මිහිදන් නඟර - 1 කොටස

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    මිහිදන් නඟර - 1 කොටස

    kqklN6q.jpg

    Pavlopetri – Greece (ග්‍රීසියේ පවුලොපෙට්‍රී)

    මෙය ඉතාමත් විශේෂ නඟරයක්. මක්නිසාදයත් මෙම නගරය සොයාගැනීමට ඉතාමත් අපහසු වූ නගරයක්. මිනිස් ක්‍රියාකරකම් සහ භූමි කම්පා නිසා මෙම නගරය මිහිදන් වී ගොසින්. මේ නඟරය මුහුදටම බිලි වෙලා. මෙය එකළ ග්‍රීසියේ ප්‍රධාන නගරයක් ලෙස සැළකිය හැකියි. මෙය ක්‍රි.පූ. 1000 දක්වා නොනැසී පැවතුණු බවට හෙළිවී ඇත.


    8IuUQqv.jpg

    Cliff palace – Colorado (කොලරාඩෝවේ ක්ලිෆ් මන්දිරය)

    මෙම නිර්මාණය කරන ලද්දේ පබ්ලෝ වරුන් විසිණි. පබ්ලෝ වරුන් යනු නිරිත දෙස මව්බිම කරගත් අතීත අමෙරිකානු ස්වදේශිකයන් වේ. මෙම යුගය ඇනසාසි යුගය හෙවත් රන් යුගය ලෙස සැළකේ. එනම් ක්‍රි.ව. 900-1200 ත් අතර කාලයයි. මෙහි ආයුශ ඉතා කෙටි වූ අතර ක්‍රි.ව. 1300 දී පමණ අතහැර දමා ඇත. මෙව නැවත සොයගන්නා ලද්දේ 1888 දීයි. මෙය අහම්බෙන් සොයගන්නා ලද්දක් බව විද්‍යඥයින් පවසයි.


    CDcAuB4.jpg

    Akrotiri – Santorini (සැන්ටොරිනියේ ඇක්‍රොටිරි)

    ලෝකඩ යුගයේදී මිත්‍යා රජකෙනෙකුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව සැළකේ. මෙම නඟරය ඉතාමත් දියුණු නඟරයක් බවට පැහැදිලි වන්නේ මෙහි තිබූ උණු සහ සිසිල් ජලය ගෙනයාමට තිබූ ජලාපවාහන ක්‍රමය නිසායි. තවද නිවාස සන්කීර්ණ පැවති බවට සාධක හමුවී තිබේ. මෙය ක්‍රි.පූ. 1600 දී පමණ විනාශයට පත්වී ඇත.


    foLFWsf.jpg

    Tikal – Guatemala (ගෝතමාලාවේ ටිකල්)

    මයාන් රාජධානියේ ප්‍රධාන නගරය හෙවත් අගනුවර ලෙස සැළකේ. ක්‍රි.ව. 200-900 ත් අතර කාලයේ පැවති බවට සාක්ශය දරයි. මෙය දැන් කැලෑ බවට පත්වී ඇත. ගවේශනය මඟින් මෙය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1848 දී වේ. මෙම පිරමිඩ මීටර් 70ක් පමණ උසින් යුක්තය.


    tm156M8.jpg

    Timgad – Algeria (ඇල්ජීරියාවේ ටිම්ගඩ්)

    හත්වන සියවසෙදී වෙළෙද නඟරයක් ලෙස ට්‍රජන් නම් රනකාමියා විසින් නිමවූ බව කියවේ. මෙය ඉතාමත් දියුණු නගරයක්ව පැවත ඇත.


    දෙවනි කොටස බලාපොරොත්තු වන්න.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දෙවැනි කොටස කෝ බන්...! ඉක්මනට දාපන්