ඔවු. එහෙම සිවුරු දාගෙන බලු වැඩ කරන අයත් ඉන්නවා, නමුත් ඒක හැම පන්සලකටම අදාළ කරලා සාමාන්‍යකරණය කරන්න බැහැ. මොකද ඔය විදිහේ නොවෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කරන්න තියෙන දේ පොල්ලෙන් ගහන තැනට යන්නේ නැතුව පුලුවන් විදිහට නීතිය පැත්තෙන් යන එක.
හාමුදුරුවෝ පිස්සු කෙලිනවා කියලා ගහන එක සාධාරණිකරණය කරන්න බැහැ. ඒ වගේම මිනිස්සුන්ට කරදර වෙන විදිහට ස්පීකර් දාන එකත් කොහෙත්ම අනුමත කරන්න බැහැ. සමහරු උදේ ඉඳන් රෑ වෙනකං දාගෙන ඉන්නේ. ඒක ලොකු හිරිහැරයක්. ළඟ ගෙදරක කෙනෙකුට ඉන්න ජීවත් වෙන්න බැහැ, ගෙවල් විකුණලා යන තැනට කරදරයක් වෙනවා ඒක.
අනුමත කරනවා නෙමෙයි කෝපය සාධාරණීකරණය කරනවා.
දැන් ඔය ඉක්මන් කෝපය කියලා නඩු තියන්නේ, ඔය ගෑනි හොර මිනිහෙක් ඉන්නවා දැකල ගිහින් ගහලා මරල ඉක්මන් කෝපය කියලා නඩු වලින් බේරුනු තැන් තියෙන්නේ..
එක මිනිහෙක් හිටියලු නඩු අහන අහන වාරයක් ගානේ පරක්කු වෙලා ඇවිත් නඩු කාරයා ඇහුවාම කියලා තියනවා ස්වාමිනි මට නින්ද ගිහින් ඉද්දි හීනයක් දැක්ක.. ස්වාමිනි ඔබේ දුව ව තමයි මම දැක්කේ (දුව ගෙ නම කියලා) මම ලිංගිකව එකතු උනා නින්දෙන් ඔබේ දුවත් එක්ක.. අරහෙම කරා මෙහෙම කරා කියලා. හීනෙ හරිම රසවත් නිසා නින්ද කඩන්න හිතුනේ නෑ එකයි පරක්කු උනේ කියලා.
නඩු කාරයා ඕක ඇහුන ගමන් මාරයා ආවේශ වෙලා එතැන යකා නටලා. එතකොට ඔන්න lawyer කියලා තියනවා.. වචනයෙන් කියපු දේට ඔබ තුමා ඔහොම කලබල උනා නම් ඇසින් දුටු කෙනෙක් කොහොම කලබල වෙන්න ඕනද? කියලා. ඒ මිනිහා නඩුවෙන් නිදහස්. (පස්සේ නඩු කාරයෝ තොරණ කොට ටිකක් කේන්ති යන්නේ නැති අය ගන්නවා මන් හිතන්නේ)
ඔය පොල්ලෙන් ගහන්නේ උනත් ගිහින් ඉවසන් ඉන්න බැරි කමට කියලා තේරෙනවා පන්සල් ලඟ ගෙවල් තියන මිනිස්සුන්ට.
මම පිළිගන්නවා හැමෝම එහෙම නෑ. නමුත් සමහර පන්සල් වල loudspeaker කෙලින්ම හරවලා තියන්නේ ගෙවල් වලට. ඕක පන්සල ඇතුලට හරවලා දැනගත්තම මොකද වෙන්නේ..? ඒත් ඒක කියලා තේරුම් කරන්න බැහැ ඒ මානසික මට්ටමේ ඉන්න මොඩ හාමුදුරුවන්ට.
අර දිව්‍යලෝක 7 කට ද කොහෙද ඇහෙන්න බුදුහාමුදුරුවෝ බණ කිව්වා කියනවා වගේ loudspeaker දැනගත්තම හාමුදුරුවන්ට අමුතු ආතල් එකක් යන්නෙ හරිය ට බුදුහාමුදුරුවෝ බණ කියනවා වගේ හිතිලා ද කොහෙද. කරදරයක් කියලා හිතෙන්නේ නෑ. හැම මිනිහම පොල්ලෙන් ගහන්නේ නෑ නේ. අර වගේ මොඩ හාමුදුරුවරු නිසා තමයි ඔහොම ප්‍රශ්න.