ඇත ...
... කෙනෙක් නිර්මාංශ වීමට ප්‍රධාන හේතු මොනවාදැයි සලකා බලමු.
1. මාංශ භක්ෂණය අනියමින් සත්ව ඝාතනයට උදව් කරන නිසා,
2. මාංශ වලට දැරිය යුතු අධික පිරිවැය.
3. සතුන් කෙරෙහි ඇති කරුණාව.
4. සෞඛ්‍ය හේතු.
...ඉහත පළවන කාරණය සම්බන්දව නම් කිවයුත්තේ, එහි ආර්ථික හේතුවක්ද ඇති බවය. එනම් ඉල්ලුම සහ සැපයුම යන දේය. ඉල්ලන කෙනෙක් නැත්නම් සැපයීමක් නැත. සත්ව ඝාතනයේ යෙදෙන වැඩි දෙනා, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි අය වේ. එහෙත් මස් පරිභෝජනය කරන බහුතරය වන්නේ නම්, බෞද්ධ අයම වේ. හේතුව, ලංකාවේ බහුතරයක් අය බෞද්ධ වීමය. බෞද්ධයන්ට මස් අනුභව කිරීම අකැප නැති වුවද, බුදුන් වහන්සේගේ මතය වූයේ, ත්‍රිකොටි පාරිශුද්ධ මාංශය හැර අන් මසක් අනුභව කිරීමෙන් වැළකිය යුතු බවය. එය වෙනම මාතෘකාවක් හෙයින් වෙනම කතාකල යුතු දෙයකි. කෙසේ හෝ සත්ව ඝාතනයට අනුබල නොදීම සඳහා කල හැකි ප්‍රායෝගික දෙයක් නම්, නිර්මාංශික වීම මය ...
... දෙවන කාරණාව වන්නේ, සතුන් මසට මැරීමට සහ එමගින් මස් නිෂ්පාදනය කරන්නට දැරිය යුතු මිළ නිසාම, අවසානයේ මස් සඳහා පාරිභෝගිකයාට ගෙවිය යුතු මිළ වැඩි වීමය. මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්නට යන මිළ සාමාන්‍යයෙන් ශාඛ කිලෝ 10 -20 ක නිෂ්පාදන පිරි වැයට සමාන වේ. පරිසරය ගැන උනන්දු වන ඉතා සුළු පිරිසක් මෙසේද කියන්නේය. “මස් කිලෝ එකක් නිෂ්පාදනය සඳහා, ශාඛ හෙවත් තෘණ හෙවත් තණකොළ 'කිලෝ දාහක්' වැය කිරීම සාධාරණීය කරණය කල නොහැක”. ඒ අනුව නම් මස් අනුභව කිරීම වක්‍රාකාරව පරිසරයට කරන අපරාධයකි...
... පරිසරයේ තුලනාත්මක භාවය ආරක්ෂා වීම සඳහා, ‘බලවත් සතා, දුබලයා ආහාර කර ගනී’ යන්න කෙනෙක් කියන්නට පුළුවන. එහෙත් මේ තර්කය මිනිසා වෙනුවෙන් නම් අදාළ නැත. මක්නිසාද යත්, මාංශ අනුභවය නොකරන බොහෝ අය නිරෝගීව ජීවත් වන හෙයිනි. ඇත්තටම නිර්මාංශ වීම ආගමක් නම්, එය ලෝකයේ ඇති විශාලතම ආගම වේ. එනම් දැනට ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් අදහන ක්රිස්තියානියට සම්බන්ද මිනිසුන්ට වඩා නිර්මාන්ශිකයන් ලෝකයේ වැඩි යයි කියනු ලැබේ ...
... එහෙත් තමා නිර්මාන්ශිකයෙක් යයි කියන කෙනෙක් සමහරවිට සත්ව හම් වලින් තනන ලද ලෙදර් පටියක්, පර්ස් එකක් හෝ සපත්තු පැළඳීම මගින්, එම නිර්මාංශ භාවයට කුමක් වේද යන ප්‍රශ්නයට පිළිතුර කුමක් වේද? මෙතනදී කියන්න ඇති උත්තරය වන්නේ, ඒ භාණ්ඩ භාවිතා කරන කාලාන්තරය මත, සත්ව ඝාතනයට රුකුල් දීම අඩු වේය යන්නය. ‘ජෙනුයින් සිල්ක්’ සහ ‘ජෙනුයින් ලෙදර්’ භාවිතා කරන කෙනෙක්, සත්ව ඝාතනයට වක්‍රාකාරයෙන් වුවද උදව් කරන්නේය. කල හැකි එකම දෙය නම්, සත්ව ඝාතනය අඩු කිරීම සඳහා ඒ ඒ ද්‍රව්‍ය වලින් වැළකිය නොහැකි නම්, ඒවා හැකි තාක් කල් භාවිතා කිරීම වේ ...
... එමෙන්ම කිසි විටක සර්ව සම්පූර්ණයෙන් සත්වයන් හෝ මස් මාංශ තමාගේ කුස තුලට ඇතුල් වීම වැළැක්විය නොහැක. එය එසේ නම් බැක්ටීරියා වැනි සත්ව විශේෂ වැළැක්වීම කල යුතු වේ. එනම් මෙහිදී නිර්මාන්ශිකයෙක් කල යුතු හොඳම දෙය නම්, ‘මධ්‍යම ප්‍රතිපදාවේ සිටීම’ මය. මේ නිසා සෑහෙන ප්‍රමාණයකට තමාගේ නිර්මාංශ භාවය ආරක්ෂා කර ගත හැකිය...
... බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පෙරහන් කඩ භාවිතා කිරීමට අනුදැන වදාරා ඇත්තේ එහෙයිණි. ‘පෙරහන් කඩයෙන් බැක්ටීරියා නැවත විය නොහැකි වුවද’ කුඩා ප්‍රාණීන් නම් එයින් නැවත්විය හැක. එය අවිහිංසාව සඳහාද ලොවට දෙන ලද උදාර පණිවිඩයකි. මේ අතර බුදු දහමේ භික්ෂුන් වහන්සේලාට මාංශ භක්ෂණය සම්බන්දව කල හැකි දෙය කුමක්ද? දායකයා දඩයක්කාරයෙක් නම්, ඔහුට දෙන්නට ඇත්තේ මස් පමණි. බුදු දහමේ කියා ඇත්තේ නම්, දායකයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කල යුතු බවය. එනම්, පිඬු සිඟා යන භික්ෂූන් වහන්සේ කෙනෙක්ට, සමහරවිට එවැන්නෙක් දෙන දානය අනුකම්පාව මත පිළි ගැනීමට සිදු විය හැක. එහෙත් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට නැති නිදහසක්, සාමාන්‍ය ගිහියාට ඇති බව පැහැදිළිය. එනම් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ට වඩා , ගිහියෙක්ට නිර්මාංශ වීමට පහසු වේ. එනම් ඔහු අනුභව කරන දේ ඔහුට තීරණය කල හැක ...
... මිලියන ගණනාවක් තිස්සේ ස්වභාව ධර්මයෙන් තැනුණු මිනිසාගේ ආහාර ජීර්ණ රටාව අනුව, මිනිසා මාංශ භාක්ෂිකයෙක්ම නොව සර්ව භක්ෂිකයෙක් හෙවත් මස් මෙන්ම එළවලු වලින්ද යැපෙන්නට හැකි කෙනෙක් සිදු විය. කෙසේ වුවද, මාංශ භක්ෂික සතෙක්ට වඩා අප එළවලු අනුභව කර ජීවත් වන සතෙක්ට වඩා සමීප වේ. උදාහරණයක් ලෙස, ‘අමු මස් කෑල්ලක් කන්නට උත්සාහ කරන්න’. ඔබගේ දත්වලට තුවාල වෙන්නට ඉඩ ඇත. විද්‍යාඥයන් විසින් පරීක්ෂණය කර ලබා ගත් ෆොසිල දත්ත ඔස්සේ, මිනිසා ගින්දර සොයාගෙන ඇත්තේ අවුරුදු 7000 කට පමණ සමීප කාලයකදීය. මිනිසාගේ සම්භවය සිදු වූ මිලියන ගණනාවක කාලය හා සාපේක්ෂව මේ කාලය, අසුරු සැණක කාලයක් පමණි...
... එනම් මේ පසුගිය අවුරුදු 7000 -10,000 තුල මිනිසාගේ ශරීරයේ අති විශාල වෙනසක් නොවන්නට ඇත. එසේ හෙයින් ‘ගින්දර’ භාවිතා කර, මාංශ උයා පිහා කෑමෙන් එම් මාංශ ලිහිල් කර දත් වලට හානියක් නොවන සේ අනුභව කල හැක. මේ හැර ස්වභාවික ආකාරයෙන් එනම් අමු මස් අනුභව කිරීම නම් අපහසුය. එය එසේ නම්, මස් අනුභවය මිනිස් ශරීරයේ ස්වභාවය අනුව අසාර්ථක වේ. තවද මිනිසාගේ දත් වල ඇති, මස් ඉරා කන දත් වර්ගය හෙවත් ‘රදනක දත්’ හාස්‍ය ජනක ලෙස මොට්ට දත් වේ. මෙතනින් කියන්නේද, මිනිසාගේ සර්ව භක්ෂක භාවය වඩාත් ‘නිර්මාංශික’ භාවයට සමීප වන බවය ...
... මස් පමණක් එනම් සිංහයන්, බළලුන්, බල්ලන් වැනි හා ශාඛ පරිභෝජනය කර ජීවත් වන සතුන්, එනම් හරකුන් , එළුවන් බැටළුවන් යන දෙපක්ෂයේ ශරීරවල ආහාර ජීර්ණ පද්ධතියේ ආකාරය මෙසේය...
1. මුඛයේ සිට ගුධ මාර්ගය තෙක් දිග :- ශාක භක්ෂිකයෙක් ගේ නම් ශරීර ප්‍රමාණයෙන් 5 ගුණයකි. මාංශ භක්ෂිකයෙක්ගේ තුන් ගුණයකි. මස් දිරවීම සඳහා ඒ දිග ප්‍රමාණවත් වේ.
2. මුඛයේ චලනය :- ශාක භක්ෂීකයෙක්ගේ නම්, ඕනෑම ආකාරයකට චලනය කල හැක. (…හක්ක තැනී ඇත්තේ, Universal joint එකක් ලෙසිනි.) මාංශ භක්ෂිකයෙක්ගේ නම් සිරස් චලනයක් හෙවත් එක් දිශාවකට පමණි.
...දැන් ඔබ මිනිසා මේ සමඟ සසඳා බැලුවහොත්, මිනිසා අයත් වන්නේ ශාක භාක්ෂිකයෙක්ගේ ගණයට බව වැටහිය යුතුය. ශාක භක්ෂිකයෙක් මස් කෑව හොත් වන්නේ, දිරවීමට අමතරව පල් වීමද (Ferment) වන බවය. මෙය ඔබටම පාලක පරීක්ෂණයකින් කල හැක. මස් මාළු ඇති ආහාර වේලක් අනුභව කර ඇති දිනකට පසුව එන උදයේ, ඔබගේ කටෙන් එන දුර්ඝන්දය පරීක්ෂා කරන්න. ඒ දුර්ඝන්දය ඔබටම අපුලක් , පිළිකුළක් ගෙන දෙනු ඇත. එසේම විලෝම පරීක්ෂණයක් ලෙස, ශාඛ ආහාර පමණක් ගත් දිනකට පසුවද එය කර බලන්න. ඔබට වෙනස වැටහෙනු ඇත...
... ටයිටැනික් චිත්‍ර පටයේ රඟ පා ප්‍රසිද්ධ වූ 'ලෙනාඩෝ ඩි කැප්රියෝ' සහ හොලිවුඩ් නිළි, නිල් ඇස් ඇති 'අමන්ඩා සේෆ්‍රයිඩ්' ද නිර්මාංස වූ අයය. ... ඔබ ඔවුන් 'සුන්දර නැත' කියන්නේද ...?...?