me widihata piritha aheddi puduma hangeemak hithata enawa.. lamayek ge handin ahana hindada danne na
දැනුයි ඇහුවේ... පිරිත් කියන විදිහ ලස්සනයි.. නමුත් ඒ පොඩි ළමයා කියන්නේ ඇත්තටම ථෙරවාදී බුද්ධාගමේ පිරිත් සජ්ජායනය කරන ආකාරයද කියන එක ගැන සැකයක් ඇති වෙනවා...
මට හිතුන දේ... මොකද දැන් සිංහලෙනුත් පිරිත් කියන මේ රටේ, යන විදිහට හාමුදුරුවෝ ගිටාර් එකක් ගහන ගමන් පිරිත් කියන්නත් බැරි නෑ... (මහමෙවුනාවෙන් සමහරවිට ඒකත් අත්හදා බලයි)
පිරිත ගැන මං කොග්ගල නිලමේ පොතේ කියවපු විදිහට නම්, මේ පොඩි කෙනා පිරිත් කියන විදිහ, ඊට හාත්පසින් වෙනස් සහ පිරිතේ අගය නැති කිරීමක්.. පිරිතක් සජ්ජායනයේදී යොදා ගන්නේ ස්වර 3 ක් වගේ (මට මතක විදිහට) .ඊට වඩා ස්වර කීපයක් යොදා ගත්තොත් මතු වෙන්නේ රාගික බව...
මට හිතෙනවා මේ පොඩි ළමයා කියන්නේ ඇත්තටම මීට අවුරුදු 1500 කට කලින් පිරිත් කියපු විදිහ නෙමෙයි කියල...
පාලනය තියෙන්න ඕනේ අපේ හිතේ මිසක් බලන වස්තුවේ වත්, හඩේ වත් නෙවෙයි, නැත්නම් මෙහෙණින් වහන්සේලාට බුර්කා අන්දන්න වෙන්නේ. 