~මීනාගේ ලෝකය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කඳවුරේ දිවිය කටුකයි…හතර පැත්තෙම පේන්නෙ කම්බි වැට…ඒ මැද්දෙ ඉඳන් මීනා දුව අකුරු කරනවා…ඒත්…ඉස්සර වගේ…ආනා ආවන්නා…කියවද්දි ..හිසට උඩින් ෂෙල්වෙඩි ඉගිලෙනකොට…බන්කරේට නම් දුවන්න ඕනෙ නැහැ දැන්…ඉන් එහා ඉන්න මාමලාගෙ කරේ තවමත් තුවක්කු එල්ලෙනවා… ඒත් ඉස්සර වගේ ඒවා මේ චූටි ඇස් ඉදිරිපිට පත්තු වෙන්නෙ නම් නැහැ…එක අතකට කම්බි වැටයි මාමලයි නොහිටියානම්….ආයෙමත් “අදෙල්ලෙ ආන්ටි” ඇවිත් මේ පැටවුන්ගෙ කරේ සයනයිඩ් කරල එල්ලලා…තුවක්කුවක් අතට දෙන්නත් ඉඩ තිබුනා..එහෙම නැත්නම්..සෙල්ලම් කරන්න ගිහින්..අයියලා වළ දාපු බිම් බෝම්බෙකට ඇස් දෙක පියාගන්නත් ඉඩ තිබුනා.කොහොම වුනත් කතාව ඉවර නැහැ. මීනා දුවත් අපේ. එයා ඉපදුනෙත් මේ ළස්සණ පොළොවෙ. කම්බි වැටෙන් එළියට ඇවිත් මේ පොළොවෙ ඕනෙ තැනක ගිහින් ගහ කොළ වල ලස්සණ කිසිම හිතේ චකිතයක් නැතිව විඳින්නත්.. කෑල්ලක් නෙවෙයි..මේ මුලු පොළොවම..එයාගෙයි කියලා දැනෙන්නත් එයාගෙ හිත චූටි කාලෙ ඉඳලා හැදීම බාර වෙන්නෙ
නැන්දලා මාමලා වන අපිට.
ආදරණිය සහෝදරයා…මට මේ තරම් දේවල් කියන්න සිත් දුන්නෙ ඔබේ නිර්මාණයේ ඇති සාර්ථකත්වය මත…මේ නොදරුවා ගැන ඇති වුන කම්පනය නිසයි. ඔබට බොහොම ස්තූතියි.

ඔය සහෝදරයා කිව්වා වගේ ඔන්න දැන් අපි මාමලා..නැන්දලාට අලුතින් හිතන්න කාලය ඇවිත්...නොදැක්කා වගේ හිටපු කාලයෙන් මිදිලා අපේම ප්‍රස්නයක් විදිහට හිතන්න කාලය ඇවිත්...

බොහොම ස්තුතියි සහෝදරයා මගේ නිර්මාන අගය කරනවාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
godak honda adahasak namuth kauda haba lokadi duppathun wenuwen idiripath wenna??????

ඔ‍ය‍ ක්‍ර‍ම‍ය‍ අ‍ද‍ ඊ‍යෙ‍ ඇ‍ති‍වු‍න‍ දෙ‍ය‍ක්‍ නෙ‍වෙ‍යි‍. ක‍වු‍රු‍ව‍ත්‍ නැ‍ති‍උ‍න‍ත්‍ අ‍පි‍ අ‍පේ‍ ශක්‍ති‍ ප්‍ර‍මා‍ණයෙ‍න් හ‍රි‍ එ‍ත‍න‍ නි‍යො‍ජ‍න‍ය‍ ක‍ර‍න‍ එ‍ක‍ අ‍පේ‍ ව‍ග‍කී‍මේ‍ කො‍ට‍ස‍ක්‍..

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එකම රටක ජාතිභේදයක් නිසා සිදුවන දුක්බර සිදුවීමක්...මේ වගේ මල් කැකුළු ජාතිභේදයෙන් තොරව සුවදවත් වන දිනය ඈතට නොයන්න කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු......
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ‍‍‍....
    ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    එකම රටක ජාතිභේදයක් නිසා සිදුවන දුක්බර සිදුවීමක්...මේ වගේ මල් කැකුළු ජාතිභේදයෙන් තොරව සුවදවත් වන දිනය ඈතට නොයන්න කියලා අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු......
    සාර්ථක නිර්මාණයක් රොන් අයියේ‍‍‍....
    ඉදිරියටත් නිර්මාණ කරන්න අයියට සුභ පැතුම්........

    බොහොම ස්තුතියි නංගියා...