ක්ලයිඩ් සාමාන්‍ය ගති පැවතුම් සහිතව ජීවිතය ඇරඹූ තරුණයෙකු බවත්, බොනී කවි ලිවීමට ප්‍රිය කළ, සරල යුවතියක බවත් කීමට සාධක තිබෙනවා. දෙදෙනා කොතරම් සමීපව, ආලයෙන් වෙලී සිටියත්, බොනී හා ක්ලයිඩ් කිසිදා විවාහ වූයේ නැහැ.
මියයන විටත් බොනී පාකර් පැළඳ සිටියේ ඈ ක්ලයිඩ් හමුවීමට ප්‍රථමව විවාහව සිටි රෝයි තෝර්න්ටන් විසින් ඈට පැළඳි මඟුල් මුදුවයි.