හොද විස්තරයක් මචං. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා පැහැදිලි කලාට ස්තූති. මගෙත් ආසාවක් තියනවා මීමැසි පාලනයට. (බිස්නස් එකකට නෙවෙයි) ඒත් අපේ අතින් මීමැස්සො සහ උන්ගේ පැටව් මැරෙන නිසා තමයි වැඩේ කරන්නේ නැත්තේ.
ආසාවක් තියනවා නම් කරපන් මචන් සෑහෙන්න ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. මී මැස්සො නම් මැරෙන එක සම්පූර්ණයෙන්ම වලක්වාගෙන වැඩේ කරන්න පුලුවන් ඒත් පිලවු මැරෙන එක වලක්වන්න බැරි වුනත් සෑහෙන්න අඩු කරගෙන වැඩේ කරන්න පුලුවන් ඒක කරන්නෙ පැණි වද ගලවලා ගත්තට පස්සෙ ඒවයේ පිලවු ඉන්න කොටස් ආපහු කපලා මී මැහි පෙට්ටියේ තියන ලී පතුරු වලට තියලා ආපහු ගැටගහන්න පුලුවන් ගැට ගහන්න ඕන වේලිච්ච කෙසෙල් ගසක කදකින් ගත්තු කෙසෙල් පට්ට වලින් හරි පුවක් කොළපතක ඇතුල් පැත්තෙන් ගලවා ගත්තු පට්ට වලිනි මෙහෙම කරාම මී මැස්සො ඒ වද කෑල්ලට අල්ලලා අලුත් වද බදිනවා පැටවු අපේ අතින් මැරෙන්නෙත් නැහැ. මේ විදියටම තමයි ගල් අස්සෙ හරි ගස් බෙන වල හරි ඉන්න මිමැස්සො අල්ල ගත්තට පස්සෙ උන්ගෙ දැනට තියන වද අපේ අලුත් පෙට්ටියට තියල බදින්නේ. මම කලින් කියල තිවුන විදියට පැණි වලට වෙනම පෙට්ටි තියනවා නම් දුම් ගහලා කරදර කරන්නෙ නැතිව පරිස්සමෙන් මී මැස්සන්ට කරදර කරන්නෙ නැතිව පැණි අරගන්නත් පුලුවන්. කලබල වුනොත් තමයි උන්ට තරහ ගිහින් අනින්න පටන් ගන්නේ එකෙක් ඇනපු ගමන් ඒ ගදට අනිත් වුනුත් ඇවිස්සෙනවා ඒකට කරන්න ඕන එකෙක් ඇනපු ගමන් කලබල වෙන්නෙ නැතුව, ඒ විදපු විත නියපොත්තෙන් සූරලා අයින් කරලා ලග තියන මොනවා හරි තද ගදක් තියන තණකොල ගහක් පොඩි කරලා ඒ විදපු තැන අතුල්ල ගන්න එක.
සීයා නැති වුනාට පස්සේ ඒ මැස්සෝ ටිකත් ගියා.
ඔයා කියුව රාජ ජල්ලිය කියන එක කෑවම වයසට යන්නේ නැති කතාවක් අහල තියනව ඒක ගන්න නම් ටිකක් අමාරුයිලු ඉන්දියාවේ එහෙම නළු නිලිවෝ එහෙම ඕක කනවාලු 

