මිස්ට බීන් මිය යයි….රෝවන් උපදී

chip

Well-known member
  • Jul 25, 2006
    5,812
    32
    48
    මිස්ට බීන් මිය යයි….රෝවන් උපදී

    මිස්ට බීන් මිය යයි….රෝවන් උපදී

    rowan-atkinson-pic-getty-959414139.jpg


    සිනහවීම ඉතා පහසු කාරණයක් වන නමුත් කෙනෙක්ව සිනහා ගැන්වීම තරමක දුෂ්කර කාර්යයකි.ඒ කාර්යය ඉතා දක්ෂ අයුරින් ඉටු කළ කෙනෙක් තමයි රෝවන් ඇටිකින්සන් කියන්නේ.මෙහෙම කිව්වට සමහරු මේ පුද්ගලයාව අදුරන්නේ මෙන්න මේ විදියටයි….මිස්ට බීන්..බීන්….අපි මේ කතා කරන්න යන්නේ සිනහවෙන් මුළු ලොවම ජයගත් මිස්ට බීන් ගැනයි.

    අවුරුදු 15 ක් පුරාවට මුළු මහත් ලෝකයක්ම සිනහ සයුරේ ගිල්වු මේ අපුරු මිනිසා පසුගිය ඉරිදා සිය 58 වෙනි ජන්ම දිනය සැමරුවා.හැබැයි වෙන උපන්දිනයන් වලට වඩා මේ උපන්දිනය ඔහුට සුවිශේෂි එකක් වුණා.ඒ තමන් මිස්ට බීන් චරිතයට සමුදී සැමරු පළමු උපන්දින සාදය මෙය වීමයි.ඔහු තමන්ව මුළු ලෝකයක් ඉදිරියට රැගෙන ගිය බීන් චරිතයට සමුදුන්නේ ගිය වසරේ නොවැම්බර් 19 වන දිනයි.මේ චරිතය කොපමණ ප්‍රබල එකක් වනවාද කියතොත් ලෝකයේ හොඳම හාස්‍ය රංගන ශිල්පීන් පනස්දෙනා අතරට එක් වීමට තරම් රෝවන් වාසනාවන්ත වුවා.හැබැයි බීන් චරිතය කොපමණ ප්‍රබල එකක් වුවත් රෝවන් නම් මේ චරිතය නිසාවෙන් හුඟාක් හෙම්බත් වී ඇති හැඩයි.


    ඔහු වැඩිදුරටත් මේ චරිතයට සමුදීම සම්බන්ධයෙන් සිය උපන්දින සාදයේදී විශේෂ කතාවකුත් පවත්වා සිටියා.ඔහු මෙහිදි සඳහන් කර සිටියේ තමන් තවදුරටත් මිස්ට බීන් කෙනෙකු නොවන බවයි.මින් ඉදිරියට තමන් මොනයම් හෝ රංගන කාර්යයක් ඉටු කළත් එතැන තවදුරටත් මිස්ට බීන් කෙනෙකු නොමැති බවට ඔහු අවධාරණය කර සිටියා.

    lilyatkinsonpic2.jpg


    මිස්ට බීන් සිය දියණිය හා බිරිඳ සමඟින්

    mr_bean_when_he_was_young_640_high_02.jpg


    Young Been

    rowan_atkinson_as_bean-HD-1024x576.jpg


    දැක්කත් ඇති හිනාවෙන්න

    rowan-atkinson-afp-543.jpg


    මිස්ට බීන් චරිතයට පණ පොවමින්


    rowan-atkinson-and-christian-bale.gif.jpg


    තරුණ අවධියේ දී

    rowan-atkinson-mclaren-f1-crash.jpg


    සිය මැක්ලරන් රථයේ ගමන් ගනිමින්

    634x452.jpg


    අපුරු රංගනයක් මවමින්

    1335508276.jpg


    ජොනී ඉංග්ලිෂ් තිරගත වු දා

    Source - cinema.lk
    Enjoy !!! :D:D
     
    Last edited: