මිනී එම්බාම් කරන ගැහැනියක්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මිනී එම්බාම් කරන ගැහැනියක්

    අද thread 1වෙන් වෙන්නේ පසුගියදා තිබුන කාන්ත දිනය වෙනුවෙන්, ඇත්තටම දිරිය කාන්තාවක් ගැන, අභීත දියණි , සුජාත දියණි ගැන කතා කලාට අපේම රටේ මේ වගේ කාන්තාවන් ඉන්නවා කියන එක ගොඩක් දෙනෙකුට අමතකයි. ලොකු ලොකු උත්සව වල සම්මාන ගන්නේ ඒවාට නුසුදුසු උදවිය:angry::angry:

    මගේ කතා නායිකාව වෙන්නේ සෝමාවතී දේවනාරායන, ඇය ඉන්නේ ඇඹිලිපිටිය, කොලොන්න කියන ගමේ. කොලොන්න පොලිසිය ගාව තියන මිනී පෙට්ටි සාප්පුව මේ සෝමවතිගේ, ගෝලයෝ දෙන්නෙක් හිටියත් මෙයාගේ අතින්මලු මිනි පෙට්ටි සාප්පුවේ හැම දේම වෙන්නේ.
    උපාලි සමරසිංහ කරපු සාකච්චාවක් ඇසුරෙන් ඇයගේ විස්තර හොයල බලමු.


    as0903011-4.jpg


    “මරණයක් සිදුවූ වහාම මිනිස්සු මාව හොයාගෙන එනවා. මිනියට අඳුම් මහන්නෙත් මම. පෙට්ටි හදලා තියන්නෙත් මම. එම්බාම් කරන්නෙත් මමයි. අවමංගල ගෙදරට අවශ්‍ය පාවාඩ, මල්වඩම්, ඇත් දත් මේ සේරම මං ‘හයර්’ කරලා කීයක් හරි හොයාගන්නවා මහත්තයො. අවමංගල රථය ‘හර්ස්’ එක එළවන්න කෙනෙක් නැත්නම් රෑ දොළහට හරි ඕනෑම තැනකට ‘මිනිය’ ගෙනියන්නෙත් මම.

    සෝමවතී කීය වෙනකම් ඉගෙන ගත්ත ද?

    “මම අපොස සාමාන්‍ය පෙළ විෂයයන් හයක් සම්මාන හතරක් එක්ක සමත්. අපේ තාත්තා අම්මා අහිංසක මිනිස්සු. පුංචි කාලයේ ඉඳන්ම මාපියන්ටත් බරක් නොවී මා යමක් සොයාගත්තා. මුලින්ම මා හිටියෙ තිස්සමහාරාමයෙ. එහෙ කළේ ‘ගරාජ්’ එකක්. ඕනෑම වාහනයක් කැඩුණොත් මට හදාගන්නත් පුළුවන්, ගෙවල් විදුලි ‘වයරින්’ කරන්න, කම්බි කපන්න, රෝදවලට ‘පැච් දාන්න, එන්ජිම යට ඉඳන් වාහනය හදන්න, මිනිස්සු කරන ඕනෑම දෙයක් මට එක වතාවක් හරියට බලාන හිටියොත් ඒ විදියටම කරන්න පුළුවන්.”

    “මගේ මේ හැකියාව නිසා මට විශ්වාසයක් ඇතිවුණා. මං මිනී එම්බාම් කරන තැන්වලත් ගැවසීලා ඒකත් ඉගෙන ගත්තා. මට යම්තම් අවුරුදු 20 වෙනකොට පුංචි කාලේ ඉඳන් එකට ඉස්කෝලෙ ගිය මගේම මස්සිනා කෙනකු සමඟ විවාහ වුණා. මගේ සැමියගෙන් මා ගෙදරකට කියලා සතපහක් වියදම් ගත්තෙවත් නෑ. මගේ අතේ ඕනෑම වෙලාවක ‘මොනර’ කොළ දෙක තුනක් තිබුණ මහත්තයො. ඉතින්! ඒ මිනිහා හරිහම්බ කළ දේ එයාටම විතරයි වියදම්. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතාට අවුරුදු 24 යි. දුවට අවුරුදු 13 යි. දැන් මටත් 48 ක් වෙනවා
    as0903011-3.jpg


    දැන් මහත්තයා කෝ? එයාගෙන් මේ මිනී පෙට්ටි සාප්පුවට උදව් නැද්ද?

    මොනවා කතා කරනවද මහත්තයො. ඒ මිනිහා මළ ගෙවල්වල මා යනවටත් විරුද්ධයි. මිනී එම්බාම් කරනවට තියා මේ බඩු හයර් කරනවටත් විරුද්ධයි. ඒත් මට දරුවන්ට හොඳින් උගන්වන්න ඕනෑ. ඒ නිසා මේ කොළොන්නට ඇවිත් 85 ඉඳන් මා ඒ කටයුතු කරනවා. මිනිහා මගේ රස්සාව නිසා මාව අතහැරලා ගියා. එයාගෙ මහගෙවල් මාතර මුහුදු වෙරළ ළඟ. සුනාමියට මගේ මහත්මයත් ගොදුරු වුණා. එයාගෙ පවුලෙ තවත් කීපදෙනෙකුත් මැරුණා. මෙයාගෙ ‘බොඩිය’ හමුවුණා. මා හාමුදුරු නමක් වඩමවාගෙන ගිහින් පාංශු කූලය දීලා පින් පමුණුවලා අවමංගල කටයුතු කරලා ආවා.

    ඇය මිනී එම්බාම් කරන ඇඳ තබා ඇති පිළිකන්න එළිමහනට විවරය. මම ඒවා රහසින් සිදුවිය යුතු නොවේදැයි ඇගෙන් ඇසුවෙමි.

    “ඕවා ඔක්කොම බහුභූත. සමහර මළගෙවල්වල ගියාම මිනිස්සු කියනවා අඟහරුවාදා සිකුරාදා වළලන්නෙ නෑ කියලා. හොඳයි! අඟහරුවාදා සිකුරාදා මිනිස්සු උපදින්නෙ නැද්ද? ඉපදුණොත් ඒකෙ වරදක් තියෙනවද? අඟහරුවාදා සිකුරාදා ඉපදිච්ච ලෝකෙ හොඳ කෙළිකාරයො ඕනෑ තරම් ඉන්නවා.

    අපි මිනී කපන්නෙ පිළිකන්නෙ ඇඳක තබාගෙන. ඕනෑමකමකින් බැලුවොත් කෙනෙකුට බලාගන්න පුළුවන්. ඉතින්! බලාගත්තම අපට මොකද? සංසාරෙ ගැන හරියටම දැනගන්න ඒව බලනවානම් හොඳයි.”


    as0903011-1.jpg


    මං අවුරුදු 3 1/2 ක් කොළොන්න ඉස්පිරිතාලේ මිනී කැපුවා. බොහෝ වෙලාවට ඒකෙ මෝචරියෙ හිටියෙ මායි මිනියයි විතරයි. නැත්නම් මිනියක් පශ්චාත් මරණ පරීක්ෂණයට ඇඹිලිපිටියට ගෙනියන්න ඕනෑ. කාන්තාවක් නිසාද දන්නෙ නෑ රස්සාව ස්ථිර කළේ නෑ. මුදල් හදල් නැතිවම මං අවුරුදු 3 1/2 ක් වැඩ කළා. මිනියක් දැක්කම මට ඒකෙ විස්තරේ හරියටම කියන්නත් පුළුවන්. ඇත්තටම එල්ලිලා මළා ද නැත්නම් මරලා එල්ලුවා ද කියලා එල්ලපු මිනියක් දැකලා මා කීවා.

    මරණ පරීක්ෂණයක කාර්ය කෙරෙන හැටි නියමාකාරයෙන් දැනගැනීමේ කුහුල මා තුළ එසැවෙයි. මම ඇයගේ අවධානය එදෙස හරවමි.

    මුලින්ම කරන්නේ මිනිය මනින එක. මිනියේ උස මැනලා කොරනේල් රාළහාමි (හදිසි මරණ පරීක්ෂක) ලියාගන්නවා.

    මිනිය තිබුණු ස්වරූපය ඊළඟට රාළහාමි ඇඳගන්නවා. ඊළඟට මා මිනිය පෙරළලා බලනවා. ඒ බලන්නේ සීරිම් තුවාල ආදිය තිබේ ද යන්න ගැනයි. දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරී ඩීඑම්ඕ මේ වෙලාවට ළඟින් ඉන්න ඕනැ. වස බීපු හෝ සැක කටයුතු නැති මිනී විතරයි මෙලෙස බලන්නේ. ඊළඟට ඒ හැම මිනියටම පෙට්ටිය දෙන්න, ඇඳුම් මහන්න වෙන්නෙ මටයි. ඉස්පිරිතාලෙදි මට ලැබුණු ලාභය එච්චරයි. මෝචරියට උදේ 8 ට ගිහින් දවල් 12 දක්වා ඉන්නවා. ඊට පස්සෙ ආයිත් 2 ට ගිහින් 4 දක්වා ඉන්නවා. සමහර දාට කපන්න මිනී ඇත්තෙත් නෑ. ඇය කීවාය.

    ඔබ උදේට බුදුන් වැඳලා පහන් තියන්නේ මිනී පෙට්ටි සාප්පුවේ ඒකෙ ප‍්‍රාර්ථනය කුමක් ද?

    වැඩි වැඩියෙන් මැරියන් කියලනම් නෙවෙයි මහත්තයො. මේ වසම් විසිනවයෙ කොහේ හරි කෙනෙක් මිය යනවා. ඒක අපට ලබාදෙන්න ආශිර්වාදයක් වේවිය හිතලයි. මහත්තයා තරහා නැත්නම් තවත් කතාවක් කියන්නම් මම දෙවියන්ටත් පහනක් තියෙනවා. ඒ දෙවියො නම් මට කියන්නෙ මෙහෙමයි. “උඹත් කීයක් හරි හොයාගෙන මටත් තෙල් ටිකක් අරන් පහනක් පත්තු කරපන්.” කියලයි. එසේ කී ඈ කොක් හඬලා හිනැහෙන්නීය.

    ඔබේ ජීවිතයේ සුවිශේෂ සිදුවීම් නැද්ද?

    මොකෝ නැත්තෙ. සමහරු මිනී එම්බාම් කරන තැනට බීගෙන ඇවිත් ‘කුලප්පු කතා’ කියනවා. මා නැගිට එහෙනම් උඹ කරපන්. මං යන්නම් යැයි කී ගමන් ඒ මිනිස්සු මාරු වෙලා යනවා. දවසක් ඉස්පිරිතාලේ පුංචි මාස ගණනක කිරිකැටියෙක් කිරි හිරවෙලා මැරුණා. වාට්ටුවේ සිටි අම්මලා ඔක්කොම අඬනවා. මං මරණය ගැන අඳුනන නිසා චුට්ටක්වත් අඬන්නෙ නෑ. මං ඒ මිනිය කපන්න යන වෙලාවෙ දොස්තර මහත්මයෙක් මගෙන් ඇහුවා. අනෙක් අම්මලාට වගෙ ඔබටත් දුක නැද්ද? කියලා. මං හිනා වෙලා ජීවිතේ මුලදිත් මැරෙනවා. අගදිත් මැරෙනවා කිව්වා.

    ඔබේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ඇති.

    ඔව්, මහත්තයො. මගෙ අම්මා මිය ගියේ මේ ඉහළින් තිබෙන ගෙදර. තාත්තත් අන්තිම කාලෙ මගෙ ළඟ හිටියා. මේ දෙන්නගෙම මිනී කපලා එම්බාම් කළේ මම. ඒක මට ගාණක් නෑ. ඕනෑම මිනියක් සති ගණනක් තියාගන්න සාස්තරේ මා දන්නවා. මගෙ අම්මගෙ මිනිය දින 4 ක් තියාගත්තා.

    එම්බාම් කරන විට ඇය මිනියේ බලනහරය මුලින් ම කපන්නීය. ඉන්පසු එතැනින් ‘ඇනීටා’ සිරින්ජරය ඔබා සිරුර විනිවිද යන සේ බෙහෙත් ගල්වන්නීය. මෙය හරිහැටි කැර තැබුවොත් මිනියක් නරක් නොවී දින 10 ක් 21 ක් තබා ගත හැකි බව ඈ සපථ කරන්නීය.


    ඇය හොල්මන් අවතාර තුට්ටුවකට මායිම් කරන්නේ නැත.

    ඒවා අමු බොරු. මිනී කපන මා ළඟට එකෙක්වත් එන්නෙ නෑ. උන් යන්නෙත් උන්ට යමක් දෙන තැන්වලට. මගෙන්නම් උන්ට මුකුත්ම ලැබෙන්නෙ නෑ. මං බොහෝ වෙලාවක් ගත කරන්නෙ මිනී එක්ක. ගෙදරකට ගියාම නැගෙනහිරට මිනියේ හිස තියන්න එපා. අර පැත්තට එපා. මේ පැත්තට තියන්න කියනවා. මා නම් ගෙදර ඉඩකඩ තිබෙන හැටියට මිනී තියන්නෙ. මං මේ රස්සාව කරන්නෙ මගෙන් පෙට්ටිය ගන්නවානම් විතරයි.

    මිනියට පෙට්ටි දීම, ඇඳුම් ඇන්දීම හා වෙනත් ඇත් දත්, පහන් ආලෝක දීම මතු නොව එම්බාම් කිරීම ද දැන් ඇය අතින් ඉටුවෙයි. දැන් ඇයගේ එකම අරමුණ මිනී ආදාහනාගාරයක් කොළොන්න නව නගරයේ කඩන ලද තම නිවස ළඟ තනන්නටය. එය ද ඉටුවුණු තැන මරණයේ සිට ආදාහනය දක්වාම කටයුතු කිරීමට සෝමාවතී සූදානම්ය.
    as0903011-2.jpg


    කාන්තාවක් හැටියට ඔබට සමාජ පිළිගැනීමක් වගේම මෝඩ මිනිසුන්ගේ අවමන් නැතිවාම නොවේ නේදැයි මම අසමි

    මං බස් එකේ ගියත් මගෙ ළඟ සීට් එකේ කවුරුත් වාඩි වෙන්නෙ නෑ. හේතුව මගේ මල්ලේ තිබෙන්නේ මිනී කපන ආයුධ. ලෝකෙ මිනිස්සු කොයි තරම් මෝඩ ද? කියලයි මා කල්පනා කරන්නෙ. මගෙ දුව මට ‘අම්මා’ කියලා කතා කරන්නෙ නෑ. එයා කියන්නෙ ‘ලොක්කි’ කියලා. එක අතකට ‘අම්මා’ නොකිව්වට එයා මගේම දුව නේද කියලා මගේ හිත සැහැල්ලු කැර ගන්නවා.:(:(

    මේ යකඩ ගැහැණිය වෙනුවෙන් මේක කටත් කියවන්න bump 1ක් දාල යන්න.
    හොඳ නම් rep දුන්නට අව්ලක් නෑ
    :):)
     
    Last edited:

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මේ ගැන වැඩසටහනකුත් දෙපාරක් ගිහින් තියනවා..හරිම දුක හිතෙනවා මිනිස්සු මැය ගැන බලන විදිහ ගැන. මට මතකයි කීවා පන්සලකට දානේ වත් දැන් උයාගෙන යන්නේ නෑ මිනිස්සු පිළිකුල් කරයි කියලා ඒ නිසා දැන් දානෙකට ඕනේ කරන දේවල් පන්සලට ගිහින් දෙනවා මිසක් ගෙදරදී පිළියෙළ කරන්නේ නෑ කියල. බස් එකේ ගියත් කව්රුත් වාඩිවෙන්නේ නැහැ :(
    rep++
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    මේ ගැන වැඩසටහනකුත් දෙපාරක් ගිහින් තියනවා..හරිම දුක හිතෙනවා මිනිස්සු මැය ගැන බලන විදිහ ගැන. මට මතකයි කීවා පන්සලකට දානේ වත් දැන් උයාගෙන යන්නේ නෑ මිනිස්සු පිළිකුල් කරයි කියලා ඒ නිසා දැන් දානෙකට ඕනේ කරන දේවල් පන්සලට ගිහින් දෙනවා මිසක් ගෙදරදී පිළියෙළ කරන්නේ නෑ කියල. බස් එකේ ගියත් කව්රුත් වාඩිවෙන්නේ නැහැ :(
    rep++

    adress ne


    thanks machan:):):):)