ලොකු කුඩා කාගේත් ආදරය දිනා ගත් මිස්ටර් බීන් හෙවත් රෝවන් ඇට්කින්සන්ගේ මෝටර් රථය පසුගිය දිනක විකුණා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇට්කින්සන්ගේ F1 නමැති මෙම මෝටර් රථය මිලදී ගනු ලැබ ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික ගැණුම්කරුවෙකු විසිනි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, මීට වසර 18කට පෙර මිස්ටර් බීන් ස්ටර්ලිං පවුම් 540,000කට මිලදී ගත් මෙම රථය ස්ටර්ලිං පවුම් මිලියන 8 කට අලෙවි කිරීම ය.
මිස්ටර් බීන් 1997 වසරේදී මිල දී ගෙන ඇති එම F1 මෝටර් රථය විකිණීමෙන් වසර 18කට පසු ඔහු ලබා ඇති ලාභය, ස්ටර්ලිං පවුම් මිලියන 7 ද ඉක්මවා තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මිස්ටර් බීන් භාවිත කළ හෙයින් එම මෝටර් රථයට ඉහළ ඉල්ලුමක් ලැබී ඇති බව ය.
ඊට අමතරව, එම සුපිරි මෝටර් රථය තත්පර 3.2ක තරම් සුළු කාලයකදී පැයට සැතපුම් 241ක උපරිම වේගයකට ළඟා විය හැකි සුවිශේෂී මෝටර් රථයකි.
කෙසේ වෙතත්, මෙම මෝටර් රථය කිහිප වරක් ම බරපතළ අනතුරුවලට ලක් වී තිබේ.