ඒත් දැං වැඩක් නෑ බං. සිංහරාජෙ කොතනට ගියත් ෆෝන් වැඩ. කට්ටියක් කෝල් කර කර අලි පන්නන්න බලනව. තව කට්ටියක් කෝල් කර කර අලි රකින්න බලනව.
වෙන්න ඇති බන් අපි ගිය කාලේ අපි හිටිය ප්ලේස් එක බලාගන්න එකා ගාව CDMA එකක් තිබ්බා එකට එක සිග්නල් කණුවයි තියෙන්නේ
පොරම කිව්වා ෆෝන් ගේනවට වැඩක් නෑ , ලැප් හෙම තියෙනවා නම් අයින් කරලා රෑ 8ට විතර එළියේ සද්දේ අහගෙන ඉන්න කිව්වා , කවදාවත් අහල නැති සද්ද ඇහෙයි කිව්වා
ඇත්ත තමා බන් රෑ වෙනකොට අලින්ගේ සද්දෙයි , එතන පහල ගගක සද්දෙයි මරු බන්
අපි හිටිය තැනට ටිකක් එහායින් හිටියා සුදු කපල් එකක් උන් අවෙත් අපි අව දවසේමයි දෙවෙනි දවසේ උදේ අපි ඒ බලාගන්න මනුස්සයා හම්බවෙන්න ගියාම අර සුදු කපල් එක ඇවිල්ලා උන් හිටිය තැන සල්ලි වලටම (තියගන්නම) ගන්නම ඕන කිව්වා , කියක් ගියත් කමක් නෑ කිව්වා


