මුඛ පිළිකාව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුඛ පිළිකාව ගැන දැනුවත් වෙමු

    mouthcancer21jpgw500h42.jpg



    ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, බංග්ලාදේශය වැනි අග්නිදිග ආසියානු රටවලට බලපාන වැදගත් සෞඛ්‍ය ගැටලුවක්‌ ලෙස මුඛ පිළිකාව හැඳින්විය හැකි ය. ලංකාවේ හමු වන පිළිකා අතරින් 40%ක්‌ ම මුඛ පිළිකා වේ. එමෙන් ම ජනගහනයෙන් 100,000ක්‌ ගත් කල ඉන් 07 දෙනකුට ම මුඛ පිළිකාව හට ගත හැකි බවට ගණන් බලා ඇත. ලාංකික පිරිමි ජනගහනය තුළ සුලබ ම පිළිකාව මුඛ පිළිකාවයි. පිරිමින්ට මුඛ පිළිකාව වැළඳීමට හැකි සම්භාවිතාව කාන්තාවන් හා සාපේක්‌ෂව දෙගුණයකි. එය වඩාත් සුලබ වන්නේ අවුරුදු හතළිහ ඉක්‌මවූ පිරිමින් අතර ය. මෙහි වඩාත් ශෝචනීය තත්ත්වය වන්නේ මුඛ පිළිකාව හටගෙන අවුරුදු පහක්‌ ඇතුළත ජීවත් වන්නේ එවැනි රෝගීන් අඩක්‌ වැනි සුළු ප්‍රමාණයකි. එනම් මුඛ පිළිකාව මරණය ළං කරවනසුලු රෝගී තත්ත්වයකි.

    පිළිකාවක්‌ යනු අප ගේ ශරීරයේ සෛල වර්ධනය හා විනාශ වීම යන ක්‍රියාවලීන්හි අසාමාන්‍යතාවකි. නිරෝගී සිරුරක සෛල මිය යන අතර නව සෛල ඒ වෙනුවට ක්‍රමානුකූල පාලනයකින් නිපදවේ. එහෙත් පිළිකා සෛල පාලනයකින් තොර ව නිපදවෙන බැවින් ඒවා ශරීරය පුරා පැතිර ගොස්‌ විවිධ ආබාධ ඇති කරවයි.

    මෙවැනි අසාමාන්‍ය සෛල වර්ධනයක්‌ මුඛය ආශ්‍රිත පටකවල ඇති වන විට එය මුඛ පිළිකාව ලෙස හැඳින්විය හැකි ය. මුඛයේ හට ගන්නා සුලබ ම පිළිකා වර්ගය වන්නේ ආස්‌තර පටකවල තිබෙන සෛලවලින් හටගන්නා Squamous Cell Carcionoma නමැති පිළිකා තත්ත්වයයි.

    මුඛ පිළිකාව සාමාන්‍යයෙන් හටගන්නේ මුඛය තුළ හාa ඒ ආශ්‍රිත පටකයක්‌ මුල් කරගෙන ය. එහෙත් ශරීරයේ වෙනත් ස්‌ථානයක තිබෙන පිළිකාවක දෙවැනි අවස්‌ථාව ලෙස ද මුඛ පිළිකාව මතු විය හැකි ය. මුඛ පිළිකාව වැඩි වශයෙන් හට ගන්නේ දිව ආශ්‍රිතව වන අතර මුඛ කුහරයේ පත්ල, කම්මුල ආශ්‍රිත ශ්ලේෂ්මල පටලය, විදුරුමස, තොල්, උඩු තල්ල, උගුර සහ ඛේට ග්‍රන්ථිවල ද මුඛ පිළිකාව හට ගත හැකි ය. මෙහි දී වඩා විශේෂ තත්ත්වයක්‌ නම් මුඛ පිළිකාව එහි මුල් අවස්‌ථාවල දී හඳුනා ගැනීම අපහසු වීමයි. එනිසා එය ප්‍රමාද වී හඳුනා ගැනීම සුලබ කරුණකි. එහෙත් රෝග ලක්‌ෂණ නොමැති ව පිළිකාව බෙල්ලේ වසා ගැටිති සහ විවිධ අවයවවලට පැතිර යා හැකි ය. එවිට රෝගියාට මහත් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ.

    * මුඛ පිළිකාව සතු රෝග ලක්‌ෂණ පහත ආකාරයට දැක්‌විය හැකි ය.

    * දිගු කාලයක්‌ පවතින තුවාලයක්‌.

    * වේදනාව නො දැනෙන සුදු පාට හෝ රතු පාට ලපයක්‌.

    * මේ සුදු පාට හෝ රතු පාට ලප වර්ධනය වැඩි වන විට වේදනාව හට ගනී.

    * මුඛ ආස්‌තරයේ ඝන වීමක්‌ හෝ ගෙඩියක්‌ වැනි වර්ධනයක්‌.

    * දත් සෙලවීම * බෙල්ලේ වසා ගැටිති විශාල වීම. * ගිලීමේ හා කථා කිරීමේ අපහසුතාව. * මුඛයේ අතැම් පටකවලින් ලේ ගැලීම. * දිගු කලක්‌ පවතින කට දැවිල්ල. * කට ඇරීම හා දිව චලනය අපහසු වීම. * කන් කැක්‌කුම.* ඇතැම් මුඛයේ කොටස්‌ හිරිවැටීම.

    ඉහත කරුණු එකක්‌ හෝ කිහිපයක්‌ ඇති වන අවස්‌ථාවල විමසිලිමත් වීම වැදගත් ය.

    මුඛ පිළිකාව ඇති වීම සම්බන්ධයෙන් වගකිව යුතු හේතු කිහිපයක්‌ හඳුනාගත හැකි ය. දුම්කොළ භාවිතය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. එය දුම්පානය, දුම්කොළ සැපීම වැනි ක්‍රම මගින් බොහෝ දෙනා පාවිච්චි කිරීමට පුරුදු ව ඇත. දුම්කොළවල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය වර්ග හැටකට (60) අධිකව දැනට හඳුනාගෙන තිබේ.

    බුලත් විට සැපීම ද වැදගත් කරුණකි. එහි දී භාවිත කරන පුවක්‌වලින් පිළිකා ඇති වීමට බලපෑමක්‌ ඇති වන බව සොයාගෙන තිබේ. ඊට අමතරව හුණු සහ දුම්කොළ මුඛයේ තිබෙන සිනිඳු පටක විනාශ කරන බැවින් පිළිකාකාරක ද්‍රව්‍යවලට ශරීරගත වීම පහසු කෙරේ. මත්පැන් පානය ද තවත් වැදගත් උපකාරක කාර්යයක්‌ ඉටු කරයි. මත්පැන් නිසා ද දුම්කොළ හා පුවක්‌වල තිබෙන පිළිකා සෑදීමේ ගුණය වැඩි කරවනු ලැබේ. මද්‍යසාරවලින් නිපදවෙන ඇසිටැල්ඩිහයිඩ් නිසා ද පිළිකා සෑදීම පටන් ගත හැකි බව සොයාගනු ලැබ ඇත.

    HIV වයිරසය, මානව පැපිලෝමා වයිරසය යන වයිරස්‌ වර්ගවලින් ද මුඛ පිළිකාව ඇති කරවිය හැකි බව සොයාගෙන තිබෙන අතර මෙහි දී වඩාත් ප්‍රබල පිළිකාකාරක බලයක්‌ ඇත්තේ පැපිලෝමා-16 වයිරසයට ය.

    පාරජම්බුල කිරණ සහිත හිරු එළිය නිසා තොල් මත මුඛ පිළිකාව හට ගත හැකි ය. ඇතැම් මුඛ පිළිකා ජානමය බලපෑම් මගින් ද හට ගත හැකි බව සඳහන් වේ. ඊට අමතරව මන්දපෝෂණය හා ප්‍රතිශක්‌තිය හීන වීම යන කරුණු නිසා ද මුඛ පිළිකා හට ගැනීමේ අවදානමක්‌ ඇති විය හැකි ය.

    මුඛ පිළිකාව හඳුනා ගන්නේ කෙසේ ද? මේ පිළිබඳව අප නිතිපතා අප ගේ සෞඛ්‍යය පිළිබඳව අවදියෙන් හා විමසිල්ලෙන් පසු වීම වැදගත් ය. මසකට වරක්‌ වත් තමාට ම තම මුඛය පිළිබඳව සොයා බැලීම කළ හැකි ය. එය කළ හැක්‌කේ කණ්‌ණාඩියකින් තම මුඛය පරීක්‌ෂා කර ගැනීමෙනි. එහි දී ඉහත දැක්‌වූ රෝග ලක්‌ෂණ තිබේ දැයි සොයා බැලිය හැකි ය. එවැනි තත්ත්වයක්‌ ඇත්නම් වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතු ය. ඊට අමතරව වසරකට වරක්‌ වත් දන්ත වෛද්‍යවරයකු ලවා මුඛ සෞඛ්‍යය පරීක්‌ෂා කරවා ගැනීම වැදගත් ය. විශේෂයෙන් ම ඉහත සඳහන් කළ අවදානම් පුරුදු වන දුම්පානය, බුලත් විට සැපීම, මත්පැන් පානය සිදු කිරීමෙන් වැළකීම ඉතා ම වැදගත් ය.

    මුඛ පිළිකාවෙන් බේරීමට අප කළ යුත්තේ කුමක්‌ ද? දුම්කොළ හා දුම්වැටි භාවිතයෙන් වැළකීම, බුලත් විට කෑමෙන් වැළකීම අත්‍යවශ්‍ය කරුණු වේ. ලාංකික සමාජය තුළ සිගරට්‌, බීඩි සුරුට්‌ටු වැනි දුම්වැටි භාවිතය දැනට අඩු වී තිබුණ ද සම්පූර්ණයෙන් නැවතී නැත. ඊට අමතරව සමබර ආහාර වේලක්‌ ගැනීම අත්‍යවශ්‍ය වේ. ඵළවළු, පලතුරු අඩංගු පෝෂ්‍යදායි ආහාර මගින් ශරිරයේ ප්‍රතිශක්‌තිය වඩවා පිළිකා ඇති වීම සම්බන්ධයෙන් ප්‍රතිරෝධය ජනනය කළ හැකි ය. ඒ අතර ම තම මුඛ සෞඛ්‍යය යහපත් තත්ත්වයෙන් පවත්වා ගත යුතු ය. එවිට නිරෝගී දිවි පෙවෙතක්‌ පවත්වා ගැනීමට හැකි වනු ඇත.

    පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ
    මුඛ වෛද්‍ය හා පරිදන්ත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    වෛද්‍ය ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: එළ, :yes: දත් කිඹුල අයියගෙ සෙක්ෂන් එකේ මාතෘකාවක්. :) විස්තර හොයල ත්‍රේඩ් එකක් දැම්මට බොහොම පින් මචන්.. රෙප් + :D