මුංඇට...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,693
    7,886
    113
    මෙන්න මෙතන...
    ඔන්න ලංකාවෙන් පිටරටක රස්සාවකට ගියපු මැදිවයසේ මනුස්සයෙක් හිටියා..මිනිහා කසාද එහෙම බැදල හිටියේ..මිනිහා රට ගියාට පස්සේ හරිම ස්ත්‍රී ලොල්ලෙක් උනා සෑහෙන ගෑනු කන්දරාවක් ආස්සරේ කරපු මිනිහා ආපහු ලංකාවට එන දවස ලං උනා.

    ඒ බව එයාගේ කසාද ගෑනීට මේ බව කිවුවම ගෑනිත් ඉතින් සන්තෝස උනාළු.ඔන්න මිනිහා ලංකාවට ආවා.එනකොට කන්ටේනරයක් පුරෝලා ගෙදරට නවීන පන්නයේ ලී බඩු ගෙනත්.ඉතින් පරණ ලී බඩු ඔක්කෝම අයින් කරන්න කියලා වයිපරේට කියලා තිබ්බා..ඒත් එකම එක අල්මාරියක් ඇරෙන්න අනිත් බඩු ඔක්කෝම අයින් කරපු වයිපරේ තමන්ගේ මනුස්සයාව ආදරෙන් පිළිගත්තාලු.

    ඔන්න අර මනුස්සයා ගෙදරට ඇවිත් ගෙදර බලනවාලු අලුත් ලී බඩු තියන්න.අර අල්මාරිය දැකපු මිනිහා එයාගේ එක්කෙනාගෙන් ඇහුවා.ඇයි මේක අයින් කරන්නේ නැත්තේ කියලා..ගෑනි ඇඹරුණා..සැක හිතපු මිනිහාට අල්මාරිය ඇරල බලන්නම ඕන උනා..බලෙන්ම යතුර ගත්තු මිනිහා අල්මාරිය ඇරියා..මුකුත් නෑ !! පස්සේ ලාච්චුව ඇරියා .... ගෑනි ඇඔරෙනවා හිටුකියලා...

    ඔන්න බොලේ ලාච්චුවේ තියනවා මුං ඇට 7 කුයි..රුපියල් 75 කුයි.මිනිහාට මල පැන්නා...එකපාරම ගෑනි පැත්තට හැරිලා ඇහුවා මේ මොනවාද කියලා..ඇඹරුන ගෑනි කියපි "මුංඇට 7කුයි රුපියල් 75 කුයි " කියලා..ඉතින් මිනිහා අයෙත් අහපි "හරි හරි ඇයි මේවා මෙතන දාලා තියෙන්නේ "කියලා..ඇඹරුන ගෑනි බිම බලාගන කියනවා "ඔයාත් රට ගිහින් නිකම් හිටියේ නෑනේ ගෑනු ගොඩක් ආස්සරේ කරානේ..ඉතින් මාත් කීපදෙනෙක් ආස්සරේ කරා ඉතිං කවුරු හරි මාව බලන්න ආවම මම මේ ලාච්චුව ඇරල මුං ඇටයක් තිබ්බා" කියලා..

    පොඩ්ඩක් කල්පනා කරපු මිනිහා " ම්ම්ම්ම්ම් එක අතකට කමක් නෑ මාත් සෑහෙන්න ගෑනු ආස්සරෙ කරපු එකේ මෙයාත් කවුරු හරි ආස්සරේ කරපුවාම මොකෝ..අනික මුං ඇ‍ට 7යි නේ..ඒ කියන්නේ මිනිස්සු 7යිනේ"..කියලා හිතින් හිතලා හිත හදාගත්තා..පොඩ්ඩක් මුං ඇට 7 දිහා බලාන හිටපු මිනිහා ගෑනිගෙන් අහපි " මුං ඇට 7 නම් හරි කියමුකෝ..එතකොට මේ රුපියල් 75 මොකද්ද " කියලා...

    ඇඹරි ඇඹරි ඉදපු ගෑනි එක පාරම කියපි " නෑ මේකයි ඒයි ... ගිය සතියේ ඔතන මුං ඇට කිලෝ 2ක් එකතු වෙලා මම ඒක කඩේට විකුණලා ගත්තු රුපියල් 75 තමා ඔය " කියලා..

    ඔන්න ඔහොමළු උනේ ... කොහොමද වැඩ...
     
    • Like
    Reactions: 7778

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    3.gif