මිලිටරි පාලනයක් හදන්න - දයාන් ජයතිලක

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මිලිටරි පාලනයක් හදන්න - දයාන් ජයතිලක

    හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

    ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

    ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි.

    ඒ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටී.