මුගාබේ - තමයි රටේ - අබාගේ!!
මුගාබේ ගෙදර යයි.- කොන්දේසි සහිතයි
අලුත්ම වාර්තා අනුව මුගාබේ ගෙදර යන්නට සූදානම් ය. එනම්, අස්වෙන්නට ලැහැස්ති ය. නමුත් නිකම්ම නොවේ. කොන්දේසි සහිතව ය.
සීඑන්එන් පුවත්සේවයට අනුව ප්‍රධාන කොන්දේසි දෙක මෙසේ ය.
තමන් කළ කී දෑවලින් පූර්ණ මුක්තිය ඔහුට උවමනා කෙරේ. එනම් කළ කිසිවකට දඬුවම් විඳින්නට ඔහුට සිදු නොවිය යුතුය. කළ කිසිම අපරාධයකට ඔහුට විපාක විඳින්නට සිදු නොවිය යුතුය. ඔහුට පමණක් නොව, ඔහුගේ බිරිඳ ග්‍රේස්ට ද එම මුක්තිය ලැබිය යුතුය.!
සියලු පුද්ගලික දේපළ, එයාකාරයෙන්ම භුක්ති විඳින්නට ඔහුටද ඔහුගේ පවුලට ද හැකි විය යුතුය.!
සිම්බාබ්වේ රාජ්‍යයේ බහුතර සිවිල් වැසියන් අද දිනය උදා වන තෙක් බලා සිටියේ වසර 37ක දුර්දාන්ත පාලනය නිමා කර ඒකාධිපතියා ගෙදර යතැයි කියා ය. සානු පීඑෆ් පක්ෂයේ නායකත්වයෙන් ඔහුව මෙන්ම ඔහුගේ බාරියාව ද නෙරපා තිබියදී ඔහු රූපවාහිනියෙන් ජාතිය අමතන බව කී විට, එසේ කරන්නේ ජනතාවට ‘බායි’ කියන්නට යැයි බොහෝ අය සිතූහ. නමුත් ඉල්ලා අස්වීමක් ගැන ඔහු මොකුත්ම කීවේ නැත. ඒ වෙනුවට සිම්බාබ්වේ ලබාගත් තාක්ෂණික ජයග්‍රහණය යනාදිය ගැන විනාඩි 20 ක් තිස්සේ කොළ පෙරළමින් කතා කළේය. කෙසේ නමුත් මේ වන විට ඔහුට ඉල්ලා අස්වීම සඳහා ලබාදී තිබූ කාලය ඉක්ම ගොස් තිබේ. එනිසා පාලක සානු පී එෆ් පක්ෂය තීරණය කර තිබෙන්නේ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නට ය. මේ අතර හමුදා නායක ජනරාල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා රොයිටර්ස් පුවත්සේවය සමග පවසන්නේ වෙනස් කතාවකි. එනම්, මේ තාක් කල් රටෙන් පිටව සිටි, මුගාබේ විසින් අස් කළ හිටපු උප ජනපතිවරයා වන එමර්සන් නාන්ගවා සිය රට බලා පැමිණි වහාම සිම්බාබ්වේ හි නව පාලකයා කවුද යන්න තීරණය කරන බව ය. ඔවුන් ලොවට දෙන අදහස, මාන්ගවා පැමිණි පසුව මුගාබේට ‘ටිකට් එක‘ දෙන බව ය.
මේ සියල්ල මධ්‍යයේ, වයස 93 ක් වූ ලෝකයේ වියපත්ම ජනාධිපතිවරයා, තමන්ගේ භාර්යාවටත් එක්කම මුක්තිය සඳහා කොන්දේසි දමන්නේ ඇයි? ඔහු තරමටම ඇයද පව් කර තිබෙන නිසා ය.!
මේ ලෝකයේ දූෂිතම, ඒකාධිකාරීම නායකයන්, බලයේ සිටින තාක් කල් කොකු පණුවන් මෙන් රටේ සාරය උරා බී, ඉන්පසු ගෙදර යන විට දමන අලුත්ම කොන්දේසිය ‘මුක්තිය ඉල්ලා සිටීම’ද?
මුගාබේ ට වඩා අවුරුදු 41කින් බාල ග්‍රේස්, සිම්බාබ්වේ ජනයා විසින් අපහාසාත්මක ව හඳුන්වන්නේ ‘ගුසී ග්‍රේස්’ කියා ය. ඒ ඇය පාවිච්චි කරන්නේ ගුසී වැනි ලෝ ප්‍රකට වෙළඳ සන්නාම පමණක් වන නිසා ය. ඇය හැසිරුණේ ලෝකයම ඇය පාමුල තිබෙනවා වගේය. ඊයේ පෙරේදා දක්වාම සිම්බාබ්වේ ‘සිරි ලිය’ව සිටියේ ඇය ය. ඇයව ‘ෂොපින් එක්කං යාම සඳහා’ රටේ ජාතික ගුවන් සේවය, ඕනෑම මොහොතක සැදී පැහැදී සිටියේය. ‘ෆස්ට් ෂොපර්’ යන කෙටි නමින් ද හැඳින්වෙන්නේ ඇය ය. වරක් 2002 වසරේදී පැරිස් නුවර සාප්පු සවාරියකට ගොස් තමන් පවුම් එක්ලක්ෂ විසි දහසක් වියදම් කළේ යැයි ඇය කියා තිබුණේ මහත් උජාරුවෙනි. වරක් ඇය කිව්වේ “අපි මුගාබේව රෝද පුටුවක තබා හෝ රට පාලනය කරනවා. අපේ මුගාබේ අවුරුදු 100 ලබනකොටත් මේ රටේ ජනාධිපති වෙන්න ඕනෙ”කියා ය. ඇයට එතරම්ම බලයක් තිබුණේය. සැබවින්ම මුගාබේ නමැති ඒකාධිපති නාකි අශ්වයාගේ රේන්ස් ලණුව තිබුණේ ඇගේ සුරතේ ය.
ග්‍රෙස් මුගාබේ, කලක් නිහඬ චරිතයක් වූවාය. නමුත් නිහැඬියාව, තවත් දේශපාලන ව්‍යාපෘතියක් බව සනාථ කරමින් ඇය හිටිවනම දේශපාලන වේදිකාවට ප්‍රවිශ්ට වන්නේ වෙස් නැටුමක් නටාගෙන ය. ආචාර්ය පට්ටමක් ද සමග ය. ඇය තමන්ව හඳුන්වා ගන්නේ ‘ඩොක්ට අමාලි ග්‍රේස් මුගාබේ’ යනුවෙනි. ඒ අසා යමක් හිතන්නට පුළුවන් කමක් තිබූ සිම්බාබ්වේ වැසියෝ මුහුණට මුහුණ බලා ගත්හ. සිම්බාබ්වේ නිල භාෂාව වන ෂෝනා බසට අනුව ‘අමාලි’ යනු ‘මාතාව’ ය. ‘ජාතියේ සිරිලිය’, ‘ජාතියේ අම්මා’ වීමට දත කට මැදගෙන බලා සිටියාය.
පසුව හෙළි වූයේ මේ ආචාර්ය පට්ටම ග්‍රේස් ලබාගෙන තිබෙන්නේ 2014 වසරේදී සිම්බාබ්වේ සරසවියෙන් බවයි. ඒ, මාස 02 ක් ඇතුළත ය! ඇයට උපාධි පට්ටම පැළඳවුණේ ද මුගාබේගේම දෑතිනි. එහෙම නැතිව කොහොමද? මුගාබේ ඒ සරසවියේ චාන්සර් ය. නඩුත් හාමුදුරුවන්ගේ ය. බඩුත් හාමුදුරුවන්ගේ ය.
ඒ වසරේදීම මේ ඩොක්ට අමාලි ග්‍රේස්ගේ හොර හිත එළියට පැන්නේය. ජන රැළියකදී ඇය ආවේගාත්මකව කීවේ මෙසේ ය. “මටත් කොහොම හරි ජනාධිපතිනිය වෙන්න ඕනෙ.. ඇයි මම සිම්බාබ්වේ නෙවෙයිද...?”අවසානයේ හමුදා පාලනය විසින් සිම්බාබ්වේ පාලනය අල්ලන්නට සතියකට පෙර මුගාබේ සිය උප ජනාධිපති රුෂින්ගා ව අස් කළේය. එය, සිම්බාබ්වේ ඇගේ අතේ නැටවෙන්නට තිබුණු අවසන් බාධකය ඉවත් කිරීමක් විය. 80 දශකයේ ස්ටේට් හවුස් හිදී මුගාබේට මුණගැසුණු ලැජ්ජාශීලී ටයිපිස්ට් මෙනෙවිය, මුගාබේට දාව දරු තිදෙනෙක් වදා, වසර පහළොවක් තිස්සේ අනියම් බිරිය ලෙස ජීවත් වී අවසානයේ 96 වසරේ විවාහ වී පණ අදින රටක අවසන් සාරය ද උරා බොන පරපෝෂිතයෙකු බවට පත්වන්නට මග පාදාගෙන සිටියාය.
ග්‍රේස් මුගාබේට තිබෙන්නේ ඇසිඩ් දිවකි. ඇය එතරම් ආවේගශිලී පරුෂ වදන් කියන්නියකි. ඒ තරමටම පුරසාරම් ද දොඩවන්නියකි. වරක් ඇය මෙසේ කීවාය. “මගෙ අත මිට මෙළෙව්වාම ඒක පොඩි අතක්. ඒත් රණ්ඩුකරන්න උවමනා වුණාම මම ගල්කැට දාගෙන ඒ අතමිට ශක්තිමත් කරගන්නවා. මගෙ හැකියාව ගැන සැක කරන්න එපා!”. ඔය කියන අතේ හයිය හරියටම පෙනී ගියේ 2009 අවුරුද්දේ ය. ඡායාරූප ශිල්පියෙකු වූ රිචඩ් ජෝන්ස් නමැති සරසවි ශිෂ්‍යයෙකුට පහර දෙන්නැයි ඇය සිය ශරීරාරක්ෂක භටයෙකුට අණ දුන්නාය. එයින් නොනැවතී බිම වැටුණු සිසුවා වෙත ගිය ‘සිරිලිය’ දියමන්ති ඔබ්බවා තිබූ නකල්ස්වලින් ඔහුගේ මුහුණට තඩිබාමින් එය කීතු කීතු කපා දමන්නට උත්සාහ කළාය. සිද්ධිය හටගත්තේ හොංකොං හි සුපිරි සාප්පු සංකීර්ණයක් අසලදී ය. කෙසේ නමුත් චීන රජය ඇයට විනිර්මුක්තිය ප්‍රදානය කළේය. ඒ ඇය මුගාබේගේ බිරිඳ නිසා ය. තවද චීනය, ඒ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ ලොකුම වෙළඳ සහකරු ව සිටි නිසා ය.
නැවත වරක්, ඒ අවුරුද්දේම අගෝස්තු මාසයේ ඇය තවත් ජා්‍යන්තර මට්ටමේ නා ගැනීමක් කළාය. එනම් 20 හැවිරිදි මෝස්තර නිරූපිකාවක වූ ගේබ්‍රියෙලා එන්ගල්ස් හට පහර දුන්නාය.
අතින් හෙම නොවේ. අසලක තිබූ එක්ස්ටෙන්ෂන් වයර් කෝඩ් එකක් ගළවාගෙන එයිනි මෙම නිරූපිකාව තවත් මිතුරියන් කිහිප දෙනෙක් සමග ඒ අවස්ථාවේදී සිටියේ මුගාබේගේ දෙපුතුන් වන රොබ් සහ චතුන්ගා සමග ය. මේ නිරූපිකාව රොබ්ගේ පෙම්වතිය බව ඈ ඒ වේලාවේ සහමුලින්ම අමතක කළාය. මෙකී අපකීර්තිමත් ක්‍රියාව නිසා ඇයට නඩු පැවරෙන්නට ගියේය. මුගාබේ තරමටම තක්කඩි ඒකාධිපතියෙකු වන අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජේකබ් සූමා වහාම අවුල මැද්දට පැන්නේය. සූමාට සිම්බාබ්වේ නැතිවම බැරි පැහැදිලි හේතුවක් අදටත් තිබේ. එනම්, යම් හෙයකින් ජේකබ් සූමාගේ දුර්දාන්ත පාලනයට රට තුළින් ප්‍රතිරෝධයක් ගොඩනැගුණහොත්, ඔහුට ඩුබායි රාජ්‍යය වෙත පළා යන්නට සිද්ධ වෙන්නේ සිම්බාබ්වේ හරහා ය. ඉතින් ග්‍රේස් මුගාබේට විනිර්මුක්තිය ලබාදෙන්නට ඔහු එක සිතින් මැදිහත් වුණේ ය. ජාතියේ සිරිලිය නඩුවට ආවේ ඒ විනිර්මුක්තිය ඇයට ලැබෙන බව සහතික වූ පසුව ය!
මුගාබේගේ දරුවන් ද මුගාබේටම දෙවැනි නැත. ඔහුගේ එකම දියණියට හොංකොංහි මහල් නිවාස මෙන්ම එංගලන්තයේ හැමිල්ටන් මන්දිරයේ සම අයිතිවාසිකම ද තිබේ. අක්කර ගණන් දුරට විහිදෙන එංගලන්ත පළතුරු වතු තිබේ. මේ අතර මුගාබේගේ පුතුන් දෙදෙනාගෙන් එක් පුතෙක් ‘යකාගේ පුතෙකි’. ඒ පුතා හරියට ලංකාවේ සමහර දේශපාලුවන්ගේ පුතුන් වගේමය.ඒ කෙසේද යත්, ලන්ඩන් ගාඩියන් පුවත්පත වරක් සඳහන් කළ පරිදි ඒ පුතා පවුම් 45,000 ක් වටිනා අත් ඔරලෝසුවක් වරක් එංලන්තයෙන් මිලට ගත්තේය. එපමණක් නොව ඒ මිලට ගැනීම සමරන්නට ලොකු උත්සවයක් ද ගත්තේය. ඒ උත්සවයේදී ඔරලෝසුවේ ඉස්තරම් බව පෙන්වන්නට පවුම් 250 ක ෂැම්පේන් බෝතලයක් කඩා, අර ඔරලෝසුව මතට වත් කළේය.!
කලෙක අප්‍රිකාවේ ‘බ්‍රෙඩ් බාස්කට් එක’ හෙවත් ‘අප්‍රිකාවේ පාන් කූඩය’ යැයි හැඳින්වුණු, තිරිඟුවලින් ස්වයංපෝෂිත වූ සිම්බාබ්වේ, ලෝකයේ ඉස්තරම්ම ගවමස් නිෂ්පාදකයා ද විය. එපමණක් ද නොවේ. හැමවිටම ඒ රටේ ප්‍රාග්ධන අතිරික්තයක් තිබුණේය. නමුත් ඒ සුද්දාගේ කාලයේ ය. එනම් සිම්බාබ්වේ, එනමින් නොව රොඩේෂියාව යන නමින් පැවති කාලයේය. එසේ පැවති රටක්, හය වතාවක් ජනතා ඡන්දයෙන් ජනපති වූ මුගාබේගේ පාලන සමයේදී ලෝකයේ වැඩිම උද්ධමනය පවතින රට වශයෙන් ලෝක වාර්තා තැබුවේ කෙසේද? සුද්දන්ට අයත් ව තිබූ ඉඩ කඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් හරහා, වගාව ගැන මෙලෝ හසරක් නොදත් ජාතිවාදී කල්ලන්ට බෙදා දී, අවසානයේ උපන් දෙරණට ‘භූමි පුත්‍රයෙක්’ වීම කෙසේ වෙතත් ‘භූමිතෙල් පුත්‍රයෙක්’ බවට පත්වුණේ කෙසේද? අතිශයින්ම තේරෙන බාසාවෙන් කියන්නේ නම් රාජපක්ස රජ සමයේ ලංකාවට සිදුවුණු සන්තෑසියම අවසානයේ සිම්බාබ්වේ රාජ්‍යයටත් සිදුවුණේ කෙසේද?
ජනකාන්ත නායකයන් ලෙසින්, එසේත් නැතිනම් ‘විජාතික බලවේගවලින් රට බේරාගන්නා දේශප්‍රේමී නායකයන්’ ලෙසින් කලින් කලට රට රටවල බිහිවන මෙවැනි අධම භූමිපුත්‍රයන් එල්ලෙන්නට තෝරාගන්නා අවසන් වැල වන්නේ දේශප්‍රේමයයි. හොර රහසේ සුර සැප විඳින අතරේ ඔවුන් විසින් රට කාබාසිනියා කරමින් රටේ බහුතරය දුගියන් බවට පත්කරන්නේ සිතාමතාම ය. ඔවුන් රටේ දුගී බව ‘මේන්ටේන්’ කරන්නේ තමන්ගේ පැවැත්ම සඳහා ය. මේ විගඩම්වලට අභියෝග කරන්නට තබා ‘පාන්’ කියාගන්නටවත් හයියක් නැති මහජනයාට “අපි අයින් වෙලා පයින් යමං පුතේ” කියනවාට වඩා කරන්නට දෙයක් ද නැත.
1980 වසරේ මුල් වතාවට වේදිකා ගත කෙරුණු සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ නාට්‍යයේ ජනප්‍රියම ගීතයක් වූයේ ‘විබාගෙ විබාගේ-කොහෙ බැලුවත් විබාගේ-විබාගේ තමයි අපේ අබාගේ’ යන්නයි. මේ වන විට සිම්බාබ්වේ ජනතාවට ද කියන්නට සිද්ධ වී තිබෙන්නේ ඒ තාලයේම අබාග ගීතයකි. එහි පද මෙසේය.
’‘මුගාබෙ මුගාබේ-කොහෙ බැලුවත් මුගාබේ මුගාබේ - තමයි රටේ - අබාගේ...”
සිම්බාබ්වේ අර්බුදය- update
වසර 37 ක් සිම්බාබ්වේ රාජ්‍යයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය රොබට් මුගාබේ ඉල්ලා අස්විය.
ඒ බව සිම්බාබ්වේ කථානායක ජේකබ් මුන්ඩෙලා විසින් මෙයට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දැනුම් දෙනු ලැබීය.
මුගාබේ සිය ඉල්ලා අස්වීම සිදුකර තිබෙන්නේ ලිපියක් මගිනි. මෙය ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමක් බව එහි සඳහන් වේ.
මුගාබේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග කාර්යය ආරම්භ කරන්නට පෙර ය.
මේ අනුව මුගාබේගේ ඉල්ලා අස්වීමේ ලිපිය කියවන විට පාර්ලිමේන්තුවේ රැස් වී සිටියේ දෝෂාභියෝගය ගෙන ඒම සඳහා පැමිණ සිටි මහජන නියෝජිතයන් ය.
කථානායකවරයා විසින් එය කියවන අතරවාරයේ මහජන නියෝජිතයෝ ප්‍රීති ඝෝෂා නගන්නට පටන් ගත්හ.
මේ අවස්ථාව වන විට රට පුරා ජනතාව ද ප්‍රීති ඝෝෂා නගමින් සිටිති.
1980 වසරේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලනයෙන් මිදුණු දා පටන් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළේ රොබට් මුගාබේ ය. නමුත් ඔහුගේ පාලනයේ අවසන් වසර 15 පිරී ගියේ රට අති දැවැන්ත මූල්‍ය අර්බුදයකට ඇද දැමූ දූෂණ, වංචා සහ ලේ වැගිරීම්වලිනි.
සිම්බාබ්වේ රාජ්‍යයේ මේ වන විට 1980 වසරේදී සිටි දුගී ජනයාගේ ප්‍රතිශතය 15%කින් වැඩි වී ඇත.
කෙසේ නමුත් මුගාබේ වෙනුවට බලයට පත්වේ යැයි සිතන හිටපු උපජනාධිපති එමර්සන් නාන්ගාග්වා ද විවිධ දූෂණ චෝදනාවලට ලක් වී ඇති අයෙකි.
හොඳනම් rep+++ දාගෙනම යන්න ( 17+ ගානේ දෙනවා..... )

Last edited: