මීයාගේ වග

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මීයා ඉතා ප්‍ර යෝජනවත් සතෙක් ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රදානය කර තිබේ. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මී මැඩුම මින් සමහරක් ය. මී ගුල්වල මුරට ඉන්න මීයෝ බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත. උන්ගේ ලග්නය මීනය. මීයන් තුවාල වූ විට ඒවාට මීවණ යැයි හ‍ඳුන්වන අතර, මීයෝ නාන තැන මීවදය ලෙස හඳුන්වනු ලැබේ.
    මීයන් මැහුම් ගෙතුම් වලටද ඉතා දක්ෂය. ඒ සඳහා උපයෝගී කරගන්නා කතුරු මී කතුරු ලෙස හඳුන්වනු ලැබේ. මීයාගේ හොටු වලින් මී ඉටිද පැණි හලන මීයන්ගෙන් මී පැණිද, කිරි වලින් මී කිරිද නිෂ්පාදනය කරනු ලැබේ. කඳුකරයේ ඉන්නා මීයන් ඉඳහිට දුමක් පිටකරයි. එයට මීදුම යැයි කියනු ලැබේ. මීයා මත්පැන් නිෂ්පාදනයද කරනු ලබයි. ඒවා මීරා ලෙස හැඳින්වේ. සමහර මීයෝ බොහෝ හික්මුණු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික්මීයන් ලෙස හඳුන්වනු ලැබේ. සමහර මීයෝ අනුන්ට කරදරකාරී ලෙස හැසිරෙන අතර ඔවුන් මී වද ලෙස කා අතරත් අප්‍රසාදයට ලක්වී තිබේ. එළවළු වවන මීයන් බටු මීයන් ලෙසද, කොස්ගස් හන්දිය ප්‍ර දේශයේ ජීවත් වන මීයන් කොස්ඇට මීයන් ලෙසද, සත්ව පාලනයේ යෙදෙන මීයන් ඌරු මීයන් ලෙසද හඳුන්වනු ලබයි. මීයාටම නෑකම් කියන ඉගිලෙන මීයෝ විශේෂය මී මැස්සෝය. මීයාගේ ලොකුම විශේෂය මී හරක් වන අතර, මීයාගේ යාළු සතා මීමින්නා ලෙසද හඳුනාගෙන තිබේ.
    මීයන් අතර උණකාරයෝ වෙති. ඔවුන්ට මී උණ ඇතැයි සමහරු කියති. මීයාගේ ගෑනු සතා මීයාය. මීයාගේ සීයා මී මුත්තාය. ආච්චි මී ආච්චිය. මාමා මීමාය. මීයෝ පාටි දාන්න එක්රැස් වන්නටද කැමතිය. ඒවාට කියන්නේ මීටින් කියාය. මීයන්ගේ බර මනින්නේ මීටර් වලිනි. මීයන් විසින් සොයා ගන්නා ලද වායුවක් ඇත. එහි විද්‍යාත්මක නාමය මීතේන්ය. මීයන්ගෙන් රෝග ද බෝ වේ. මීමැස්මොරය ඉන් ප්‍රධානය. මීයා අකමැතිම ආහාරය මීපාසානම්ය.
    මී බබාලා උන්ගේ අම්මලාට ආදරේට කියන්නේ අම්මී හෝ මමී කියාය. මීයා කාගේ හො පස්සෙන් යන විට ෆලෝමී කියාද, කාගෙන් හෝ අවසර ගන්නා වීමට එක්ස්කියුස්මී කියාද, කතා කරන විට ටෙල්මී කියාද කියන අතර, මීයාට කේන්ති ගිය විට කිල්මී කියා පවසනු ලැබේ. මීයාගේ කැමතිම සින්දුව ‘‘මී පිරුණු සුවඳ මල් වනේ“ ය. මීයාගේ කැමතිම ආහාරය මී අඹය.

    මීවිත
     
    • Like
    Reactions: EMINƎM