මුක්කුන්ද මෙ සී ස්ලග්ස්
තනිකරම කොපි ඇන්ඩ් පෙස්ට් කිරීමක් බව සලකන්න.
Source - http://www.malkakulu.com/
මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්!
නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත් මොලූස්කාවන් හෙවත් මෘද්වංගීන් විශේෂයක්. කීට අවස්ථාවෙන් පසු කවචය හෙවත් කටුව හැළුෑ පසු ඔවුන්ගේ ඒ ඇතුළත වෛර්ණ සිරුරු නිරාවරණය වෙනවා. ඒ අවස්ථාව දක්ෂ කැමරාශිල්පියකුට මග හැර යන්නට බැරි තරම් විස්මයජනකයි.
ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi) මේ විස්මිත පින්තූර කැමරාවට හසු කර ගෙන ඇත්තේ ඒ නිසයි. ඔහු මේ විසිතුරු සතුන් දුටුවේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදුවලත්, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද අවට කලාපවලත් සැරිසරද්දීයි.
නුඩිබ‍්‍රැන්කියාවනට ඒ නම ලැබුණේ ලතින් බසින් ‘නිරුවත්’ යන අරුත් දෙන නූඩස් (nudus) යන වදනත්, ගී‍්‍රක බසින් ‘කරමල්’ යන අරුත් දෙන ‘බ‍්‍රැන්කියා’ (brankhia) යන වදනත් එක් කිරීමෙනුයි.
මේ වර්ගයේ සත්ව විශේෂ බොහොමයක කරමල් පැහැදිලිව ඔවුන්ගේ පෘෂ්ඨීය මතුපිට තිබෙනු දැක ගන්න පුළුවන්.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ සතුන්ට මේ ආකාරයේ සුවිශේෂ දේහයන් පිහිටා ඇත්තේ අවට පරිසරයට මුසුව ඒ තුළ සැඟවී සිටීමටත්, විලෝපිකයන් මග හැර ජීවිතාරක්ෂාව සලසා ගැනීමටත් කියායි.
ඒ වගේ ඇතැම් සත්ව විද්‍යාඥයන් කියන්නේ මෙවැනි වර්ණ හා හැඩ ඇති කරගෙන තියෙන්නේ විලෝපිකයනට තමන් විෂ සහිත බවත්, ආහාරයට ගැනීම අනතුරුදායක බවත් ඇඟවීමට කියායි.
ඔවුන්ගේ බිත්තරත් බොහෝ විට රතු, රෝස, රඹ ආදී වර්ණවලින් යුක්තයි. සත්ව විශේෂයට අනුව වෙනත් වර්ණයකින් තිබෙන්නත් පුළුවන්.
නිවර්තන කලාපීය සාගර ජලයේ මේ නුඩිබ‍්‍රැන්කියාවන් දැක ගත හැකියි. බාදිය ඇති විට උදම ඇති වන හරියේ මුහුදු පත්ලේ තමයි, මොවුන් වැඩිපුරම දැකිය හැක්කේ.
සමහර සත්ව විශේෂ සිය සිරුරුවලින් විෂ විදීමෙන් විලෝපිකයන් අකර්මන්‍ය කර ඔවුන්ගෙන් ගැලවෙනවා.
සමහර සතුන් සම මතින් අම්ලයක් (ඇසිඞ්) නිකුත් කරනවා සතුරන්ගෙන් බේරෙන්න.
දැනට හඳුනාගෙන ඇති නුඩිබ‍්‍රැන්කියාවන් විශේෂ 3,000ක් පමණ ඉන්නවා. ඔවුන් ලොව පුරා නිවර්තන සාගරවල පමණක් නොව ඇන්ටාර්ක්ටිකාවේත් ජීවත්වෙනවා.
ඔවුන් මුහුදු පත්ලේ ගල්පරවල බඩගාමින් හෝ මුහුදු ශාකවලට, ඉස්පන්ජියන්ට, කොරල් පර ඇතුළු වෙනත් උපස්තරවලට ඇලී හෝ ජීවත්වෙනවා.
ඔවුන් කරදියෙහි මුහුදු පත්ලේ විවිධ මට්ටම්වල ජීවත්වෙනවා. ඒත් ඔවුන්ගේ ප‍්‍රමාණයෙන් විශාල හා විවිධත්වයෙන් වැඩි, වඩා වර්ණවත් සත්ව විශේෂ දැකිය හැක්කේ නොගැඹුරු මුහුදු පත්ලවලයි.
මේ මුදු සිරුරැති මුහුදු මෘද්වංගියන් මෙවන් සිරුරු හැඩයක් හා වර්ණ යොදා ගන්නේ ඔවුන් ආහාරයට ගන්නට එන විලෝපිකයන් පලවා හරින්නයි.
මේ විචිත‍්‍ර රූප කැමරාවට නඟා ඇත්තේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදේ දී හා මධ්‍යධරණී හා රතු මුහුදුවලදීයි.
මේ නුඩිබ‍්‍රැන්කියාවනට ඒ නම ලැබුණේ ‘නිරුවත් කරමල්’ යන අරුත් දෙන ගී‍්‍රක හා ලතින් වදන් දෙකක් එක් වීමෙනුයි.
මේ සතුන් මෙවැනි බාහිර වර්ණ යොදා ගන්නේ තමන් විෂ සහිත යැයි ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ට අනතුරු අඟවන්නයි.
මේ වර්ණ ඇති වීම ගැන සත්ව විද්‍යාඥයන් දක්වන තවත් අදහසක් වන්නේ මේ සතුන් වෙස් වළා ගෙන පරිසරයට මුසු වී සැඟවී සිටීමට මේ වර්ණ යොදා ගන්නා බවයි.
වනජීවී දියයට කැමරාශිල්පී ෆ්රැන්කෝ බැන්ෆිට ලොව පුරා යන්නට සිදු වුණා, මේ ලස්සන රූප රාමු ඔබ වෙත ගෙන එන්නට.
මේ නුඩිබ‍්‍රැන්කියාවන් අයත් වන විවිධ සත්ව විශේෂ 3,000ක් පමණ අපේ සාගරවල ඉන්නවා
මුහුදු පත්ලෙහි සෑම මට්ටමකට මේ නුඩිබ‍්‍රැන්කියාවන් ජීවත්වෙනවා. ඔවුන් අතුරින් ප‍්‍රමාණයෙන් විශාල, විවිධ වර්ණ හා හැඩ ඇති සතුන් වැඩිපුර දැක ගත් හැක්කේ උණුසුම් නොගැඹුරු මුහුදේයි
සමහර නුඩිබ‍්‍රැන්කියාවන්ට සිරුර තුළ ඇති විෂ මගින් තමන් ගොදුරු කර ගැනීමට එන විලෝපිකයන් අකර්මන්‍ය කරන්න පුළුවන්.
සමහර සතුන් විෂ ලබා ගන්නේ ඉස්පන්ජියන් ආහාරයට ගැනීමෙන්. සමහර සතුන් විෂ තමන්ගේ සිරුර තුළ ම නිපදවා ගන්නවා.
නුඩිබ‍්‍රැන්කියාවන්ගේ තවත් ආරක්ෂක උපක‍්‍රමයක් තමයි, සමෙන් ඇසිඞ් වර්ගයක් විදීම
බොහෝ සත්ව විශේෂවල පෘෂ්ඨීය මතුපිට ඔවුන්ගේ කරමල් තියෙනවා දකින්න පුළුවන්.
නුඩිබ‍්‍රැන්කියාවන් ද්විලිංගකයි. එකම සතාගේ ලිංග දෙකම තියෙනවා. ඒත් වර්ගයා බෝ කරන්න දෙදෙනකු එක් වෙන්න ඕනෑ.
http://1.bp.blogspot.com/-
vBtqoCJ84uc/UVVWrwFkYdI/AAAAAAAAIhE/jlH2_dmWhX8/s1600/22.JPG
http://4.bp.blogspot.com/-yy_1dP_uQZc/UVVWs8SXMeI/AAAAAAAAIhQ/qfFbFvuqpRg/s1600/23.JPG
මුහුදු වෙරළේ ඇවිද ගෙන යන විටත් නුඩිබ‍්‍රැන්කියාවන් දැක ගන්න පුළුවන්. බාදිය ඇති විටෙක නොගැඹුරු මුහුදේ මේ සතුන් ගල්පර ආදියට ඇලී ජීවත්වෙනවා.
වනජීවී ඡායාරූප ශිල්පියකු වුවද ෆ්රැන්කෝ බැන්ෆි වඩාත් විශේෂත්වයක් උසුලන්නේ දියයට ඡායාරූප කලාවටයි. ඔහුගේ කැමරා ඇස වැඩිපුරම විහිදෙන්නේ ලොව පුරා ඇති ජෛව විවිධත්වයෙහි රැඳුණු සුන්දරත්වය දකින්නයි. ඒ වෙනුවෙන් පැවැත්වෙන විවිධ වැඩසටහන්වලට ඔහු සම්පත් දායකත්වය සපයනවා. ඔහුගේ වෙනත් වනජීවී ඡායාරූප දැක ගන්න හා ඔහු ගැන තවත් තොරතුරු දැන ගන්න කැමති නම් ඔහුගේ www.banfi.ch වෙබ් අඩවියට යන්න.