මීටර්_පද්ධතිය A to Z

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මීටර්_පද්ධතිය A to Z

    අද කියන්න යන්නේ බයික් වල මීටර් සෙට් ගැන
    yamaha-fz16_digital+consol.jpg

    speedometer.jpg


    ඉස්සර ඇනලොග් තිබ්බ ඒවා දැන් ඩිගිටල් වෙලා. මීටරේ වෙලාවකට වැඩ නැතුව යනවා ඇතුව යනවා මාර සිද්දි ඉතින් අලුතින් පාවිච්චි කරපු බයික් එකක් ගන්න යනකොට ගොඩක් උන් හිතන්නේ මීටර් වැඩ නැත්නම් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කියල. කවදාවත් මීටර් වැඩනැති බයික් එකක් ගන්න එපා කියන එකයි මගේ තියෙන හොඳම උපදෙස

    හේතු කාරනා ගොඩක් තියෙනවා

    මීටර් වල ලෙඩ හොයන්න ගියාම සෑහෙන දේවල් බලන්න ඕනි. කැඩෙන කෑලි වැඩියි. අයෙත් දදා හදන්න ඕනි - පසුවට විස්තර කරන්නම්

    අමතර කොටස් හොයාගන්න එක හරිම දුෂ්කරයි විශේෂයෙන් සෙන්සර්, ජපන් කොටස්

    තාක්ෂණික දැනුම ඇති අය ගොඩක් අඩුයි - මීටර් බාස් ලා පංචිකාවත්තටම ඉන්නේ එකයි

    ස්පිඩෝ මීටර් එකට එන්නේ සෙන්සර් (FZ වගේ බයික් වල) වල විද්‍යුත් දෝෂ, අලුත් කෑලි ගිණි ගණන් අනික කොම්පැනියෙන් අරගෙන දාන්න වෙන්නේ

    අමතර කොටස් මිල අධිකයි

    504000305_451.JPG

    බයික් එකක් ගන්න කොට මුලින්ම බලන්න ඕනිම මීටර් සම්බන්ධ අවයව විශේෂයෙන් ජපන් බයික් එකක් ගන්නවා නම්. ජුන්ඩා හොලවාල ජපන් බඩු එහෙම සෑහෙන ගණන්. උදා: XR අලුත්ම ඩිගිටල් මීටර් පද්දතිය වැඩ නැති බයික් එකක් යැයි සිතන්න. බයික් එක ලක්ෂ 4ත් 5ත් අතර ඔබට කියාවි. මීටර් වැඩ නැත්නම් 3.45කට උවද විකුණා ගත නොහැක. මිට හේතුව වන්නේ මීටර් පද්දතියේ අමතර කොටස් (බාවිතා කර ගලවන ලද) වල ඇති අධික මිල ගණන් නිසාය. XR250 ඩිගිටල් මීටර් පද්දතියක මීටර් කොටස පමණක් රුපියල් 55 000කට වඩා වටිනාකමකින් යුක්ත වෙයි ඒවාද ගලවන ලද මින් පෙර බාවිතා කරනලද ඒවාය. මිල ගණන් කෙසේ උවත් පංචිකාවත්තේ වත් සොයාගැනීමට තරමක් අපහසුවේ. පොරවල් කරන්නේ මෙයට චීනයේ නිෂ්පාදිත අනුකරණ සවි කිරීමයි. චීන පද්දතියක් කිසිදු වටිනාකමක් නොමැත. කිසිදු විටෙක චීන මීටර් සවි කර ඇති බයික් එකක් අවධානමකින් තොරව මිලදී නොගන්න.

    චීන අනුකරණ වල දුර්වලතා

    ප්‍රමිතිය බාලවීම, කල්පැවැත්මක් නොමැතිවීම, නිසි නිවැරදි දත්ත පෙන්නුම් නොකිරීම, බාල අමුද්‍රව්‍ය නිසා ඇතුලත මැසිම ඉක්මනින් ගෙවීයාම, ඉර එලියට ෆෙඩ් වීම, RPM මීටරය ඇක්සලේට් කලවිට ඔබගේ මියා පුසියකු දුටුවිට නගින්නාක් මෙන් සුටු සුටු ගා උඩ නැගීම , නිකල් කොටස් සියල්ල ප්ලාස්ටික් ඉක්මින් සීරි පතුරු යයි . ඔරිගීනල් ප්ලාස්ටික් ගනකම නොමැත තට්ටු කලවිට චීනා හසුවේ.

    මීටරේ වැඩකරන්නේ කොහොමද බලමු දැන්:

    ඇනලොග් මාදිලිය -

    honda-cb400-1995-1998-motorcycle-meter-cover.jpg


    ඉදිරිපස රෝදය කැරකෙන විට රෝදය හා සම්බන්ධ වන යකඩ රින්ග් එකක් මගින් PVC හෝ ප්ලාස්ටික් DRIVE GEAR කොටස කැරකේ, එක වොර්ම් ගියරයේ ශාෆ්ට් එක සමග සම්බන්ධ වී එමගින් මීටර් කේබලය කැරකේ. ඉන්පසු මීටරයේ ඇතුලත ඇති විද්‍යුත් චුම්භක උත්පාදනයක් මගින් ස්පිඩෝ මීටරය කැරකේ. RPM මනිණු ලබන්නේ එන්ගිමේ ඇති සෙන්සරය මගිනි. එහි දෝෂ බොහෝ අඩුය..

    ඩිගිටල් මාදිලිය - ක්‍රියාත්මක වන්නේ චුම්භක සෙන්සරයක් ඉදිරිපස රෝදයට සවි කිරීමෙනි. විද්යුත් කේබලයක් මගින් සුළු ධාරාව මීටරය වෙත සම්බන්ධ කර ඇත.

    ඉහත ඇනලොග් මාදිලිය සවිස්තරාත්මකව බලමු

    gearW.jpg


    ඉහත තිබෙන්නේ වරම් ගියරය තුල තිබෙන ප්ලාස්ටික වරම් ගියර් drive එක සහ වෙර්ම් ගියරයයි - විස්තර කිරීමේ පහසුව සඳහා අනුකරණයකි. එම කොටස පිහිටා ඇත්තේ ඉදිරිපස රෝදය තුලට සවිවන මෙම වරම් ගියර් drive එක තුලයි. මෙයට කෙටියෙන් වර්ම් එක කියාද හඳුන්වයි

    desc_368137384_00.jpg


    මෙහි දැක්වෙන යකඩ කැබැල්ල රීම් එකේ ගැටිත්තකට සිරවූ පසු වොර්ම් drive gear එක කැරකේ.

    washers-18.jpg


    ගලවන ලද ජපන් බෙන්ලියක වර්ම් ගියරයක්

    වර්ම් ගියර පද්දතිය ගලවා සෑම සර්විස් කිරීමකදීම ග්‍රීස් පැලෙන්න පිරවීම කලයුතුය. නැත්නම් සිරවීමට උත්සහා දරයි. මෙහි බහුලම දෝෂ දෙකකි එකක් වන්නේ සිරවිමයි දෙවැන්න වන්නේ worm gear main drive ප්ලාස්ටික් දැති රෝදයේ කට්ටා ගෙවී යාම සහ කැඩී යාමයි. නිවසේදීම මේවාට ප්‍රතිකර්ම සිදුකල හැක

    සුසුකි බයික් එකක ගියරයක් සහ එහි ඇතුලත කොටස්
    Speedo%20Drive%201.JPG


    වරම් ගියරය අනිවරෙය්න් බටර් මෙන් කැරකිය යුතුය.

    වරම් ගියරය සිරවීමට හේතු

    අවුට් පුට් ශාෆ්ට් එක ගෙවී යාම හෝ මළකඩ කෑම (ජපන් ශාෆ්ට් එකක ආයුකාලය කිලෝමීටර අට ලක්ෂයක් පමණ වේ බොහෝවිට දෝෂය මලකඩ නිසා වියහැක, drive sharft එක ගලවා ගැනීමට යටින් සිදුරක් විද ඇනයක් දමා තට්ටු කලයුතු වේ. මලකඩ නියනකින් හෝ යකඩ කෙඳි ඇති බ්‍රෂ් එකකින් පිරිසිදු කල හැක, පරණ ග්‍රීස් සබන් ගා සොදන්නේ නම් මෙම යකඩ ශාෆ්ට් එක හොඳින් වියලීමට ටිකක් රත්කරන්න- ඉන්දියන් ඒවා ගේ මේ කොටස් ප්ලාස්ටික් වේ - ශෆ්ට් එක යටින් ගෙවී ඇත්නම් හෝ දැති ගෙවී ඇත්නම් එම වර්ගයේ ම ශෆ්ට් එකකට මාරු කරන්න.. දැති යන හැඩය ගැලපීම අනිවාර්ය වේ- හේතුව පසුවට කියන්නම් )

    ජලයෙන් ආරක්ෂා කරගැනීමට යොදන රබර් සීල් තැම්බීම, ස්පෙසර් ගෙවීයාම හෝ මලකඩ කෑම (පිළියම ලෙස ඒවා සහ කොටස් ඉවත් කර නැවත සවි කරන්න අනිවාර්යෙන් වැඩ කරාවි ස්පෙසර් ඉවත්කිරීම නිසා කිමි 60 000ක් පමණ යන විට ප්ලාස්ටික් ගියරය නැවත අලුත්කිරීමට සිදුවේ. රබර් සීල් ඉවත්කරන්නේ නම් සිලිකන් ටිකක් යෙදිය හැක - ගෙවී ගිය කොටස් සහ මලකඩ කැබලි drive ශර්ෆ්ට් එකේ ඇමිණී තිබිය හැකි නිසා සියලුම කොටස් ගලවා පිරිසිදු කල යුතුය)

    බොහෝවිට වන්නේ අධිකව රත්වීම නිසා අවුට් පුට් ශාෆ්ට් එක මැදට කර කේබලය සහ සම්බන්ධ කරදීමට අල්ලාගෙන සිර කිරීමට යොදන බුෂ් එක ඇදවීමයි.. මෙහිදී නොසිතන ලෙස අධික ලෙස සිරවේ.. සමහර විට ශාෆ්ට් එක තදින් සිරවීම හෝ ඕනිවට වඩා සිර නොවීම සිදුවේ. ඉහත පළමු පින්තුරයේ ඇත්තේ ඔරිගීනල් ම ජපන් බුෂ් එකකි එය පිත්තල හෝ ඇලුමිනියම් වලින් තිබේ. අනුකරණය කරන ලද චයිනිස් සහ ඔර්ගිනල් ඉන්දියන් ඒවා හි ඇත්තේ ප්ලාස්ටික් බුෂ් එකකි. ජපන් යකඩ පිත්තල හෝ ඇලුමිනියම් නම් ශාර්ෆ්ට් එකේ කඳ සහ බුෂ් එකේ හිල ඩ්‍රිල් එකකින් ටිකක් ලොකු කර දමන්න. නැත්නම් බුෂ් එකක් නිවසේ ඉවතලන පෑනක කඳකින් කපා ටේප් ඔතා අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත හැක.... බුෂ් නැත්නම් බුෂ් එක ඉවත්කර කෙලින්ම කෙබලයට ඉතා තදින් සවිකරන්න. අනිවාර්යෙන් වැඩ කරාවි

    ප්ලාස්ටික් ගියරය ගෙවී යාම - අලුත් ගියරයක් ඒ හැදයේම යොදන්න කාට්ටා රටාව පිලිබඳ සැලකිලිමත වෙන්න

    කුණු දුහුවිලි සහ බාල ග්‍රීස් ගල්විම නිසා - ගියරය ගලවා හොඳින් පිරිසිදු කර නැවත සවිකරන්න පෙර අතින් කරකවා බලා සවිකරන්න

    කේබලය සිරවීම : කේබලය ඇතුලතින් කැඩී හෝ මලකඩ කා තිබිය හැක.. නැතහොත් මීටරය සිරවී තිබිය හැක. මෙය සිරවී තිබෙන විට සවි කලොත් අනිවාර්යෙන් ගියරයේ ප්ලාස්ටික් රෝදයේ දැති කඩා යායි.. එබැවින් කැරකෙන ගියරයේ කෙබලය සවි කිරීමට පෙර අතින් කේබලය කරකවා හොඳින් වට 30ක් වත් කැරකන්නේ දැයි බලන්න.

    මීටරය සිරවී තිබීම - බොහෝ කාලයක් කේබලය කැඩී අලුත් එකක් සවි නොකර තිබු විට මීටර බොහෝ දුරට සිරවේ එබැවින් අත තැබීමට පෙර මීටරය දක්ෂ කාර්මික ශිල්පියකු ලවා පරික්ෂා කරන්න. තෙල් දමා නැවත සර්විස් කල විට බොහෝ දුරට හරියාවි (රුපියල් 1000ක් පමණ වියදම් වේ). ජපන් මීටරයක් බොහෝ දුරට 15 000කට වැඩි මුදලක් වේ. එබැවින් ප්‍රවාහනයේ දී මෙන්ම ගැලවීමේදී කල්පනාකාරි වන්න. :yes::yes: මීටරය ගෙවී ඇත්නම් රෙපෙයාර් කිරීමට වඩා අලුත් එකක් දැමීමට උත්සහා කරන්න..

    040.JPG


    සැ.යු. ජපන් යතුරුපැදි හි වරම් ගියරය සවිවන ඉදිරිපස ටයරයේ පැත්ත බොහෝ දුරට වෙනස් වියහැක එම නිසා ඇතුලත ප්ලාස්ටික් ගියර වැනි දේවල් වල කට්ටා රටාව පිලිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කල යුතු වේ. බාහිරින් බයිසිකලයට සවි කල හැකි ලෙස පෙනුනත් වර්ම් ගියරයේ අභ්‍යන්තර යාන්ත්‍රනය නිසා කේබලය කැරකෙන දිශාව වෙනස් වේ. එමගින් මීටරය වැඩ කරන දිශාවද වෙනස් වේ. කිසිම විටෙක බාහිරින් එක පෙනුම සහ ඇක්සල් හිල් වල ප්‍රමාණය සමාන වීම නිසා ඉන්දියන් හීරෝ හොණ්ඩා කොටස් ජපන් යතුරුපැදියට මිලදී නොගන්න. කම්හලට ලබාදී හිල් ලොකු කර සවි නොකරන්න ජපන් අබ්යන්තර යාන්ත්‍රණය සම්පුර්ණයෙන් ම වෙනස් වේ. කෙසේ හෝ සකසා ඉන්දියන් එකක් සවි කලද මීටරය වැඩ නොකරන්නේ මීටරයට සවි වන කේබලය කැරකිය යුතු දිශාව වෙනස් නිසා වේ. එම නිසා එය මීටරයට ද හානි දායක වේ.

    උදා: AX1 සහ බාජා හි වර්ම් ගියරය සවි වී ඇත්තේ ඉදිරිපස රෝදේ දකුණු පැත්තේ වේ. එක පෙනුමින් සමාන වන TZR සහ වෙනත් ජපන් වර්ම් ගියරය පද්දති වල ප්ලාස්ටික් දැති රෝදයේ සහ drive sharft එකේ කට්ටා රටාව වෙනස් වේ. තවද එක හා සමාන හීරෝ හොන්ඩ කට්ටලය හිල ලොකු කර සවි කල හැකිමුත් කේබලය කරකැවෙන දිශාව වෙනස් වේ. AX1 හි කැරකෙන්නේ වාමාවර්තව වන අතර හීරෝ හොන්ඩ හි කරකැවෙන්නේ දක්ෂිණාවාර්තවයි.. එම නිසා ජපන් යතුරුපැදී වල මෙම කට්ටල එයට අවේනික මොඩල් එකකින්ම ගලවන ලද එකක් සවි කරන්න. ප්ලස්ටික් රෝදයේ කට්ටා පිළිබඳව රෝද ලබාගැනීමේදී විශේෂ අවධානයක් යොමු කරන්න. කිසි දිනක ඉන්දියන් මීටර් කොටස් ජපන් ඒවාට කපල් කරන්න යන්න එපා.. ප්‍රයෝගිකව සිදුකලත් වැඩකළ නොහැක.

    ඇනලොග් මීටර භාවිතා කරනා අය බොහෝ දුරට කරනා එක වැරැද්දක් වන්නේ ට්‍රිප් මීටරය බයිසිකලය දුවනා විට 0.000 කිරීමට අවශ්‍ය කූර එබීමයි. කිසි විටෙක මෙය සිදු නොකරන්න.. එම ක්‍රියාව මීටරයට වඩාත් හානිදායක වෙයි. එයට හේතුව වන්නේ මීටරයේ අබ්යන්තරයේ සියලු කොටස් එකීනෙකට බැදී තිබීමයි.. බල්ලෝ දෙන්නෙක් පුට්ටු වෙලා ඉන්නවා වගේ උබල කොච්චර ගල් ගැහුවත් පූත්තුව කැඩෙන්නේ නැහැ නේ.. බැල්ලිවත් ඇදගෙන ම තමයි බල්ලා දුවන්නේ. අන්න ඒ වගේ ට්‍රිප් මීටරයයි... ජෙනරල් මීටරයයි KM කොටසත් සමග පුට්ටු වෙලා තියන්නේ. බයික් එක දුවන කොට ඕක එබුවා කියන්නේ අහවල් වැඩේ කරන කොට ගල් ගැහුවා වගේ වැඩක්. බැල්ලි ගේ හිරවෙලා මැරෙන්නත් පුළුවන් බල්ලාගේ මියා. විශේෂයෙන් ජපන් මීටර වල කිසි දිනෙක මෙය සිදු නොකරන්න.

    ඩිගිටල් මීටර් පද්දති

    x9003401285_26a7723d12.jpg.pagespeed.ic.CpS6x4bpKY.jpg




    FZ, Pulser ඔක්කොම අලුත් ඒවාගේ සහ 2006න් පසුව නිෂ්පාදිත ජපන් ඒවා සඳහා එන්නේ ඩිගිටල් පද්දති වේ.. කේබල් වල මෙන් දෝෂ නැත බොහෝ විට වැඩ කරන්නේ නැත්නම් වයරය මාරු කිරීම පමණක් සෑහේ. සෙන්සර් බොහෝ කාලයක් නොනැසී පවතී. සෙන්සර් පාලනය වන්නේ චුම්භක මගිනි.

    ඩිගිටල් මීටර් පද්දතියේ බැක්ලයිට් වැඩ නැත්නම් අනිවරෙය්න් වයරින් චෙක් කරන්න. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් දැනුම සෑහේ.

    බයික් එකක් ගන්න කලින් මීටරේ කුඩා හෝ සිරීම් තිබේ දැයි බලන්න.. බොහෝ ඩ්ගිටල් මීටර් විකිනීමට පෙරාතුව ලේසියෙන් 0.0 කල හැක. එමනිසා බොහෝ FZ වැනි බයික් අවුරුදු 2ක් පමණ පරණ උවද දුවා ඇත්තේ 2000km හෝ 5000km යයි පවසයි. මීටරය අවට පිරික්සුවහොත් ලෙහෙසියෙන් ගලවා ඇතිබව සොයාගත හැක. නොගලවා ම මීටරය 0.0 කළහැකි බොහෝ ක්‍රම දැන් තිබේ. අවශ්‍ය වන්නේ එක් වයර කැබැල්ලක් පමණි. කාගේත් හිතසුව පිණිස ඒවා පල නොකරමි.. 0 කරගැනීමට අවශ්‍ය නම් දක්ෂ කාර්මිකයෙක් වෙත රැගෙන යන්න... :yes::yes: දැන් ඉතින් PM කර කර අහන්න එපා.. කියන්නේ නෑ කිව්වොත් නෑ ම තමයි..

    ඩිගිටල් පද්දතියක් විශේෂයෙන් ජපන් නම් පට්ට ගානක් වෙනවා ඉතින් මේ ජාතියේ බයික් තියෙන උන් පරිස්සමින් පදපල්ලා කඩන්නේ වට්ටගන්නේ නැතුව.. :eek::eek::yes::yes:

    :yes::yes::yes::yes::yes:

    ඔයාලගේ ගැටළු වලට ඉඩ

    :):)
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    මොනව උනත් ඇනලොග් මිටරේ තමා හොද. කට්ට නගිනව බලන් ඉන්න පුලුවන් :P. digital meter ඒ මොහොතේ ස්පිඩ් එක නෙවෙ පෙන්නෙ. තව දෙයක් 2013 efi tricker එකට එන්නෙත් analog meter. තව අනන් මනන් අලුත් ජපන් එව්ව කිපයකට analog පාවිච්චි වෙනව
    fatta post @ 2AM:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනව උනත් ඇනලොග් මිටරේ තමා හොද. කට්ට නගිනව බලන් ඉන්න පුලුවන් :P. digital meter ඒ මොහොතේ ස්පිඩ් එක නෙවෙ පෙන්නෙ. තව දෙයක් 2013 efi tricker එකට එන්නෙත් analog meter. තව අනන් මනන් අලුත් ජපන් එව්ව කිපයකට analog පාවිච්චි වෙනව
    fatta post @ 2AM:P

    මටත් කටු තියන මීටර් දාහෙන් සම්පතයි.:yes::yes: එල පෝස්ට් එක.:love:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මොනව උනත් ඇනලොග් මිටරේ තමා හොද. කට්ට නගිනව බලන් ඉන්න පුලුවන් :P. digital meter ඒ මොහොතේ ස්පිඩ් එක නෙවෙ පෙන්නෙ. තව දෙයක් 2013 efi tricker එකට එන්නෙත් analog meter. තව අනන් මනන් අලුත් ජපන් එව්ව කිපයකට analog පාවිච්චි වෙනව
    fatta post @ 2AM:P

    yes nidimaragna liwwe...:baffled::baffled:
     
    • Like
    Reactions: ahsk123

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගේ මචන් Apache එකක් තියෙන්නෙ.මීටරේ සමහර වෙලාවට වැඩ කරනව.සමහර වෙලාවට වැඩ කරන්නෙ නෑ..හිටපු ගමන් මීටරේ පිස්සු නටනව..40 විතර යද්දි එකසිය ගනන් පෙන්නනව:rofl::rofl::rofl:...


    කොම්පැනියට කිව්වම උන් කියනව සෙන්සර් එක මාරු කරන්න්නලු...සෙන්සර් එකේද වයර් එකේද අවුල ඇත්තෙ?

    rep+
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    You must spread some Reputation around before giving it to kukkupatiya again.

    එලකිරි තේරෙඩ් එකක්.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    ඇනලොග් මීටර භාවිතා කරනා අය බොහෝ දුරට කරනා එක වැරැද්දක් වන්නේ ට්‍රිප් මීටරය බයිසිකලය දුවනා විට 0.000 කිරීමට අවශ්‍ය කූර එබීමයි. කිසි විටෙක මෙය සිදු නොකරන්න.. එම ක්‍රියාව මීටරයට වඩාත් හානිදායක වෙයි. එයට හේතුව වන්නේ මීටරයේ අබ්යන්තරයේ සියලු කොටස් එකීනෙකට බැදී තිබීමයි.. බල්ලෝ දෙන්නෙක් පුට්ටු වෙලා ඉන්නවා වගේ උබල කොච්චර ගල් ගැහුවත් පූත්තුව කැඩෙන්නේ නැහැ නේ.. බැල්ලිවත් ඇදගෙන ම තමයි බල්ලා දුවන්නේ. අන්න ඒ වගේ ට්‍රිප් මීටරයයි... ජෙනරල් මීටරයයි KM කොටසත් සමග පුට්ටු වෙලා තියන්නේ. බයික් එක දුවන කොට ඕක එබුවා කියන්නේ අහවල් වැඩේ කරන කොට ගල් ගැහුවා වගේ වැඩක්. බැල්ලි ගේ හිරවෙලා මැරෙන්නත් පුළුවන් බල්ලාගේ මියා. විශේෂයෙන් ජපන් මීටර වල කිසි දිනෙක මෙය සිදු නොකරන්න.

    :):)
    meka mata wedagath thanQ machan :love: rep+
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ගොඩක් වැදගත් post එකක් මචන්
    big-thumbs-up-smiley-emoticon.gif
    . මචන් meter එකේ එන led light එක මාරු කරන්න පුලුවන්ද ? පාට ? අවුලක් වෙනවද එකෙන් ?



    You must spread some Reputation around before giving it to kukkupatiya again.:no: