මිහින් ලංකා ගුවන් යානයක ගින්නක්
Srilankamirror – මිහින් ලංකා ගුවන් යානයක භාණ්ඩ කුටීරයේ ඇති වූ සුළු ගින්නක් හේතුවෙන් එම ගුවන් යානය ගුවන් ගතවී මඳ වේලාවකින් යළි කටුනායක ගුවන් තොටුපලට හදිසි ගොඩ බැස්සවීමක් සිදු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.
කටුනායක සිට ජාකර්තා නුවර බලා අද (09) උදේ 7.30ට උදෑසන පියාසර කිරීම ආරම්භ වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානයේ මෙම ගින්න ඇතිව තිබේ.
එම අවස්ථාවේ දී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව ගුවන් මගීන් දෙසිය හතරදෙනෙකු යානායේ සිට ඇති අතර යානය පෙරවරු 9.21ට යළි ගුවන්තොටට ගොඩ බස්වා ඇත. මගීන් කිසිවකුටත් කිසිම කරදරයක් සිදුවී නැත.
ඒ වන විට ගුවන් තොටුපොළේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කර තිබිණි.
මෙම සිද්ධිය පිළිබඳ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පරීක්ෂණයක් ද මේවන විට ආරම්භ කර තිබේ.

.