මිහිපිට සිටින සුපිරි වීරයෝ - human super heroes

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මිහිපිට සිටින සුපිරි වීරයෝ - human super heroes

    HUMAN SUPER HEROES


    JelQc0K.jpg




    අපි දන්න සුපිරි වීරයෝ ඉන්නෙ කාටූන් වල නැත්නම් ෆිල්ම්වල,,,,


    OnLOzFQ.jpg




    නමුත් සාමාන්ය මනුෂයෙකුට නැති සුපිරි හැකියාවෙන් තියෙන පුද්ගලයින් සැබෑ ලෝකයේ ඉන්නවා,,මේ ඒවගේ හිටපු 10 දෙනෙක් ගැනැයි,,,,,




    මේ හැකියාවන් ඔවුන් උපතින්ම ගෙනාපු ඒවා වෙන්න පුලුවන්,,,නැත්නම් ඔවුන් විසින්ම පුහුණු වෙලා දියුනු කරපුවා වෙන්නත් පුලුවන්,,,

    10. මයිකල් ලොටිටෝ- Michel lotito - ඔහුට කෑ නොහැකි දෙයක් මිහිපිට නැත,,,


    riXLhJk.jpg




    මයිකල් ලොටිටෝ කියන්නේ ආහාර වශයෙන් අපි නොගන්න දේවල් කාපු මිනිසෙක්,,,ඔහු යකඩ වීදුරු වගේම සමහර විශ රසායන දේ පවා කා තිබෙනවා,, පුදුමය නම් ඔහුට කිසිම අනතුරක් නොවී මෙවා ඔහුගේ ශරීරය තුල ජීරනය වීමයි,,,


    gmUg6sB.jpg




    වාර්තාවෙලා තියෙන විදියට මයිකල් බයිසිකල් යකඩ කරත්ත ටයර් වගේ දේවල් කුඩා කැබලි වලට කපා ආහාර ලෙස ගෙන තිබෙනවා,,ඔහුව පරීක්ෂාකිරීමේදී පෙනිලා තියෙනවා ඔහුගේ ආමාශය සාමන්ය ආමාශයකට වඩා දෙගුණයක් ගනකම් බව,,,


    09.මාස් ඔයාමා - Mas Oyama - කුලු හරකුන්ගේ බල බිදින්නා



    fSqt2BQ.jpg




    1920දී කොරියාවේ ඉපදුනු ඔහු ජපානයේදී මාස් ඔයාමා නමින් ප්රසිද්ධ උනේ කරාටේ ගුරුවරයෙක් විදියට,,මාස් ඔයාමාට තිබුන සුපිරි හැකියාව තමා කිසිම ආයුධයක් නොමැතිව දැවන්ත කුලු හරකුන් සිය අතින් ගසා මරා දැමීම


    VzlbA7C.jpg



    කුලප්පු වුනු කුලු හරක් 52ක් සමග ඔහු සටන් කොට උන්ගේ අං කඩා දමා සියලු දෙනා මෙල්ල කොට තියෙනවා,, මින් 3ක් පලමු පහරින්ම මරාදමා තියෙනවා,,,


    08,ස්කොට් ෆ්ලැන්ස්බර්ග් -scott flansburg - මිනිස් කැල්කියුලේටරය


    2t6Kb0H.png





    මනෝමයෙන් ගනන් හදන්න කාටත් අඩු වැඩි වශයන් හැකියාව තියෙනවා,,, නමුත් ස්කොට් ගෙ ගණිත හැකියාවට සුපිරි කැල්කියුලේටරයත් පරාදයි,,,,ඉතා වේගයෙන් ඔහුට ඉතා විශාල සංඛ්යා පවා ගුණ කරන්න එකතු කරන්න අඩු වැඩි කරන්න පුලුවන්,,,


    gGo9gRY.jpg




    ස්කොට් කියන විදියට ඔහුට යම් ගණිත ගැටලුවක් විසඳද්දි වෙලා යන්නෙ ගණිත ගැටලුව අහන්නයි උත්තරේ කියන්නයි විතරයිලු


    07.මා සියැන්ගැන්ග් - -ma xiangang - විදුලි මිනිසා


    vzc7dnw.jpg




    මා සියැන්ගැන්ග් තමන්ගේ ගෙදර කැඩුනු විදුලි වයරයක් හදමින් හිටියා,,ඔහුට ටික වෙලාවකින් තමා තේරුනේ තමන් විදුලි සම්බන්ධය තියෙද්දිම විදුලි වයරය කිසිම හානියක් නැතිව අල්ලන් ඉන්නව කියලා ,,,,

    පසුව කරපු පරීක්ශණවලින් මා ට 220 කරන්ට් එක කිසිම හානියක් නැතුව අල්ලන් ඉන්න පුලුවන් කියලා පෙනී ගියා,,,ඔහුගේ ඇඟ විදුලි සන්නායකක් විදියට ක්රියා කරන බව පෙනී ගිහින් තියෙනවා,,, බල්බයක් ඔහුගේ එක් අතකට දීලා විදුලි වයරයක් අනිත් අතට දුන්නොත් බල්බය දැල්වෙනවා,,


    06.විම් හොෆ් - wim hof - අයිස් මිනිසා


    pfYkWy7.jpg




    විම් හොෆ් කියන්නේ ආක්ටික් කලාපයේ මිදුනු ගන අයිස් තට්ටුවක් යට පැය 5 යි විනාඩි 25ක් එක දිගට හිටපු පුද්ගලයෙක්,,,මේ උශ්ණත්වය සෙල්සියස් අංශක රින 20යි,,,,විශේශත්වය විම් අයිස් තට්ටුව යට හිටියේ කොට කලිසමක් ඇඳගෙන විතරයි,,,



    සාමාන්ය මිනිසෙක් හිටියා නම් මෙහෙම විනාඩි 2 කටත් වඩා අඩු කාලෙකින් මැරිලා ඉවරයි,,,විම් කියන්නෙ යෝග භාවනා බලෙන් ඔහුගෙ ශරීර උශ්ණත්වය පාලනය කරන්න ඔහුට පුලුවන් කියලයි


    05.ඉසයෝ මසාචි - isao machii- සුපර් සැමුරායි


    DijOKGE.jpg




    ඉසායොඉ මසාචි කියන්නෙ ඇස් හා අත්වල තියෙන සමායොජනය සාමාන්ය මිනිස් ප්රමාණයට වඩා එහා ගිය ප්රමාණයක් තිබුනු කෙනෙක්,,තියුනු කඩු පහරින් තමන් වෙතට එන වේගයෙන් එන ඕනැම දෙයක් වෙන් වෙන්න කපලා දමන්න ඔහුට පුලුවන්;;;;


    gLeBjMX.jpg




    කොච්චර වේගවත්ද කියනවානම් වේගෙන් එන උණ්ඩයක් වුනත් දෙවරක් කපන්න ඔහුට පුලුවන්,,,,ඉසයෝ කියන විදියට ඔහු තමන් වෙතට එන ඉලක්කය ඇසට කලින් හිතින් දකිනවලු



    04.ඩේව් මුලින්ස් -dave mullins - මිනිස් මත්ස්යයා


    JdlS1O9.jpg




    ඩේව් මුලින්ස් කියන්නෙ අසාමාන්ය කිමිදුම් කරුවෙක් ඔහුගෙ තිබුනු හැකියාව තමා කිසිම ඔක්සිජන් සැප්යුමක් නැතිව ඉතා ගැඹුරට කිමිදිම ඔහු තියෙලා තියෙන පුදුම හිතෙන වාර්තාවක් තමා තනි හුස්මකින් විනාඩි 4ක් ඇතුලත මීටර 244 ගැඹුරට කිමිදීම,,,


    4VQ3DWf.jpg




    ඩේව් ගැන පරීක්ශන කරපු පිරිස් කියන්නෙ ඔහුගෙ මාංශ පේශීන් ඔක්සිජන් නැති අවස්තාවලදී පවා ක්රියා කරන බවයි,,,



    03.කිම් පීක් -kim peek - මානව ගූග්ල් යන්ත්රය



    PRS7FLj.jpg




    කිම් පීක් උපන්දා සිටම මන්ද මානසික තත්වයකින් පෙලෙන්නෙක්,,,මානසික වර්ධනය අඩු පුද්ගලයෙක් උනත් ඔහුට තිබුනේ අසාමාන්ය ලෙස විශාල වුනු මොලයක්,,,, කිම්ගේ මොලය පරීක්ශා කිරීමේදී ඔහුගේ මොල්යේ දෙපස අර්ධ ගෝල 2 සම්බන්ධ කරන කොටස හැදී නැති බව පෙනී ගියා,,, ඔහු සමාජ සම්බන්ධතා ඇති කරගැනීමට නොහැකි හුදකලා පුද්ගලයෙක් වුනත් කුඩා කල සිටම පොත් පත් කියවීමට ඇබ්බැහි උනා,,


    Dlbmw8J.jpg



    දැඩි ආශවෙන් පොත් කියවපු ඔහු තුළ පුදුම හැකියාවක් තිබුනා,,,,ඒතමා කියවපු දෙයක් අකුරක් ,සලකුනක් වරද්දන් නැතිව හරියටම මතකයේ තිබීම,,,පිටු 2ක් තත්පර කිහිපයකින් කියවන ඔහුට එකවරක් පමණක් කියවීමෙන් සියලුම දේ කටපාඩමින් කීමට තරම් හැකියාවක් තියෙනවා....කිම් කියවා ඇති පොත් 12000 අතරින් 98% ඒ ආකාරයෙන්ම ඔහුගේ මතකයේ තියෙනවා,,, කිම් කියන්නෙ ඇවිදින පුස්තකාලයක්,,




    02.ben underwood -බෙන් අන්ඩවුඩ් හෙව්ත් Bat Man


    mztvjd8.jpg




    බෙන්ගෙ ඇස්වලා ආපු පිලිකාවක් නිසා ඔහුගෙ ඇස් ඉවත් කරනවා අවුරුදු 3 වෙද්දි,,,පෙනිම නැති උනත් බෙන්ගෙ ජීවිතය නවතින්නෙ නැහැ,,,ඔහු ලෝකය දකින්නට ඔහුගේම ක්රමයක් හොයාගන්නවා ශබ්ධය උද්ව් කරගෙන,,,

    දිවෙන් ක්ලික් ශබ්දයක් නිකුත් කරන බෙන් එහි දෝංකාරය මගින් අවට වස්තුන් හඳුනාගන්නව,,,,මේ ක්රමයෙන් ඔහුට ඕනැම පාරක මොන බාදක තිබුනත් ආධාරකයක් නතිව යන්න පුලුවන්

    ඒ විතරක් නොවේ,, බාස්කට් බෝල් සෙල්ලම් කිරීම ,වීඩියො ක්රීඩා කිරීම වගේ සංකීර්ණ දේ උනත් කරන්න පුලවන් කම තිබුනා,,,නමුත් පිලිකා මාරයා විසින්ම ඔහුගේ ජීවිතය වයස 16 වෙද්දි උදුරා ගත්තා,,,,දෝං කාරය මගින් අවට වස්තූන් හඳුනා ගැනීමට ඇතම් මිනිස්සුනට පුලුවන්,,, නමුත් බෙන් තරම් අසාමාන්ය ලෙස මේ හැකියාව තිබුන වෙනත් කෙනෙක් නැහැ,,,




    01.ජෝන් චෑන් - John Chang හෙවත් අද්බූත වෙදැදුරා...



    Yup54zh.jpg




    ජෝන් චීන කටු ක්රමය හා තවත් පෙරදිග වෛද්ය ක්රම දියුණු ක්රම ප්රගුණ කරපු වෙදැදුරෙක් විදියට ප්රසිද්ද වෙලා හිටියෙ,,, නමුත් ඒ අතරම විවිද ආකාරයේ විස්මිත හැකියාවන් කිහිපයක් ඔහුට තිබුනා,,,


    ඔහුට සිය සිරුරෙන් විවිධාකාරයෙන් ශක්තිය ජනනය කරන්න පුලුවන්..

    කිසිම ආකරයකින් ප්රසිද්දියෙ පෙනී සිටීමට ඇකමැති වුනු ඔහුගෙ හැකියාවන් වාර්තාකරුවන් පිරිසක් විසින් අමාරුවෙන් පටිගත කරගෙන තිබෙනව,,,පහත් තියෙන්නෙ ඒ වීඩියෝව,,,,නමුත් මේ වීඩියෝව ප්රසිද්ද වීමත් සමග ජෝන් නැවත ප්රසිදිදියෙ පෙනී සිටින්නනට ඇවිල්ල නැහැ,,,



     
    Last edited: