මිස් වර්ල්ඩ්ට අභියෝග කරමින් මුස්ලිම් රටවල් "මිස් මුස්ලිමා" තෝරයි රූපය නෙමේ දැනුම බලන්නලූ
ලබන 28 වන සෙනසුරාදා ලෝකයේ විශාල අවධානයක් දිනාගනිමින් ලංකාව ඇතුළු රටවල් 131 ක් සහභාගිවන මිස් වර්ල්ඩ් 2013 තරගය ඉන්දුනීසියාවේ බාලි දූපත්හි පවත්වන්නට යන්නේ ඒ රටේ මුස්ලිම් ජනතාවගේ දැඩි විරෝධය මැද්දේය.
එම තරගයට අභියෝග කරමින් මුස්ලිම් රටවලට පමණක් සීමාවූ රූප රාජිණී තරගයක් පවත්වන්නට ඉන්දුනීසියාවේ ජකාර්තාහි මිස් මුස්ලිමා නමැති සංවිධානය කටයුතු කළ අතර ඊයේ එහි අවසන් තරගය පැවැත්වුණා. එයින් ජයගත්තේ 21 හැවිරිදි නයිජීරියානු ජාතික ඔබබි අජිබෝලාය.
තරගකාරියන් 500 ක් සහභාගීවූ මෙම තරගය රූප රාජිණී තරගයක් ලෙස නම් කළත් ඇත්තෙන්ම මෙමගින් පරීක්ෂා කර ඇත්තේ අල් කුරානය කියවා තිබීම මගින් එක් එක් අය සිය ආගම පිළිබඳ දැනුම හා මුස්ලිම් කාන්තාවක දැනගතයුතු කරුණුය.
ඒ සඳහා සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍රයක් තරගකාරියන්ට ලබාදී ඒවාට ඔවුන් සැපයූ පිළිතුරු අන්තර්ජාලයේ පළකිරීමෙන් අනතුරුව
ලොව පුරා මුස්ලිම් ලබ්ධිකයින් ඒවා විනිශ්චය කර ලකුණු දීමේ ක්‍රමයක් පැවති අතර ඒ අනුව වැඩිම ලකුණු ගත් තැනැත්තිය මිස් මුස්ලිමා නමින් නම් කර තිබුණා.
මිස් වර්ල්ඩ් තරගයට අභියෝග කරන මේ සංවිධායකයින් කියා තිබුනේ කාන්තාවකගේ රූපයෙන් මිනුම් නොකර ඔවුන් ජීවිතය පිළිබඳ දැනගතයුතු කරුණු වලින් පොහොසත්ද යන්න මිනුම් කරන්නට තරග පැවැත්විය යුතු බවකි.
මෙම තරගකාරියන්ගේ අවසාන 20 දෙනාට තේරුණ රටවල් වූයේ ඉන්දුනීසියාව බංග්ලාදේශය බෘෘනයි ඉරානය මැලේසියාව නයිජීරියාවයි.
ජකාර්තාවල මේ තරගය පැවැත්වෙන අතරතුර ඒ රටේම බාලි දූපත්වල ප්‍රධාන මිස් වර්ල්ඩ් තරගය ආරක්ෂාව මැද දැනටමත් පැවැත්වෙන අතර මුස්ලිම් විරෝධතා නිසා එම තරගයේ බිකිනි ඉසව්ව වෙනස් කරන්නටත් සංචාරක ගමන් අත්හරින්නටත් සිදුවුණා. කෙසේ වෙතත් මෙම තරගයට ඉන්දුනීසියාවේ තරගකාරියක සහභාගී වන අතර පසුගිය සතියේ සරොම් වලින් ඇග වසාගෙන පවත්වන්නට යෙදුණ බිකිනි ඉසව්වේදී ඉන්දුනීසියාවේ වැනියා ලාරිස්සා තරගකාරිය පළමු 5 දෙනාට තේරුණා. මින් ඉහත වර්ෂ වල ඉන්දුනීසියාවේ තරගකාරියන් බිකිනි තරගවලට පෙනී සිට ඇති අතර ඉහළම ඡායාරූපයේ සිටින්නේ එවැන්නියකි.
මිස් වර්ල්ඩ් 2013 අවසන් තරගය ලබන සෙනසුරාදාය.
Link