මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මිල්ලන්ගොඩ ඇත්රජුට දීඝායු වේවා..

    මිල්ලන්ගොඩ ඇත්රජුට සෙත් පිරිත් සඡ්ඣායනයක්‌
    කෑගල්ල - එම්. බී. පහළවත්ත

    1.jpg

    "ශ්‍රී දළදා සමිඳුන් තම හිස මත තබා වැඩම කරමින් සමස්‌ත ලෝකයාටම මහත් කීර්තියක්‌ ලබා දුන් මෙම ඇත් රාජාට දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය පිහිට ලැබ සෞඛ්‍ය සම්පන්නව චිරාත්කාලයක්‌ ජීවත් වීමට වාසනාව ලැබේවා" යෑයි ගල්බඩ සහ පරණකුරු දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පණ්‌ඩිත රන්දිලිගම ජිනරතන හිමියෝ පැවසූහ.වයෝවෘද්ධව අසනීපයෙන් පෙළෙන දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්
    ඣායනයක්‌ කිරීමෙන් පසු උන්වහන්සේ එසේ කීහ.


    අවුරුදු 75 ක්‌ පමණ වයස ඇති මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප වී බිම වැතිරී සිටිද්දී නැවත නොනැගිටී යෑයි යන අදහස ඇතිව මිල්ලන්ගොඩ මහතා විසින් ඇතාට පිරිතක්‌ කියා සෙත්පතා දානමය කටයුත්තක්‌ කරමු යෑයි යන අදහස මත 28 දා පස්‌වරුවේ භික්‍ෂූන් පහළොස්‌ නමක්‌ කැඳවා අෂ්ට පරිස්‌කාර දක්‍ෂිණාවක්‌ කර ඇතාට සෙත් පැතීය.

    නැඟී සිටීමට නොහැකි ඇතාට කරන ලද ප්‍රතිකාර හා බෙහෙත් සේලයින් විදීම නිසා නැඟී සිටීමට හැකිවී ඇත.

    මෙම සද්දන්තයාගේ දත් වැටීම හා සෙලවීම නිසා කොළ අතු සපා කෑමට අපහසු නිසාත් දියර ආහාර පමණක්‌ ලබාදීමට කටයුතු යොදා ඇත.

    ඇතා අසනීපයෙන් සිටින වග දැනගත් ජනාධිපතිතුමා පෝෂ්‍යජනක ආහාර ලබා දීමට කටයුතු යොදා තිබිණ. ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් පෝෂ්‍ය ජනක ආහාර එක්‌ වතාවක්‌ පමණක්‌ ලබාදී ඇති අතර එය ඇතාට සතියකටවත් ප්‍රමාණවත් නොවීය.

    ඇත් රාජාට සෙත්පතා පිරිත් සඡ්Cධායනා කර අටපිරිකර පූජාවක්‌ද කළ අතර මිල්ලන්ගොඩ මහතා විසින් අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්‌පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීම ඉතාමත්ම සංවේගජනක අවස්‌ථාවක්‌ විය. පිරිත් නූල හොඬින් අල්ලා ගෙන සිටි අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්‌සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය.

    මිනිසකුට වඩා කෘතගුණ දන්නා මෙම ඇතාට තවත් ටික කාලයක්‌ හෝ රැක ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීම විය යුතු වේ.

    කට්ටියම හදවතින් අපිටත් වඩා පින් තිබූ මේ හස්තිරාජයාට ඉක්මන් සුව පතල මෙවරත් දළදා වහන්සේට පිට දීමට හකිවේවායි පතමු.:nerd:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පවු බං..මොනා උනත් අපිට වඩා මේ සතා පිං කරල තියෙනව
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රාජා හස්තියා මෙන්ම මිල්ලන්ගොඩ හස්තියාටත් චිරාත් කාලයක් දළදා වහන්සේව වඩමවන්නට ලැබේවා !! හස්තියාට ඉක්මන් සුවය පතමු !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කම හෝස් ගාල පපුව දාල ගියා මචං.....ඇත්තටම මිනිස්සුන්ට නම් බොරු දත් හරි දාන්න පුළුවන්....මේ වගේ සද්දන්තයින්ට කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ.......

    වනන්තරේ ඇතා නෝ
    සිව් පා කුල රජා නෝ
    වනන්තරේ නෙතා නෝ
    ඇතානෝ...ඇතානෝ.......:(:(:(:(
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තු කියන්නේ ගොඩක් කරුනු කාරනා තේරෙන සතුන් වර්ගයක්....
    ගොඩක් ආදරෙයි මම
    ස්තුති
    යි
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඔබට ඉක්මන් සුව පතමි ඇත් රාජයාණණි !!!!!!!!!!!!1
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Mage ekama praarthanya ath raajage leda rooga ikmanata niraawaranaya wela thawath warak daladaa karanduwa wadammanna wasanaawa labewa kiyalai. :) :)
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ඉක්මන් සුවය ලැබේවා...!!! චිරාත් කාලයක් ජිවත් වේවා..!!!