මිනිසුනේ මගේ දුවට පණ පොවනු මැන.. නැතහොත් මටද මරණය දෙනු මැන.........
වියට්නාම යුද්ධය එක්සත් වියට්නාමයක් උදෙසා උතුරු වියට්කොංග් ගරිල්ලන් ඇමෙරිකානු හිතැති දකුණු වියට්නාම් රජයට එරෙහිව 1955 වසරේදී අරඹන ලදි... එය වසර දහනමයක් මාස පහක් සති හතරක් සහ එක් දිනක් ගතවී නිමා වන විට මානව ඉතිහාසයේ රතු පැල්ලමක් එක් කරමින් නිමාව දකිත්දී මියගිය ජීවිත සංක්‍යාව පනස් අට ලක්ශ විසි තුන්දහස් හත්සිය හැත්තෑ හතරකි..
මෙම ජීවිත හානි අතරින් බරපතළ ලෙස හානි එල්ලවූයේ උතුරු වියට්නාම සිවිල් ජනතාවට සහ එහි විප්ලවීය වියට් කොංග් ගරිල්ලන් වෙතටයි... ලොව බරපතළ ලෙස මානවහිමිකම් උල්ලංගනය කරමින් ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව ජපානය දකුණු කොරියාව සහ නවසීලන්තය ඇමෙරිකානු හිතැති දකුණු වියට්නාමයට සහය දුන් අතර එක්සත් වියට්නාමයක් බිහිකරලීමේ දේශප්‍රේමී සටනින් 1975 වසරේ අප්‍රේල් 30 වනදා උතුරු වියට්නාමය ජයගෙන එහි නායක හෝ චී මිංග් විසින් එක්සත් වියට්නාමය බිහි කලේය..
. මෙයට ඇමෙරිකාව ප්රමුඛ කොමියුනිස්ට් විරෝධි රටවල අත පෑම සහ යුධ නීති අමු අමුවේ උල්ලංගනය කරමින් වූ සහභාගීත්වයට විරෝධය එම බලකාමී රටවල ජනතාවගෙන්ම ඇති වීම ඉතා සුවිශේෂී සිදුවීමකි..එක්සත් වියට්නාම ජයග්‍රහණය සමග දකුණු වියට්නාමයේ සාපරාධී යුධ අපරාද වල යෙදුනා වූ හමුදා සහ සිවිල් නායකයන් බහුතරයකට ඇමෙරිකානු පුරවැසිභාවය සහ ආරක්ශාව ලැබීමෙන් මානව සංහාරයන්වල වගකීම සහ ඒවායේ යුක්තිය ජනතාවට ඉටුකිරීම සිදු නොවුනි ..
ඇමෙරිකානු ඉතිහාසයේ ලද සුවිශාලම පරාජය වියට්නාමය වැනි කුඩා රටක් හමුවේ සිදුවීම දෙවියන්වහන්සේගේ ආශ්චර්යක් නොව එකමුතුකමෙහි බලමහිමය වග වියට්නාම වංශ කතාව අප හමුවේ නිහඩව අදත් දිග හරිමින් පවතී...
ඔබ පහත දකින්නේ 1964 වසරේ මාර්තු දහතර වනදා ඇමෙරිකානු සහයෝගීතාව ලත් දකුණු වියට්නාම් රජයේ හමුදා විසින් උතුරු වියට්නාමයේ දේශසීමා අසලට එල්ල කල යුධ ටැංකි ප්‍රහාරයකින් නොචිකෝ ගම්මානයේ සිවිල් වැසියන් 56%ක ප්‍රමාණයක් මිය ගිය එහි ගොවියෙකු තම මිය ගිය කුඩා බිලිදාගේ නිසල දේහය රජයේ සන්නද්ධ රථයක නැගි සෙබලුන් කිහිපදෙනෙකුට පෙන්වා බිලිදාට පණ දිය හැකි දැයි අසනා අවස්ථාවකි...
ජායාරූප ශිල්පී හෝර්ස්ට් ෆාර්ස් ගේ කැමරා කාචයෙහි සටහන්වූ මෙම අනුවේදනීය ජායාරූපය 1965 වසරේ පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබීය....
මිනිසුනේ මගේ දුවට පණ පොවනු මැන.. නැතහොත් මටද මරණය දෙනු මැනයි.. ඉල්ලමින් මේ අසරණ තාත්තා හඩ නගා ඇයදූ බව ෆාර්ස් විසින් සම්මානය ගත් අවස්ථාවේ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේය....
ජායාරූපය හදුන්වා තිබුනේද.... " මිනිසුනේ මගේ දුවට පණ දෙන්න " ලෙසිනි
charith janapriya paranavithana මහතාගේ ලිපියක් ඇසුරිනි
