මිෂෙල් රයිම්ස්

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මිෂෙල් රයිම්ස්

    එදා දේශපාලකයෙක් මට ඇසිඩ් ගැහුව කතා බොරු
    අනතුරකින් මගෙ මූණ පිච්චුණා
    හිටපු මිස් ශ්‍රී ලංකා මිෂෙල් රයිම්ස් වසර 18 කට පසුව කතා කරයි


    w6ba.jpg


    වයස අවුරුදු 16දී දෙහිවල එච්එෆ්සී බාලිකාවේ සිසුවියකව සිටියදී මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ මිෂෙල් රයිම්ස් යනු 1990 දශකයේ ලංකාවේ නිරූපිකාවන් අතර කිරුළ දිනූ සුන්දරියකි. එකල විවිධ වෙළෙඳ දැන්වීම් පුවත්පත් පිටකවර ආදීයේ නිරන්තරයෙන් පෙනී සිටි ඇය දිය කිඳුරියක ලෙස ටෙලි නාට්‍යයකද රඟපෑ අතර ඉතා ඉක්මණින් 1999දී ඇයට වයස අවුරුදු 25දී මේ සියලු ප්‍රසිද්ධිය අහිමි කරගන්නේ ඇයට සිදුවූ අනතුරකින් පසුවය. මෙම අනතුර නිසා ඇගේ සුන්දර මුහුණ පිළිස්සී විරූපී වූ අතර විදෙස් ප්‍රතිකාර ලදුවත් ප්‍රකෘති රූපය යළි ලබාගන්නට බැරිව ගියාය.
    මේ වනවිට එක්දරු මවක ලෙස හුදෙකලා ජීවිතයක් ගත කරන ඇය තමා වටා එකල සිටි පිරිස දැන් නැති බවද කණගාටුවෙන් කියා සිටී.
    ඇගේ ජීවිතය වෙනස් කරන්නට මුල්වූ අනතුර දේශපාලනයට සම්බන්ධව සිටි පෙම්වතාගේ ඇසිඩ් ප්‍රහාරයක් නිසා සිදුවූ බවට
    එකල ප්‍රබල කටකතාවක් පැතිරුණි.


    අනතුරින් ඇය රෝහල් ගත කළ පසු ඇගේ පෙම්වතාගේ අතද පිළිස්සී ප්‍රතිකාර ලබාගැනීම මත මෙම කතාව පැතිර තිබුණි.
    නමුත් මිෂෙල් ඒ කතා බොරු බව කියයි. ඇය පවසන්නේ 1999 සැප්තැම්බර් මාසයේ 21 වන දින තමා පෙම්වතා සමග කාමරයක රාත්‍රිය ගත කරද්දී වීස් එකට ගනු ලබන බෙහෙත් ලබාගැනීමෙන් අනතුරුව දුම්පානය කළ බවත් ඒ අතරවාරයේ නින්ද ගිය බවත්ය. ඇය ටික වේලාවකින් තද නින්දෙන් අවදිවී බලද්දී හිසකෙස් මුහුණ සියල්ල ගිනිගනිමින් පවතින බව වැටහුණු බවත්ය.ගින්න හටගන්න ඇත්තේ ඇගේ මුවග තිබුණ සිගරට්ටුව වැටීමෙන් යයි ඇය තවම සැක කරයි.
    ගින්න මැඩ පැවැත්වීමට නිදි යහනේ සිටි පෙම්වතාද වහා තම මුහුන පිස දමමින් උත්සාහ කළ බවත් එම අවස්ථාවේ ඔහුගේ අත්ලද පිළිස්සුණ බවත් ඇය කියා තිබේ.
    මෙම සිදුවීමෙන් පසු ඇය රෝහල් ගතවූ අතර ඉන්දියාවේ අැපලෝ රෝහලෙන්ද ප්‍රතිකාර ලබාගත්තද ඇයට පෙර මෙන් සුන්දර රූපයක් යළි ලැබුනේ නැත. ඇගේ පෙම්වතා වෙනතක් බලාගැනීම ගැනද ඇයට ඉවසන්නට සිදුවිය. ඇයට දැන් එකම දියණියක පමණක් තනි නොතනියට සිටින අතර 16 හැවිරිදි දියණිය සමග ඇය අද හුදෙකලා ජීවිතයක් ගත කරයි.
    මෙවර සතිඅන්ත පුවත්පතකට ඇය සිදු කර තිබෙන හෙළිදරව්ව පහත පරිදිය.

    මිෂෙල් අද ඔයා කවුද...? මොනවා කරන කෙනෙක්ද?


    අද මිෂෙල් රයිමස් කියන්නේ අවුරුදු දහසයක් වයසැති දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් දැන් දුවගේ exam එක මේ අවුරුද්දේ. ඉතින් එයාගේ වැඩත් බලාගෙන දැන් ගෙදරට වෙලා ඉන්නවා. විශේෂ වැඩක් කරන්නේ නෑ.

    එක කාලෙක ඔයා ලංකාවේ ලස්සනම යුවතියක්. ජනප්‍රියම නිරූපිකාවක්. ඒ අතීතය මතක් වෙද්දී දැන් දැනෙන්නේ කොහොම හැඟීමක්ද?

    ඒ කාලේ මගේ මූණයි අද මගේ මූණයි දකිද්දි ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ ගැන මතක් වෙද්දි දුක නැහැයි කියලා බොරුවක් කියන්න මට බෑ. ඉස්සර මට හිත වාවන්නේ නෑ. මේ ඇස්වලින් අනන්තවත් අඬලා ඇති. ඒත් මොනවා කරන්නද? ඇඬුවා කියලා ආයේ මට ඒ රූපය ගන්න බෑ. ඒ නිසා මම දැන් හිත හදාගෙනයි ඉන්නේ.

    ක්ෂේත්‍රයේ අයට ඉක්මනින්ම ඔයාව අමතක වුණාද?

    ඔව්.. ඒක ඇත්ත. මාව දන්න කට්ටියගෙන් කවුරුත් අද වෙනතුරු මට කෝල් කරලවත් මා ගැන හොයලා බැලුවෙවත් නෑ. මීගමුවට ඇවිත් බලලා මා ගැන හොයලා බලන්නේ ගාමිණී සිරිවර්ධන විතරමයි. අනිත් කවුරුවත් මා ගැන හොයලා බැලුවේ නෑ. මගේ අම්මනම් කිව්වේ පළවෙනි දවසේ හොසිපිට්ල් එක පිරෙන්නම කට්ටිය හිටියා කියලා. ඒ හැමෝටම ඕනවෙලා තියෙන්න ඇත්තේ මගේ මූණට කොච්චර ඩැමේජ්ද කියලා දැනගන්න විතරමයි. අද ඒ කවුරුවත් නෑ.

    ඇත්තටම මිෂෙල් ඔයාට වැරදුණේ කොතනද?

    වැරදුණු තැන තමයි මගේ මේ ඇක්සිඩන්ට් එක. ඒක 1999 දී ඇතිවුණ සිද්ධියක්. ඒ සිදුවීමෙන් පස්සේ මගේ මුළු ජීවිතයම වෙනස් වුණා.

    සමහරු කිව්වා ඔයාගේ මූණට දේපාලනයට සම්බන්ධ කෙනෙක් ඇසිඩ් ගැහුවා කියලා?

    නෑ.. ඇත්තටම ඒක බොරු කතාවක්. මම ඉස්පිරිතාලේ ඉඳිද්දි මාව බලන්න ආපු අය තමයි ඒ වගේ කතාවක් කියලා තියෙන්නේ. ඇත්තටම වුණේ මාව පිච්චුණා. ඒ වෙලාවේ මගේ පෙම්වතාත් මගේ ළඟ හිටියා. එයා ගින්න නිවන්න උත්සාහ කරද්දි එයාගේ අත් දෙකත් පිච්චුණා. ඒ නිසා සමහරු කිව්වා එයා ඇසිඩ් ගහන්න හැදුවා කියලා. ඒත් ඒකත් බොරැවක්. ඒ ඇක්සිඩන්ට් එකෙන් මගේ මූණයි අත් දෙකයි පපුව ගාවට වෙනකම් හොඳටම පිච්චුණා.

    මූණට හානියක් වුණාට පස්සෙ වචනයෙන් කියාගන්න බැරි කඩාවැටීමක් හිතට දැනුණා නේද...?

    ඔව්.. ඇත්ත. ඒක වචනවලට පෙරළන්න අදටත් මට තේරෙන්නෙ නෑ. මම පිච්චුණු දවසේම මම මගේ මූණ දැක්කා. මම ඒ වෙලාවෙම මගේ අක්කාට කිව්වා (මට ජීවත් වෙන්න ඕනෙ නෑ) කියලා. මම හෝ ගාලා ඇඬුවා. මාස දෙකක් විතර මම හොස්පිට්ල් එකේ හිටියා.

    කොහොමද ඔය හිත හදාගත්තේ?

    මගේ අම්මි මගේ ළඟින්ම හිටියා. එයා හැමවෙලේම කිව්වේ (ඔයා දුර්වල වෙන්න එපා... ඔයා කොහොම හරි හිතට හයිය ගන්න) කියලා. කාලයක් යනතුරු මම කණ්ණාඩියෙන් මූණ බැලුවේ නෑ. කාලයක් යනකන් මම කාමරයෙන් එළියටවත් ආවෙ නෑ. අම්මි තමයි කිව්වේ (ජීවිතේ ආයෙ පටන් ගන්න ඔයාට පුළුවන්) කියලා. ඊට පස්සෙ මම හෙමිහිට මගේ හිත හදාගත්තා. කොහොම හරි මම තනියම නැගිට්ටා. 2001 අවුරුද්දේ මගේ දුව ඉපදුණා. ඊට පස්සේ මගේ මුළු ජීවිතයම වුණේ මගේ පුංචි දූ පැටියා. දුවගේ මූණ දකිද්දි මට මගේ තරැණ කාලය මතක් වෙනවා. අද මම තනියම දුවව හදාගන්නවා. ඒක මට සතුටක්.

    ඔය සිද්ධිය වුෙණ් ඔයාගේ ජීවිතේ ලස්සනම කාලයේදී නේද..?

    ඔව්.. සිද්ධිය වෙද්දි මට අවුරුදු විසි එකයි. මගේ ජීවිතේ සුන්දරම කාලෙදි ජීවිතේම අසුන්දර වුණා.

    ඉස්සර ලස්සන කෙල්ලෙක්නෙ. ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ කොයි කාලෙදිද?

    මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ මට අවුරුදු දාසයේදි විතර. මම මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් ජයග්‍රහණය කළා. ඊට පස්සෙ තමයි ජනප්‍රිය කෙනෙක් එක්ක මගේ ප්‍රේමයක් ඇතිවුණේ.

    දැන් ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

    දැන් ගෙවන ජීවිතේ මෙහෙම ගෙනියන්න හරි අමාරුයි. මගේ යාළුවෙක් ඉන්නවා වජිරා ප්‍රේමරත්න කියලා. එයාලා මටයි මගේ දුවටයි ගොඩාක් උදවු කරනවා. ඇත්තටම ඒ අයට ගොඩාක් ස්තූති කරන්න ඕනේ.

    අද ඒ කාලය.. ඒ කාලේ ඡායාරූප දකිද්දි දුකක් හිතෙනවද මිෂෙල්?

    ඔව්.. ඇත්ත.. තාමත් මා ගාව ඒ ෆොටෝ තියෙනවා. තාමත් ඒ ෆොටෝ මාව ජීවත් කරවනවා. එක මොහොතකදි වෙච්ච සිදුවීමක් ජීවිතයම වෙනස් කළා. ජීවිතේ දැන් වෙද්දි සමහර තැන් ගැන සතුටුයි. සමහර තැන් ගැන දුකයි. ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒත් ඉතින් මොනව කරන්නද... ඇක්සිඩන්ට් එක වෙච්ච කාලෙදි මම ගොඩාක් ඇඬුවා. ඒත්.. ජීවිතයට තනියම මුහුණ දුන්න ගැහැනියක් විදිහට මම ආයෙත් නැගිට්ටා. අද මම ඒ ගැන සතුටු වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    ඉස්සර නම් මාර ගති කෑල්ල. මගෙත් ඩ්‍රීම් කෑල්ල වෙලා හිටියා ටික කාලයක්. ඒ දවස්වල කොමිඋනිකේෂන් ටෙක්නොලොජි එක දුර්වල නිසා මෙයා ගැන වැඩි තොරතුරක් හොයාගන්න අමාරුවුනා. මම ඒ දවස් වල හිතන් හිටියේ කොහේ හරි යුරෝප් වල සෙට්ල් වෙලා ඇති කියලා. ඇයි බන් එහෙමට සුපිරි කෑල්ලනෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රත්වත්තේගේ පුතා නයිට් ක්ලබ් එකකදි කිස් එකක් ඉල්ලල ඌට කනට ගහල ඌ රිටන් එකට ඇසිඩ් ගහල කියලයි ඒ කාලේ ඔය සිද්ධිය ගියේ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    රත්වත්තේගේ පුතා නයිට් ක්ලබ් එකකදි කිස් එකක් ඉල්ලල ඌට කනට ගහල ඌ රිටන් එකට ඇසිඩ් ගහල කියලයි ඒ කාලේ ඔය සිද්ධිය ගියේ..

    ඔව් ඒ දවස් වල මේ සීන් එක නැගලා ගියා. ඔක්කොම කිව්වේ එහෙම කතාවක්. පට්ට ලස්සන කෑල්ලක් ඒ කාලේ

    jcyq.jpg
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    රත්වත්තේගේ පුතා නයිට් ක්ලබ් එකකදි කිස් එකක් ඉල්ලල ඌට කනට ගහල ඌ රිටන් එකට ඇසිඩ් ගහල කියලයි ඒ කාලේ ඔය සිද්ධිය ගියේ..

    Ow Oka thama une, Lohan thama shot eka dunne, :angry: :angry:
    Meki kiyana anathure kathawath loweth boru
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ratwatte nama kiyala anduwa maru vuna gaman marenna thama venne, ekanisa accident kathawak kiyanawa,paw bn..

    lohan kiyana ekage vadak kiyala thama ekale giye.


    :angry::angry::angry:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇය පවසන්නේ 1999 සැප්තැම්බර් මාසයේ 21 වන දින තමා පෙම්වතා සමග කාමරයක රාත්‍රිය ගත කරද්දී වීස් එකට ගනු ලබන බෙහෙත් ලබාගැනීමෙන් අනතුරුව දුම්පානය කළ බවත් ඒ අතරවාරයේ නින්ද ගිය බවත්ය. ඇය ටික වේලාවකින් තද නින්දෙන් අවදිවී බලද්දී හිසකෙස් මුහුණ සියල්ල ගිනිගනිමින් පවතින බව වැටහුණු බවත්ය.ගින්න හටගන්න ඇත්තේ ඇගේ මුවග තිබුණ සිගරට්ටුව වැටීමෙන් යයි ඇය තවම සැක කරයි.

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Ramani was killed by Kamal Addarachi, but Attorney General at that time did not file charges for murder or even for simple hurt. If such a thing happened to a villager he will be in remand for at least 6 months and then at least a trail will start for murder, but here no charges!
    Michel Rimer's case is also a serious arson. How could such a fire start from cigarette and only her face was seriously damaged and the person sleeping next got only burn his hand?
    This is Sri Lanka , we know Money Talks.
    Lesson,
    Ramani was 19 when she died where as Michel was 21. Ramani lived alone in a flat and involved with Kamal who had a history of connections to drugs.
    Michel was apparently using some drug and sleeping with her lover at the time of the incident.
    Both incidents could have been prevented if their behaviour was somewhat controlled or supervised by an adult. Involvement with persons having links to drugs can only have happiness for a short time.
    At the moment there are lot of political figures who are involved . Under MR, there were some known pliticians and one of them was appointed as co ordinating Minister for Defence and a close friend and supporter of Gotabaya( who is tipped to be next president!). So where are we heading. Pivithuru Hela Urumaya- Clearn HU- Gampila, Wimal and the lot are funded by this drug money. We saw some of that being destributed back to people in May day rally at Galle Face Green.