මීදුමෙන් පිරුන නවසීලන්ත අද්දැකීමක් Sri Lanka ව ඇතුලෙම
කාලෙක ඉදන් බලන් හිටපු ගමනක් පෙබරවාරි මාසේ මැද හරියෙදි අපිට යන්න පුලුවන් වුනා. දවස් දෙකක ගමනක් එක රැයක් කදවුරු බදින්න හිතාගෙන අපි මේදාපාර පිටත් වුනේ මාතලේ පැත්තේ නකල්ස් රක්ශිතයට අයත් තවත් බොහොම සුන්දර තැන්නක් හොයාගෙන.මේ තැන්නේ නම මාතලාගල පතන. නකල්ස් බටහිර බැවුමේ ලකේගලට මුහුණලා පිහිටන විදියට තමයි මේ තැන්න පිහිටලා තියෙන්නේ.
තැන්නට යන කෙනෙක් යන්න ඕනේ නාරන්ගමුව ගමට . එතන ඉදන් පැය දෙකක වගේ හයික් එකකින් පස්සේ මේ තැන්නට ලගාවෙන්න පුලුවන්. සුන්දර මීමුරේ ලකේගල රැහැස්ස නාරන්ගමුව ලකේගල වගේ සුන්දර දැවැන්ත කදු කීපයක දර්ශනය විදින ගමන් මේ තැන්නේ කැම්පින් කරන්න පුලුවන්.හැබැයි මේ තැන්නේ වතුර නැ. ඒ නිසා යන අය වතුර අරන් යන්න මතක තියාගන්න .
මේ තැන්නට එන පාරේම අපිට මීමුරේට වුනත් යන්න පුලුවන්. නාරන්ගමුව ඉදන් මීමුරේට ඒ පාරෙන් කිලෝමීටර් 8ක වගේ දුරක් තියෙනවා කියලා තමා කියන්නේ.
ඩ්රෝන් එකෙන් අපි ගත්ත ශොට්ස් ටිකක එකතුවක් මේ වීඩියෝ එකෙන් බලන්න පුලුවන්. බැලූ බැලු අත කොලපාට විතරමයි. ඒ වගේම මීදුම තියෙන වෙලාවට වටපිටාව තවත් සුන්දරයි. වීඩියෝ එක බලලම ඊලට විස්තර වලට යන්න.
පතනේ වන අලින්ගේ ගැවසීමක් දකින්න පුලුවන් කියලා ගම්මු නම් කියනවා.ඒ නිසා ඒ පිලිබදව සැලකීමත් වීමත් වැදගත්. ඒ වගේම කැම්පින් එකක් කරනවා නම් පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න වගබලාගන්න,මේ දේවල් බලන්න විදින්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඒත් මේ දේවල් ආරක්ශා කරගන්න ඕනේ අපිමයි. ඒ වගේම මේ තැන් විනාස කරන්න අපි කිසි කෙනෙක්ට අයිතියක් නැ.
View attachment 199182View attachment 199183View attachment 199184View attachment 199185View attachment 199186View attachment 199187View attachment 199188View attachment 199189View attachment 199191
නූල හොද නම් පහල ලින්කුවත් ඔබාගෙනම යන්න. මේ මගේ චැනල් එක. ඇත්තටම මේකේ වෙන්නේ ගියපු තැන් කාපු බීපුවා පෙන්නන එක නෙවේ. කෙනෙක්ට ගමනක් සැලසුම් කරන්න කියලා දෙන එක. ඒ නිසා දැන්ම පහල ලින්කුව ඔබලා වැඩේට සෙට් වෙන්න. ජයවේවා.