මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ගෝඨාභය වෙනුවෙන් දුන් තහනම් නියෝගය නීතියට පටහැනියි!

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තහනම් නියෝගය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක‍්‍රියාත්මක කළයුතු ආකාරය විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති සහ රෙගුලාසිවලටද පටහැනිය.

    ශ්‍රේෂ්ඨාධිකරණයේ රීති හා රෙගුලාසිවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකට කළහැක්කේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි. ඒ හැර එවැනි විනිශ්චය මණ්ඩලයකට ශ්‍රේෂ්ඨාධි කරණයේ අධිකරණ බලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත. නියෝග ලබාදීම අයත්වන්නේ අධිකරණ බලය පාවිච්චි කිරීමටය. ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ බලය පාවිච්චි කරන හැම අවස්ථාවකදීම විනිශ්චය මණ්ඩලය විනිසුරුවරුන් තිදෙනකුගෙන් හෝ ඊට වඩා වැඩි ගණනකින් සමන්විත විය යුතුය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන සඳහන්වන්නේ මෙසේය.
    1. ‘132 (1) අග‍්‍රවිනිශ්චයකාරවරයා අන්‍ය ආකාරයෙන් විධානය කළහොත් මිස ශ්‍රේෂ්ඨාධි කරණයේ වෙන් වෙන්ව අධිකරණ බලය සාමාන්‍යයෙන් කොළඹදී ක‍්‍රියාත්මක කළ යුත්තේය.

    2. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණයේ විනිශ්චය කාරවරුන් කිහිපදෙනකු විසින් එකම අවස්ථාවේදී විවිධ කාරණා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කළ හැක්කේය.

    ‘එසේ වුවද සියලූ අවස්ථාවලදී එහි අධිකරණ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන වලට යටත්ව ශ්‍රේෂ්ඨාධි කරණයේ විනිශ්චය කාරවරුන් තිදෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට එක් රැුස්ව සාමාන්‍යයෙන් ක‍්‍රියා කළ යුත්තේය.’

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින් අත්අඩංගුවට ගැනීම වළකන තහනම් නියෝගයක් දීම නීතියට පටහැනිය.
    නීතියට පටහැනි ඉතා බලවත් වරදක් සිදුවන අවස්ථාවකදී හැර පොලිසිය හෝ බලය ලත් ආයතනයක් කරන අපරාධ පරීක්ෂණ කාර්යයන්ට සාමාන්‍යයෙන් අධිකරණය ඇඟිලි ගසන්නේ නැත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතියට පටහැනි දෙයක් සිදුවී නම් නීතියට අනුව තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු යායුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොව අභියාචනාධිකරණයටය.

    තිලාන් විජේසිංහ ආයෝජන මණ්ඩලයේ සභාපතිව සිටි කාලයේ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කර තිබූ පරීක්ෂණයට එරෙහිව අත්අඩංගුවට ගැනීම වළකන අතුරු තහනම් නියෝගයක් ලබාගැනීම සඳහා ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේ තහනම් නියෝගයක් ලබාගැනීමේ අරමුණ සඳහා ඔහු පැමිණි අධිකරණය වැරදි බවත්, ඒ සඳහා යායුතුව තිබුණේ අභියාචනාධිකරණයට බවත්ය.
    - රාවය -
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    රාජපක්ෂලාගේ මානව හිමිකම් දේශනා

    රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදායක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං!

    ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත.

    තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති.

    ‘‘ මං ඔය අවලං උසාවි වලට බය නැහැ. මං ගැන එක වචනයක් ලිව්වොත් මං උඹේ හු.. පත්තරේට නඩු දාල ඕක වහල දානවා.’’

    ඒ වචන වෙන කාගෙවත් නොවෙයි. එවකට ආරක්ෂක ලේකම් වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂගෙ. ඔහු එහෙම කෑ ගැහුවේ එවකට සන්ඩේ ලීඩර් කතුවරිය වූ පෙඩ්රිකා ජෑන්ස්ට. එම සංවාදය හඬ පටියක් ඇසුරෙන් 2012 ජුලි 08 දි සන්ඩේ ලීඩර් පත්තරේට ලිව්වේත් ඇයමයි.

    ( මතක තියා ගන්න ඇය රාජපක්ෂ ගුණ ගායනා කරපු මාධ්‍ය වේදිනියක්. ජෙනරල් පොන්සේකා හිරේ යවන්න ඇය සාක්ෂි දෙත්දි ගෝඨාභය ඇයට එම්.එස්.ඩී, ආරක්ෂාව පවා දීල තිබුණ)

    ඒ සංවාදයේ දී ඇය මෙහෙම අහනව.

    ‘‘ ඔබ මට තර්ජනය කරනව ද? ’’

    ගෝඨාභය රාජපක්ෂ කෑ ගහන්නේ මෙහෙමයි.

    ‘‘ ඔව් තර්ජනය කරනව තමයි. ඕන නම් මං කියපු හැම වචනයක්ම ලියපං. එක හු.. වචනයක් ලියපං, මං බලා ගන්නම්. උඹ ගූ කන හු.. ජනමාධ්‍යවේදිනියෙක් ’’


    දැන් පොලිස් රාජ්‍යක් ගැන කතා කරන්නේ මෙන්න එදා එහෙම කතා කරපු මේ රාජපක්ෂලාය!

    එදා අවලං උසාවියට බය නැතැයි කෑ ගැසූ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කර තමන් අත් අඩංඟුවට ගැනීම තාවකාලිකව වළක්වා ගන්න සමත් වී තිබෙනවා. දැන් මානව හිමිකම් පෙත්සම් රාජපක්ෂවරුන්ට වටින දේවල් වෙලා.

    ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලේ මානව හිමිකම් නඩු පවරපු ජනමාධ්‍යවේදීන්ට නිදහස් වෙන්න නම් ඒ නඩු ඉල්ලා අස්කර ගන්න සිද්ධ වුණා.

    2009 පෙබරවාරි 26 දා එවකට සුදර්ඕලි පුවත්පතෙහි කර්තෘ වූ එන්. විත්‍යාදරන් ඥතියකුගේ අවමඟුල් උත්සවයකට සහභාගිවෙමින් සිටි පොලිස් නිල ඇඳුමින් සැරසුණ තිදෙනෙකුගේ කණ්ඩායමක් විසින් පැහැර ගැණුනා. එම පැහැර ගැනීම වහාම දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානයන්හි අවධානයට යොමූ කිරීමට අදාළ පිරිස් සමත් වුනා. පොලීසිය පැහැර ගැනීම ප්‍රතික්ෂේප කළා. පැය ගණනාවක් ඇතුළත පොලිස් අපරාධ දෙපාර්ථමේන්තුව ප්‍රකාශයක් කරමින් පහර දී මහ මඟ දමා සිටි ජනමාධ්‍යවේදී විත්‍යාදරන් තමන්ට හමු වූ බවත් ඔහු අත් අඩංඟුවට ගත් බවත් කියා සිටියා.

    ඒ අද රාජපක්ෂලාට මතක නැති තවත් එක් සිදුවීමක් විතරයි.

    එදාම ගොඨාභය රාජපක්ෂ ඕස්ට්‍රේලියානු එස්බීඑස් රූපවාහිනියට කිව්ව කතාව ඊටත් හපන්. ‘‘ විත්‍යාදරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. තමුසේ ඌ රකින්න හැදුවොත් තමුන්ගේ අතෙත් ලේ ගෑවේවි. ඌ තමයි කොළඹට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාර සම්බන්ධීකරණය කළේ. ’’

    අන්තිමේ දී විත්‍යාදරන් නිදොස් කොට නිදහස් කරන්න රාජපක්ෂලාට සිද්ධ වුණා. එත් එක කොන්දේසියක් උඩ. ඒ තමයි තමා පැහැර ගෙන ගොස් පහර දී අත් අඩංඟුවට ගෙන රඳවා තැබීමට විරුද්ධව විත්‍යාදරන් ගොනු කර තිබූ මානව හිමිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම.

    අද තමන් හිරේ යන එක වළක්ව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පවරන්නේ අන්න ඒ ගෝඨාභය රාජපක්ෂ.

    ඊට වසරකට පෙර එනම් 2008 මාර්තු 06 දා මාධ්‍යකරුවකු මෙන්ම මුද්‍රණකරුවකු වූ ජසිහරන් සහ ඔහුගේ සහකාරිය වූ ජනමාධ්‍යවේදිනී වලර්මතී ගෝඨාභයගේ පොලීසියෙන් අත් අඩංඟුවට ගැනුනා. උසාවියේ නඩු විමසා තීරණ දෙන්න කලින් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මගින් ( 2009 ජනවාරි) එම පුරවැසියන් දෙදෙනා භයානක ත්‍රස්තවාදීන් ලෙස තීන්දු කළේ මෙහෙමයි.

    ‘‘ සැකකාර ජසීහරන් එල්ටීටීඊ ප්‍රචාරක කටයුතු වලට උදව් වෙමින් මුද්‍රණාලයක් පවත්වා ගෙන ගියේ ය. සැකකාර වලර්මතී ජසිහරන්ගේ සහායිකාවක වෙමින් එල්ටීටීඊයේ ප්‍රචාරක කටයුතු වලට උදව් කරමින් සිටියේ ය. ’’
    මීට අමතරව තවත් බොහෝ දරුණු චෝදනා රාජපක්ෂ ප්‍රචාරක යන්ත්‍ර මගින් ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ල කෙරුණි.

    නමුත් අධිකරණය අන්තිමේ දී එම දෙදෙනාද 2009 ඔක්තෝබර් 26දා නිදොස් කොට නිදහස් කළා. ඒත් එක් කොන්දේසියක් උඩ. ඒ කොන්දේසිය එවකට නීතිපති වූ මොහාන් පීරිස් අධිකරණය හමුවේ කිව්වේ මෙහෙමයි.‘‘ ජසීහරන්ට සහ වලර්මතීට එරෙහිව තියෙන චෝදනා ඉල්ලා අස්කර ගැනීමට අප සූදානම්. නමුත් ඒ සඳහා ඔවුන් තමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ත්‍රස්ත විමර්ශන අංශයට එරෙහිව පවරා ඇති මානව හිමිකම් නඩු ඉල්ලා අස්කර ගත යුතුයි ’’

    මේ වෙන කොට ශ්‍රේෂ්ඨාධිකරණය එම මූලික මානව හිමිකම් නඩුව විභාග කිරීමට දින පවා නියම කර තිබුණා. තමා චධ හිංසාවනට ලක් කළ බව සනාථ කිරීමට ජසිහරන් සතුව සාක්ෂි තිබුණා. අන්න ඒ නිසයි මොහාන් පිරිස් එම මානව හිමිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට ජසීහරන් සහ වලර්මතිට කොන්දේසි පැනෙව්වේ. ඒ නඩුව අහන්න ඊට සති කිහිපයකට කලින්.

    ඔවුන් නිදහස් කිරිමෙන් පසුවත් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය එම චෝදනා අඩංඟු ලිපි කිසිවක් ඉවත් කළේ නැහැ. රාජපක්ෂලා මානව හිමිකම් සහ නීතියට සැළකුවේ අන්න ඒ විදිහට. දැන් මානව හිමිකම් ඉල්ලා උසාවි යන්නේ ඒ රාජපක්ෂම වීම ඉතිහාසයේ සරදමක් ද? ඩිමෙන්ෂියා රෝග ලක්ෂනයක් ද? නැත්නම් ඒ දෙකමද?

    ‘‘ මේක පොලිස් රාජ්‍යයක්’’ කියළ ඒ ගෝඨාභය රාජපක්ෂ කියළ තිබුනෙ පහුගිය අප්‍රේල් 23දා. පොලිස් රාජ්‍යයක හැටි බලා ගන්න ඕනෙ නම් ගෝඨාභය රාජපක්ෂට තියෙන්නෙ ඒ දවස්වල තමුන් දෙස් විදෙස් රූපවාහිනී නාලිකාවට දීපු ඝෝෂාකාරී සම්මුඛ සාකච්ජා දිහා බලන එකයි. ‘ලසන්ත වික්‍රමතුංග කියන්නේ මොකෙක්ද’ කියළ ඉන් එකකදි අහපු රාජපක්ෂ තවත් එකකදී කිව්වා ‘මං සරත් පොන්සේකා එල්ලුම් ගස් යවනව’ කියල.

    එදා එහෙම කැ ගහපු ගෝඨාභය දැන් නීතියේ පාලනය ගැන කතා කරනවා!

    2010 ජනාධිපතිවරණයෙන් යම්තම් දින දෙකකට පස්සේ එනම් ජනවාරි 28 දා 077 350 1626 දරන සිය දුරකථනයෙන් එවකට ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහට ගොඨාභය මරණ තර්ජනය කරා. ඔහු මෙසේ කියා තිබුණා. ‘‘ තමුසෙගේ ලංකා පත්තරේ වැහුවෙ නැත්නම් මං ඒකට ගිනි තියනවා. තමුසෙත් ප්‍රවේසම් වෙනවා’’. පසුව ලංකා පුවත්පත් කාර්යාලය නීති විරෝධී ලෙස සීල් තැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ පොලීසිය විසින්.

    2007 අප්‍රේල් 17 හෝ 18වන දා ඩේලිමිරර් කතුවරිය වූ චම්පිකා ලියනාරච්චිට දුර කථනයෙන් තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂ ‘තමුන්ගේ පත්තරය කරුණා අම්මාන්ගේ කන්ඩායම විවේචනය කිරීම ගැන හමුදාව ඉන්නේ කේන්තියෙන්. මගෙන් ආයෙත් ආරක්ෂවක් ඉල්ලාගෙන එන්න එපා’ යැයි බැණ වැදුණා. එපමණක් නොව අදාළ වාර්තාව ලියා තිබූ ජනමාධ්‍ය වේදිනිය ගැන නපුරු බස් ද දොඩා තිබුණා.

    2008 මැයි 26 දා එවකට ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසුරිය සහ ලේකම් පෝද්දල ජයන්ත කැඳවූ ගොඨාභය රාජපක්ෂ ‘ තමුසෙලාට වෙන දේ බලා ගන්නවා. ඒක ජනතාව කරාවි. තමුසෙලා එක්ක මට සාකච්ජාවක් නෑ. මං කියන දේ අහගෙන ඉන්නයි එන්න කිව්වේ’ යැයි මරණීය තර්ජන එල්ල කර තිබුණා. ඒ තර්ජනය අනුව 2009 ජූනි 01 දා පැහැර ගැණුන පෝද්දල ජයන්තට දරුණු වධහිංසා පමුණුවා මැරෙන්නට කානුවකට විසි කර දැම්මේ කුප්‍රකට සුදු වෑන්කරුවන් විසින්.

    ‘ මං තමුසේ මරා දානවා’ යැයි 2006 ජනවාරි 11දා එවකට සන්ඩේ ලිඩර් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංගට තර්ජනය කළේ ජනාධිපති රාජපක්ෂ. ලසන්ත ජනමාධ්‍යට කී පරිදි මහින්ද රාජපක්ෂ ඔහුට බැන වැදුණේ ‘අම්මට හු... වේසිගේ පුතා’ වැනි තිත්ත කුණු හරුප වලින්. අන්තිමේ දී එම තර්ජනය අනුව 2009 ජනවාරි 08 දා ලසන්ත මරා දැමුණා.

    දැන් පොලිස් රාජ්‍යයක් සහ හිට්ලර්ගේ පාලනයක් ගැන කතා කරන්නේ මෙන්න මේ රාජපක්ෂලා ය. තව මේ වගේ රාජපක්ෂ මාරක කතා කොච්චර නම් තියෙනවද?

    යහපාලනය යනු හිට්ලර් පාලනයට පසුව බිහිවු එවැනි පාලනයක් බව දැන් තහවුරු වෙමින් තිබේ යැයි මහ රාජපක්ෂ වන මහින්ද රාජපක්ෂ මැයි 07දා කියා තිබුණේ වැලිකඩ හිර ගෙදර ළගදි. ඊට කලින් බෝගම්බර හිරගෙදර ළඟදිත් ඒ වගේම කතාවක් කියළ තිබුණ.

    ඒත් මේ රාජපක්ෂලාට මතක නැහැ හිට්ලර් සිය බලය පවත්වා ගන්න කරපු දේවල්ම තමන් කරපු බව. තමන්ට සදාකාලිකව බලයේ ඉන්න පුලුවන් වෙයි කියළ හිට්ලර් ව්‍යවස්ථාව වෙනස් කර ගත්තෙ 1933 දි. ඇඩ්ලොෆ් හිට්ලර් ඒ සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වැඩකට නැති කරල බලය තමන් අතට ගත්ත. රාජපක්ෂ 18වන සංශෝධනයෙන් කර ගත්තේත් ඒ ටිකමයි. රාජපක්ෂ හිතුවෙත් මැරෙනකන් බලයේ ඉන්න.

    රාජපක්ෂලාගේ මානව හිමිකම් දේශනා අහගෙන ඉන්න වෙච්චි අපට එක්කෝ පිස්සු! නැත්නම් උන්ට පිස්සු!!

    -සුනන්ද දේශප්‍රිය විසිනි
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නාකියාට දැන් මතක් වෙනව ඇති කරපු කැරි වැඩ. සුදුකොඩි පේනවා ඇති. මූ දෙය්යෝ කියල හිතන් හිටියත් එක වචනෙන් ලංකාවේ ඕනම එකෙක්ව අතුරුදහන් කෙරෙව්වත් මුට අමරණිය වෙන්න බෑ මුට මැරෙන්න වෙනව. මරණාසන්න වෙද්දී මුට මතක් වෙනව. එක පාරට මැරෙන්නේ නෑ විඳවනවා කටුකම්බි ඇඟේ එතෙන වේදනාව දැනෙනවා වතුර පෙවිල හුස්මගන්න අමාරු කම දැනෙනවා ඇඟේ කටු ගහනවා වගේ දැනෙනවා මල්ලකට දාල පොලවේ ගැහුවා වගේ ඇටකටු බිඳෙන වේදනාව දැනෙනවා ඔන්න ඔහොමයි මරණාසන්න වෙද්දී ඕකට තේරෙන්නේ. මුව එල්ලලා ඒ වේදනාත්මක මරණෙන් ගලවන්න එපා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    බිරිඳගේ විදේශගමන් බලපත්‍රය පිළිබඳව අපරාධ පරීක්ෂණ‍ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව හිටපු ඇමති විමල් වීරවංස මාධ්‍ය හමුවේ ප්‍රකාෂකර තිබුණේ මෙවැනි දඩයමක් දන්නා ඉතිහාසයේ 1977න් පසුව සිදු නොවුණු බවය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආරක්ෂ අංශ බලවත් පීඩාවට පත් කරමින් මෙම දඩයම සඳහා යොදවා ඇති බවය.

    ඊයේ (20) මෙම ප්‍රකාශය කළ විමල් වීරවංස 2010 ජූලි මස එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටදී එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ බලය යොදාගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලීසියට තම අනුගාමිකයන් යොදවා පහරදෙනු ලැබීය.

    එවැනි බලයක් සහිතව නීතිය යටකරමින් දේශපාලනයේ යෙදුණු වීරවංස ඇමතිවරයා පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව නැවත ප්‍රශ්න කර සිටියේ වංචනිකයින් සහ දූෂිතයින්ට දඬුවම් කරන බව මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළද එය නොකරන බවය. එහෙත් තම බිරිඳගේ වංචනික ක්‍රියාවක් පිළිබඳව CIDය ප්‍රශ්න කිරීම දඩයමක් බවත් එයට යොදවා සිටින ආරක්ෂක අංශ බලවත් පීඩාවකට පත්ව ඇති බවත් ප්‍රකාශකර ඇත.


     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    කිරම හිමි බොදුබලෙන් නැවතත් ඉවත්වේ.



    කිරිම විමලජෝති හිමියන් බොදු බල සේනා සංවිධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ. උන් වහන්සේ මීට පෙරද රාජපක්ෂ පාලන සමය තුළදී බොදුබල සේනා සංවිධානයෙන් ඉල්ලා අස්වූ අතර එයට හේතු වූයේ බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් අලුත්ගම දී සිදුකළ සංහාරයයි.


    එහෙත් උන්වහන්සේට එසේ ඉවත්ව වැඩි කාලයක් සිටීමට නොහැකි වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් උන්වහන්සෙ හමුව සිදුකළ තර්ජනයක් හේතුවෙනි.


    ඒ අනුව අකටයුතුකම් ගණනාවක් සිදුවෙද්දීද නැවත වරක් බොදුබල සේනා සංවිධානයේ සභාපති වශයෙන් සිටීමට උන්වහන්සේට සිදුවිය. අදාළ තර්ජනයන් සම්බන්ධයෙන් කිරම හිමියන් විසින් කිසිවක් මාධ්‍ය හමුවේ සිදුනොකිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රාජපක්ෂ පාලනයේ මහිමයෙන් තමාට ලැබුණු සම්බුද්ධ ජයන්ති මන්දිරය අහිමි වේය යන බියෙන් බවටද තොරතුරු හෙළි වී ඇත.

    කෙසේ නමුත් අද වන විට රාජපක්ෂ බිය පහව ගොස් ඇති බැවින් බොදු බල සේනා සංවිධානයේ සේවාව සම්බන්ධයෙන් තෘප්තිමත් නොවීම යන්න හේතුන් වශයෙන් දක්වා උන් වහන්සේ ඉවත් විමට තීරණය කොට ඇත.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/833-2015-05-20-11-24-31
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ''අැවන් ගාඩ්'' විදේශවල සඟවා ඇති වත්කම් හෙළිවේ!

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන ගිය රක්නා ලංකා සමාගමට අනුබද්ධ අැවන් ගාඩ් පුද්ගලික සමාගම විසින් විදේශ රටවල් ගණනාවක විශාල මුදල් ප්‍රමාණයක් ස්ථාවර සහ සාමාන්‍ය ගිණුම් වශයෙන් බැංකුගත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තොරතුරු අධිකරණයට වාර්තා කර තිබෙන්නේ ගාල්ල වරායේ පවත්වාගෙන ගිය අැවන් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් කරගෙන යනු ලබන අධිකරණමය ක්‍රියාදාමයට අනුවය.

    එහෙත් මෙම මුදල් ප්‍රමාණය කොපමණද? එම විදේශීය රටවල් මොනවාද? බැංකු මොනවාද? යන විස්තර හෙළිකර නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇවන්ගාර්ඩ් සමාගමේ සියලු ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් ලාබා දෙන ලෙසය.

    එම ඉල්ලීම සම්බන්ධයෙන් සමාගමේ නිතීඥවරයා මතු කළ කරුණු පිළිබඳව සලකා බැලූ විනිසුරුවරිය එම පරීක්ෂණ සඳහා අවශ්‍ය වන්නේ කුමන ලිපි ලේඛන දැයි නිශ්චිතව සඳහන් කරන ලෙස දන්වා වැඩිදුර නඩු විභාගය ජූනි 05 වැනි දිනට කල් දමා ඇත.


    - http://www.lankatruth.com/home/sinh...:2015-05-22-03-35-10&catid=41:local&Itemid=74
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ගෝඨාභය අපතයට හෙනගහපන්!!! 90 ගනන්වල යුද්දෙට බයේ රටින් පැනලා ගිය එකා දැන් එනවා මෙතන යුද්දේ ඉවර කලා කියලා පොර වෙන්න. ඔය කතා හොඳයි හෙද්දයි බතුයි කකා ටීවිී එකෙන් ආස්චර්ය බලලලා මැදමුලනේ අපුච්චට පු_ දීපු බයියන්ට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගෝඨාභය අපතයට හෙනගහපන්!!! 90 ගනන්වල යුද්දෙට බයේ රටින් පැනලා ගිය එකා දැන් එනවා මෙතන යුද්දේ ඉවර කලා කියලා පොර වෙන්න. ඔය කතා හොඳයි හෙද්දයි බතුයි කකා ටීවිී එකෙන් ආස්චර්ය බලලලා මැදමුලනේ අපුච්චට පු_ දීපු බයියන්ට

    බයියෝ හිතන් ඉන්නේ ඇමරිකා ගිහිං මූ යුධ පුහුණුව ලැබුවා කියල. ඕකා නිග්ගන්ට පුක දුන්න සොන්නයෙක් බං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    සිරසට ක්ලේමෝ බෝම්බ ගැහුවේ ගෝඨා - රංජන්



    සිරස රූපවාහිනී ආයතනයට බෝම්බ ගසා එය ගිනි බත් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඇමැති රංජන් රාමනායක පවසයි. ඔහු පසුගියදා පැවැති සටන රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් මේ බව සදහන් කළ අතර එහිදි අදාළ ආයතනයේ මාධ්‍යවේදීන්ගේ බාධා කිරීම් හමුවේද ඔහු අවධාරණය කර සිටියේ තමාට සාක්ෂි ඇති බැවින් මෙම අපරාධය සිදුකළේ ගෝඨාභය රාජපක්ෂම බවයි.


    ඒ සදහා ඔහු හේතුන් සදහන් කළ අතර වැඩිදුරටත් සදහන් කර සිටියේ ක්ලේමෝ බෝම්බ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට හෝ සාමාන්‍ය සිවිල් චණ්ඩියෙකුට හෝ වම්බොට්ටාට, වෙලේ සුදාට, ජූලම්පිටියේ අමරේට ලබාගැනීමට නොහැකි බවත් ඒ සදහා බලය ඇත්තේ ආරක්ෂක අංශයක උසස් නිලයක් දරණ ආරක්ෂක ලේකම්වරයෙකු වැනි කෙනෙකුට බවත් එය ගෝඨාභය රාජපක්ෂට නම් පහසුවෙන් කළ හැකි බවත්ය.

    ඒ අනුව මෙම පහරදිම හා බෝම්බ ප්‍රහාරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවක් බවද සදහන් කොට සිටියේය.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/863-2015-05-25-03-44-10
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ගෝඨා/බැසිල් ප*යන්ට නාමයෝජනා දෙනවාට වාසු අකමැතිලු

    2015 මැයි මස 24 19:30:41

    ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාරිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.

    ‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ. ‘


    - http://www.lankadeepa.lk/index.php/articles/319439
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    සිරසට ක්ලේමෝ බෝම්බ ගැහුවේ ගෝඨා - රංජන්



    සිරස රූපවාහිනී ආයතනයට බෝම්බ ගසා එය ගිනි බත් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඇමැති රංජන් රාමනායක පවසයි. ඔහු පසුගියදා පැවැති සටන රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් මේ බව සදහන් කළ අතර එහිදි අදාළ ආයතනයේ මාධ්‍යවේදීන්ගේ බාධා කිරීම් හමුවේද ඔහු අවධාරණය කර සිටියේ තමාට සාක්ෂි ඇති බැවින් මෙම අපරාධය සිදුකළේ ගෝඨාභය රාජපක්ෂම බවයි.


    ඒ සදහා ඔහු හේතුන් සදහන් කළ අතර වැඩිදුරටත් සදහන් කර සිටියේ ක්ලේමෝ බෝම්බ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට හෝ සාමාන්‍ය සිවිල් චණ්ඩියෙකුට හෝ වම්බොට්ටාට, වෙලේ සුදාට, ජූලම්පිටියේ අමරේට ලබාගැනීමට නොහැකි බවත් ඒ සදහා බලය ඇත්තේ ආරක්ෂක අංශයක උසස් නිලයක් දරණ ආරක්ෂක ලේකම්වරයෙකු වැනි කෙනෙකුට බවත් එය ගෝඨාභය රාජපක්ෂට නම් පහසුවෙන් කළ හැකි බවත්ය.

    ඒ අනුව මෙම පහරදිම හා බෝම්බ ප්‍රහාරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවක් බවද සදහන් කොට සිටියේය
    .


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/863-2015-05-25-03-44-10

    ටහිකේඊ!! පට්ට පතුරු ශාක්ශියක් අනිවාර්යයෙන් නඩුවක් දෑම්මොත් ඉත්තෙරුවෙන්ම ඔප්පු වෙනවා.
    මුගෙ මොලෙ තියෙන්නෙ කොහෙද මන්දා?

    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සිරසට ක්ලේමෝ බෝම්බ ගැහුවේ ගෝඨා - රංජන්



    සිරස රූපවාහිනී ආයතනයට බෝම්බ ගසා එය ගිනි බත් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව ඇමැති රංජන් රාමනායක පවසයි. ඔහු පසුගියදා පැවැති සටන රූපවාහිනි වැඩසටහනට එක්වෙමින් මේ බව සදහන් කළ අතර එහිදි අදාළ ආයතනයේ මාධ්‍යවේදීන්ගේ බාධා කිරීම් හමුවේද ඔහු අවධාරණය කර සිටියේ තමාට සාක්ෂි ඇති බැවින් මෙම අපරාධය සිදුකළේ ගෝඨාභය රාජපක්ෂම බවයි.


    ඒ සදහා ඔහු හේතුන් සදහන් කළ අතර වැඩිදුරටත් සදහන් කර සිටියේ ක්ලේමෝ බෝම්බ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට හෝ සාමාන්‍ය සිවිල් චණ්ඩියෙකුට හෝ වම්බොට්ටාට, වෙලේ සුදාට, ජූලම්පිටියේ අමරේට ලබාගැනීමට නොහැකි බවත් ඒ සදහා බලය ඇත්තේ ආරක්ෂක අංශයක උසස් නිලයක් දරණ ආරක්ෂක ලේකම්වරයෙකු වැනි කෙනෙකුට බවත් එය ගෝඨාභය රාජපක්ෂට නම් පහසුවෙන් කළ හැකි බවත්ය.

    ඒ අනුව මෙම පහරදිම හා බෝම්බ ප්‍රහාරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවක් බවද සදහන් කොට සිටියේය.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/863-2015-05-25-03-44-10

    යුක්‍රේන ගරිල්ලන්ට ආයුධ වික්ක පරයට ක්ලේමෝ එකක් කජ්ජක්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගෝඨා/බැසිල් ප*යන්ට නාමයෝජනා දෙනවාට වාසු අකමැතිලු

    2015 මැයි මස 24 19:30:41

    ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාරිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.

    ‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ. ‘


    - http://www.lankadeepa.lk/index.php/articles/319439

    ලොල් සගතයි. මුත් දන්නව ඇති පයියෝ දෙන්න කරපු වැඩ
    බැසිල කම්බ හොරා ගෝට මිනීමරුවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    23_MAIN_P_18.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.25, ප.ව.3.35) හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර ඇතත්, මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඇල් මැරුණු වැඩ කෙරුවාව නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර සාක්ෂි සටහන් හා පරීක්ෂණවල ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ පිණිස යොමුකර දැනට දීර්ඝ කාලයක් ගත වී ඇත.

    මෙම විශේෂ පරීක්ෂණයේදී නාවික හමුදාවේ නිලධාරීන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක වළල්ලේ සහ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස සැළකෙන ආමි රොෂාන් හෙවත් සම්පත් මුණසිංහ ද ඒ අතර වෙයි.

    මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අවසර ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ නඩරාජ් රවිරාජ් ඝාතනයට උපදෙස් දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවටත් අදාළ ඝාතනය සෘජු ලෙස මෙහෙයවා ඇත්තේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බවට සාක්ෂි රැසක් ලැබී තිබීම හේතුකොටගෙන බව අනාවරණය වෙයි.

    මේ අනුව ගෝඨාභය රාජපක්ෂව සහ වසන්ත කරන්නාගොඩව අත් අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර උපදෙස් පතා ඇතත් ඊට ප්‍රතිචාර දැක්වීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනතෙක් සිදුනොකිරීම නිසා එම පරීක්ෂණ කටයුතුද හමස් පෙට්ටියට ඇද වැටෙමින් පවතින අතර ප්‍රධාන විත්තිකරුවන් ද නීතියේ රැහැනින් මිදී නිදහසේ සැරිසරමින් සිටිති.

    මෙම කල් මැරීම සිදුකරන්නේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ගේ සමීප හිතවතුන් පිරිසක් වශයෙන් සැළකෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රධාන රජයේ නීතිඥවරුන් පිරිසක් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට තොරතුරු ලැබී තිබූ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ප්‍රකාශකයෙකුගෙන් ලංකා ඊ නිව්ස් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙකී පරීක්ෂනය පිලිබඳ ලිපිගොනුව ශවීන්ද්‍ර ප්‍රනාන්දු භාරයේ තිබෙන්නක් නොවන බවත් ඔහු ඒ පිලිබඳ කටයුතු නොකරන බවත්ය. ශවීන්ද්‍ර ප්‍රනාන්දු මේ වන විට ෆීජි හි රැකියාව සඳහා පිටත්ව යෑමට දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත කරගෙන ඇතැයිද ප්‍රකාශකයා පැවසීය.

    කෙසේ වෙතත් සිදුව ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ පමාව ගැන අදහස් දැක්වූ ප්‍රකාශකයා පවසා සිටියේ මෙම පරීක්ෂන සඳහා ස්කොට්ලන්ඩ්යාර්ඩ් පරීක්ෂකයන් මෙරටට පැමිණ සහාය දැක්වූ බවත් ඔවුන් යම් සාම්පල ප්‍රමාණයක් වැඩිදුර පරීක්ෂන සඳහා එංගලන්තයට රැගෙන ගොස් ඇති අතර තවත් සාම්පල ප්‍රමාණයක් ඉල්ලා ඇතැයිද ඒවායේ වාර්තා තවමත් ලැබී නොමැති වීමත් නීතිපති දෙපාර්තමේන්තු කටයුතු පමා වීමට එක් හේතුවක් බවයි. ඒ කෙසේ වෙතත් ලබන මාසය නිම වන්නට පෙර රවිරාජ් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සහ නීතිමය කටයුතු නිමා කරමින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකිවෙතැයි නීතිපති දෙපාර්තමේන්තු ප්‍රකාශකයා අවධාරණය කෙළේය.


    - http://www.lankaenews.com/news/1980/si