මිනි මයිනර්/ඔස්ටින් මිනි උපන් හැටි...
මිනි එකේ ඉතිහාසය බොහොම දිග කතාවක්. ඒ නිසා මිනි එකේ මුළු ජීවිත කතාවම එක පෝස්ට් එකකින් කියන්න බැහැ. මිනි එක වෙළඳපොළට හඳුන්වලා දුන්නට පස්සේ වෙනස්කම් ගොඩක් සිද්ධ වුණා. මිනි එක හදපු බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එකට අභියෝග මහා ගොඩකට මූණදෙන්න වුණා.
අපි අද හිතන තරම් මුල් කාලේ මිනි එක ජනප්‍රිය වුණේ නැහැ. මොකද මිනි එක ඉස්සරලාම ආවේ වියදම් අඩු සරල කාර් එකක් විදිහට මිසක් 'මං වෙනස්' කියලා පෙන්නන්න පුළුවන් කාර් එකක් විදිහට නෙමෙයි. කොටින්ම සෑහෙන කාලයක් යනකල් BMC එක මිනි වික්කේ අතින් පාඩු කරගෙන. මේක හොයන්න ෆෝඩ් සමාගම මිනි එකක් අරගෙන ගිහිං කෑල්ලෙන් කෑල්ල ඇනෙන් ඇනේ තහඩුවෙන් තහඩුවෙන් තහඩුව කෑලි කරලා පතුරු කරලා මස් කරලා ගණන් හදලා බැලුවා (ෆෝඩ් එක මේ වගේ වැඩ වලට මාර දස්සයි). ඊට පස්සේ එයාලා කිව්වා විකුණන හැම මිනි එකකටම BMC එක පවුම් 30 ක් පාඩු විඳිනවා කියලා. ඔන්න ඔය වගේ අමාරුකම් සහ කුහකකම් රාශියක් මැද්දේ තමයි මිනි එක මේ ගමන ආවේ.
මිනි එකේ කතාව පටන් ගන්න නම් අපි මොරිස් මෝටර්ස් සමාගමෙන් කතාව පටන්ගන්න ඕනේ. දිගට කතාකරන්න කාලයක් නැති නිසා මම බොහොම කෙටියෙන් කියන්නම්. මොරිස් මෝටර්ස් සමාගම පටන් ගත්තේ 1919 අවුරුද්දේ. මේ කාලයේ බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කර්මාන්තය දියුණු වෙමින් තිබුණේ. එදා ඉඳන් සෑහෙන කාලයක් යනකල් මේ මොරිස් නමින් අපට මොරිස් මයිනර්, මොරිස් මිනි සහ මොරිස් ඔක්ස්ෆර්ඩ් වගේ අපූරු වාහන ගොඩක් ලැබුණා. 1984 දී තමයි මොරිස් නම භාවිතයෙන් ඉවත් වුණේ. අද වෙනකොට මොරිස් නම අයිති චීනයේ SAIC කියන සමාගමට ලු. දැනට MG බ්‍රෑන්ඩ් එකත් අයිති මෙයාලටමයි.
මොරිස් සමාගමේ අපට අදාළ කාලය වෙනකොට ප්‍රධානියා වෙලා හිටියේ ලෙනර්ඩ් ලෝඩ්. 1951 දී මොරිස් සහ ඔස්ටින් සමාගම් දෙක එකතු වෙලා බ්‍රිටිෂ් මෝටර් කෝපරේෂන් හෙවත් BMC එක හැදුණට පස්සේ එතුමා BMC එකේ ලොක්කා වුණා. මිනි එක බිහිවෙන්න පාර කැපුණේ එතුමා නිසයි.
මිනි උපතට පින් ලබන්න ඕන අනික් කෙනා තමයි ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් (ඇලෙක්) ඉසිගෝනිස්. එතුමා තමයි මොරිස් මයිනර් එක නිර්මාණය කරන්න වැඩ කළෙත්. මම අදටත් එතුමාට මේ තරම් ගරු කරන්නේ මොරිස් මයිනර් එක නිර්මාණය කළාට මිසක් මිනි එක නිර්මාණය කළාට නෙමෙයි. මොකද මොරිස් මයිනර් එක නොතිබුණා නම් මිනි එක නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණික හෝ ආර්ථික පසුබිම BMC එකට නොලැබෙන්න ඉඩ තිබුණා.
1950 දශකය වෙනකොට දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා තිබුණත් බ්‍රිතාන්‍යය හරියට ඔලුව උස්සලා හිටියේ නැහැ. ඉන්ධන, ටයර් වගේ බොහෝ දේවල් සීමා කරලයි තිබ්බේ. මේ වෙනකොට සාමාන්‍ය මිලගණන් යටතේ ගන්න තිබුණේ මොරිස් මයිනර්, ඔස්ටින් A30 සහ ෆෝඩ් පොපියුලර් වගේ කාර්. 1953 දී ෆෝඩ් පොපියුලර් එක හඳුන්වලා දෙනකොට ඒක එහෙ අඩුම මිලට ගන්න පුළුවන් කාර් එක වුණා කියලා කියනවා.
ඊට පස්සේ තමයි සූවස් ඇලේ ප්‍රශ්නේ ආවේ. මැද පෙරදිග රටවල ඉඳන් බටහිර රටවලට ඉන්ධන ගෙන්න තිබ්බ හොඳම ක්‍රමය තමයි සූවස් ඇල. නැත්තම් තෙල් ගේන නැව් ලෝකේ වටේ රස්තියාදු ගහලා එන්න ඕනේ. නැවක් එහෙම රස්තියාදු ගැහුවම වියදම් ඉහළ යන හැටි ගැන කාටවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. පනස් ගණන්වල ඊජිප්තුවේ පාලකයා මේ වැඩේට කොක්ක ගැහුවා. මේක බොහොම දිග කතාවක්. කෙටියෙන් කියලා වැරදි අදහස් ඇතිකරන්න කැමති නැති නිසා මම ඒක ලියන්න යන්නේ නැහැ. කොහොම හරි අන්තිමට සූවස් ඇල හරහා බටහිරට තෙල් ගේන්න බැරි තත්ත්වයක් උදා වුණා. බ්‍රිතාන්‍යය ඇතුළේ ආයෙත් ඉන්ධන මිලදීගැනීම සීමා කරන්න වුණා.
මෙන්න මෙතනින් තමයි අර බබල් කාර් (Bubble cars) ජනප්‍රිය වෙන්න පොටක් පෑදුණේ.
අද අපි ඔය බබල් කාර් වලට හරි ආසයි, ඒවා දකින්න නැති නිසා. ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන එකතු කරන අය ගාව මේවා තියනවා ඔයාලා ප්රදර්ශනවලදී දැකලා ඇති. අනික් අතට ටොප් ගියර් එකේ කියන දේවල් දේව වාක්‍යය වගේ පිළිගන්න ගොඩක් දෙනෙක් බබල් කාර් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ඒවට බනිනවා.
බබල් කාර් ජනප්‍රිය වුණේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා. බබල් කාර් අතරින් ජනප්‍රියම කාර් එකක් තමයි BMW Isetta එක. මේ ගොඩක් බබල් කාර් වර්ග වල තිබුණේ රෝද තුනක් විතරයි. ඒවා බොහොමයක් රියදුරා ඇතුළුව දෙන්නෙකුට විතරක් යන්න පුළුවන්, පොඩි මෝටර් සයිකල් එන්ජින් තිබුණු, සමහර වෙලාවට රිවස් ගියර් එකක් පවා නොතිබුණු කාර් (රිවස් එකක් නැත්නම් ඒ කාලේ මෝටර් සයිකල් ලයිසන් එකෙන් මේවා එළවන්න අවසර තිබුණලු). මේවා හැබැයි ඉතින් කාර් නම් නෙමෙයි. මේවා හුදෙක් නිකම්ම නිකං ප්‍රවාහන මාධ්‍යයක් විතරයි.
මේවා ජනප්‍රිය වෙනවා දැක්කම BMC එකේ ලොක්කා වුණු ලෙනර්ඩ් ලෝඩ් මහත්තයට අසූහාරදාහට මලපැන්නා. එතුමා මේවා හඳුන්වන්න පාවිච්චි කළේ 'God damn bloody awful Bubble cars' කියන වචන සෙට් එක. මේ පැන්න මල ඔස්සේම තමයි එතුමා කල්පනා කළේ නියම පුංචි කාර් එකක් ඩිසයින් කරලා බබල් කාර් ටික පාරෙන් එළවලා දාන්න.
මෙන්න මෙතනින් තමයි මිනි ඉස්ටෝරිය පටන් ගන්නේ...
මේ වැඩේ කරන්න භාරවුණේ මොරිස් මයිනර් එක ඩිසයින් කරපු ඇලෙක් ඉසිගෝනිස් මහත්මයාටම තමයි. ඇත්තම මොරිස් මයිනර් එක කියන්නේ ඒක නිර්මාණය කරපු කාලයේ හැටියට ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඒ නිසා ඉසිගෝනිස් මහත්මයාට හොඳ පිළිගැනීමක් ලැබිලා තිබුණා. ඉතාම කෙටි කාලයක් ඇතුළත තමන්ට දීපු ඉලක්කය ළඟා කරගන්න එතුමාට පුළුවන් වුණා. එතුමාගේ සමීපත විශ්වාසවන්තයෝ සෙට් එකක් තමයි එතුමා එක්ක මේ වැඩේ කළේ. ඒ අය පස්සේ බොහොම ළෙන්ගතුව කිව්වා 'We were there do things his way' කියලා. ඒ කියන්නේ වැඩේ ඒකායන මොළකාරයා හෙවත් සොඳුරු ආඥාදායකයා ඉසිගෝනිස් මහත්තයා තමයි..
මිනි එක ඇත්තටම 'ලස්සන ඩිසයින් එකක්' බවට පත්කරන්න ඉසිගෝනිස් මහත්මයට කොහොමවත්ම ඕන කමක් තිබුණේ නැහැ. මිනි එකේ හැම අංගයක්ම නිර්මාණය වුණේ වියදම් අඩු, ඒ වුණාට හතර දෙනෙකුට යන්න පුළුවන්, ප්‍රායෝගික, පවුලේ වාහනයක් විදිහට. මිනි එක මේ තරම් ආකර්ෂණීය නිර්මාණයක් වීම ඇත්තටම අහම්බයක්.
පුංචිම පුංචි වාහනයක් වුණත් මිනි එකේ මේ තරම් ඉඩ තියෙන්න හේතු කීපයක් තියනවා.
1. එන්ජිම හරස් අතට (transversely) සවිකිරීම
2. එන්ජිමට යටින් ගියර් බොක්ස් එක පිහිටා තිබීම
3. Front wheel drive වීම
මේ වගේ හේතු ගොඩක් නිසා මෙච්චර පොඩි වාහනයක් වෙලත් හතර දෙනෙකුට නිදහසේ යන්න මිනි එක ඇතුළේ ඉඩ තියනවා.
මාස 4 ක් තරම් කෙටි කාලයක් ඇතුළත මූලික සැලසුම් වල ඉඳලා අනුමත සැලසුම දක්වා යන්න ඉසිගෝනිස් මහත්මයාගේ ටීම් එකට පුළුවන් වුණා. විශේෂම දේ තමයි මිනි prototype සහ ප්‍රඩක්ෂන් එකට දාපු කාර් එකක් බොහෝ දුරට සමාන වීම. එකම එක කොස්ස වුණේ ඔරිජිනල් ප්ලෑන් එකේ විදිහට 948cc (37bhp) එන්ජිම පාවිච්චි කරනවා වෙනුවට 848cc (34bhp) එන්ජිම පාවිච්චි කරන්න මෙයාලා තීරණය කරපු එකයි.
මේ දෙක අතරේ තියෙන්නේ 3bhp වගේ වෙනසක් වුණාට මේ තරම් සුළු බලයක් තියන කාර් එකකට අශ්ව බල තුනක් කියන්නේ ලොකු ගාණක්. මිනි අරගන්න කස්ටමර්ස්ලාට ස්පීඩ් එකට වැඩිය තෙල් වැඩකරන ප්‍රමාණය වැදගත් වෙයි කියලා ටීම් එක හිතන්න ඇති. කොහොම වුණත් ඒ කාලේ හැටියට ඒක තමයි වැදගත්ම දේ වුණේ!
1959 අගෝස්තු 26 වෙනිදා තමයි මිනි එක නිල වශයෙන් දියත් කළේ. අද ලෝකේ පුරා අගෝස්තු 26 වෙනිදා 'මිනි ඩේ' එක විදිහට සමරන්නේ ඒකයි. මිනි එක ඔස්ටින් සහ මොරිස් බැජ් දෙකෙන්ම ආවා. මොරිස් එක ආවේ මොරිස් මිනි කියන නමින්. ඔස්ටින් එක'ඔස්ටින් 7' කියලා ආවා (ඔස්ටින් 7 එක ඔස්ටින් මිනි කියලා නම් කෙරුණේ 1961 දී). මොරිස් වාහන හැදුවේ Cowley වල තිබුණු කර්මාන්ත ශාලාවේ. ඔස්ටින් එක Longbridge වල හැදුවා.
මිනි කූපර් කියන වර්ෂන් එක ඇත්තටම ආවේ 1961 දී. ජෝන් කූපර් කියන්නේ රේසින් වලට සම්බන්ධ සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙක්. ඒ වගේම එයා ඉසිගෝනිස් මහත්මයාගේ යාළුවෙක්. මේ දෙන්නා එකතු වෙලා රේස් වලට දාන්න පුළුවන් විදිහට මිනි එකේ එන්ජිම සහ අනෙක් උපාංග වැඩිදියුණු කළා. (මෙතනත් ලොකු පසුබිම් කතාවක් තියනවා. ඒක විස්තර කරන්නේ නැති එක ගැන කූපර් ෆෑන්ස් ලා මාත් එක්ක අමනාප වෙන්න එපා. ඒකත් සෑහෙන්න ලුණු ඇඹුල් සහිත කතාවක් කියලා ඔයාලා දන්නවා නේ. ඒ නිසා ඒක පස්සේ වෙලාවක කියමු). එන්ජින් කැපැසිටි එක 848cc ඉඳලා 997cc වෙනකල් වැඩිවෙලා bhp ගාන 34 ඉඳන් 55 දක්වා වැඩිවුණා. ඊට අමතරව ආපු මිනි කූපර් S වර්ෂන් එකේ එන්ජිම 1077cc. ඊටත් පස්සේ අර අපි කවුරුත් ආසා කරන 1275cc එන්ජිම ආවා.
මෙතනින් එහාටත් තව කතා ගොඩාක් පටන්ගන්නවා. නමුත් ඒවා ලියන්න අපට වෙලාවක් නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය ප්‍රඩක්ෂන් එකට දාපු මිනි මාදිලි ගැන පොඩ්ඩක් කියලා අපි කතාව නවත්තමු.
BMC එක මිනි එක මාකට් එකට දාල නිකං හිටියේ නැහැ. මුල් කාලේ එයාලා එක එක වර්ෂන් හදලා ටෙස්ට් කරලා බැලුවා.
1. ඩිකියක් එක්ක ආපු Wolseley Hornet සහ Riley Elf කාර්
2. මොරිස් මිනි ට්‍රැවලර් සහ ඔස්ටින් මිනි කන්ට්රිමන් විදිහට ආපු වැගන් වර්ෂන් එක (පස්සේ මේ වෙනුවට ක්ලබ්මන් එස්ටේට් වර්ෂන් එක හඳුන්වලා දීපු බව මේ ලිපිය මුලින්ම පළවුණාට පස්සේ රුක්ෂාන් හල්පිට මතක් කළා).
3. මිනි වෑන් එක විදිහට හඳුන්වපු වර්ෂන් එක
4. මිනි පිකප් එක
5. මිනි මෝක් එක හෙවත් ජීප් වර්ෂන් එක
මීට අමතරව තව වර්ෂන් ගොඩක් එන්න ඇති. ඒ වගේම එඩිෂන් ගොඩකුත් ආවා.
ඇනිවර්සරි එඩිෂන්: Mini 20, Mini 30, Mini 35, Mini 40
ලන්ඩන් කලෙක්ෂන්: Mini Mayfair, Mini Ritz, Mini Chelsea, Mini Piccadilly, Mini Park Lane, Mini Advantage
මීට අමතරව තවත් එඩිෂන් ගොඩක් ආවා. ඒ සේරම ටික වගේ ඔයාලට මෙන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.List_of_Mini_limited_editions
හැබැයි මේවා ගැන එක එක අය එකිනෙකට වෙනස් මත දරන අවස්ථාවල් තියනවා. ඒ වගේම කවුරුහරි කිවුව පලියට විශ්වාස කරන්නත් එපා. ටිකක් අන්තර්ජාලයේ එහා මෙහා දියබුං ගහලා හොයලා බලන්න. මොකද ලංකාව වගේ රටවල ගස්ලබු සහ තලන බටු විකුණන්නෙත් ලිමිටඩ් එඩිෂන් කියලා.
පනහේ දශකයේ බ්‍රිතාන්‍යය හොම්බෙන් ගිය වෙලාවක දෙපයින් හිටවන්න හිතාගෙන ඩිසයින් කරපු ඇබිත්තන් කාර් එකක් මේ තරම් දුර යාවි කියලා ශ්‍රීමත් ඇලෙක් ඉසිගෝනිස් ඇතුළු කිසිම කෙනෙක් හිතන්න නැතුව ඇති. ඔරිජිනල් මිනි එක බ්‍රිටිෂ් ලේලන්ඩ් එක සහ රෝවර් ග්රූප් එක වගේ එක එක අයිතිකාරයෝ යටතේ 2000 අවුරුද්ද වෙනකල්ම නිෂ්පාදනය වුණා. ප්‍රඩක්ෂන් එක ඉවර වෙද්දී මිනි මිලියන 5.3 ක් නිෂ්පාදනය වෙලා තිබුණා ලු. ඒ අනුව මිනි එක තමයි අද දක්වා වැඩියෙන්ම නිෂ්පාදනය වුණු බ්‍රිතාන්‍ය කාර් එක.
කොටින්ම කියනවා නම් ෆෙරාරි එකේ නිර්මාතෘ එන්සෝ ෆෙරාරි මහත්මයාටත් මිනි පිස්සුව ගැහුවා. ඒ නිසා එතුමත් මිනි එකක් ගත්තා...
ආරම්භයේ ඉඳන් අවසානය දක්වා පුංචි පුංචි වෙනස්කම් වුණාට මිනි එකේ බාහිර පෙනුමේ ලොකු වෙනසක් වුණේ නැහැ. ඒකයි අදටත් ගොඩක් දෙනෙකුට 1959 හදපු මිනි එකකුයි 2000 ට කිට්ටුව හදපු මිනි එකකුයි වෙන්කරලා අඳුනගන්න අමාරු. මිනි ඔස්තාද්ලා දන්නවා වුණාට සාමාන්‍ය අය ඔය පුංචි පුංචි දේවල් දන්නේ නැහැ.
නමුත් එදා ඉඳන් අවුරුදු 60 කට කිට්ටු වෙන්න කාලයක් ගිහිල්ලා, ඉන්දියන් සාගරය මැද්දේ හිච්චි දූපතක ඉන්න බාල තරුණ මහලු හැමෝම තාමත් උදේ හවා ලුහුඬු දැන්වීම් දිගේ දුව දුවා මලකඩ බේරෙන මිනි මයිනර් වලට කෙළ හලනවා...
ඉසිගෝනිස් මහත්තයා අද හිටියා නම් 'කොහොමද යකඩෝ එහෙම වුණේ' කියලා කල්පනා කරලම පිස්සු හැදෙනවා...
CarPissuwa
පසු සටහන: කාර් පිස්සුවට කට්ටිය එවපු මිනි පින්තූර ගොඩක් තියනවා පහළින්...
උපුටාගැනීම.....කාර් පිස්සුව

Last edited: