මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..
මිල්ලන්ගොඩ ඇත්රජුට සෙත් පිරිත් සඡ්ඣායනයක්
කෑගල්ල - එම්. බී. පහළවත්ත
"ශ්‍රී දළදා සමිඳුන් තම හිස මත තබා වැඩම කරමින් සමස්ත ලෝකයාටම මහත් කීර්තියක් ලබා දුන් මෙම ඇත් රාජාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබ සෞඛ්‍ය සම්පන්නව චිරාත්කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා" යෑයි ගල්බඩ සහ පරණකුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත රන්දිලිගම ජිනරතන හිමියෝ පැවසූහ.වයෝවෘද්ධව අසනීපයෙන් පෙළෙන දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක් කිරීමෙන් පසු උන්වහන්සේ එසේ කීහ.
අවුරුදු 75 ක් පමණ වයස ඇති මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප වී බිම වැතිරී සිටිද්දී නැවත නොනැගිටී යෑයි යන අදහස ඇතිව මිල්ලන්ගොඩ මහතා විසින් ඇතාට පිරිතක් කියා සෙත්පතා දානමය කටයුත්තක් කරමු යෑයි යන අදහස මත 28 දා පස්වරුවේ භික්ෂූන් පහළොස් නමක් කැඳවා අෂ්ට පරිස්කාර දක්ෂිණාවක් කර ඇතාට සෙත් පැතීය.
නැඟී සිටීමට නොහැකි ඇතාට කරන ලද ප්‍රතිකාර හා බෙහෙත් සේලයින් විදීම නිසා නැඟී සිටීමට හැකිවී ඇත.
මෙම සද්දන්තයාගේ දත් වැටීම හා සෙලවීම නිසා කොළ අතු සපා කෑමට අපහසු නිසාත් දියර ආහාර පමණක් ලබාදීමට කටයුතු යොදා ඇත.
ඇතා අසනීපයෙන් සිටින වග දැනගත් ජනාධිපතිතුමා පෝෂ්‍යජනක ආහාර ලබා දීමට කටයුතු යොදා තිබිණ. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පෝෂ්‍ය ජනක ආහාර එක් වතාවක් පමණක් ලබාදී ඇති අතර එය ඇතාට සතියකටවත් ප්‍රමාණවත් නොවීය.
ඇත් රාජාට සෙත්පතා පිරිත් සඡ්Cධායනා කර අටපිරිකර පූජාවක්ද කළ අතර මිල්ලන්ගොඩ මහතා විසින් අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීම ඉතාමත්ම සංවේගජනක අවස්ථාවක් විය. පිරිත් නූල හොඬින් අල්ලා ගෙන සිටි අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය.
මිනිසකුට වඩා කෘතගුණ දන්නා මෙම ඇතාට තවත් ටික කාලයක් හෝ රැක ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම විය යුතු වේ.
කට්ටියම හදවතින් අපිටත් වඩා පින් තිබූ මේ හස්තිරාජයාට ඉක්මන් සුව පතල මෙවරත් දළදා වහන්සේට පිට දීමට හකිවේවායි පතමු.