මියෙන්නට පෙර…
මනුෂ්‍ය ශරීරය මරණය කරා අඛණ්ඩ ගමනක යෙදී සිටියි. අප පමා නො වී අප තුළ ම ආරක්ෂිත රැකවරණයක් ස්ථාපිත කර ගත යුත්තේ එනිස යි. එසේ නො කළ හොත් අප මැරෙන මොහොතේ දී හදවත තුළ සුගතගාමී වීමට සවිමත් බලයක් ඇති පසුබිමක් ගොඩ නැඟෙන්නේ නැහැ. කිසිදු භේදයකින් තොර ව සෑම සත්වයෙකු ම ඉපදීම හා මරණය අත්දකියි. සෑම පුද්ගලයෙකු ම නො නවත්වා ම දුක් ගැහැට විඳිමින් මැරි මැරී උපදී. සෑම වයසක ම මිනිසුන් කිනම් ගෝත‍්‍රයකට අයත් වුවත්, කිනම් සමාජ තලයක සිටියත් මරණය ඉදිරියේ එක සමාන යි. හෙට උදේ මැරේ ද? අද සවස මැරේ ද? අප දන්නේ නැහැ. නමුත් නිසි වේලාව පැමිණි විට මරණය අප කරා එන බව නම් නියත යි. නැවත නැවත මැරි මැරී උපදින අප තුළ ඉපදීම ජරාවට යාම මරණය යන චක‍්‍රය නො නවත්වා ම ක‍්‍රියාත්මක වෙනවා. මරණය පැමිණි කළ පිරිසිදුව, යහපත්ව එයට මුහුණ දෙන්නට නම් මැරෙන විට සිතින් කයින් වචනයෙන් කිසිදු ඇලීමකින් තොර ව අත් හරින්නට අපට උපකාරී වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පමණයි.
උන්වහන්සේ දේශනා කළා ගිහිකෙනෙක් වේවා, පැවිදිකෙනෙක් වේවා, ස්ත‍්‍රී හෝ පුරුෂ වේවා නිතර නිතර මරණය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව. මෙවැනි දේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටීමට අවශ්‍ය වන්නේ එවැනි අවස්ථාවක දී අප බොහෝ විට මානසික ව ඇද වැටෙන්නට ඇති ඉඩකඩ වැඩි බැවින්. විශේෂයෙන් ම අපට පේනවා ධර්මට පුරුදු නො කළ අයගේ අවසාන කාලය ඉතාමත් අනතුරුදායක යි. එයට හේතුව ධර්ම හඳුනාගෙන නොමැතිකම යි. මනුෂ්‍යයකුගේ ජීවිතය හුඟාක් වටිනවා. අවසන් මොහොත තවත් වටිනවා. එහෙම නම් ඔහුගේ මරණාසන්න මොහොත තුළ දී ගෙවිල යන්නෙත් වටිනා මොහොතක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු කෙනෙකුට උපන් මොහොතේ පටන් මරණ මංචකය දක්වා ම රැකවරණයක් අවශ්‍යය යි. ධර්මයෙන් තොර ව ජීවත් වූ කෙනෙකු මරණයට පත්වුණාට පස්සේ ඒ රැකවරණය ඔහුගෙන් ගිලිහිලා යනවා. අප අතරින් මිය යන පිරිස නැවත උපතක් කරා යන්නේ සතර අපායට නම් එයට හේතුව ධර්මයෙන් තොර ව ජීවිතයක් ගත කිරීමයි. මනුෂ්‍ය ජීවිතයක් ගත කරල මරණයට පත්වුණාට පස්සේ විශාල පිරිසකගේ ජීවිත සමහර විට භයානක ඉරණමක් කරා ගමන් කරනවා. මේ අනතුරින් නිදහස් වෙන්න වාසනාව තිබෙන්නේ අවබෝධයෙන් යුතු ව තිසරණය තුළ පිහිටලා සීලා දී ගුණධර්ම දියුණු කර ගත් ආර්ය ශ‍්‍රාවකයෙකුට පමණයි. බොහෝ අය මරණාසන්න රෝගියා ඉදිරියේ හැසිරෙන්නේ වැරදි ආකාරයටයි. ඔහුගේ අසනීපය හංගමින් පුළුවන් තරම් බොරු කියමින් ඔහු මුළා කරනවා. නැත්නම් රෝගියා අසලට වෙලා ඔහුට ජීවිතය ගැන අපේක්ෂාවන් ඇති කරනවා. එවිට මරණාසන්න රෝගියාගේ හිත තව තවත් ආශාව වැඩිවෙලා හීන වූ මේ කාම ලෝකය කෙරෙහි ම සිත පිහිටුවා ගන්නවා. එසේ වූ පසු ඔහුට ධර්මයේ හිත පිහිටුවා ගෙන ජීවිතයේ යථා ස්වභාවය කෙරෙහි අවබෝධයක් ඇති ව සුගතියක උපතක් කරා යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේ දරුවන් කෙරෙහි, ගෙවල් දොරවල් කෙරෙහි ආශාවෙන් මිය යන ඇතැම් දෙනෙක් භූතයන් පේ‍්‍රතයන්, මළ යක්ෂයන් වගේ අමනුෂ්‍යයන් වෙලා ඒ ගෙවල් දොරවල්වලට ම ඇවිත් ගෙදර පිරිසට කරදර කරන්නට පටන් ගන්නවා.
මරණාසන්න රෝගියෙක් ඉදිරියේ අදූරදර්ශී ව කටයුතු කිරීම නිසා මියගිය පුද්ගලයා අමනුෂ්‍ය ලෝකයක උපතක් කරා ගියොත් සමහර විට ඒ පුද්ගලයාට නැවත කල්ප ගණනකට මිනිස් ලෝකයට එන්න බැරිවෙන්න පුළුවන්. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ එක් වතාවක් හෝ සතර අපායේ උපතක් කරා ගිය පුද්ගලයා ආයෙ මනුෂ්‍ය ජීවිතයක උපත ලබනවා කියන කාරණය කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ දෙයක් කියලා.
මවුපියන් මරණාසන්න වුණාම සමහර දරුවෝ දන්නෙ නැහැ කළ යුත්තේ කුමක් ද කියලා. සමහරු දේවාල ගානේ දුවනවා. සමහරු බුදුපිළිම ගෙනවිත් මූණට අල්ලනවා. සමහරු පිරිත් පොත් ගෙනවිත් කොට්ටය යටින් තියනවා. බෝධි පූජා කරමින් ‘දීර්ඝායුෂ ලැබේවා!’ කියලා කොඩිවල ලියාගෙන බෝ ගස වටේ එල්ලනවා. මේ කිසි දෙයකින්වත් මරණාසන්න පුද්ගලයා සුගතියේ උපතක් කරා යවන්න බැහැ. එනිසා ලෞකික සම්මාදිට්ඨියට පැමිණි ආර්ය ශ‍්‍රාවකයා තුළ තිබිය යුතු යි, තමන් කරපු පින ගැන සිතා සතුටු වීමේ දක්ෂතාවයක්. කර්ම, කර්මඵල ගැන විශ්වාසයක්.
ඔබ දන්නවා අංගුත්තර නිකායේ නකුලපිතු සූත‍්‍ර දේශනාව. තමන්ගේ ස්වාමියා මරණාසන්න වූ අවස්ථාවේ දී බිරිඳ විසින් ස්වාමියාගේ හිත සුගතියේ පිහිටුවීමට ගත් උත්සාහය අපට ඉතාමත් ප‍්‍රයෝජනවත්.
එහි දී ඒ නකුලමාතාව කියනවා ‘‘ඔබ දැන් හිතන්න පුළුවන් ඔබ මැරුණට පස්සේ මට මේ දරුවන්ට කන්න අඳින්න දීල බලාගන්න බැරි වෙයි කියල. ඒ වගේ අදහසක් ඇති ව නම් මියන්න එපා. මට හොඳට රැකියාවක් කරන්න සවි ශක්තිය තිබෙනවා. මං වෙනදාටත් වඩා හොඳින් දරුවන් ව පෝෂණය කරන්නම්.” ඒ වගේ ම කියනවා,‘‘මේ ගෙවල් දොරවල් පාළුවට යයි මේවා බලාගන්න බැරිව යයි කියල හිතන්න එපා. මේ ගෙවල් දොරවල් වතුපිටි සියල්ල නැසී වැනසී යන දේවල් නිසා ඒ කෙරෙහි ඇල්මක් ඇතිකර ගන්න එපා. ඒ වගේ ම ඔබ සිතනව ද ඔබගේ මරණයෙන් පස්සේ මං වෙනත් සැමියකු සමග දීග යයි. එයින් මේ දරුවන්ට වෙනස්කමක් වෙයි කියලා. පින්වත, එහෙම සිතුවිල්ලක් ඇති ව මිය යන්න එපා. මං ගෘහස්ථ බ‍්‍රහ්මචාරී සීලයේ හික්මෙන සිල්වත් කාන්තාවක්. ඒ වගේ ම ඔබගේ මරණයෙන් පස්සේ මට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැතිව යාවි, මට සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ ඇසුරු කරන්න වෙලාවක් නැතිව යාවි, සීල, සමාධි, ප‍්‍රඥා සම්පූර්ණ කරන්න බැරිවේවි කියල සැකයක් ඇතිකර ගන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. මං සීල, සමාධි, ප‍්‍රඥා වඩන කාන්තාවක් බව උන්වහන්සේ දන්නවා.”
මේ විදිහට කරුණු කියලා මරණාසන්න වූ තම සැමියාගේ සිතේ තෘෂ්ණාව නැතිකළා. එහි ආදීනව පෙන්වා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ, ශ‍්‍රී සද්ධර්මය, ආර්ය මහ සඟරුවන කෙරෙහි ගුණ කියලා තෙරුවන් කෙරෙහි අචල ශ‍්‍රද්ධාව ඇති කළා. ආර්යකාන්ත සීලය, සීලයේ තිබෙන අනුසස් ආදී කරුණු විස්තර කරමින් සෝතාපන්න අංගවල සිත පිහිටුවා ගන්න උදව් කළා.
අප දන්නවා සමහර අය පවසනවා ‘‘අපි කාටවත් කරදරයක් කරන්නේ නැතුව ජීවත්වෙනවා. ඒ නිසා අපට අමුතුවෙන් ධර්මයක හැසිරෙන්න ඕන නැහැ. අපි මැරෙන්න බය නැහ” කියලා. ඔහු සසර ගමන ගැන මෙලොව පරලොව ගැන, කර්මයේ ස්වභාවය ගැන කිසි ම අවබෝධයක් නැති පෘථග්ජන කෙනෙක්.
තෙරුවන් සරණ ගිය ආර්ය ශ‍්‍රාවකයෙකු නම් කවදාවත් ඒ විදිහට හිතන්නේ නැහැ. තෙරුවන් සරණ ගිය ආර්ය ශ‍්‍රාවකයා දන්නවා ‘සෝතාපන්න ඵලයට පත්වෙන තුරු ම සතර අපායෙන් නිදහස් වීමක් නැහැ. මං ඕනෑ ම වෙලාවක මරණයට පත්වෙලා නිරයේ උපදින ස්වභාවයෙන් යුක්තයි. පේ‍්‍රත ලෝකයේ උපදින ස්වභාවයෙන් යුක්තයි. තිරිසන් අපායේ උපදින ස්වභාවයෙන් යුක්තයි. එනිසා සෝවාන් ඵලයට හෝ පත්විය යුතු යි. මේ භයානක සසර ගමනින් නිදහස් වෙන්න නිවන් මාර්ගයට බැස ගන්න ඕන’ කියලා.
මනුෂ්‍ය ජීවිතයක් ලැබූ කෙනෙකුට සිදුවන අවාසනාවන්ත ඉරණම තමයි මරණාසන්න වන විට සිහි මුළාවට පත්වීම. එසේ සිහිය මුළාවන්නේ ජීවත්වෙලා ඉන්න කාලයේ ධර්මයේ හැසිරිලා බණ භාවනාවක යෙදිල සිහිය දියුණු කිරීමට උත්සාහ නො කිරීම නිසයි. ධර්මයේ හැසිරුණා නම් සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවලා සිහිය දියුණු කළා නම් එබඳු කෙනෙක් කවදා වත් සිහිමුළා වෙන්නේ නැහැ.
සිහිමුළා වෙලා මරණයට පත්වෙන කෙනෙකුට කුසල අරමුණක සිත පිහිටුවා ගන්න හැකියාවක් නැහැ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ… ‘අසම්මූල්හෝ කාලං කරෝති, කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති’…. සිහිමුළා වී මරණයට පත්වන අය අපාය දුගතිය විනිපාත නම් වූ නිරයේ උපත කරා යන ස්වභාවයෙන් යුතුයි කියලා.
එනිසා සිහිය, නුවණ තිබෙන කාලය තුළ හැම කෙනෙක් ම අප‍්‍රමාදී ව මහන්සි ගන්න ඕනෑ ධර්මයේ සිත පිහිටුවා ගෙන බණ භාවනා කරමින් මේ ලැබුණු ධර්මය මනුෂ්‍ය ජීවිතය තුළ දී ම ධර්මය අවබෝධ කර ගැනීමට. කෙනෙක් මේ ජීවිතයේ දී අවබෝධයෙන් ම තිසරණයේ පිහිටලා සද්ධානුසාරී මට්ටමට පත්වුණා නම් ඒ කෙනාගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ජීවිතය තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ‘සතින්ද්‍රිය’ කියලා කියන්නේ එයටයි. එනිසා ධර්මයේහි සිත පිහිටුවා ගත් තෙරුවන් සරණ යන ආර්ය ශ‍්‍රාවකයන් නම් කවදාවත් මරණ මොහෙතේ සිහිමුළා වන්නේ නෑ. සිහිමුළා වුණාට පස්සේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම එයින් ඉවරයි. එයට හේතුව සිහිමුළා වූ කෙනෙකුට ධර්මය කියලා කුසලයක හිත පිහිටුවන්න බැහැ.
ධර්මානුකූල නොවූ තැනැත්තා පරිපූර්ණ වූ ආශා ඇති ව නො සන්සිඳුණු ආශා ඇති ව නොයෙක් බලාපොරොත්තු ඇති ව අපේක්ෂා සහිත ව ජීවත් වූ කෙනෙක්. එයා අපේක්ෂා සහිත ව මරණයට පත්වෙනවා. එහි දී පිහිටවන්නේ කර්මය බව අවබෝධ කොටගෙන නැහැ. කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපී ව උපතක් කරා යනවා මිසක් වෙන කිසි ම දෙයක් ඒ අයට ලැබෙන්නේ නැහැ. ධර්මය නො වැඩූ අයට බොහෝවිට සිදුවන්නේ දුගතියක ඉපදීමට සිදුවීමයි. නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස්. සැම විට ම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුත්තයි. අකුසලේ ආදීන ව දන්න නිසා ඒවා ප‍්‍රහාණය කරනවා. මරණසතිය නො වැඩූ පුද්ගලයෙක් මරණය අභියස දී ”මට මැරෙන්න බැහැ- මැරෙන්න බයයි” කියමින් මැරෙන අය ඉන්නවා. නමුත් ධර්මයේ සිත පිහිටුවා ගත් පසු එවැනි මොහොතක තැති ගන්නේ වැලපෙන්නේ, දුක්වෙන්නේ අඬන්නේ නැති ව අනිත්‍යය දකිමින් එයට මුහුණ දෙනවා. ඒ නිසා පැහැදිලියි ධර්මයට අනුව ජීවත්ව සිටින්න ලැබුණොත් තමයි අවසාන මොහොත සාර්ථක වන්නේ. ධර්මය නො ලැබූ බොහෝ දෙනාගේ අවසානය අසාර්ථක යි.
එනිසා අප හැමෝම සිහිනුවණ තිබෙන කාලය තුළ ධර්මයේ හැසිරිලා රැකවරණය හදා ගන්න මහන්සි විය යුතු යි.
මහාමේඝ 2012 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK