මිස්ටර් බීන් New version
මිස්ටර් බීන්ට
කවදාවත් ලියුම් එන්නේ නෑ
මේ ගැන මිස්ටර් බීන් ගොඩක් දුක් වෙනවා
කල්පනා කරනවා
කවදාහරි - කාගෙන් හරි
තමන්ටත් ලිවුමක් එයි කියල මග බලං ඉන්නවා.
ඒත් නෑ.
අන්තිමට බීන් කරන්නේ
තමන්ම ලියුමක් ලියනවා
තමන්ගෙම නමට.
ඉස්සරහා දොර වහලා
පිටිපස්සෙ දොරෙන් යනව එළියට - ලියුමත් අරං.
අරන්ගිය ලියුම
ගේ ඇතුළට දානවා
ඉස්සරහ දොරට යටින්
ආයෙමත් එනව පස්සෙ දොරෙන්ම ඇතුළට.
අන්තිමට බීන්
ගේ ඇතුලෙන් යනවා ඉස්තෝප්පුවට
දකිනවා ලියුමක් ඇවිත් තමන් වෙත
දොර ඇතුලෙන්.
බීන්ට හරි පුදුමයි
හරිම සතුටුයි
කම්මුලේ අත් දෙක ගහගන්නවා ඒ සතුටට
දෑතින්ම අරං ආසාවෙන් කියවනවා ඒ ලියුම
ඇස් බැමිත් යනවා ඉහළට.
***
මහින්ද රාජපක්ෂගෙ
මේ ක්‍රමේ දැක්කාම
හරියට පව් හිතෙනවා මට
මතක් වෙන්නෙම බීන්
තමන්ගෙ රැස්වීම් වලට
මුළු රටින් සෙනග ගේනවා
හැම නියෝජිතයෙක්ටමත් එන්න කියනවා
සෙනග පෙන්නලා රට රවට්ටන්නයි ඒ අයට ඕනේ
තමංගෙ රැස්වීම්වලට එන සෙනග
වෙන අයගෙ මීටින් එක්ක සසඳනවා
ඒ අයව පල් කරනවා
මුළුරටම රවට්ටනවා
මාර සෙනගක් කියනවා
ඒත් අන්තිමට
ඒ අයටම අමතක වෙනවා
ගෙන්වූ බව බස්වලින් මේපිරිස.
තමන්ම හිතන්න ගන්නවා
"මේනම්
මගෙම වැදගත් කමට - ස්වේච්ඡාවෙන් ආ පිරිසක්"
"කෝ අනික් අයට මේ තරම් පිරිසක්?"
අපි දිනනවා නියතයි
අවංකෙන්ම ඒ අයටම හිතෙනවා
ඒ නිසා අධි තක්සේරුවක් එනවා
දින්නා වගේ වැඩ කරනවා
දින්නා වගේ ක්‍රියා කරනවා
පොලීසියට තර්ජනය කරනවා
නිලධාරීන් බිය කරනවා
හැමදේමත් කරනවා.
ඒත් අන්තිමට පරදිනවා
හිතාගන්නත් බෑ ඒ අයට මේ යථාර්ථය
"කොහොමනම් පැරදෙන්නද අපි අපේ ඡන්දය
දැක්කනෙ අපේ මීටින් වල හිටපු සෙනඟ?"
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර







මිස්ටර් බීන්ට
කවදාවත් ලියුම් එන්නේ නෑ
මේ ගැන මිස්ටර් බීන් ගොඩක් දුක් වෙනවා
කල්පනා කරනවා
කවදාහරි - කාගෙන් හරි
තමන්ටත් ලිවුමක් එයි කියල මග බලං ඉන්නවා.
ඒත් නෑ.
අන්තිමට බීන් කරන්නේ
තමන්ම ලියුමක් ලියනවා
තමන්ගෙම නමට.
ඉස්සරහා දොර වහලා
පිටිපස්සෙ දොරෙන් යනව එළියට - ලියුමත් අරං.
අරන්ගිය ලියුම
ගේ ඇතුළට දානවා
ඉස්සරහ දොරට යටින්
ආයෙමත් එනව පස්සෙ දොරෙන්ම ඇතුළට.
අන්තිමට බීන්
ගේ ඇතුලෙන් යනවා ඉස්තෝප්පුවට
දකිනවා ලියුමක් ඇවිත් තමන් වෙත
දොර ඇතුලෙන්.
බීන්ට හරි පුදුමයි
හරිම සතුටුයි
කම්මුලේ අත් දෙක ගහගන්නවා ඒ සතුටට
දෑතින්ම අරං ආසාවෙන් කියවනවා ඒ ලියුම
ඇස් බැමිත් යනවා ඉහළට.
***
මහින්ද රාජපක්ෂගෙ
මේ ක්‍රමේ දැක්කාම
හරියට පව් හිතෙනවා මට
මතක් වෙන්නෙම බීන්
තමන්ගෙ රැස්වීම් වලට
මුළු රටින් සෙනග ගේනවා
හැම නියෝජිතයෙක්ටමත් එන්න කියනවා
සෙනග පෙන්නලා රට රවට්ටන්නයි ඒ අයට ඕනේ
තමංගෙ රැස්වීම්වලට එන සෙනග
වෙන අයගෙ මීටින් එක්ක සසඳනවා
ඒ අයව පල් කරනවා
මුළුරටම රවට්ටනවා
මාර සෙනගක් කියනවා
ඒත් අන්තිමට
ඒ අයටම අමතක වෙනවා
ගෙන්වූ බව බස්වලින් මේපිරිස.
තමන්ම හිතන්න ගන්නවා
"මේනම්
මගෙම වැදගත් කමට - ස්වේච්ඡාවෙන් ආ පිරිසක්"
"කෝ අනික් අයට මේ තරම් පිරිසක්?"
අපි දිනනවා නියතයි
අවංකෙන්ම ඒ අයටම හිතෙනවා
ඒ නිසා අධි තක්සේරුවක් එනවා
දින්නා වගේ වැඩ කරනවා
දින්නා වගේ ක්‍රියා කරනවා
පොලීසියට තර්ජනය කරනවා
නිලධාරීන් බිය කරනවා
හැමදේමත් කරනවා.
ඒත් අන්තිමට පරදිනවා
හිතාගන්නත් බෑ ඒ අයට මේ යථාර්ථය
"කොහොමනම් පැරදෙන්නද අපි අපේ ඡන්දය
දැක්කනෙ අපේ මීටින් වල හිටපු සෙනඟ?"
- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර







