මීළඟ ජනාධිපතිවරණය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මීළඟ ජනාධිපතිවරණය

    ඌව වෙල්ලස්සේ ජනතා මනාපයට ජනපති හිස නමයි!ජනවාරි මුල් සතියේ ජනපතිවරණයකට රටම බල මුළු ගන්වයි

    ඌව පළාත් ප්‍රතිඵලයත් සමඟ හැකිතාක් ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.මේ අනුව ජනපති දෙවන වර පදව් ප්‍රාප්තියේ සිවිවන වසර සපිරෙන නොවැම්බර් 18 දා මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බව රජයේ ආරංච් මාර්ග කියයි.
    මේ අනුව ජනාධිතිවරණ ප්‍රචාරණ කටයුතු මේ සතියේ සිට විවිධ අංශ වලින් ආරම්භ කෙරෙනු ඇත.

    මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි 03 වැනිදාත් , 08 වැනිදාත් අතර දිනයකදී පැවැත්වීමටද මේ අනුව නියමිතය.
    මේ අතරේ ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග‍්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම යොදවන බව ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.


    ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපතිතුමාගේ එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය.

    මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග‍්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත් ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග‍්‍රහණය ඌවට සේ ම මුළු රටට ම වැදගත් ජයග‍්‍රහණයක් බව ද කිව යුතුය.

    එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (21) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.


    එසේම වත්මන් රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන් ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග‍්‍රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත.


    රජයට එරෙහි ව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින් ම ප‍්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග‍්‍රහණයෙන් තහවුරු කෙරේ.

    අපට අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන් ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්, ජාතියේ අවශ්‍යතාවන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි.

    සියලු ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි.

    කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග‍්‍රහණයට මාගේ ප‍්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග‍්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියට ම යොදවන බවද ප‍්‍රකාශ කරමි.

    ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් ද පිරිවරා එක්රොක් වෙමින් මාහට දැක් වූ මිත‍්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි.

    මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප‍්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

    මහින්ද රාජපක්ෂ

    http://www.randora.lk/index.php/latest-news/item/3170-uvawellasasdsa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම උව චන්දය මහින්දට සුබ ලකුණක්
    දැන් හිතෙනවා ඇති අපරාදේ තෙල් විදුලි ගාස්තු අඩු කලේ කියලා
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    සිරාවටම උව චන්දය මහින්දට සුබ ලකුණක්
    දැන් හිතෙනවා ඇති අපරාදේ තෙල් විදුලි ගාස්තු අඩු කලේ කියලා

    උඹ හිතන්නෙ තෙල්/විදුලි ගාස්තු අඩු කලේ ඌව චන්දෙ හින්ද කියලද? :no::no::no:
    මට නම් හිතෙන්නෙ ඕක ජනාධිපතිවරණය target කරල කරපු master plan එකක කොටසක්. ඌවෙ චන්දෙටත් වාසියක් වුනා තමයි. හැබයි මචන් මහින්ද කියන්නේ ලෝක අණ්ඩයෙක්. ඌවෙන් කොහොමටත් රෙවිල රිද්දගෙනනෙ ඉන්නෙ. බලහන්කො
    ජනාධිපතිවරණය වෙනකන් දාන සෙල්ලම් ටික
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මම නම් හිතන්නේ මෙක ආන්ඩුවට හමුවූ රතු එලියක් විඩියට. මොකඩ කොහොම කතා කලත් ආන්ඩුව තමන්ගෙ උපරිම ශක්තිය යොඩවල ගත්ත ප්‍රතිපලය තමා මේ තියෙන්නෙ. ඉටින් යලිත් හිතන්න වෙවි ආන්ඩුවට තමගේ චන්ඩ ඩායකයන්ගේ උවමනවල් පිලිබන්ඩව.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග‍්‍රහණය

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දට 3වෙනි පාර ඉල්ලන්න බෑ. ජනාධිපති අපේක්ෂකත්වයට තව රාජපක්ෂ කෙනෙක් දාන්න නිදහස් පක්ෂෙ එවුං ඉඩ තියන්නෙත් නෑ. හොඳ සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග‍්‍රහණය

    :lol:
    :P
    පැටියා;17167211 said:
    මහින්දට 3වෙනි පාර ඉල්ලන්න බෑ. ජනාධිපති අපේක්ෂකත්වයට තව රාජපක්ෂ කෙනෙක් දාන්න නිදහස් පක්ෂෙ එවුං ඉඩ තියන්නෙත් නෑ. හොඳ සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :D

    ehema wene naha.sinhala awuruddata mahindayata bulath deela wadina agavinisuru kenek dan inne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පැටියා;17167211 said:
    මහින්දට 3වෙනි පාර ඉල්ලන්න බෑ. ජනාධිපති අපේක්ෂකත්වයට තව රාජපක්ෂ කෙනෙක් දාන්න නිදහස් පක්ෂෙ එවුං ඉඩ තියන්නෙත් නෑ. හොඳ සෙල්ලං ටිකක් බලාගන්න පුලුවන් වෙයි ඉස්සරහට :D

    2 පාරකට වැඩ ඉල්ලන්න පුළුවන් විදිහට විවස්තාව වෙනස් කළා නේද
    සොන්නවන්ශයා කියල තිබ්බ 2 පාරකට වැඩ ඉල්ලන්න බෑ කියල නීති තර්ක දාන්න එන උන් පිටුපස විජාතික™ කුමන්ත්රණයක්™ තිබේ කියල
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ හිතන්නෙ තෙල්/විදුලි ගාස්තු අඩු කලේ ඌව චන්දෙ හින්ද කියලද? :no::no::no:
    මට නම් හිතෙන්නෙ ඕක ජනාධිපතිවරණය target කරල කරපු master plan එකක කොටසක්. ඌවෙ චන්දෙටත් වාසියක් වුනා තමයි. හැබයි මචන් මහින්ද කියන්නේ ලෝක අණ්ඩයෙක්. ඌවෙන් කොහොමටත් රෙවිල රිද්දගෙනනෙ ඉන්නෙ. බලහන්කො
    ජනාධිපතිවරණය වෙනකන් දාන සෙල්ලම් ටික
    ඔව් මහින්ද ටාගට් කරන්නේ ජනාදිපතිවරණේ .තව ලංවෙලා තව ලොසින්ජර සීනි බෝල ටිකක් දෙයි .කස්ටියට රසකරල කන්න :lol::lol: බෙන්තර ගගින් එහානේ :angry:
     
    Last edited: