මිහිර පත්තරේ නෝ මෝ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,916
    40,062
    113
    Homagama
    ආයිත් මිහිර පත්තරේ ගහන්නැලු. Epaper විතරලු.

    අපේ පොඩිකාලේ ලස්සන කරපු සත 20ට කියපු මිහිරත් පත්තරේත් නැතිවුනා. දැන් කාලෙට ඉතින් පත්තර වැඩක් නැති උනත්, සොදුරු ජිවයන් මතක ලෙස තැම්පත් කර මැරිලා යද්දි දුකයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,606
    199,783
    113
    Colombo, Sri Lanka
    අපේ තාත්තා කිව්වා ඉස්සර ඉස්කෝලේ පන්තියක මිහිර විජය පත්තරයක් ළඟ නැති ළමයෙක් හොයාගන්න අමාරුයිලු. ඉස්සර ළමයි හරියට පොත පත කියවීමට ඇබ්බැහි වෙලා හිටියලු......... :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,257
    102,156
    113
    මම විජය පත්තරේ විතරක් ගත්තා. එහෙම එකක් විතරක් ගන්න උනේ ඇයි කියලා නන් මතක නෑ. මිහිර බලනව පුස්තකාලේන්.
    ඊට පස්සේ විදුසර. ඊටත් පස්සෙ තරුණයා. දැන් පත්තර ගන්නේ නෑ. ඉදල හිටලා පත්තර වලට ලියනවා.

    මේ ළමයින්ට කියවන පුරුද්ද නැති එක නන් මහා කරුමයක් වෙනවා මුළු රටටම ඉස්සරහට. අඩුම නෙට් එකෙන්වත් කියවන්නේ නෑ ගොඩක් අය.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ තාත්තා කිව්වා ඉස්සර ඉස්කෝලේ පන්තියක මිහිර විජය පත්තරයක් ළඟ නැති ළමයෙක් හොයාගන්න අමාරුයිලු. ඉස්සර ළමයි හරියට පොත පත කියවීමට ඇබ්බැහි වෙලා හිටියලු......... :yes:
    අපිට ප්‍රාතමික පන්තිවල ඉන්නකොට පන්තියෙ වෙනම පැත්තක ඩෙස් දාල පොත් කියවන්න තැනක් හදල තිබුන ළමා පොත් පත්තර ගොඩක් ගෙනල්ල තියෙනව අපේ පන්තිබාර මිස්ලා. ඒ වැඩේ එයාලගෙ අදහසක් ඉස්කෝලෙන් කරපු දෙයක් නෙවෙයි. නිකං ඉන්න වෙලාවට අපි ඕවගෙ කාටුන් එහෙම තමයි කියවන්නෙ. ආ එතකොට මේ ඉන්නෙ මගේ අක්කගෙ වයස අවුරුදු 2ක් වෙන දුව.

    01.jpg
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,342
    113
    පත්තර වලින් ගන්න පුලුවන් සීමිත තොරතුරු ප්‍රමාණයක්නෙ දැන්.අපි වයසට යද්දි E-sources අයින් වෙලා information drugs වගේ ඒවා එයි.පෙත්තක් ගහපු ගමන් ඔක්කොම ටික හිතනව වගේ ඔලුවට එයි. LOL
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,925
    2,707
    113
    මොන හේතුවකට ද මන්දා ඉස්සර ඔය පත්තර කියවන්න බැරි වුණා.. මම ඒ ගැන සැහෙන්න දුක් උනා පස්සෙ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,916
    40,062
    113
    Homagama
    බය වෙන්න එපා
    නැවත බිග් බැන් එකක් එනව
    සියල්ල රීස්ටාට් වෙනව
    සංසාර චක්කරේ එහෙමයි
    Cat Confuse GIF by Rizal Althur

    පත්තර වලින් ගන්න පුලුවන් සීමිත තොරතුරු ප්‍රමාණයක්නෙ දැන්.අපි වයසට යද්දි E-sources අයින් වෙලා information drugs වගේ ඒවා එයි.පෙත්තක් ගහපු ගමන් ඔක්කොම ටික හිතනව වගේ ඔලුවට එයි. LOL
    පත්තර යල්පැන ගිහින් ඉවරයි. මේක මේ අතිතකාමයට ලියන එකක්.