මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    එක්නැලිගොඩ හා ලසන්ත සිද්ධීන් අතර සම්බන්ධයක් හෙළිවෙයි

    මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හමුදා බුද්ධි අංශ සැරයන් පේ‍්‍රමානන්ද උදලාගම, අතුරුදන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමට සම්බන්ධ වූ කණ්ඩායම සමග සබඳතා පවත්වා ඇතැයි අද (06) අනාවරණ වූණා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කරුණු දක්වමින් ප‍්‍රකාශ කළේ බුද්ධි අංශ සැරයන්වරයා අදාළ පිරිස සම්බන්ධීකරණය කර ඇතැයි තොරතුරු පවතින බවයි.

    එ් බව තහවුරු වී ඇත්තේ ඔහුගේ දුරකතන විස්තර වාර්තා විශ්ලේෂනය කිරීමෙන් අනතුරුවයි. එ් අනුව මෙම හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුවේද සැකකරුවෙකු ලෙස ඉදිරියේදී නම් කිරීමට අපේක්ෂා කරන බවයි අධිකරණයේදී අද ප‍්‍රකාශ වුණේ.

    මේ අතර ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා වසරකට අධික කාලයක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් කැඳවන ලෙසටයි හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.


    - http://nethnews.lk/article/13928
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

    ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන්ගේ තීරණය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකු වැරදිකරුවන් බවයි.

    සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කළ යුතු බව ප්‍රකාශ කළේය.

    නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවෝය.

    චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

    භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව විනිෂ්චය මණ්ඩලයේ බහුතර තීන්දුව විය.

    විත්තිකරුවන්ගේ ඉල්ලීම අනුව ජූරි සභාවක් නැතිව නඩුව විභාග විය.


    - http://www.lankadeepa.lk/index.php/top_story/455503
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග සිරුර ගොඩගනියි

    ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර එළැඹෙන 27 දා ගොඩ ගැනීම සඳහා අධිකරණයේ අවසරය ලබාදුන්නේය. එම සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර දුන්නේය. ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ අතර ඔහුව 2009 වසරේ ජනවාරි මාසයේදී වෙඩි තබා ඝාතනය කළේය.

    - http://www.ada.lk/article/182284/මාධ්‍යවේදි-ලසන්ත-වික්‍රමතුංග-සිරුර-ගොඩගනියි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    හිටපු පොලිස්පතිවරු දෙදෙනෙක් වැලිකඩ දොරකඩ!

    මරා දැමුණු ‘සන්ඩේ ලීඩර් ' ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ පරීක්ෂණ හිතාමතාම අවුල් කොට විත්තිකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු එක් පොලිස්පතිවරයෙක් නොව හිටපු පොලිස්පතිවරු දෙදෙනෙක්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමේ වැඩි සම්භාවිතාවක් ඇතිබව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමේ අවදානමක් ඇති හිටපු පොලිස්පතිවරු දෙදෙනා වන්නේ ජයන්ත වික්‍රමරත්න හා මහින්ද බාලසූරිය යන දෙදෙනාය.

    මෙහිදී හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට ඇති චෝදනාව වන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා මරණාසන්න අවස්ථාවේදී, තම රථය පදවමින් ඔහුගේ රථය ලුහුබැඳ ආ රථයේ අංකය වමතින් ලියූ පුද්ගලික සටහන් පොත අස්ථාන ගත කිරීමයි. ඔහුට එසේ රථයේ අංකය සටහන් කර ගන්නා ලෙස උපදෙස් දී තිබුනේ වත්මන් ජාත්‍යන්තර වෙළඳ සබඳතා අමාත්‍ය, එජාප සභාපති මලික් සමරවික්‍රම මහතාය.

    මෙම සටහන් පොත අවසාන වරට තිබී ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මේසය මතය. ඒ බව දැක්වෙන ඡායාරූපයක් රහස් පොලිසිය සතුව පවතින බව කියවේ. එම ඡායාරූපය විශාල කිරීමට ලක්කොට අදාළ අංකය පැහැදිලි කර ගැනීමට රහස් පොලිසිය සමත් වී තිබේ. එහෙත් මෙම සටහන් පොත මේ වන විට අස්ථාන ගත වී ඇත. ගල්කිස්ස පොලිසියෙන් මිරිහාන පොලිස් අධිකාරී කාර්යාලයටත් මිරිහාන පොලිස් අධිකාරී කාර්යාලයෙන් පොලිස් මූලස්ථානයටත් අවසානයේ එවක හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා වෙතත් එකී සටහන් පොත ගමන් කළ ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර රහස් පොලිසිය සතුවන බව කියැවේ.

    මේ පිලිබඳව ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ ‘සාමාන්‍යයෙන් පොත්වල කොල ඉරන එක, නඩු භාණ්ඩ උස්සන එක, සාක්කි වෙනස් කරන එක, බොරු එන්ට්‍රි දාන එක කරන්නෙ පොලිස් කොස්තාපල්වරු. එහෙම නැත්තන් කෝට් සාජන්ට්ලා. හිටපු පොලිස්පති තුමා පීසී කෙනෙක්ගෙ තත්වෙට පත්වෙච්ච එක හරිම නින්දිතයි. එයා එහෙම කරන්නෙ තමාගෙ කැමැත්තෙන්ම තමන්ව පත්කරපු අය පිනවන්න. මේ වගෙ අයට නිසි දඬුවම් ලබා නොදුන්නොත් දැන් ඉන්න කට්ටියවත් ඉස්සරහට එන කට්ටියවත් හදාගන්ඩ බෑ' කියාය.

    හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට ඇති චෝදනාව වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කොට ත්‍රස්තවාදී විමර්ශණ දෙපාර්තමේන්තුවට (TID)වෙත ලබාදී එහි ප්‍රධානියා වූ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිෂ්ට ලවා අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදහස් කර යැවීමයි.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/5379-2016-09-08-08-18-58
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතන පරීක්ෂණයෙන් ලොක්කන් රොත්තක් ඇතුළට



    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කෙරෙන විමර්ශනවල ප්‍රගතිය අනුව මෙම ඝාතනය සඳහා ආසන්න හේතුව වී ඇත්තේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීම විය හැකි බව පොලීසිය සඳහන් කරයි.

    නොවටිනා මිලකට මිග් 27 යානා 4ක් මිලදී ගැනීමත් ව්‍යාජ සමාගම් පිහිටුවා විශාල කොමිස් ජාවාරමක් සිදු කර ඇති බවත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා ඔස්සේ හෙළිදරව් විය. මෙම වංචාකාරී ගනුදෙනුව සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතා හෙතෙම කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතින් හෙළිදරව් කිරීම රාජපක්ෂ රෙජීමය වෙත පීඩාවක් ගෙන දුන් අතර මාස කිහිපයක් තිස්සේ ලුහු බැඳීමෙන් අනතුරුව ලසන්තව ඝාතනය කිරීම සිදු විය.

    2006 ජූලි 26 වන දා මිග්-27 ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීමටත් තවත් මිග් යානා 4ක් අලුත්වැඩියා කිරීමටත් යුක්‍රේනයේ මිග් යානා නිෂ්පාදනය කරන යුක්රින්මාශ් සමාගම සමඟ මෙරටට ආයුධ මිලදී ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන ලංකා ලොජස්ටික් සමාගම වන අතර මෙහි දී සියලු මුදල් ගනුදෙනු වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ වර්ජිනියා ප්‍රාන්තයේ ලිපිනයක් සඳහන් කරමින් පිහිටුවා තිබූ බෙලිමීසා හෝල්ඩින්ස් නම් සමාගමක් මඟින් සිදු කෙරිණි. ඔවුන් ද මෙම ගිවිසුමේ පාර්ශ්වකරුවන් විය. එහෙත් මෙම සමාගම ව්‍යාජ සමාගමක් බව පසුව හෙළිවිය. මෙම දූෂිත ගනුදෙනුව සඳහා එවකට යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා ද ඍජුව මැදිහත්ව තිබිණි. වීරතුංග මහතා මෙම අවි ගනුදෙනු හා ජාවාරම් සඳහා සම්බන්ධ බවත්, 2014 නොවැම්බර් 19 වන දින ඔහුට එරෙහිව එරට බලධාරීන්ට පැමිණිලි ලැබී ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ද විමසීමක් කර තිබුණි.

    මිග් ගනුදෙනුව පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකොට නිසි පියවර ගනු ලැබුවහොත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය පවා අහෝසි විය හැකි බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගිය ජුනි මාසයේ දී පවසා තිබුණු නමුත් මිග් යානා ගනුදෙනුවට අදාළ ප්‍රධාන ලියකියවිලි රැසක් අතුරුදහන් වී ඇති බව පසුගිය දා පොලීසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.

    කෙසේ නමුත් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වසර හතකට ආසන්න කාලයක් යටපත්ව තිබූ අතර වත්මන් යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එම පරික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය විය. ඒ අතර ලසන්ත ඝාතනය මෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් සහ මාධ්‍යවේදී කීත් නොයාර්ට ප්‍රහාර එල්ල කිරීම ද එකම කණ්ඩාමක් විසින් සිදු කරනු ලැබූ බවට සාක්ෂි ලැබී තිබේ.

    මේ වන විට ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ වූ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. මෙම ඝාතනය සිදු කිරීම සඳහා කණ්ඩායම් දෙකක් වෙන වෙනම යොදවා තිබූ බවත් හෙළිව තිබේ. මේ වන විට විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර ඇත්තේ මෙම ඝාතනය සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීම කෙරෙහිය.

    වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමෙන් පසු මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ දී බරපතළ වංචාවක් සිදුවී ඇති බවටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට සම්බන්ධ බවටත් සන්ඬේ ලීඩර් පුවත්පත විසින් පළ කළ වාර්තාවකින් තමන්ට අපහාසයක් සිදු වූයේ යැයි එම පුවත්පතට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නඩුවක් ද පැවරූ නමුත් එම නඩු විභාගය වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට තහනම් කෙරිණි.

    එහි දී ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියකු, එක් මාධ්‍යවේදියකු අධිකරණයට ඇතුල් වීම වළකා තිබුණේ “එපා කියන දේ නොකර ඉන්න. ඔයා විතරයි ඇවිල්ල ඉන්නෙ, ඔළුව තියෙන අය එන්නෙ නෑ. සිරස එන්නෙ නෑ, අරගොල්ලො මේගොල්ලො එන්නෙ නෑ. ඒ අය දන්නව මේකෙ ප්‍රතිවිපාක. ඔයාගෙත් මොළේ පාවිච්චි කරන්න. මොකද ඒ අය දන්නෙ නැතුවද මෙතෙන්ට අද එනව කියල? ඒගොල්ල දන්නව ඊට පස්සෙ කටඋත්තර දෙන්නයි අරවටයි මේවටයි කරදර වෙන බව” යැයි ප්‍රකාශ කරමිනි.

    කිලිනොච්චි හා මුලතිව් යුද ජයග්‍රහණවලින් මුස පත්ව ඇති මොහොතක එනම් 2009 ජනවාරි 08 වන දින අත්තිඩිය බේකරි හන්දිය ප්‍රදේශයේ දී සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර තිබුණි. වික්‍රමතුංග මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව එදිනම දහවල් 2.15 පමණ ජීවිතක්ෂයට පත් විය.

    ඝාතනයෙන් පසු අස්ථාන ගත වී තිබූ වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකථනය සමඟ කේ. පියවංශ සහ පී.ජේසුදාසන් නැමැති ගරාජ හිමියා, ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගැනුණි. නමුත් 2011 ඔක්තෝබර් මාසයේ දී පොලිස් අත්අඩංගුවේ දී ජේසුදාසන් මිය ගිය අතර, හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන පියවංශ, මහෙස්ත්‍රාත්වරයාට එම කාමරය තුළ දී ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි. නමුත් ඔහු සිදු කළ ප්‍රකාශය රහසක්ව පැවැතිණි.

    වික්‍රමතුංග මහතා තමන්ව ලුහු බැඳි යතුරුපැදිවල අංක සටහන් කළ සිය පෞද්ගලික දින සටහන් පොත එවකට මෙම පරීක්ෂණය මෙහෙයවූ ගල්කිස්ස සහ මිරිහාන පොලිස් කණ්ඩායම භාරයට ගෙන තිබුණ ද එය ඉහළ නිලධාරීන් අතට පත්වීමෙන් පසුව අතුරුදන් විය.

    වික්‍රමතුංග මහතාගේ ඝාතන පරීක්ෂණය දේශපාලන අධිකාරියේ බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදීම සම්බන්ධයෙන් එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය චෝදනා එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තර බැඳීමට ද සිදු විය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරන විමර්ශනවල දී මෙම ඝාතන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කළ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායක යන අයගෙන් මේ වන විටත් ප්‍රශ්න කර ඇත. එමෙන්ම මේ වන විට වෙනත් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන්, එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි වත්මන් කිලිනොච්චි අඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි චන්ද්‍රා වාකිෂ්ඨ, යන අයගෙන් ප්‍රශ්න කිරීමට ද නියමිත බව පැවසේ. එමෙන්ම ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස් සහ තවත් පොලිස් නිලධාරීන් රැසකගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර මෙම ඝාතනයට අදාළ පරීක්ෂණ කටයුතු යටපත් කිරීම සම්බන්ධයෙන් පොලිස් හා යුද හමුදා ප්‍රධානීන් කිහිප දෙනකුම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    වික්‍රමතුංග ඝාතනය කිරීම සඳහා යොදාගෙන තිබූ ආයුධය පසුගිය යුද සමයේ දී එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා යටතේ ක්‍රියාත්මක වූ හමුදාවේ විශේෂ බලකාය වෙත පාවිච්චිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගෙන්වනු ලැබූ සුවිශේෂී ආයුධයක් බවට ද (උලක් ලෙස සිරුරට ඇතුළු කිරීමෙන් පසුව නැවත පිටතට ගැනීමේ දී තවත් කැපුම් තල කිහිපය දෙපසට විහිදෙන ආකාරයෙන් එහි ඉදිරිපස කොටස විවෘත වන ආයුධයකි.) තොරතුරු හෙළිව තිබේ. එළඹෙන 27 වන දින ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර යළි ගොඩ ගෙන පරීක්ෂා කිරීමට හේතුව වී ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් පැන නැගි ගැටලු 21ක් යළි විමර්ශනය කිරීමට සිදුව තිබෙන නිසා බව බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    - සුභාෂ් ජයවර්ධන


    - http://sathhanda.lk/news/2676-2016-09-10-04-29-41
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    චොකා මල්ලිත් දුමින්ද ගිය අඩි පාරේ..! මිනීමැරුවැයි අධි චෝදනා බාර දෙයි..!!

    පසුගිය ජනපතිවරණ සමයේ පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රත්නපුර රැස්වීමක සැරසිලි සිදුකරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ නමැත්තෙක් වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් දෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකළැයි වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි‘ ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට රත්නපුර මහාධිකරණයදී මහාධිකරණ විනිසුරු යූ.එස්.බී.කරල්ලියැද්ද මහතා විසින් අද(13) අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.

    නොවැම්බර් මස 7 වැනිදාට කල් තැබූ නඩුව ලබන 2017 වසර මාර්තු 06, 07, 08, 27, 28, 29 දිනවලදී විභාගයට ගැනීමටද තීරණය කෙරිණ. ඒ අනුව ලබන වසරේ මැද වන විට ‘චොකා මල්ලිටද දුමින්ද සිල්වා ගිය අඩි පාරේම යා හැකි වනු ඇත.

    චොකා මල්ලි ඇතුළු විත්තිකරුවන් 7 දෙනා අද ඇප මත මුදා හැරියේ පහළ අධිකරණ වලදී නියම කළ අතර පෙර ඇප වලට අමතරව ලක්‍ෂ 5 බැගින්වන ශරීර ඇප සහ පුද්ගලික ඇප මතය.

    නීතීපතිවරයා විසින් මොවුන්ට එරෙහිව චෝදනා 9 ක් යටතේ ලංකා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 140, 146, 296, 300 වගන්ති අනුව චෝදනා ගොනුකර තිබේ.

    2015 ජනවාරි 5 වැනිදා පැවැත්වුණු රැලියකට පැමිණි පොදු අපේක්‍ෂක වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට කහවත්ත නගරයේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන් කළ සැරසිලිවලට අනර්ථයක් සිදුකිරීම, එහිදී කහවත්ත වැල්ලඳුර නාමිණිකන්දේ පදිංචි ඩී. සුසිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා මරණය සිදුකිරීම සහ තවත් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදුකිරීම, ඔවුන් දෙදෙනා ඝාතනයට තැත්කිරීම, අයුතු ජන රාශිය, ආදී චෝදනා 9 ක් ඇතුලත් වේ.

    එදින වෙඩි තැබීමෙන් තුවාල ලත් අය වන්නේ කේ.ඩබ්ලිව්. කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් හුසේන් ඉල්ෆාන් යන දෙදෙනා ය.

    1. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එල්. ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි‘ සමග අනෙක් චුදිතයන් මෙසේය

    2. සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රී ජේ.ඒ.අරුණ නිලන්ත ජයසිංහ,
    3. කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා,
    4. පී.පැතුම් ධනංජය හෙවත් පැලා,
    5. යූ.එස්. අසංක නාමල් හෙවත් සාජන්ට්,
    6. යූ.නිලංක ප‍්‍රදීප්,
    7. යූ.ජී.අජිත් මලවි ගුණරත්න හෙවත් අමිල යන විත්තිකරුවන්ය.

    නඩුවට අදාලව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව, පිස්තෝලයක්, අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්, සීසීටීවී කැමරාපට දර්ශන ඇතුලත් සීඩී.පට තුනක් කොළඹ විශ්ව විද්‍යාලයේ සීසීටීවී කැමරා දත්ත විශ්ලේෂණ වාර්තා, රස පරීක්‍ෂක වාර්තා සහ තවත් දේ සාක්ෂි සඳහා ඇතුලත් වන අතර පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලේඛනය 59 කි.

    ලංකාවේ මරාවාදී ඡන්ද දායකයාගේ නූගත් සහ ගෝත්‍රික භාවය කොතෙක්ද යත් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකළ චොකා මල්ලි රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී තැබූ මැතිවරණයෙන් ඔහුව පාර්ලිමේන්තුවට යැවීමට එම ගෝත්‍රික ඡන්ද දායකයෝ කටයුතු කළහ.


    - http://www.lankaenews.com/news/4538/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ශිරන්තිගෙන්, යෝෂිතගෙන් ප්‍රශ්න කරන බව CIDය අධිකරණයට දන්වයි

    තාජුඩීන් ඝාතනයට යොදාගත්තේ යැයි සැක කෙරෙන රතු කුරුස සංවිධානය විසින් ‘සිරිලිය සවිය’ සංවිධානයට ලබා දුන් WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයේ වර්ණ වෙනස් කර භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් හා දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබේ.

    ‘සිරිලිය සවිය’ සංවිධානයේ කටයුතු සඳහා මෙම රථය සත්‍ය වශයෙන්ම යොදා ගත්තේ නම් අවස්තා දෙකකකදී එහි වර්ණය වෙනස් කිරීමට තිබූ අවශ්‍යතාවය කුමක්ද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

    2015 ජනාධිපතිවරණයෙන් පසු ‘සිරිලිය සවිය’ සංවිධානයේ ප්‍රවාහන කළමනාකරු ජයන්ත කාරියවසම් මහතාගේ හබරකඩ පිහිටි නිවසේ වගකීමෙන් තොරව ගාල් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම රථය සිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කෙරිණ.

    එම රථය එසේ තැබීම සම්බන්ධයෙන් ප්‍රබල සැකයක් මතු වන බැවින් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

    දැනට මෙම ඩිෆෙන්ඩර් රථය රතු කුරුස සංවිධානය වෙත ලක්ෂ 50ක බැඳුම්කරයක් මත මුදා හැර තිබෙන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට නොවැම්බර් මස 11 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසියක්ද නිකුත් කර ඇත.

    ෆීලික්ස් පෙරේරා මහතා සමාජසේවා ඇමතිව සිටි සමයේදී මෙම රථය රතු කුරුස සංවිධානයෙන් එම අමාත්‍යාංශය වෙත ලබාගෙන පසුව සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දී තිබුණි.


    - http://www.lankatruth.com/site/inde...යෝෂිතගෙන්-ප්‍රශ්න-කරන-බව-cidය-අධිකරණයට-දන්වයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතනය යටගැසූ හැටි එළියට

    2009 වසරේ ජනවාරි 08 වන දින අධි ආරක්‍ෂිත කලාපයක දී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යටගසා තිබු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    ඒ අනුව, කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සහ රසපරීක්ෂක ඇතුළු අනෙක් වෛද්‍යවරුන් ලබා දුන් වෛද්‍ය වාර්තා අතර ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී ඇති හෙයින් මළ සිරුර මේ මස 27 දින ගොඩගෙන වෛද්‍ය මණ්ඩලයක් යටතේ නැවත මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා පසුගිය දා (08) රහස් පොලීසියට අවසර ලබා දී තිබුණි.

    රහස් පොලීසිය විසින් ගල්කිස්ස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය කරනු ලැබිණි.

    මේ නඩුව ගල්කිස්ස අධිකරණයේ කැඳවූ අවස්ථාවේ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක සුගත් කුමාර කරුණු දක්වමින් පැවසුවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණ පරීක්ෂණය පවත්වන ලද එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බව සඳහන් වන බවයි.

    වෙඩි වැදීමෙන් තුවාලයක් සිදු වී නැ :

    නමුත් වික්‍රමතුංග මහතා මිය යෑමට පෙර ඔහුට ශල්‍යකර්මයක් සිදු කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ වෙඩි වැදීමෙන් කිසිදු තුවාලයක් සිදු වී නැති බවයි.

    එමෙන්ම රස පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයේ දී කිසිම වෙඩි පහරක් හෝ වෙඩි බෙහෙත් ගඳක් නොලැබෙන බවට සඳහන්ව ඇති බව අධිකරණයට දන්වා සිටිමින් මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කළ බවත් ඔවුන් විසින් මළ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබා දුන් බවත් රහස් පොලීසිය මෙහි දී පවසා සිටියේය.

    තවදුරටත් අධිකරණය වෙත කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් තමන් අධිකරණ වෛද්‍ය අධිකාරී අජිත් තෙන්නකෝන් මහතා සමඟ සාකච්ඡා කළ බවත් ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් යටතේ මේ පරීක්ෂණ සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මුතුපිල්ලේ සිවසුබ්‍රමනියම්, කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ජීන් පෙරේරා යන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් මේ මරණ පරීක්ෂණය නැවත සිදු කරන බවත් පැවැසීය.

    කරුණු සැඟවීමට උත්සාහයක් :

    ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්න කෙරෙන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසන්න නානායක්කාර සහ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර අතර පවතින සමීප සම්බන්ධතාව මේ වන විට රහස් පොලීසියට අනාවරණය වී තිබේ.

    රහස් පොලිස් ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් දෙදෙනාම එම කරුණු සැඟවීමට උත්සාහ දරා ඇති බව පැවසේ.

    රහස් පොලීසිය සඳහන් කරන ආකාරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර සහ වෛද්‍ය සුනිල් කුමාර අතර මෙම අධිකරණ වාර්තාව සම්බන්ධයෙන් දුරකථන කතා බහක් ද සිදුව ඇත.

    නමුත් එයට හේතුව ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ වෛද්‍යවරයා නිසි පරිදි එම කටයුතු සිදු කරන්නේද යන්න සොයා බැලීම සඳහා තමන් එම ඇමතුම් ලබා දුන් බවයි.

    නමුත් එවැනි ක්‍රමවේදයක් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක දී සාමාන්‍යයෙන් සිදු නොවන බව වාර්තා වේ.

    දේශපාලන අධිකාරියෙ උපදෙස් ?

    මේ අනුව එවකට පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්න හරහා නානායක්කාර දේශපාලන අධිකාරියෙන් ලැබුණු උපදෙස් ක්‍රියාත්මක කරන්නට ඇති බව සැක කෙරේ.

    එම උපදෙස් පරිදි අධිකරණ වෛද්‍ය වාර්තාව විකෘති කර පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමේ අරමුණින් වැරැදි තොරතුරු ඇතුළත් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව සැකසීමට වෛද්‍ය සුනිල් කුමාරට නානායක්කාර උපදෙස් ලබා දෙන්නට ඇති බවට රහස් පොලීසිය සැක පහළ කරයි.

    හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ද ඔහු භාරයට ගෙන තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින්නෙකි.

    සයිටම් මහාචාර්යවරයෙක් :

    කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී සුනිල් කුමාර මේ වන විට මාලඹේ සයිටම් ආයතනයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

    මේ ආයතනයේ උපකුලපතිවරයා ලෙස සේවය කරන්නේ ද තාජුඩීන් ඝාතනය හදිසි අනතුරක් බව සනාථ කරමින් වෛද්‍ය වාර්තා ලබා දුන් සහ තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ආනන්ද සමරසේකරයි.

    මේ සම්බන්ධයෙන් පසුගිය දා (15) පැවති නඩුවේ දී ආනන්ද සමරසේකර ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත ද අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

    පසුගිය සමයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සහ පොලීසියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් කටඋත්තර ලබාගෙන තිබුණි.

    හමුදා බුද්ධි අංශ :

    එසේම අවසානයේ 2009 වසරේ දී මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය කන්දේගෙදර පියවංශ නම් හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා අත්අඩංගුවට ගත් අතර ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ඉදිරියේ ඔහුගේ නිල කාමරයේ දී විශේෂ ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් කර ඇත.

    කන්දේගෙදර පියවංශට සිම් කාඞ්පත් ලබා දුන් පුද්ගලයා ලෙස සැලකෙන ජේසුදාසන් රහස් පොලිස් භාරයේ දී අබිරහස් ලෙස මිය ගොස් තිබුණි. එය ද සැකයට භාජනය වූ කාරණයකි.

    කන්දේගෙදර පියවංශ රක්ෂිත බන්ධනාගාරව සිටි සමයේ ඔහුට යුද හමුදාවෙන් වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ලක්ම ලැබුණු බව වාර්තා වේ. මීට අමතරව හමුදාව මඟින් ඔහුට රුපියල් මිලියනයක මුදලක් ද ලබා දී ඇති බව හෙළිව තිබේ.

    ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම :

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරන විමර්ශනවල දී මෙම ඝාතන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කළ බවට සැක කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී කීර්ති ගජනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාව සිටි චන්ද්‍රා වාකිෂ්ඨ යන අයගෙන් මේ වන විටත් ප්‍රශ්න කර ඇත.

    එහි දී ඝාතන සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දීම සම්බන්ධයෙන් ඔවුන් හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට චෝදනා එල්ල කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තර බැඳීමට ද සිදු වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

    එමෙන්ම ඔහු එවකට යුද හමුදා බුද්ධි අංශය භාරව සිටි වත්මන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟ පැවති සම්බන්ධතාව ද ප්‍රතික්ෂේප කර ඇත.

    නමුත් අමල් කරුණාසේකර පවසා ඇති පරිදි තමන් මහින්ද බාලසූරිය හමුවීමට ක්‍රමයක් ලබා ගැනීමේ අරමුණින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෞද්ගලිකව හමුවී ඇත.

    ඔවුන් හමුවීමේ අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඝාතනයේ වගකීම එවක හමුදාපති මත පැටවීමට බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

    (සත්හඬ)


    - http://www.sinhala.srilankamirror.c...on-of-how-wickramatunga-murder-was-covered-up
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    තාජූඩින්ගේ අස්ථි කොටස් සයිටම් ගෙනියලා - රහස් පොලිසිය උසාවියට දන්වයි

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් මා‍ලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙත ගෙන ගොස් ඇතැයි හෙළි වූ බව රහස් පොලීසිය අද (21) අධිකරණයට දැනුම්දී තිබේ.

    ඒ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සැකකරුවන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත.

    අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

    ඒ අනුව ඊට අදාළව කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව සඳහන් කළ පොලිසිය එම ප්‍රකාශවලදී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර ශීතාගාරයේ තිබූ අස්ථි කොටස් අඩංගු පාර්සල් 15 ක් පමණ වාහනයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව සඳහන් කර තිබේ.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී එම අස්ථි කොටස් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.


    - http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=64299
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    උපාලි තෙන්නකෝන්ට පහර දුන්දා සැකකරු කොහුවල ඉඳලා

    මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

    දිවයින සහ රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඒ මහතාගේ බිරිඳට ප්‍රහාරයක්‌ එල්ලවූ 2009 වර්ෂයේ ජනවාරි 23 වැනිදා සැකකරු කොහුවල ප්‍රදේශයේ සිටි බවට දුරකථන විශ්ලේෂණවලින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂකසුගත් කුමාර මහතා වැඩිදුර වාර්තාවක්‌ මගින් ඊයේ (23 වැනිදා) අධිකරණයට වාර්තා කළේය.

    ගම්පහ ඉඹුල්aගොඩ ප්‍රදේශයේදී එම පහරදීමේ නඩුව ඊයේ ගම්පහ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කාවින්ද්‍රd නානායක්‌කාර මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්‌ථාවේ සැකකරුගේ ජංගම දුරකථනයේ විශ්ලේෂණ වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු විසින් අධිකරණයට භාර කරනු ලැබූහ.

    විශ්ලේaෂණ වාර්තා ලබා දුන් ජංගම දුරකථනය සැකකරුට යුද හමුදාවෙන් ලබාදී තිබූ එකක්‌ බවත් සැකකරු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු පැහැර ගෙන ගොස්‌ පහරදීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බවත් අධිකරණයේදී සඳහන් විය.

    සැකකරුගේ ඡායාරූපයක්‌, වෙබ් අඩවියක පළ වීම සම්බන්ධව පරීක්‍ෂණ සිදු කළ බව පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වෙබ් අඩවිය සඳරුවන් සේනාධීර නමැති අයකු බ්‍රිතාන්‍ය රටේ සිට මෙහෙයවන බව පැවසීය.

    ලංකා ඊ නිව්ස්‌ ඩොට්‌ කොම්" නමැති එම වෙබ් අඩවිය පවත්වා ගෙන යන අය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇත්තෙක්‌ ද, ශී ්‍රලංකා පුරවැසියෙක්‌ද, එසේ නොමැති නම් සරණාගතයෙක්‌ද යන්න විමර්ශනය කර වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරිය පැමිණිලිකාර උපාලි තෙන්නකෝන් යන අයගේ වෛද්‍ය වාර්තාව ලබන 30 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

    නලින්ද ඉන්දතිස්‌ස සහ සුරේස්‌ කාරියවසම් යන නීතිඥවරුන් සැකකාර හිටපු යුද හමුදා බුද්ධි අංශ මාණ්‌ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම යන අය වෙනුවෙන් පෙනීසිටි අතර සැකකරු ලබන 30 දා දක්‌වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. නඩුව ලබන 30 වැනිදා නැවත කැඳවීමට නියමිතය.


    - http://www.divaina.com/2016/09/24/news11.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතනය ගැන අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලයි: ලසන්තගේ දිනපොත අනුර විනාශ කළාද?

    සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහ දවාලේ ඝාතනය කිරීම ගැන සිදුකෙරෙන පරීක්ෂණ වලදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. අනුර සේනානායක මේ වන විට සිටින්නේ තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවය. පසුගියදා ඒ සම්බන්ධ නඩුවේදී කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුනේ ඔහුට ගෙවන වාට්ටුව සිටීමට තරම් අසනීපක් නොමැති බවයි.

    කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය ලබන 28 වැනිදා යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර මේ වන විට ඊට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

    ලසන්ත වික්‍රමතුංගගේ ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අතර ඔහු වෙනත් නඩුවකදී ලසන්තගේ රියැදුරා පැහැර ගත් බව පිළිගෙන තිබිණ.

    හිටපු ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීමට යන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් පසුව අතුරුදන් වූවායැයි කියන ඔහුගේ දිනපොත පොලිස් භාරයට ගැනීමෙන් පසු එය කා අතට පත්වූයේද ඉන්පසු විනාශ කැර දැමුවේද යන්න හෙළිකැර ගැනීම සඳහාය. අවසන් වරට එම දිනපොත බාරව සිට ඇත්තේ අනුර සේනානායක බව මෙතෙක් හෙලිවූ සාක්ෂි මගින් තහවුරු වී තිබේ.

    ලසන්ත ඝාතනයේ සැකකරුවන්ට පොලිස් බැරියර් අතරින් පළා යෑමට උසස් පොලිස් නිලධාරියෙකු උදව් කළ බව එ් දිනවල කියැවිණ. එකළ එම ප්‍රදේශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ අනුර සේනානායකය. කටුගෙයි කඩු සොරකමේ දී ද සැකකරුවන්ට පලා යාමට ඉඩ ලබා දුන්නේ අනුර සේනානායක බව හෙලි වී තිබිණ.

    කෙසේ වෙතත් ලසන්ත ඝාතනය සිදුවන අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටුවේ යැයි කියන පුද්ගලයකු සාක්කි දීම සඳහා ඉදිරිපත් වී තිබේ.

    යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු යට ගසා තිබූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ යලි ආරම්භ වීමෙන් පසු විශාල තොරතුරු රාශියක් හෙලිදරව් වී තිබේ.


    - http://www.lankaenews.com/news/4581/si
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    MayNETH2.JPG


    Disapeared_Madushka2.jpg

    me post dakkama nan uba mokekda kiyala hitaganna puluwan..
    madushka kiyana eka marayek/mineemaruwek,kappamkarayek kiyala uba dannawada??
    e wage unta neetiyen daduwam deela hire dala wadak tiyenawada?? hire idalath owa karana ekamai karanne. ehema kale nasti karanna ona na okun wage ewun wenuwen.aturudahan karanna tamai ona. mineemaruwonta kade yana uba wage awajatakayo mokata ipadunada manda.. :(:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්තගේ දේහය ගොඩ ගැනේ

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය වසර 07කට පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවේ අද (27දා) පෙරවරුවේ ගොඩගනු ලැබීය.

    පෙරවරු 8.30 සිට දහවල් 11.30 දක්වා සූක්ෂම අයුරින් ගොඩගත් එම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත ගෙන යනු ලැබීය.

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ ගිනි අවියකින් වෙඩි තැබීමෙන්ද එසේත් නැතහොත් විදේශයකින් ආනයනය කළ උල් ආයුධයකින්ද යන්න සොයාගැනීම සඳහා මේ අයුරින් සිරුරේ අස්ථි කොටස් ගොඩගත් බවත්, සම්පූර්ණ අස්ථි පද්ධතිය විනාශ නොවී තිබුණු බවත් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ආරම්භයේ සිට අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අතුල එස්. රණගල මහතා සඳහන් කළේය.
    ලසන්ත වික්‍රමතුංගගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදු කිරීමට නියමිතය.


    Cemetry.jpg


    - http://www.sinhala.srilankamirror.com/news/item/16782-lasantha-s-remains-being-exhumed
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැන් ෂුවර් චන්දයක් ළඟ ලඟම එනව් කියල
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ආ මුගේ එක අප්පෙක් ගොඩ අරං තියෙන්නේ. දැන් ඔය කටු කෑලි ටික ගෙනිහින් අර කටු කන පොන්සේකාට දීලා කියපං තව හයියෙන් බුරන්න කියලා


    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ආ මුගේ එක අප්පෙක් ගොඩ අරං තියෙන්නේ. දැන් ඔය කටු කෑලි ටික ගෙනිහින් අර කටු කන පොන්සේකාට දීලා කියපං තව හයියෙන් බුරන්න කියලා


    :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතන සැකකරුවන් සියළු දෙනා හඳුනා ගැනේ?

    සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සියලු දෙනා මේ වන විට පොලිසිය විසින් හඳුනාගෙන සිටින බවට වාර්තා වේ.

    මෙම සැකකරුවන් සියලු දෙනා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ සාමාජිකයන් වන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා වේ.

    ලසන්ත ඝාතනය සිදුවූ 2009 වර්ෂයේදී මෙම යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කොහුවල ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පිරිසක්‌ වන බවත්,

    ලසන්ත වික්‍රමතුංග ඝාතනයට නියෝග ලබාදුන් පුද්ගලයන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට ඉහළ පෙළේ පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.


    - http://www.lankatruth.com/site/inde...82-ලසන්ත-ඝාතන-සැකකරුවන්-සියළු-දෙනා-හඳුනා-ගැනේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්තගේ රහස් අත්පොත අතුරුදන් කළ පොලිස් ලොක්කා කවුද?

    ප්‍රේමලාල් විජේරත්න

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනයට කොටි ලේබලය ඇලවීමට උත්සාහ ගත් හිටපු පොලිස් ලොක්කන් කීපදෙනකු පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    පසුගිය 27 දින ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩ ගෙන දැනට සිදුකරගෙන යන පශ්චාත් මරණ පරීක්ෂණයේ කටයුතු අවසන් වී නැති වුවද ලසන්ත ඝාතන සිද්ධිය වූ දින සිට රහස් පොලිසිය විසින් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණ ගොනු එකින් එක විමර්ශනය කරමින් සිටින බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
    ලසන්තට වෙඩි තිබ්බේ බෝල්ට් නමැති උලක් විහිදෙන අවියකින් බවට සැක මතු වී තිබේ.


    එම ගොනුවල අන්තර්ගතයේ ඇති සැක කටයුතු තැන් ප්‍රශ්න පත්‍රයක් බවට පත්කරගෙන ඇති රහස් පොලිසිය ලසන්තගේ ඝාතනයට සම්බන්ධ ගිනි අවියත් යතුරුපැදි දෙකටත් මුල සිටම කොටි ලේබලය ඇලවීමට උනන්දු වී ඇති පිරිස්වල රහස් උපදෙස් නිරාවරණය කරගැනීමේ උත්සාහයක යෙදී සිටින බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ.
    ලසන්ත වික්‍රමතුංග මහතා මියගිය දිනයේ මෝටර් රිය තුළ තිබී හමුවූ ඔහුගේ රහස් දින පොත දැනට විශ්‍රාමිකව සිටින පොලිස් ලොක්කකු අතට පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයේ එවකට සිටි පොලිස් ලොක්කකු අතට පත්වීමත්, අනතුරුව ඉහළින් ආ නියෝගයක් මත එය අතුරුදන් කළාද යන්න ගැනත් රහස් පොලිසියට සැක මතු වී තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ රහස් අත්පොත මුලින්ම අතට පත්වූ විශ්‍රාමික පොලිස් ලොක්කාගෙන් රහස් පොලිසිය මෑතදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර එහිදී එම රහස තරමක් දුරට අනාවරණය වී ඇති බවද පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියා සඳහන් කෙළේය.


    ලසන්ත වික්‍රමතුංග මහතාට බරපතළ තුවාල සිදුවී රෝහලට ගෙනගිය අවස්ථාවේ ඔහු ශල්‍යකර්මයකට භාජන කළ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිරීක්ෂණ ලබාගැනීමටද රහස් පොලිසිය කටයුතු යොදා තිබේ.
    ලසන්තගේ රහස් අත්පොත හෙළිදරව්ව පිළිබඳව තිගැස්සී සිටින හිටපු පොලිස් ලොක්කෙක් රහස් පොලිසියට කොටුවීමෙන් වැළැකීමට ප්‍රබල දේශපාලන හස්තයක් පසු පස දිවයන බවටද රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.


    - http://mawbima.lk/print20160721MB20161030.php?id=2899
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය:
    හිටපු පොලිස්‌පතිලා දෙදෙනෙක්‌ හා ඩීඅයිජී කෙනෙක්‌ ළඟදීම අත්අඩංගුවට


    හේමන්ත රන්දුණු

    සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම, පරීක්‍ෂණ යට ගැසීම, සාක්‍ෂි විනාශ කිරීම ඇතුළු චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පතිවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

    මෙම හිටපු පොලිස්‌පතිවරුන් දෙදෙනාගෙන් සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවස්‌ථා කීපයකදීම ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

    ලසන්ත වික්‍රමතුංග මහතාට ජීවිත තර්ජන එල්ල කළ පුද්ගලයන් පිළිබඳව රහසිගත තොරතුරු සටහන් කර තිබූ ඒ මහතාට අයත් සටහන් පොතක්‌ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට පරීක්‍ෂණ පවත්වමින් සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර එම පරීක්‍ෂණය ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත භාර දීම සම්බන්ධයෙන් හිටපු තවත් පොලිස්‌පතිවරයකුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

    මෙම පොලිස්‌ නිලධාරීන් ලසන්ත ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සිතාමතාම යට ගැසීමට උත්සාහ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

    මෙම නිලධාරීන්ට එරෙහිව බරපතළ චෝදනා රැසක්‌ එල්ල වී තිබෙන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.


    - http://www.divaina.com/2016/10/01/news02.html
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොනිල් ව ගල් අඩන්ගුවට ගන්න කියපන් බටලන්දෙ කොල්ලෝ කෙල්ලෝ මැරුවට :growl::growl: ඒ පාපෙට තමා ඔකට ලමයි නැත්තේ පොනිලා :lol::lol::lol: