මිය ගියාද මරණයට පත්කලාද ?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ❗❗මිය ගියාද මරණයට පත්කලාද ? ❗❗

    ආදරණීය ඥාති වරුනේ මිත්‍රවරුනේ පසුගිය වෙසක් දවසේ උදෑසන
    මගේ පුතාට වෛරස් උණ හැදිල ප්‍රතිකාරද ලබා දින තුනකට පසුව සුව අතට හැරෙමින් තිබුන අතර 2023/05/07 දින මොරටුව ලුනාව මංසන්ධියේ එළිමහන් වේදිකාවෙ බොදු බැති ගී ප්‍රසංගයක සින්ඳුත් පහක් කිව්ව 2023/05/08 වනදා සවස් කාලයේ ඇතිවූ බඩේ කැක්කුමක් රාත්‍රි කාලය වන විට තරමක් දුර⁣ට වැඩිවූ අතර ප්‍රතිකාර සඳහා පුද්ගලික වෛද්‍ය ආයතන දෙකතුනකටම ඉදිරිපත් කලා. එහෙත් ප්‍රතිකාර සඳහා මැලිවූ ඔවුන් රෝහලක නේවාසිකව ප්‍රතිකාර කරනා ලෙස දැනුවත් කලා.

    ඒ අනුව වේරහැර KDU වෙත ඉදිරිපත් කලා නමුත් එම රෝහලේ ඇඳන් අවසන් බව පවසා අපව ප්‍රතික්ෂේප කලා පසුව ජයවර්ධනපුර රෝහලට යෑමට තීන්දු කළත් පුතා විසින් ඒ හැටි ලොකු අපහසුතාවක් නැති බව පැවසීම හේතුවෙන් කලුබෝවිල රෝහලට ⁣අංක දෙක වාට්ටුව වෙත 09 වෙනිදා අලුයම 01 වනවිට ඇතුල් කලා.

    එහිදී වෛද්‍ය පරීක්ෂාවෙන් පසු බොහෝ වේලාවකට පසු අලුයම හතර හමාරට සේලයින් සවිකර ලේ සාම්පලයක් ලබාගත්ත පසුව හයට පමන එම සේලයින් සැපයුමද විසන්ධි කලා නැවත උදේ හත හමාරට පමන නැවත වරක් සේලයින් සවිකර උදේ අටට පමන එයද ගලවා දැමුන අනතුරුව වෙනත් රෝහලකට (ඔහුට හුරු පුරුදු වැලිසර රෝහල වෙත) යායුතු යැයි අපි තීන්දු කලා.

    එහෙත් කලුබෝවිල රෝහලේ දෙකේ වාට්ටුවෙන් වෙනත් වාට්ටුවකට මාරු කල බවත් ස්කෑන් එකක් එක්ස්රේ එකක් ලබාගත යුතු බවත් ඒ සඳහා සූදානම් වන ලෙස පැවසුව. ඉතිං එතෙක් නිසි ලෙස සාත්තුවක් ප්‍රතිකාරයක් නැතුව සිටි අපට එම ප්‍රකාශය සතුට ගෙන දුන් අතර වෙන කොහේවත් ⁣රෝහලකට නොගිහිං එහිම රැඳෙන්නට තීන්දු කලා.

    නමුත් වාට්ටු මාරුව සිදුවන්න එදින දහවල් දොළහ පමන වූ අතර අති විශාල රෝගීන් සංඛ්‍යාවක් සහිත ඇඳක්වත් නැති එක ඇඳේ දෙන්න බැගින් සිටින අංක එක වාට්ටුව වෙතට මාරුකලා. කබලෙන් ලිපට වැටුණු අප සිදුවන දෙයක් දෙස බලා සිටීමට සිදුවුනා ක්‍රමයෙන් 09 වෙනිදා රාත්‍රියද උදාවූ අතර ස්කෑන් පරීක්ෂාවට රැගෙන නොයන්නෙ ඇයිද ඇසූවිට රැගෙන යෑම සඳහා සේවකයෙක් පැමිණෙන තෙක් සිටිය යුතු බව පැවසුව.

    පසුව රාත්‍රි හතට පමන ස්කෑන් පරීක්ෂණයට රැගෙන ගොස් පැමිණ එම බාග ඇඳේම පුතාව තැබුව. යළිත් රුධිර පරීක්ෂණයකට රුධිරය ලබාගෙන ප්‍රතිජීවක සමඟින් සේලයින්ද ලබාදුන්න.

    ස්කෑන් එකේ වාර්තාව ලබෙද්දි බඩේ කැක්කුමට කිසිම හේතුවක් නැති බවත් බඩේ දෝසයක් නැති බවත් පැවසුව. පසුව ඇන්ටිබයිටික් එකක් දෙන්න තියෙනව කියල එන්නතක් දීල යනවිට මම ඇසුව මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියල.

    එවිට ඒක ඩොක්ටර් ගෙන් අහන්න කියල ගියා ඊට පස්සෙ ඩොක්ටර් ගෙන් ඇහුවම එයා කිව්ව ලොකු ඩොක්ටර් ගෙන් අහන්න කියල කිසිම කෙනෙක් හරි විස්තරයක් දුන්නෙම නෑ
    පසුව රාත්‍රි වනවිට උගුර කසන්න පටන් ගත්ත තවත් රෑ වෙද්දි උගුර රිදෙන්න ගත්ත අනතුරුව කැස්ස සමඟ කිවිසුම් යන්න ගත්ත තවත් රෑ වෙද්දි උගුර හොඳටම රිදෙන්න ගත්ත.
    දැඟේ දැවිල්ලක් මතුවන බව පුතා කිව්ව.

    එක ඇඳේ දෙන්න තුන්දෙනා බැගින් මහ විශාල සෙනඟ ගොඩක් මැද හිරවෙලා අසරණව ප්‍රතිකාර ලබද්දී ආබාධ තත්ත්වයක්ද ඇති දරුවට යම් විෂබීජයක් ශරීරගතවන බවක් මට එවෙලේ සිතුනත් ඒ වෙනුවෙන් කලහැකි දෙයක් නැති වුනා .රාත්‍රියේ කල එන්නතෙන් පසුව එක්තරා විදියක අස්වාභාවික ලක්ෂණ පෙන්වන්න පටන් ගත්ත.

    ක්‍රමයෙන් 10 වෙනිදාත් වූ අතර දරුවා නොයෙක් ආකාරයේ අපහසුතා පෙන්වන්න පටන් ගත්ත ඒ බව සියලු දෙනාටම කිවුවත් අති විශාල රෝගීන් සංඛ්‍යාවක් සහිත කාර්ය බහුල වාට්ටුව තුල අප වෙනුවෙන් නිසි පිළිතුරු නොමැතිව ඉතාම අසරණ වූ කාලිංඟ විඩෙන් විඩේ ඉතා අපහසු ලක්ෂණ පෙන්වන්නට පටන් ගත්ත.

    එහෙත් දරුවාට ඇඳක් හෝ ඔක්සිජන් සැපයුක් හෝ අඩුම තරමෙ පාන්දර 03 නේ සිට හිස කැරකෙන බව පැවසුවට පරීක්ෂාවක් වූයේද නැත. අලුයම යාමයේ බෙහෙත් ලබා දෙන වාරයේදී නැවත එන්නතක් ලබා දීමත් සමඟින් කාලිංඟගේ තත්ත්වය ඉතාම අවුල් සහගත වුනා. ඒ ගැන කියන හැම වාරයකම නර්ස්ල කිවුවෙ ලොකු ඩොක්ටර් ආවම කියන්න කියල විතරයි වෙන මොකවත් කලේ නෑ.

    පසුව 10 වෙනිද උදේ හතහමාර පමන වන විට කාලිංඟට හිස කැරකෙන තත්ත්වය වැඩිවී සිහිමද ගතියක් සමඟ කම්පන තත්ත්වයක් දක්වාද පැමිණෙමින් තිබුණ ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ බොහෝ අමාරු වූවාට පසු ප්‍රෙෂර් චෙක් කලා එය හතළිස් හය දක්වා අඩුවී තිබූ අතර දරුවා සිහිවිකලෙන් විකාරයෙන් කියවන්න පටන් ගෙන ඔක්සිජන් ධාරිතාවයද පහල ගොස් තිබුණ. මේ සියල්ල වෙන්න පටන් ගත්තෙ උදේ යාමයේ ලබාදෙන බෙහෙත් මුරයෙදි කල එන්තත් සමඟයි.

    එහෙත් ඒ මොනව වුනත් අර හිටපු ඇඳ බාගයේම ඉන්ඳවූ අතර කිසිඳු සුව පහසුවකට ලක් කලේ නෑ ඒවන විට උදෑසන අටත් පසුව තිබුණ. පසුව ඉතාම අසීරුම තත්ත්වයට පැමිණි පසු දහවල් 01ට පමන ඇඳක් ලබාදී වැඩ පටන් ගත්ත එවිට නම් ප්‍රධන වෛද්‍ය වරිය යැයි සිතිය හැකි කෙනෙක් අපිට බැනවදිමින් ඔය ලමෙයගෙ නාසයට විෂබීජ යනව ඒක නිසා ඔය සාත්තුවට ඉන්න කෙනා ඔතනින් ඉවත් වන්න කියල....

    පුදුමය නම් එතෙක් රෝගීන් #තවානක් මැද සිටිනා විට මේ වෛද්‍ය වරිය එලෙස විෂබීජ යන අයුරු නොදැක්කේ ඇයි කියා සහ එතෙක් වෙලාවක් මේ වෛද්‍ය වරිය හිටියෙ කොහේද කියාය.

    කෙසේ වෙතත් ඉතාම දුර්වලව මුලු ශරීරය පුරාම දරුණු ලෙස ශරීරගතව තිබූ විෂබීජයක් හෝ වෙනත් යම් දෙයක් පැතිරයමින් සිටි අතර ඔහුගෙ අත්පා වලින් රුධිර සාම්පල ලබා ගැනීමට හෝ නොහැකි තත්ත්වයට පත්ව තිබුණ.

    අනතුරුව බෙල්ලේ බල නහරයකින් බට තුනක කැනියුලා එකක් දැමිය යුතු බව පවසා ඒ සඳහා සූදානම් වූ වෛද්‍ය වරු දෙදෙනා සහ හෙදියන් පැය දෙකකට වැඩි කාලයක් ඒ සඳහාද වැය කලත් ඔව්න්ට එය දිගින් දිගටම වැරදුණා. කරගත නොහැකි වුනා.
    එතනදිත් තවදුරටත් බරපතල කාලය කාදැමීමක් සිදුවුනා.

    ඒ සඳහා හතර දෙනෙක් තදින් තද කරල අල්ලගෙන හිටිය. එයින් දැඩි තෙරපීමට ලක්වීම හේතුවෙන් කාලිංඟගේ බඩේ තිබූ වෙදනාව බරපතල ලෙස වැඩිවුනා
    දරුව මහ හඬින් මොර දුන්න ඒක කරන්න එපා කියල.

    අන්තිමේ ඒ කෑ ගැහිල්ල පීඩනය නිසාම කෙඳිරියක් බවට පත් වෙලා ශරීරය ක්‍රමයෙන් නිසල වන විට වෙනත් කාරුණික වෛද්‍ය වරියක් එය බාර ගෙන විනාඩි දහයකටත් අඩු කාලයකදී ස්කෑන් එකකින් බලාගෙන කැනියුලාව සවිකර ස්වීච් කරල ඩ්‍රෙසින් කරලත් ඉවර කලා ඒත් ඒ වෙද්දි බොහෝ ප්‍රමාදයි පසුව එම වෛද්‍ය වරිය එතන ඉඳපු නර්ස්ට කිව්ව මේ දරුවට පැයක කාලයකදි අවසන් වන ලෙස ඉක්මනින් සේලයින් ප්‍රබේදයක් ලබා දෙන්න කියල ඒත් අර නර්ස් එම වෛද්‍ය වරියට කෑ ගසමින් ඔයා කියන කියන තාලෙට වැඩ කරන්න අපි මැෂින් කියල හිතුවද ඔයාට ඕන නම් කරගන්න අපිට තව ලෙඩ්ඩු ඉන්නව කියල ඇඟට කඩා පැන්න.... එහෙම කියල පැ බාගෙයක් විතර ගිහිල්ලයි සේලයින් එක සවිකරේ. එතනදිත් හොඳටම ප්‍රමාද වුනා . (මම හිතන්නෙ දරුවගෙ ඇඟපත හොඳටම වේලුනා විය හැකියි.)

    ඒවන විට අපේ අසරණ චූටිපුතා
    මේ ආත්මයේ ඔහුගේ විමුක්තිය වෙනුවෙන් ගමනට බොහෝ ලංවෙලා. තිබුණ...........
    බොහෝ ප්‍රමාදවී අක්‍රමවත්ව ඇරඹුණු. සහ අරඹලත් ප්‍රමාද වෙවී කාලය කා දමමින් කල විශේෂ ප්‍රතිකාර කටයුතු හේතුවෙන් කෑමොර ගසමින් අධික වද වේදනාවන්ට ලක්වූ දරුවා අවසිහියෙන් කතාකල වචන කීපයද නවතා දමා ඇස් උඩතාබා ගත් නිසල කෙඳිරිලි ඉරියව්වක් වෙත වෙනස් වුනා.
    අන්තිමට සවස හය පමණ වනවිට එතෙක් ඇඳක් වත් නොතිබුණු රෝහලේ අයිසීයූ එකක් වෙත යොමු කරන්න අවශ්‍ය බව පවසා කටයුතු යෙදුණ . ඒත් අයිසීයූ වල ඉඩ නෑ කියකියා තව සෑහෙන වෙලාවක් කාලය නාස්ති කලා.

    මීට බොහෝ වෙලාවකට කලින් කරන්න තිබුණ ප්‍රතිකාර ඊට පස්සෙ ඉක්මනින් කලා
    අනතුරුව ඔහුගේ සොයුරි රංශිකාත් සහ මවත් මමත් දෙපැත්තේ සිට හිස අත ගාමින් වෙන කල හැක්කක් නොතිකමින් දෙවියන්ට යදිමින් යාඥා සහ දේව කන්නලව් කරමින් සිටි අතර තුරේ ඔක්සිජන් සේලයින් එහෙම වේගයෙන් ඇඟට වැටෙද්දි ටිකක් වගේ පියවි තත්ත්වයට පත් වුනා
    පසුව ඳගලන කෑ මොර ගසන තත්ත්වය වෙනස් වී සුවපත් ස්වරූපයක් පෙන්වූ අතර කොහොමින් කොහොමින් හරි අයිසීයූ එකක් වෙත යොමු කෙරුණ
    ඒකත් දැඩි උපස්ථාන ඒකකයක් නෙවෙයි නිකංම SICU එකක් විතරයි
    එතන එයාට අවශ්‍ය නියමාකාරයෙන් මැසින් පහසුකම් නොමැති තැනක්.

    එහිදී පැය දෙකක පමන ප්‍රතිකාර වලින්
    ------ Post added on Jul 13, 2023 at 2:29 AM
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    පසුව සැලකිය යුතු මට්ටමෙන් පියවි තත්ත්වයට පත් වී කතාබහ කරන්න පටන් අරගෙන තිබුණු අතර තාත්තාව සොයනා බව පවසා එහි වෛද්‍ය වරයා මාව කාලිංඟ ලඟට කැටුව ගියා.

    එතෙක් මා හඳුනා ගැනීමට පවා නොහැකිව සිටි චූටිපුතා මාව හඳුනා ගෙන මාත් එක්ක කතා කරමින් තාත්තෙ අපි ගෙදර යමු මෙහේ තියන්නෙපා තව කොච්චර හිටියත් මෙච්චර තමයි
    මාව නැගිට්ට වන්න මාව ඉක්මනින් ගෙදර ගෙනියන්න මෙහේ තියන්න එපා ඉක්මනින් නැගිට්ටවල ගෙදර ගෙනියන්න කියල එක දිගටම කියවන්න කෑමොර ගහන්න පටන් ගත්ත නමුත් ටික වේලාවකට පසු මට ලැබුණු කාලය අවසන් වූ නිසා ICU එකෙන් පිටවන්න සිදුවුණා.

    එවිට, තාාත්තේ.... යන්න එපා මාව ගෙනියන්න කියල මහ එඬින් හඬා වැටුණ ඒත් දරුවාගෙ සෞඛ්‍ය තත්ත්වය හා අනෙකුත් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් එතනින් පිටවිය යුතුම බැවින් එළියට ආව
    එච්චරටම අමාරු වෙලා ඉඳලත් පසුව එතරම් ප්‍රකෘති තත්ත්වයට පත්ව තිබුණ.
    මේ කරපු ප්‍රතිකාර ටික උදේ වරුවෙ කලා නම් කාලිංඟට මේ වන විට කොතරම් සහනයක් ලැබෙනවද ඒතරමටම ඒ දරුවගෙ දරාගැනීම ඔරොත්තු දීම ප්‍රභලයි ඒත් මේ වෛද්‍යවරුන් හෙදියන් ඒ ගැන ඒහැටි මායිම් කලේ නෑ.
    අන්තිමට දහවෙනිදා රාත්‍රි අපරභාගයේ හෝ එකොලොස්වෙනිද උදේ එක හමාරට හෝ අපේ අසරණ කාලිංඟ දරුව නොසෑහෙන වදවේදනා විඳල අප සියල්ල අතහැර ගිහින් තිබුණ 😪😪😪😪😪........................

    මෘත ශරීරාගාරයේදී දරුවා දකිද්දි කට ඇතුළෙ ලේ තැවරිලා තිබුණ. අනතුරුව අපේ කිසිම කෙනෙක් සම්බන්ධ කර නොගෙනම එයාලගෙ කැමැත්තට එයාල පමණක් එකතු වෙලා මරණ පරීක්ෂණයක් කරල කිව්ව සෑහෙන කලක සිට මේ දරුවගෙ පෙනහලු සහමුලින්ම නරක් වී තිබී ඇති බවත් මරණයට කාරණාව එය බවත් පවසා සමස්ථ රෝහල් පද්ධතියම ස්වයං නිදොස් කොට නිදහස් කරණයකට ලක්කර ගත්ත.........

    හ්ම්මිම් ඉතිං අපි වෙන මොනව කියල කරන්නද
    ඊට දවස් තුනකට කලින් එළිමහන් ප්‍රසංගයක සින්ඳුත් කිව්ව හොඳට හුස්ම ගත්ත බඩේ කැක්කුමකට රෝහල් ගතවූ සහ ඉන් දෙවැනි දවසේ හිටිගමන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ දරුවගෙ පෙනහලු බොහෝ කලකට කලින්ම නරක් වෙලාලු...........
    හැබැයි ICU එකේදි නං කිවුවෙ දැනට පෙනහලු වල ඔක්සිජන් අවශෝෂණය හොඳයි ඒව නිසි ලෙස වැඩ ඒත් විෂබීජයක් නං ඇතුල් වෙලා තියෙනව කියලයි කිවුවෙ 🥱🥱🥱🥱

    ඉතිං කාට කියන්නද මේව....
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියල.
    ඒ නඩුත් බඩුත් සියල්ල ඒ හාමුදුරු වරුන්ටම පවරා ගන්නට ඉඩ හැරල සදාකාලික වේදනාව පාළුව තනිකම පපුවේම පුරෝගෙන.
    චූටිපුතාගෙ නිසල ශරීරයත් රැගෙන ඒ ශාපලත් පාපකාරී වෙදහෙද අරණෙන් මිදිල අපි ගෙදර ආව 😪😪😪😪😪

    🚫 අත්දැකීමක විශේෂ ප්‍රකාශය

    මෙි මොහොතේ ලංකාවෙ රෝහල් සහ සෞඛ්‍ය පද්ධතියත් පුදුම සහගතයි. දවස ගානෙ තත්පරයක් ගානෙ වැල නොකැඩි එන අලුත් අලුත් රෝගීන් සහ රෝගී ප්‍රභේද වලින් රෝහල් වාට්ටු පිරී යනව ඒ සියලුම අයට රෝහලේ එක් ඇඳක් මත දෙතුන්දෙනෙක් ලෙසත් ඇඳන් යටද එලෙසමත්
    ඒ ඇඳන් අතර අවකාශයේ දෙතුන් දෙනා ලෙසත් රෝගීන් #තවාන් කරල ඉතාම වේදනාවෙන් කෙඳිරි ගාන්නට ඉඩ කඩ ලැබෙනව එතනත් ඉඩ මදි වූ අයට රෝහල් පරිශ්‍රයේම වාට්ටුවට සමීපයෙන් කොතැනක හෝ එලෙසම බෙහෙත් පෙත්තක් ලැබෙන තෙක් දරාගැනීමේ හයිය ප්‍රගුණ කරන්නත්
    රෝගය සමඟ දිවි සටනට අභියෝග කරන්නත් බිම වාඩි වෙලා හෝ නිහඬ සංකූලතාවයක් මතින් මරණයේ යෝජනාව ලැබෙන තෙක් විෂබීජ කන්ඳක් මත ලැගල මරණය තෙක් දිවි සටනේ යෙදෙන්න සිද්ධ වෙනව .

    ඉතිං ඒක අද දවසෙ ලංකාවෙ ඕන දේකට ඉක්මනින්ම හුරුවන ජනතාව ලෙස සතුටුදායක තත්ත්වයක්.....

    භයානක විෂබීජයක් ශරීරගතව වුවත් සංකූලතා හෝ අවසන් කම්පන තත්ත්වයට පත් වන තෙක්ම ICU බෙඩ් කෙසේ වෙතත් නිදහසේ රෝගී ඇඳක් මත මරණයේ සුව විදීමට හෝ අවස්ථාව ලබා ගැනීමටත් කාසියේ වාසිය සොයා. වාසනාව උරගා බැලීමට තරම් අපේ සෞඛ්‍ය පද්ධතිය අති විශිෂ්ඨයි ...

    ඇඳන් හතලිහක් පනහක් සහිත එක් වාට්ටුවක රෝගීන් 150 ක් හෝ 250ක් වෙනුවෙන් පුහුණු වෛද්‍ය වරුන් දෙන්නෙක් තුන්දෙනෙක් සහ පුහුණු හෙද හෙදියන් තුනක් හතරක් සමඟ රෝහල් සේවකයන් එක් අයෙක් හෝ දෙන්නෙක් සමඟ හරිහමන් ලෙස සේලයින් වත් නැතුව කරන මහ දැවැන්ත #සුරඅසුර යුද්ධය දැක්කම හිස හිරිවැටෙනව.
    කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ⁣බොහෝ පිරුහුණ බින්දුවට කඩා වැටුණු #ආදායම් තත්ත්වය සමඟ රැකියාවක් කලත් ලැබෙන මුදල වියදමට බැලන්ස් කරන විදිය ගැන අහස පොළව ගැටලන #ඉන්ෂුවරන්ස් එක පවා අක්‍රීයව ඇති කලෙක.
    වෙන කල හැක්කක් නොමැති අසරණ රෝගී මිනිස්සුන් පණ ⁣කෙන්ඳ රැක ගන්න රජයේ පිං බෙහෙත් පිහිටක් සොයන මොහොතේ රෝහල් සේවයෙන් ලැබෙන කුඩම්මාගෙ සැලකිල්ලත් එි අය රෝගීන් අමතන වචන විලාසයත් හම්මේහ්...
    ඒ උච්චාරණයට මැරීසිටි අයකු වුවද සනීපෙට නැගිටින්නට තරම් මිහිරියි .

    සංකූලතාවයක් දක්වා පැමිණි රෝගියෙකු වුවද රෝගී තත්ත්වය හෝ පරීක්ෂණ වාර්තාවක තොරතුරු විමසූ විට ඔවුන් අප වෙත කන්න පැන පවසන ආකාරය......

    මොනව වුනත් යාලුවනේ දන්නා කියන ඉහල කෙනෙක් මාර්ගයෙන් දැනුම් දීමකින් සහයෝගයක් ලබා ගත නොහැකි නම් රෝහලකට නොයාපල්ල .
    රෝගියා බේරගන්න ඕන නම් පෞද්ගලික හෝ අර්ධ පෞද්ගලික රෝහලකින් පරීක්ෂාණ හා මූලික ප්‍රතිකාර ටික වත් කරගනිල්ල.

    ඒ මොකද කියනව නම් ලංකාවෙ ඉතාම ජනතාවාදී සහ මහජනතාව වෙනුවෙන් මහා කරුණාවෙන් ඔද වැඩුණු අපේ වර්තමාන ආදරණීය නායකත්වය සහ ගෝල පිරිස ජනතාව අපකීකීර්තියට නෝනඬියට පත් වනවට අකමැතිය. රටේ සියලුම මහජනතාව අසනීප වෙනුවෙන් ඖෂධ හෝ ප්‍රතිකාර ගැනීමේදී රජයේ රෝහලේ රස්තියාදු වනවාට අකමැතිය.

    රජයේ රෝහලේ බෙහෙත් ගත්ත වුනත් පිනට බෙහෙත් ලබාගෙන අපකීකීර්තියට රස්තියාදුවට පත් වෙනවට එයාල අකමැතියි...
    පිං බෙහෙත් ටික වුනත් මුදල් ගෙවා ලබා ගන්නා මිනිස්සුන්ට තමයි ඒවුන් කැමති........



    ඉතිං ඒ අනුව ඒ නායකයින් ඉතාම ස්වයංපෝෂිත කර ඇති මේ රටේ ජනතාව වශයෙන්
    රටේ සත්ගුනවත් ලොව නයගත් රටගොඩ ගත් මෙතෙක් හිටපු සහ සිටින මේ අසහාය නායකයන්ගේ අරමුණ ඉතා පැහැදිලියි නේද.

    රජයේ පිං ප්‍රතිකාර ලබා ගැනීමේදී මගේ අසරණ දරුව වගේ මම වගේ මරණයට අත වනවනා
    නෝන්ඬියට පත් නොවීයල්ල රෝහල් පද්ධතිය හිතන්නෙ එතනට එන හැමෝම ඩෙත් බොඩි එකක් විදියට විතරයි......
    ඒ බොඩි එක දෙපයින් ගියත් පෙට්ටියකින් ගියත් එයාලට එකයි...
    එයාලට ලොකු වෙන්නෙ පුහුණු වීම පමණයි...
    එයාලගෙ පුහුණු වීම අත්හදා බැලීම් අවසානයෙ තමයි ඉතිරිය හරිය සිද්ධ වෙන්නෙ. ඉතිං ඒක නිසා......
    උඹල ⁣හැමෝටම
    ෴ තිසරණයේ සරණයි ෴
    ෴සියලු දෙවි රැකවරණයි෴

    රජයේ රෝහල් නොසැලකිල්ලේ උපරිමයටම පත්ව අයුත්තේ අසාධාරණව අවසන් ගමන් ගිය මගේ පුතු කාලිංඟ දිසානායකට.......
    මේ තාක් කාලෙකට ඔහු කලකී සියලුම පිං කුසල්ද මා ඇතුලු සියල්ල විසින් කලකී පිං කුසල්ද හේතුවෙන්
    කාලිංඟ දිසානායක පුතුගේ
    මින්මතු භවගාමී ජීවිතයේ සෑම නවාතැන් පොලක්ම සතුටින් ප්‍රීතියෙන් සුව සම්පත්තියෙන් පරිපූර්ණවූ සුගතිගාමී ජීවිතයක්ම වේවාාා
    🙏🙏🙏🙏
    දිව්‍යමය වූ සියලු සැපසම්පත් විඳ සසර අග කෙලවර. තුන්තරා බෝදියෙන් කාලිංඟ දිසානායක පුතු විසින්ම පතන්නාවූ ඔහු කැමති බෝදියක අති උතුම්වූ සියලු මාර්ග පල ලබා සදාකාලික සුව ගෙන දෙන්නාවූ 🌹 නිර්වාණ සම්පත්තියෙන්ද සුවපත් වේවාායි පතමින් 🙏🙏🙏🙏🙏🙏🙏

    .... සටහනේ නිහඬ තිත තබමි ........

    සටහන : ගැමුණු දිසානායක
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    FB_IMG_1689195268439.jpg


    https://m.facebook.com/story.php?st...B1fi4SHUdl&id=100012863688835&mibextid=Nif5oz
    ------ Post added on Jul 13, 2023 at 2:38 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    6. නඩු නොදැමීම - උඩ කියපු හේතුව නිසා ලෙඩ්ඩු තමන්ට සෞඛ්‍ය අංශයෙන් කොච්චර ලොකු අසාදාරනයක් උනත් නීතියෙන් උදව් ගන්නෙ නෑ. "නඩු දැම්මට ලෙඩාට පණ එන්නෙ නෑනෙ", "උන් කොහොම හරි බේරෙයි" වගේ දේවල් කියල අත අරිනවා. එහෙම උනාම කවුරුවත් වැරදි කරන්න, අතපසු කරන්න බය වෙන්නෙ නෑ වගේම තවත් කෙනෙක්ට ඒ අසාදාරනය ආයෙත් වෙන්න පුලුවන්. ඉතින් වෛද්‍යවරයෙක්ගෙන්, නර්ස් කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශයේ කොතනදි හරි තමන්ට අසාධාරණයක් උනොත් ඒකට නීති පියවර ගන්න එක පුරවැසියෙක් විදියට තමන්ගෙ රාජකාරියක්. නැත්තන් කවදාවත් ලංකාවෙ සෞඛ්‍ය සේවය දියුනු වෙන්නෙ නෑ.

    https://www.facebook.com/story.php/...TAD81X6bZ319472hjktmMmisvl&id=100004158071253
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    මොකක්ද බන් මේ වෙන්නෙ?

    ලන්කාවේ....

    එක නිට්ටෑවෙක් මතු උනොත් ඊටපස්සෙ හැමතැනින්ම නිට්ටෑවො මතු වෙනව.

    ගෑස් ටැන්කියක් පිපුරුවොත් ඊටපස්සෙ හැමතැනින්ම ගෑස් පුපුරනවා.

    දැන් ලෙඩ්ඩු.....

    මේක තනිකර Monopoly එකක් වගේ නෙ බන්
     
    • Like
    Reactions: Tz4400

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    මම දන්න අන්කල් කෙනෙක් ඇස් රෝහලට ය්ද්දී හමුවුණා. මම එපා කිව්වා ආරංචි නරක නිසා. ඊයේ ඔහු කතා කරලා කිව්වා ඇසට ඇසිඩ් දානවා වගේ බෙහෙතක් දැමූ පසු ඇස නොපෙනී ගිය බව. නඩුවක් දැමීම හෝ වයිද්යවරයා මරන්න යෝජනා කළා.
    පළිගැනීම අවම නිසා අපේ රට ඉතා දුර්වල වෙනවා. ඇමරිකන් පන්නයේ පළි ගැනීම් සහ නීතිය තද නම් රට දියුණු වෙයි.
    කිසිම ලෙසකට ගම්පහ , මීගමු , කළුබෝවිල,රාගම, පානදුර රෝහල් වල ට යන්න එපා. මරණය ගැන අත්දැකීම් වලින් කිව්වේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    6. නඩු නොදැමීම - උඩ කියපු හේතුව නිසා ලෙඩ්ඩු තමන්ට සෞඛ්‍ය අංශයෙන් කොච්චර ලොකු අසාදාරනයක් උනත් නීතියෙන් උදව් ගන්නෙ නෑ. "නඩු දැම්මට ලෙඩාට පණ එන්නෙ නෑනෙ", "උන් කොහොම හරි බේරෙයි" වගේ දේවල් කියල අත අරිනවා. එහෙම උනාම කවුරුවත් වැරදි කරන්න, අතපසු කරන්න බය වෙන්නෙ නෑ වගේම තවත් කෙනෙක්ට ඒ අසාදාරනය ආයෙත් වෙන්න පුලුවන්. ඉතින් වෛද්‍යවරයෙක්ගෙන්, නර්ස් කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශයේ කොතනදි හරි තමන්ට අසාධාරණයක් උනොත් ඒකට නීති පියවර ගන්න එක පුරවැසියෙක් විදියට තමන්ගෙ රාජකාරියක්. නැත්තන් කවදාවත් ලංකාවෙ සෞඛ්‍ය සේවය දියුනු වෙන්නෙ නෑ.

    https://www.facebook.com/story.php/...TAD81X6bZ319472hjktmMmisvl&id=100004158071253
    මචං මෙඩිකල් කෙස් නඩු දාන්න හරිම අමාරුයි ඒවාට වෙනම ලොයාර්ස් ලා ඉන්නවා ඒ වගේ නඩු කථා කරන්න . නඩු අහන්න ඉන්නෙත් සාමාන්‍ය court judge කෙනෙක් නෙවෙයි
    නඩු දානවා නම් අපි පැහැදිලි සාක්ෂි අපේ අතේ තියෙන්න ඕනේ (Medical Reports) වගේ මේවා අපේ අතට දෙන්නේ නැහැ ඒවා නඩුවේ තියෙන්නේ රෝහල අතේ

    ඉතින් කිසිම පැහැදිලි සාක්ෂියක් නැතුව Medical Case ඒකක ට නඩුවක් දාන්න බැහැ
    අනිත් එක මොනවා හරි Medical Report එකක් තියෙනවා නම් ඉස්පිරිතාලෙට අවාසි සහගත ඒවා ඒගොල්ලෝ වාසි වෙන විදියට වෙනස් කරනවා

    ඉතින් මේ හේතු නිසා ලංකා අපිට ලෙඩා මැරුනේ ඉස්පිරිතාලේ වැරෙද්දෙන් කියලා නඩුවක් දාලා දිනන්න තියෙන අවස්ථාව 1% ටත් අඩුයි 😭
    මේක නිසා තමා කවුරුවත් නඩු දාන්න යන්නේ නැත්තේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Me kolla musician kenek neda? Man hithune natural death ekak kiyala. Eyata pneumonia thibilia thiyenawa kaleka indan. Paw.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම දන්න අන්කල් කෙනෙක් ඇස් රෝහලට ය්ද්දී හමුවුණා. මම එපා කිව්වා ආරංචි නරක නිසා. ඊයේ ඔහු කතා කරලා කිව්වා ඇසට ඇසිඩ් දානවා වගේ බෙහෙතක් දැමූ පසු ඇස නොපෙනී ගිය බව. නඩුවක් දැමීම හෝ වයිද්යවරයා මරන්න යෝජනා කළා.
    පළිගැනීම අවම නිසා අපේ රට ඉතා දුර්වල වෙනවා. ඇමරිකන් පන්නයේ පළි ගැනීම් සහ නීතිය තද නම් රට දියුණු වෙයි.
    කිසිම ලෙසකට ගම්පහ , මීගමු , කළුබෝවිල,රාගම, පානදුර රෝහල් වල ට යන්න එපා. මරණය ගැන අත්දැකීම් වලින් කිව්වේ.
    තව ජරා hospital මොනාද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    වැලිසරටම ගියානම් සමහර විට තත්වය වෙනස්කර ගන්න තිබුනා පෙනහළු රෝගයක් නිසා. අනික එක ඇඳක රෝගින් දෙදෙනෙක් ඉන්නවා කියන්නෙ සේවය කරන අයට අධික පීඩනයක් එතකොට නිසි අවධානය ගිලිහෙනවා. රෝගීන් ප්‍රමාණයට අවශ්‍ය රෝහල්, කාර්යමණ්ඩලය සහ උපකරණ හිඟකම මෙවැනි ඛේදනීය තත්වයන්ට හේතුවෙනවා කියලයි හිතෙන්නෙ.