මිනිසුන් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇ

dillyrulz

Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    මිනිසුන් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ නොයන ඇ

    උදුවප් පුර පසළොස්වක දා සිදුවන සුවිශේෂි කරුණු අතර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවීම ප්‍රධාන වෙයි. ඉකුත් වෙසක්පුර පසළොස්වකින් නිමවූ ශ්‍රීපාද වන්දනා සමයට උඳුවප් පුර පසළොස්වක දක්වා හය මාසයක් එළඹ තිබිණ. ඒ සිරිපා අවාරය දෙවිවරුන් ශ්‍රී පාදය වදින පුදන කාල සීමාව ලෙස ප්‍රකටය. විශේෂයෙන් අවාරයේ හයමාසය ශ්‍රී පාදයට අධිපති සමන් දෙවිඳුන්ගේ් ශ්‍රීපාද වන්දනා කාලයයි.

    ශ්‍රී පාද සීමාවේ පිහිටි තේවතුවල කම්කරුවන් හා නිලධාරීන් තද සීතල මැද තේවතුවල වැඩ කරති. ශ්‍රී පාදයේ මකර තොරණ දක්වාම රාජ්‍ය තේවතු යායන් පැතිරී ඇත. ශ්‍රී පාද සාම චෛත්‍යයේ වාසය කරන ජපන් භික්ෂුන්වහන්සේ රබන් හඬවමින් අවාරයේන් හිමිරිදිරි පාන්දර ශ්‍රීපාදයේ නගිනි. වාරය ගැන හැඟීමක් නැති සුදු විදේශියකයෝ තනිව හෝ දෙතුන් දෙනා එකතුව අවාරයේ සිරිපා නගිනි.

    අවාරයේ ම ශ්‍රීපා නැගීමට පුරුදුව ඇති කීප දෙනෙක් රටපුරා විසිර ඇත. ඔවුන් පුරුද්දක් ලෙස අවාරයේම සිරිපා නගිති. හිතුවක්කාර තරුණ පිරිස් කුඩා නඩ ලෙස විනෝදයට හෝ ගවේෂණ ලෙස ශ්‍රීපාද කන්ද අවාරයේ නගිති. වෙසක්පුර පසළොස්වක සිට උදුවප් පුර පසළොස්වක දක්වා අවාරයේ ශ්‍රීපාදය වන්දනාවට එදා නොගියේ හේතු කිපයක් නිසාය.


    :shocked:අවාරයේ ශ්‍රීපා නොයාමට හේතු:shocked:

    අවාරයේ ශ්‍රීපාද මුළු පරිසරයම තද මීදුමෙන් දැඩි සුළඟින් පිරීයයි. තද සුළඟට ශ්‍රීපාද රක්ෂිතයේ ඇති ගහකොළවල විශාල අතු බිඳවැටී ගස් ඉදිරි වැටී මාර්ග අවහිර වෙයි. අවාරයට ශ්‍රීපාදයේ ජලය විදුලිය වෙනත් පහසුකම් නොමැත. ඒවා විසන්ධි කරයි. විදුලිය නැතිව රාත්‍රී ගමන ඉතා අනතුරු දායකය. අවාරයට දැඩි සුළඟ සමග එක දිගට විදුලි කොටමින් අකුණු ගසමින් දින ගණනාවක් මහවැසි ඇද වැටෙයි. කුඩා පටු මාර්ගවල ගල් ගැලවී වැටෙයි. අතු කඩා වැටී ගස් වැටී මාර්ග අවහිර වෙයි. ශ්‍රී පාදයට යන මාර්ග අඩි ගණනක් වසාගෙන බොරපාට වැහි වතුර කදන් පහළට ගලයි. මාර්ග යටවී ඒවා සොයා ගැනිමට බැරිවෙයි. ගහකොළ අඩු පරිසරයේ අකුණු හා හෙණ තදින් පුපුරයි. වර්ෂා කාලය සමග රක්ෂිතයේ වනසත්තු කෑම සොයා එළියට ඇදෙති. දිවියා නල්ලතන්නිය දක්වා සැරසරයි.
    දහතුන් දෙනෙකුගෙන් යුතු කුරු අලි රංචුවක් අවාරයේ ශ්‍රීපාද පද්මයේ මුදුනට පවා නගිනි. තනිව ඇවිදීම අවදානම්ය. වන්දනා කාලයට මේ අලි රංචුව ඈත කඳු අතර වනාන්තරවලට ඇදීයයි.පිපාසය බඩගින්නට ආහාරයක් ගැනීමට කඩපිල් නැත. ඒවා අවාරයට වැසී යයි. අවාරය මිනිස් පුළුටක් දක්නට නැති මීදුම වැස්ස මැද පරිසරයක යන අය අතරමං කරයි. ඒ නිසා අවාරය මිනිසුන් විසින් හයමාසයක් අපවිත්‍රකළ මුළු ශ්‍රීපාද අඩවිය දෙවියන් විසින් සෝදා පවිත්‍ර කිරීමක් කරන බව හැඟෙයි.


    උදුවප් පසළොස්වකට මාස දෙකක් පමණ තිබියදී වන්දනා සමය සඳහා මූලික කටයුතු ඇරඹෙයි. විදුලි කම්බි ඇද විදුලිය සපයයි. ජලනළ මඟින් ජලය සපයයි. ගිමන්හල් විවේකාගාර පිරිසුදු වෙයි. ගැලවී ඇති ගල් ආදිය ඇති ස්ථානවල මාර්ග ප්‍රතිසංස්කරණය කෙරෙයි. මාර්ග දෙපස තාවකාලීක කඩ ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා බදු දෙයි. වන්දනාකරුවන් සඳහා වැසිකිලි වැසිකිලි සෞඛ්‍ය පහසුකම් තාවකාලිත ප්‍රථමාධාර මධ්‍යස්ථාන ඇරඹෙයි. පොලිස් කඳවුරු පිහිටුවයි.

    රත්නපුර කුරුවිට හැටන් ආදී ප්‍රධාන මාර්ග තුනට අමතරව ශ්‍රීපාදයට විහිදෙන කුඩා ගමන් මාර්ග හතකට වඩා ඇත. උඳුවප් පසළොස්වක පෝයට රත්නපුර ගල්පොත්තාවල විහාරයේ වැඩසිටින සමන් දෙවි පිළිරුව රිය පෙරහරකින් අවිස්සාවේල හැටන් හරහා ශ්‍රීපාදයට වැඩම කරයි. ඒ සුබ නැකැත් - පැරැණි චාරිත්‍ර අනුවයි. ශ්‍රීපාද මුදුනේ තැන්පත් කරන සමන් දෙවිරුව පුදපූජා මැද හය මාසයක් වැඩ සිටියි. උඳුවප් මහ අවට තද සීතල බැවින් වන්දනාකරුවන් අඩුය. කඩපිල් විවෘත වන්නේ ද ජනවාරි අග පමණය. උදුවප් මහෙන් ඇරඹෙන ශ්‍රීපාද වන්දනාවේ වැඩිම පිරිස මාර්තු මස යෙදෙන මැදින්පුර පසළොස්වක පෝයදා ශ්‍රීපාද වන්දනා කරති. එදා ශ්‍රීපාදයට ඇදී එන පිරිස අවමය ලක්ෂ පහ ඉක්මවයි.


    image_6dc1918c13.jpg

    image_51ed80ee39.jpg

    image_2915de4e69.jpg

    image_3011f252f3.jpg

    image_75e126040f.jpg

    (උපුටා ගැනීම GOSSIP 4)
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,223
    20,859
    113
    හස්තිශෛලපුර
    උඳුවප් පසළොස්වක පෝයට රත්නපුර ගල්පොත්තාවල විහාරයේ වැඩසිටින සමන් දෙවි පිළිරුව රිය පෙරහරකින් අවිස්සාවේල හැටන් හරහා ශ්‍රීපාදයට වැඩම කරයි.

    dan palmadulla - balangoda - hatton pareth peraherak yannawa