>>> මීට පුතාගේ අම්මා >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    >>> මීට පුතාගේ අම්මා >>>

    මගේ අම්මට තිබුනේ එක ඇහැයි.මම ඇයට වෛර කලා,ඇය මට ලොකු හිසරදයක් වුනා. ඇය ජීවිකාව හැටියට කලේ මම ඉගෙන ගත්ත පාසලේ ආපනශාලාවට ආහාර සැපයීම,එය තමා තාත්තත් නැති අපේ පවුලට තිබුනු එකම ආදායම් මාර්ගය.

    මම ප්‍රාථමික පන්ති වල ඉගෙන ගන්න කාලේ දවසක අම්මා මාව බලන්න මගේ පන්තියට ආවා.ඇය කොහොමද මට මෙහෙම අවමන් කරන්නේ?මට දැනුනේ ලොකු අපහසුවක්,මම ඇයව මගහැරියා. මම ඇයට රවලා ඉක්මනින් ඈතට දුවගෙන ගියා. එදා ඉදලා පන්තියේ යාලුවෝ මට අම්මා ගැන කියලා විහිළු කරන්න පටන් ගත්තා,

    "ඊඊයා....ඔයාලගේ අම්මට තියෙන්නේ එක ඇහැයි"

    එදා ගෙදර ගියපු මම අම්මට බැන්නා

    "පන්තියේ යාළුවන්ට මාව විහිළුවක් කරන්නද ඔයාට ඕනි? ඇයි ඔයා මැරිලාවත් යන්නේ නැත්තේ?"

    අම්මා මට මොකුත් කිව්වේ නෑ. මම ඇයට එච්චර තදින් බැනවැදුනු එක ගැන මට කිසිම දුකක් දැනුනේ නෑ,මට ඒ තරමටම ඇයත් එක්ක තරහක් තිබුනා.

    මට අවශ්‍ය වෙලා තිබුනේ කොහොම හරි ඇගෙන් වෙන් වෙලා මේ ගෙදරින් පිට වෙන්න.එහෙම කරන්න නම් මම හොදින් ඉගෙන ගන්න ඕනි බව තේරුන නිසා මම ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වුනා.

    මගේ උත්සාහය සාර්ථක වුනා,මම මුහුන දුන්න හැම විභාගයකින්ම උසස් ලෙස සමත් වුනා,මට විදේශ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් ලැබුනා. මම ගොඩක් සතුටින් මගේ අම්මගෙනුයි අපේ ගෙදරිනුයි වෙන් වෙලා විදේශ ගත වුනා.වසර ගණනකට පස්සේ නැවත පැමිනි මට රටේ නම ගිය ආයතනයක උසස් රැකියාවක් හිමි වුනා. මම මගේම කියලා නිවසක් තැනුවා. උසස් පවුලකින් විවාහයකුත් කර ගත්තා. අහන හැම දෙනාටම මම කිව්වේ මගේ අම්මයි තාත්තයි දෙන්නම මිය ගිහින් කියලා,මගේ බිරිද පවා දැනගෙන හිටියේ නෑ මගේ අම්මා ගැන...මම කවදාවත් අම්මව බලන්න ගියේ නෑ.

    කාලයක් ගත වුනා,මේ වෙන කොට මම සුරතල් දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්.
    නිවාඩු දවසක අපි හමෝම ගෙදර ඉන්න වෙලාවේ ගෙදර සීනුව නාද වෙනවා ඇහිලා දොර ඇරලා බලනකොට හිටියේ මගේ අම්මා,ඇය පෙරටත් වඩා විරූපි වෙලා,ගොඩක් වැහැරිලා. ඇගේ විසුලු ස්වරූපය දුටු මගේ දරුවෝ දෙන්නා මහ හඩින් සිනා සෙන්න ගත්තා,ආරාධනාවක් නැතුවම මගේ නිවසට පැමිනීම ගැන මට ඇයත් එක්ක දැනුනේ ලොකු තරහක්,මම ඇයට හයියෙන් බැන වැදුනා.

    "මොකද මගේ ගෙදරට ඇවිත් මගේ ළමයින්ව බය කරන්නේ? යනවා යන්න එලියට""

    "අනේ මට සමා වෙන්න,මට ලිපිනය වරදින්න ඇති" කියලා හෙමීට කිව්ව අම්මා ඉක්මනින් යන්න ගියා.

    කාලය ගෙවිලා ගියා. දවසක් මට ලිපියක් ලැබුනා,මම ඉගෙන ගත්ත පාසලේ පැවැත්වෙන සුහද හමුවක් ගැනයි ඒ ලිපියේ සදහන් වුනේ. පරණ යාළුවෝ මුනගැහෙන්න හොද අවස්ථාවක් නිසා එයට සහභාගී වෙන්න මම තීරණය කලත් ඒ ගැන බිරිදට ඇත්ත කිව්වේ නෑ. රාජකාරී කටයුත්තකට සහභාගී වෙන බව ඇයට කියලා නියමිත දිනයේදී මම ගමන පිටත් වුනා.

    සුහද හමුව ගොඩක් විනෝදජනක එකක් වුනා,මගේ පරණ යාලුවෝ ගොඩ දෙනෙක්ව දකින්න ලැබුනේ වසර ගණනකට පස්සේ.සුහද හමුව අවසන් වෙලා ආයෙත් එන්න පිටත් වෙන්න කලින් අම්මා ජීවත් වෙන ගෙදරට ගියේ කුතුහලය නිසා.ඒත් ඒ ගෙදර වසා දමලයි තිබුනේ,මාව දැකපු අසල්වාසියෙක් මට කිව්වේ මගේ අම්මා සති ගණනකට කලින් මිය ගියා කියලයි.අම්මා වෙනුවෙන් මගේ ඇස් දෙකෙන් එකම කදුලු බිදුවක්වත් ඇද හැලුනේ නෑ.මට දුකක් දැනුනෙත් නෑ.

    මම පරණ නිවසට සමුදීලා එන්න පිටත් වෙනකොට ඔවුන් මට ලිපියක් බාර දුන්නා,කවදාහරි මම ආවොත් දෙන්න කියලා අම්මා ඒ ලිපිය ඔවුන්ට දීලා තියෙන්නේ ඇය මිය යන්න දින ගණනකට කලින්.


    මගේ ආදරණීය පුතා වෙත,
    මට පුතාව හැම මොහොතෙම මතක් වුනා,මට පුතාව බලන්න ලොකු ආසාවක් තිබුනු නිසයි පුතාව බලන්න පුතාගේ අළුත් ගෙදරට ආවේ,මට සමාවෙන්න....පොඩි කාලේ ඉදලම මම පුතාට කරදරයක් වුන එක ගැනත් මට සමා වෙන්න..

    පුතා දන්නවද,පුතා ගොඩක් පොඩි කාලේ සිද්ධවුන අනතුරක් නිසා පුතා ගොඩක් තුවාල වුනා,පුතාගේ එක ඇහැක් අයින් කරන්න වුනා. අම්මා කෙනෙක් හැටියට මගේ පුතා එක ඇහැක් එක්ක ලොකු වෙනවා දකින්න මම කැමති වුනේ නෑ,ඒ නිසා මම මගේ එක ඇහැක් පුතාට දුන්නා.

    මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. මට කවදාවත් දකින්න නොලැබෙන ලෝකයක් මම වෙනුවෙන් මගේ ඇහෙන් බලපු පුතා ගැන මට තියෙන්නේ කියා ගන්න බැරි තරම් සතුටක්.මම පුතාට ගොඩක් ආදරෙයි.

    මීට පුතාගේ අම්මා

    fAub.jpeg




    ඔබ මතු බුදු වෙනවා අම්මේ...!!!


    source: FB
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :( bump.... lassana kathawak machan. :no: :no:

    You must spread some Reputation around before giving it to Pink panther again.