මියන්මාර්_හමුදා_සහය_ඉවතට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මියන්මාර්_හමුදා_සහය_ඉවතට

රෝහින්ග්‍යා අර්බුදය: ඇමරිකාව හමුදා සහාය ඉවත්කර ගනී



_98463841_da7b2e93-6070-4eb6-93e7-15c138ecbf54.jpg


බංග්ලාදේශයට පළා ආ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට සලකන ආකාරය පදනම් කරගනිමින් එක්සත් ජනපදය විසින් මියන්මාරයට ලබා දෙනු ලැබ තිබූ සිය හමුදා සහාය ඒකක ඉවත් කර ගනී. එමෙන්ම මියන්මාරයේ හමුදා බලධාරීන්ට සංචාරක තහනමක් සහ රටට ආර්ථික සම්බාධක පැනවීම පිළිබඳව ද සළකා බලමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පවසන්නේ මේවන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මිලියනයකට ආසන්න පිරිසක් බංග්ලාදේශයට පළාගොස් ඇති බවය. තමන් කැරලිකරුවන් සමඟ සටනක් සිදුකරන බවත් සාමාන්‍ය ජනතාව ඉලක්කයක් වී නොමැති බවත් මියන්මාර හමුදාව පවසයි.


_98463842_3ac3eb4f-c8d3-4ea8-bcd6-17a3d21c6c61.jpg


රෝහින්යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය

කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මියන්මාරයේ රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් තමන්ගේ බලවත් සැළකිල්ලට භාජනය වී ඇති බවය.
රඛායින් ප්‍රාන්තයේ සිදුවීම් 'ජන සංහාරයක් සඳහා දියහැකි හොඳම නිදසුනක්' ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වනු ලැබිණි. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් තවමත් දහස් ගණනින් බංග්ලාදේශයට පැමිණෙමින් සිටින බව එහි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පැවසීය. රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පරම්පරා කිහිපයක් මියන්මාරයේ ජීවත්වෙමින් සිටින නමුත් එරට බලධාරීන් සලකන්නේ ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙසිනි.

රෝහින්ග්‍යා ප්‍රජාව, මියන්මාරයේ වෙසෙන සුළු ජන කණ්ඩායම් ගණනාවක් අතරින් එකකි. මේ වසර මුල දී එරට විසූ රෝහින්ග්‍යා ජනගහනය දස ලක්ෂයක් පමණ විය. මියන්මාරයේ මුස්ලිම් භක්තිකයන්ගෙන් බහුතරය නියෝජනය කරන රෝහින්ග්‍යාවරුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේ රඛයින් ප්‍රාන්තය තුළය. තමන්ගේම භාෂාවකට සහ සංස්කෘතියකට උරුමකම් කියන ඔවුන් පවසන්නේ තමන් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන බවය.
තමන් පරම්පරා ගණනක සිට රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බවත් රෝහින්ග්‍යාවරු පවසති. නමුත් බහුතර බෞද්ධයන් වෙසෙන මියන්මාරයේ ආණ්ඩුව රෝහින්ග්‍යාවරුන් එරට පුරවැසියන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. රෝහින්ග්‍යාවරුන් එරට වෙසෙන ජන ප්‍රජාවක් වශයෙන් හෝ පිළිනොගන්නා මියන්මාර ආණ්ඩුව 2014 පැවති සංගණනයෙන්ද ඔවුන් ඉවත් කර තිබිණි.

bbc-blocks-dark.png