මිනිසුන්ගෙන් පසු පෘථිවියේ ජිවත් වන බුද්ධ

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
මිනිසුන්ගෙන් පසු පෘථිවියේ ජිවත් වන බුද්ධ

10) බූවල්ලා - Octopus



පුදුමයි.... කවුද හිතුවේ මෙයාට මොලයක් තියනව කියල.එත් අවුරුදු ගානක පරීක්ෂණ වලින් පස්සේ (බුවල්ලන් ගැන පරීක්ෂණ කරන අය) සොයාගෙන තියනවා මෙයාලගේ බුද්ධි මට්ටම ගොඩක් ඉහලයි කියල.කොච්චර ඉහළද කිව්වොත්,බුවල්ලන්ට සරල ගැටළු,සරල ප්‍රහේළිකා වගේ දේවල් විසදන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මෙයාලට කෙටි කාලීන මතකයකුත්(short-term memory) තියනව කියල දැනට සොයාගෙන තියෙනවා.ඔවුන් කියන විදියට සත්වයෙක්ගේ බුද්ධි මට්ටම බලන එක සාධකයක් තමයි නියුරෝන ප්‍රමාණය,මිනිසෙක්ගේ නුරෝන ප්‍රමාණය බිලියන 100 පමණ වෙන්ව සාපේක්ෂව බුවල්ලෙක්ගේ නියුරෝන ප්‍රමාණය මිලියන 300පමණ වෙනවා,ඒවගෙනුත් වැඩි හරියක්ම තියෙන්නේ ඔවුන්ගේ අඩු වල කියලයි දැනට සදහන් වෙන්නේ.


09) පරවියා - Pigeon



මෙයාව හදුන්වන්නේ "Rats with Wings" (පියාපත් ඇති මියන්) ලෙසයි.මොකද ඔවුන් මීයන් තරම්ම බුද්ධියක් ඇති නිසා.දැනට පරීක්ෂණ වලට අනුව මෙය ඇත්තටම "smart" කුරුල්ලෙක්.ඔවුන්ගේ මතකය තරමක් විශිෂ්ට වන්නේ, ඔවුන්ට දිගු සංකීර්ණ මාර්ග තේරුම් ගැනීම හා එය කෙටි කාලයක් මතකයේ තියාගන්න,විවිද රූප හා ඡායාරූප සිය ගණනක් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ කණ්නාඩියකින් තමන්ව අදුරගන්න තරම් බුද්ධියක් තියනවා.මිනිසාට සාපේක්ෂව බැලුවොත් පරවියන්ට අවුරුදු තුනක ළමයක්ට සමාන බුද්ධියක් තියෙනවා කියලයි පරීක්ෂකයන් කියන්නේ.


08) ඌරන් - Pigs



විද්යාඥයින්ට අනුව,ඌරන් විශේෂයෙන් ඉහළ මානසික බුද්ධියක් ඇති සත්ව පිරිසකි.ඔවුන් ඉතා වඩාත් සමාජශීලි වන අතර,ඉතා ලේසියෙන්ම දැඩි ලෙස කම්මැලිකම වැනි හැගීම් ඇති වේ.මොවුන් ඉතා සංවේදී,හැගීම්බර හා ඉක්මනින් යම් කිසි කාර්යයක් සදහා පුරුදු කල හැක අතර විශේෂත්වය වන්නේ දිගු කලක් ඔවුන්ට පුරුදු කල දේ මතකයේ රදවා ගැනීමට ඇති හැකියාවයි. පරීක්ෂණ වලට අනුව ඔවුන්ට මිනිසා තරම් සංකීර්ණ නැති වූනත් ඔවුන්ටද සරල සිහින පේනීමට තරම් දියුණු සත්ව පිරිසක් බවයි.


07) බල්ලන් - Dogs



බල්ලන් ඉතා පුහුණු කිරීමට පහසු,මිනිසුන් සමඟ වඩාත් සමාජශීලි, සහ කීකරුකම සත්ව කොට්ටාශයක් වන කියල අපි අමුතුවෙන් කියන්න ඕන නැ (දවසකට හරි බල්ලෙක් හුරතල් කරපු ඕනෑම කෙනෙක් එක දන්නවා).මොවුන්ට එකපාරක් මුණක් දැක්කොත් ඒක කාලයක් යනකන් අමතක වෙන්නේ නැ,විශේෂයෙන්ම එයාලට හිරිහැරයක් කරපු අයව.බල්ලන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන්ට ඉරිසියාව,තරහව සහ හිත රිදීම් පවා තදින්ම දැනීමයි,ඒවගේම ඔවූන්ට දෙයක් තමන්ගේ ජිවිත කාලය පුරාවටම මතකයේ රදවාගැනිමට තරම් මතක ශක්තිකක් තිබිමයි.


06) ගිරවු - Parrots



ගිරවුන් දක්ෂ වගේම ඉතා ලස්සන ,ආඩම්බර සත්ව කොට්ටශයකි,ඔවුන් ලෝකයේ දක්ෂම පක්ෂීන් ලෙස සලකනු ලබයි. ඔවුන්ට ඔවුන්ගේ හොටෙන් කළ හැකි සමහර පුදුම සහගතය.ඔවුන්ට මිනිස් වචන ඉතා පහසුවෙන් උගන්වන ගත හැක. ඔවුන්ට වචන ඉගැන්විය හැක පමණක් නොව, ඔවුන්ට ඒවගේ අරුත් තේරුම් ගෙන වචන මතකයේ තබාගෙන වාක්‍ය නිර්මාණය කළ හැකිය.අප්‍රිකානු අළු - ගිරවා දැනට ලෝකයේ ඇති බුද්ධිමත්ම පක්ෂියා ලෙස හදුන්වයි.


5) මීයන් - Rats



මියන්ට කැමති උනත් අකමැති උනත් මෙයාලත් මේ ලිස්ට් එකේ ඉස්සරහින්ම ඉන්නව,එකට හේතුව මෙයාලගේ තියෙන බුද්ධිය(එක නිසයි මෙයාලගෙන් තියෙන වදේ නවතින්නේ නැත්තේ).ඔවුන් විශේෂයෙන්ම කෙටි මං(shortcuts) සොයාගැනීමටත් ඕනෑම නුපුරුදු ස්ථානයකින් පලා යෑමේ මාර්ග නිර්මාණය කිරීම සඳහාද දක්ෂයන් පිරිසක් වෙයි. ඔවුන් දේවල් ඉගෙන,උගත් දේයින් අවශ්‍ය වෙලාවට යහපත් ක්‍රියා(මිනිසුන්ට මග පෙන්වීම වගේ) කළ හැකි සත්ව කොට්ටශයකි.ඒ වගේම ලේසියෙන් පුරුදුකල හැකි හා විශිෂ්ට ඉවක් ඇති සතෙකි.


04) බැටළුවන් - Sheep



අපි බැටළුවන් හදුන්වන්නේ රැළ අනුගමනය කරන සිත්පිත් නැති සත්වයන් කොට්ටාශයක් වශයෙනුයි.එහෙත් පරීක්ෂණ වලට අනුව මොවුන්ට ඉතා තියුණු බුද්ධියක් ඇති බව තහවුරු වෙයි. තර්ජනය කරන විට, ඔවුන් විශාල කණ්ඩායම් පිහිටුවමින්,සමූහයක් වශයෙන් පලා යයි. බැටළුවන්ට මිනිස් සහ සත්ව මුහුණු මතකයේ තබා ගෙන වෙන් වෙන්ව හඳුනාගත හැක.පරීක්ෂණාගාර වලදී මොවුන් සමහර කාර්යයන් වදුරන්ට හා මිනිසුන්ට සමාන කාලයකදී කර නිම කිරීමට තරම් බුද්ධියක් ඇති බව සදහන් වෙයි.


03)ඩොල්ෆින් - Dolphins



අප බොහෝ දෙනෙක් දැනටමත් ඩොල්ෆින් ඉතා බුද්ධිමත් සත්වයෙක් කියල දන්නවා. ඔවුන් අතිශයින් සමාජශීලි සත්වයන් වන අතර සාගරයේ සැතපුම් ගණන් දුර සිට තම පවුලේ සාමාජිකයන් සොයාගත හැක. ඔවුන් සන්නිවේදනය කිරීමට ඔවුන්ගේම භාෂාවෙන් භාවිත කරයි. ඩොල්ෆින් පිලිබඳ වඩාත් කැපී පෙනෙන කරුණු නම් ඔවුන් කවදාවත් නිදාගන්නේ නැති බව ය. ඔවුන්ටද කැඩපතකින් තමන් හඳුනාගැනීමට හැකියාව ඇත. ඔවුන් සරල ගැටළු විසඳීමට හැකි, පළපුරුද්ද,කරුණාව වැනි හැගීම් දැඩි ලෙස දැනන මත්ස්‍ය විශේෂයකි.එමෙන්ම ඔවුන්ට මිනිස් දරුවන් හා වැඩිහිටියන් වෙන් වෙන්ව හදුනා ගෙන දරුවන් සමග වැඩිහිටියන්ට වඩා සියුම්ව හැසිරීමට තරම් බුද්ධියක් ඇත.


2) අලි ඇතුන් - Elephants



මෙම යෝධයන් පෙර උපදෙස් නොමැතිව නිර්මාණාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කිරීමට සහජ හැකියාව ඇති බව පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. අලින්ගේ වඩාත් සැලකිය යුතු හැසිරීමක් නම් තමන්ගේ වර්ගයේ කෙනෙක් මිය ගිය විට ඔවුන් දින කීපයක් ඔහු මිය තැනට වරින් වර පැමිණ නිහඩව සිට ශෝකය ප්‍රකාශ කිරීමට තරම් බුද්ධියක් තිබීමයි.තවත් විශේෂත්වයක් වන්නේ ඔවූන්ගේ විශිෂ්ට මතක ශක්තිය හා තරහව,ඉර්සියාව වැනි හැගීම් පහසුවෙන්ම ඇතිවීමයි.


01) ගෝරිල්ලන් හා චිම්පන්සියන් - Gorillas and Chimpanzees



මොවුන්ගේ බුද්ධිය අපේ බුද්ධි මට්ටමෙන්ම තහවුරු වේ,මොකද අපි එතරම් ඔවුන්ට සමීප නිසා හා අපි ඔවුන්ගේ පරිණාමයක් බව තහවුරු වී ඇති නිසා.ඔවුන්ට සාර්ථකව සන්නිවේදනය කිරීමට හා සංඥා භාෂාව භාවිතා කිරීමට උගන්විය හැකි අතර ඔවුන්ට මුහුණ නොමැතිව තනි තනි පුද්ගලයන්ගේ නම් අවුරුදු ගණනක් සිහිපත් කළ හැකි තරම් මතක ශක්තියක් ඇත.ඔවුන් අපි තරම් බුද්ධිමත් නොමැති උනත් පරීක්ෂණ වලට අනුව මිනිසාට කළහැකි දවල් වලින් 90%ක්ම යම්තාක් දුරට හෝ ඔවුන්ටද කල හැක.

source: pattakatha.com

 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ඇයි බන් මේ ලිස්ට් එකේ scurvy නැත්තේ..
    උටත් මියෙකුට ලගින් යන්න මොලයක් තියනවනේ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවනේ ත්‍රෙඩ්. මාතෘකාවේ ඉදලා අනිත් ඔක්කොම ආකර්ශනීයයි. :)
    එල මචං‍
    +15
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගොඩක් දේවල් දැන ගත්තෙ අද..:yes:
    උඹ නරක ළමයෙක් නෙමෙයි වගේ...;)
    (You must spread some Reputation around before giving it to naraka lamai again.)