මීට වඩා හිතමු, තව හයියෙන් කරමු, ගියා ..

tarson

Well-known member
  • Feb 25, 2009
    6,502
    2,836
    113
    මචන්ල, මේ වගේ අය ගොඩක් ලන්කාවෙ ඇතිනෙ. අපි මීට වඩා මෙයාල ගෑන හිතන්න ඕනෙ. බස් වල පඩි උනත් නගින්න කොච්චර අමාරුද ආබාද තියෙන අයට.

    ඔස්ට්‍රේලියාවෙ නම් බස් එකේ ඩ්‍රයිවර් බැහැල පොඩි රෑම්ප් එකක් තියල එයාව පරිස්සමින් නග්ගගෙන, ඒ මනුස්සය ඉදගත්තට පස්සෙ බස් එක ඩ්‍රයිව් කරන් යනව.

    සිඩ්නි නම්, කෝච්චි වලත් එහෙමයි, රෑම්ප් තියන්නම කෙනෙක් දාල ඉන්නෙ. ඉක්මනින් රෑම්ප් දාල එයාලව නග්ගන්න උදව් කරනව.

    ඇයි බන් ලන්කාවෙ අපි තට්ට කහ කුරුල්ලොන්ට දහස් ගනන් පූජා කරන ගමන්, දේවාල වල හොර කපුවන්ගෙ අකවුන්ට් පුරෝන ගමන්, මේ වගේ ඇත්තටම උදව් කරන්න ඕනෙ මිනිස්සුන්ව සමාජයෙ අයින් කරපු ජාතියක් කරල තියෙන්නෙ?

    අපි මීට වඩා හිතමු, මේවලත් සිස්ටම් වෙනස් කරමු. මේ අයටත් රටේ සේවාවන් පහසුවෙන් අත්විදින්න අයිතියක් තියෙන බව හිතමු.

    බම්ප් එකක් දාන් යන්න.