මි මැසි පාලනය කරමු

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ape waththe gahaka bandala thiyenawa ekak. podi masso wage size eka. bada hariya kalu kaha. e langa podi lamai sellam karanawa. ungen karadarayak weida??
    අපි උන්ට කරදරයක් නොකරන තාක්කල් උන්ගෙන් අපිට කරදරයක් නෑ :)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මී මැසි පාලනය පාර්ට් II

    පාර්ට් II​

    🎁මී මැසි ජනපදයක ක්‍රියාකාරිත්වය

    ජනපද හැසිරවීම සදහා රසායනික ද්‍රව්‍යයන් කීපයක් උපයෝගී කර ගන්නා මී මැස්සා එදිනෙදා වැඩ කටයුතුවලට ඉවහල් කරගන්නේ ඔවුන් සතු තියුණු ඉවය. ජනපදයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම එහි සිටින රැජිනගේ ශරීරයේ ඇති විශේෂවූ රසායනික ද්‍රව්‍යයන්ය. මෙයට "රැජින සුවද" යැයි කියනු ලැබේ. මෙය ෆෙරොමොනයකි(Pheramone)

    මී මැසි ජනපදයක මැසි වර්ග තුනක් වාසය කරයි. එනම් රැජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන්ය. රැජින හා වැඩකාර මැස්සියන් සෑම කල සිමාවකදිම දක්නට ලැබුනද පිරිමි මැස්සන් බිහි වන්නේ විශේෂ කාල සීමාවකදී පමණි. රැජින, ජනපදයේ ප්‍රධානියා ලෙස සැලකේ. නමුත් රැජින මෙහෙය වන්නේ වැඩකාර මැස්සියන් විසිනි. රැජිනගේ එකම කාර්යය බිත්තර දැමීමයි. හොද වර්ධක කාලසීමාවකදී දිනකට බිත්තර 500-1200 අතර ප්‍රමාණයක් දැමීමේ හැකියාව ඇයට ඇත. රැජිනක් පහසුවෙන් හදුනාගැනීමට හැකිය. රැජිනක් සාමාන්‍යයෙන් වැඩකාර මැස්සියකගේ ස්වභාවය ගත්තද ප්‍රමාණයෙන් විශාලය. උදරය දිගටිය, පියාපත් කෙටිය. ඇය වද මතුපිට කඩිසරව ඔබ මොබ යමින් වද කුහර තුල බිත්තර දමයි. රැජින බිත්තර දමන විට එක වද කුහරයක දමන්නේ එක් බිත්තරයක් පමණි. රැජිනට බිත්තර වර්ග දෙකක් දැමීමේ හැකියාව ඇත. එනම් සංසේචනය වූ හා සංසේචනය නොවූ යන ආකාරයෙනි. සංසේචනය වූ බිත්තරවලින් ගැහැණු සතුන් ද සංසේචනය නොවූ බිත්තර වලින් පිරිමි සතුන් ද වශයෙනි. රැජිනක් අව්රුදු 6-7 කාලයක් දක්වා ජිවත් වුවද බිත්තර දැමිය හැක්කේ අව්රුදු 2-3 කාලයක් දක්වා පමණි.

    ජනපදයක වැඩි වශයෙන් සිටින්නේ වැඩකාර මැස්සියන්ය. මොවුන් සම්පුර්ණ නොවූ ගැහැණු සතුන් ලෙස හැදින්විය හැක. මෙලොව එලිය දුටු දින පටන් මරණය තෙක් ජනපදයේ සියලු වැඩකටයුතු කරන්නේ මොවුන්ය. වැඩකටයුතුවල ස්වරුපය අනුව මොවුන් අතර වැඩ බෙදා ගැනීමක් සිදුවේ.ජනපදයේ උෂ්ණත්වය රැකීම, රැජින රැක බලා ගැනීම හා ඇයට උපස්ථාන කිරීම, පැටවුනට(කීටයන්ට) කැවීම, වද බැදීම, ජනපද ආරක්ෂාව, ජනපදය පිරිසිදු කිරීම, ආහාර ගබඩා කිරීම හා ආහාර රැගෙන ඒම මෙම ක්‍රියාවලියට අයත්වේ.මෙම නිසා ජනපදයේ සම්පුර්ණ වගකීම හා ක්‍රියාවලිය රදාපවතින්නේ මොවුන් මතය. වැඩ ප්‍රමාණය අනුව වැඩකාර මැස්සියන් සති 3 සිට මාස 3 කාලයක් දක්වා ජීවත්වේ.

    සංසේචනය නොවූ බිත්තරයකින් බිහි වන්නේ එක් පිරිමි මැස්සෙකි. ජනපද වර්ධනය වන කාල සීමාවේදී පමණක් පිරිමි මැස්සන් දැකිය හැකියි. මදක් විශාල ෂඩශ්‍රාකාර කුහර තුල බෝවන පිරිමි මැස්සන් බිහි කිරීමෙහිලා පෙරමුණ ගන්නේ වැඩකාර මැස්සියන්ය. පිරිමි මැස්සන් කළු පැහැතිය, ශරීර මහත්ය,උදාර කෙලවර රවුම් හැඩයක් ගනී. පියාපත් සහ ඇස් විශාලය. රෝම කූප විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. පිරිමි මැස්සන්ට උපස්ථාන කල යුත්තේද වැඩකර මැස්සියන්ය. මොවුන්ගෙන් සිදුවන එකම කාර්යය නම් රැජින සමග පට්ටි දැමීම පමණි. වෙනත් කිසිදු කාර්යයක් ඉටු නොකරන මෙම සතුන් ජනපදයක සිටීම ජනපදයට පාඩුවකි. ආහාර හිග කල සීමාවකදී මොවුන්ගේ අවසානය සනිටුහන් වේ.​

    s9EPUyk.jpg

    🎁ජිවන චක්‍රය

    මී මැස්සන් පාලනය කිරීමේදී ජනපදයේ ඇති මැස්සන්ගේ ජිවන චක්‍රය පිළිබදව අවබෝදයක් තිබීම ඉතා වැදගත්වේ.

    vU1s4nA.jpg

    ආර ලක්ෂණ හා දේශගුණික තත්වයන් අනුව මෙම දින ගණන් වෙනස් විය හැක.


    බිත්තරයෙන් බිහිවන කිටයාට කෙරෙන සත්කාර අනුව ඇතිවන්නේ රැජිනක් ද නැතහොත් වැඩකාර මැස්සියක්ද යන්න තීරණය වේ. සංසේචනය වූ බිත්තරයකින් බිහිවන කීටයෙකුට හෝ කීටයන් කිහිප දෙනෙකුට සම්පුර්ණ දින පහක්ම රාජ ජල්ලි නමැති විශේෂ ආහාරයක් දීම නිසා එවැනි කීටයෙකු රැජිනක් බවට පත්කර ගතහැක. වැඩකාර හා පිරිමි මැස්සෙකු බවට පත්වන කීටයෙකු හට රාජ ජල්ලි සපයනු ලබන්නේ පලමු දින දෙක තුල පමණි.



    මතු සම්බන්ධයි
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    එළ, දිගටම කරගෙන යමු. මමත් දන්න දේවල් එකතු කරන්නම්. දැන් ටිකක් වෙලාව මදි...